“මහ කරඬුව” උස්සපු මහා මොලකරු මෙන්න! කරඬුව මාලිගාවේත් නෑ?
ශ්‍රී දළදා මාලිගාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත “මහ කරඬුව” ඉවත් කර ඒ වෙනුවට අලුතින් නිර්මාණය කළ කරඬුවක් යොදාගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය තවත් තීව්‍ර කරමින්, එම ක්‍රියාවලිය පිටුපස දළදා මාලිගාවේ අභ්‍යන්තරයට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකු ක්‍රියාකාරී වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව ශ්‍රි දළදා මාලිගාවේ “මහ කරඬුව” ඉවත්කිරිමේ ක්‍රියාවලියේ කුමන්ත්‍රණය පසුපස ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස පෙනී සිටින ක්‍රිෂාන්ත හිස්සැල්ල (Krishantha Hissella) සහ ඔහුගේ සමිපතමයෙකු වන ජයම්පත් යන දෙදෙනා සක්‍රිය කටයුතු කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.
කීර්ති ශ්‍රි රාජසිංහ රජතමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාවට පූජාකළ මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට ව්‍යාපාරිකයකු විසින් ඒ ආකාරයට සැකසු නව කරඬුවක් ඉකුත් 8 වැනිදා රහසිගතව මාරු කල අතර එය ඉෂාර නානායක්කාරගේ චක් ගෝලයෙකු කාමන්ත අමරසේකර හරහා සිදුකල බවද අප අනාවාරණය කළා.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා වන ප්‍රදීප් නිලංග දෑළ බන්ධාරගේ “අමුඩය” ලෙස හදුන්වන ක්‍රිෂාන්ත විවිධ කුප්‍රකට ව්‍යාපාර රැසකටද සම්බන්ධකම් කියන අයෙකුද වේ.ඊට අමතරව වෙබ් මාෆියා කරුවන් සහ රාජ්‍ය නිළධාරීන් රැසක් මෙන්ම කුප්‍රකට ව්‍යාපාරිකයන්ද හිස්සැල්ල සමග සමීප සබඳතාවයන් පවත් වන බව නොරහසකි. බුදු හාමුදුරුවන් වුවත් වරක් හමුවුවහොත් “මචං ” කියා කතා කිරිමට තරම් ගරුසරු නැති අයෙකු ලෙස ඔහු ඉතා ප්‍රසිද්ධය.
ඒ අනුව කුප්‍රකට ව්‍යාපාරික ඉෂාර නානායක්කාර, කාමන්ත අමරසේකර ප්‍රදීප් නිලංගගේ අමුඩය වු ක්‍රිෂාන්ත හිස්සැල්ල භාවිතා කරමින් වසර 200කට අධික කාලයක් කිසිදු උපද්‍රවයකින් තොරව පැවැති “මහ කරඬුව” ඉවත් කිරිමේ කුමන්ත්‍රණය දියත් කර ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
මේ අතර ඉවත්කරන ලද පෞරාණික කරඩුව දළදා මාලිගාවේ තැන්පත් කර ඇති බවට මාලිගාව පුවත් නිවේදන නිකුත් කලද අප වාර්තාකරු සදහන් කළේ ඒම පුවත සත්‍යයෙන් තොර බවයි.මේ දක්වා මේ සම්බන්ධයෙන් CID යට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත්ව තිබුනද ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් ආරම්භ කර නෑ.
මෙම ආන්දෝලනය තුළ වඩාත් වැදගත් ප්‍රශ්නය වන්නේ පැරණි මහ කරඬුවේ වත්මන් තත්ත්වය පිළිබඳවය.
එය දළදා මාලිගාවේ ආරක්ෂිතව තැන්පත් කර තිබේද? එය ඉවත් කිරීමට තීරණය කළේ කවුද? ඒ සඳහා විධිමත් ලිඛිත අනුමැතියක් තිබේද? නව කරඬුව භාරගැනීම සහ පැරණි කරඬුව භාවිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාළ භාරකාර මණ්ඩලයේ තීරණ මොනවාද? පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික වටිනාකම සම්බන්ධයෙන් විශේෂඥ මතයක් ලබාගෙන තිබේද?
