October 1, 2026

මුන්ගේ නියපොත්තේ ඉදන් හොරකමයි,වංචාවයි! NPP මන්ත්‍රී සහ කඩුවෙල නගරාධිපති පොලිසියට! කැට හොල්ලන මන්ත්‍රී අධිකරණයටත් අපහාස කරලා!

0
Sri Lanka Political Crime News Collage

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බව කියන පර්චස් 100ක පමණ භූමි ප්‍රදේශයක් නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන ‘මෙට්‍රෝ’ බස් රථගාලක් සඳහා භාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අතුරුගිරිය පොලිසියට කැඳවා තිබේ.

මෙම විමර්ශනය ආරම්භ වී ඇත්තේ අදාළ භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය විසින් අතුරුගිරිය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලක් මතය.

අදාළ පැමිණිල්ල කර දින පහක් ගියත් නීතිමය පියවර ගැනිම ප්‍රමාද කර ඇති අතර පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ ජනාධිපති අනුර දිසානායක පොලිසියට බලපෑම් කර ඇති බවයි. කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනය ඔස්සේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියා කිරිම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ඉල්ලා ඇති බවයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ .

සැප්තැම්බර් 26 වැනිදා අදාළ භූමිය පිරිසිදු කර බස් රථගාලක් සඳහා සකස් කර ඇති අතර, සැප්තැම්බර් 29 වැනිදා අතුරුගිරිය ‘මෙට්‍රෝ’ බස් රථගාල විවෘත කර තිබේ. එම විවෘත කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.සැප්තැම්බර් 29 වැනිදා මෙට්‍රෝ ජාලය මාර්ග හතක් දක්වා පුළුල් කිරීමේ නිල වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

පර්චස් 100ක ඉඩම ගැන අයිතියේ ගැටලුව!

නිවාස සංකීර්ණ පාලනාධිකාරියේ චෝදනාව වන්නේ රථගාල සඳහා යොදාගෙන ඇති පර්චස් 100ක පමණ භූමි ප්‍රදේශය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් බවත්, එය නිසි අවසරයකින් තොරව බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත්ය. මේ සම්බන්ධයෙන් පොලිසියට නිල පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව විමර්ශන ක්‍රියාත්මක වී තිබේ.ඒ අනුව සැප්තැම්බර් 30 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ නගරාධිපති රංජන් ජයලාල් අතුරුගිරිය පොලිසිය හමුවට කැඳවා ඇති බව වාර්තා වේ.

මේ ඉඩම ගැන මීට පෙරත් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න!

මෙම සිද්ධියේ තවත් වැදගත් පසුබිමක් වන්නේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම් සම්බන්ධයෙන් අසිත නිරෝෂණ මන්ත්‍රීවරයාම මීට පෙර පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් මතුකර තිබීමයි.

2025 මැයි 21 වැනිදා ඔහු ඉදිරිපත් කළ පාර්ලිමේන්තු ප්‍රශ්නයකදී, ඔරුවල මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ඉදිකිරීමේදී පොදු පහසුකම් සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය, සැලැස්ම අනුව වෙන් කළ ඉඩම්, භෞතිකව වෙන්කර තිබූ ඉඩම් සහ එම ඉඩම්වලින් වෙනත් පාර්ශ්වයන්ට පවරා ඇති ප්‍රමාණ පිළිබඳ තොරතුරු රජයෙන් විමසා තිබිණි. එමෙන්ම අදාළ ඉඩම් නැවත අත්පත් කරගැනීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවද ඔහු ප්‍රශ්න කර තිබිණි.

නීතිඥ සංගමයේ සභාපතිවරයාට අවමන් කල JVP කාඩරයේ කැට හොල්ලන්නෙකු ලෙස ප්‍රසිද්ධ අසිත නිරෝෂන් නැමැත්තා මීට දින 2කට පෙර සිය සමාජ ජාලා Facebook පිටුවේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා තිබේ. එහි සටහන්ව ඇත්තේ ..

අසිත Facebook හරහා අධිකරණය හැල්ලුවට ලක්කර ඇති හැටි!

අවසානයේ සටන් වදින ජනතාව දිනනු ඇත..

නිවාස 1800 ක මිලේනියම් සිටි නිවැසියන්ට අහිමි කල වාහන නැවතුම්පල ,බස් නැවතුම්පල ඇතුළු මුලික යටිතල පහසුකම් භූමියේ අයිතිය ලබාගැනීම වෙනුවෙන් අද දින CID යට පැමිණිල්ලක් ඉදිරිපත් කලා..දැනට ඉතිරිව තිබෙන පර්චස් 100 ක භූමිය මෙට්‍රො බස් නැවතුම්පල ලෙස භාවිතා කිරීමට සියළු කටයුතු සූදානම් කලා.. එය පහසු කටයුත්තක් උනේ නෑ මේ වන විටත් නවලෝක සමාගම එම ඉඩමට අයිතිවාසිකම් කියමින් අතුරුගිරිය පොලිසියේ පැමිණිල්ලක් මටත් නගරාධිපති රංජන් ජයලාල් සහෝදරයාටත් එරෙහිව ඉදිරිපත් කර තිබෙනවා..

1998 මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ආරම්භ කල අවස්ථාවේ සිට ආයෝජන මණ්ඩලය සෙලින්කෝ සමාගම එවකට කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු නගරාධිපතිවරු සියළු දෙනාගේ මැදිහත්වීමෙන් අක්කර 1 රූට් 3 පර් 30 ඉඩම අනිතිකව කැබලි කර අලෙවි කර ඇත ඉතිරිව තිබෙන පර් 100 ඉඩමටද නවලෝක සමාගම අයිතිවාසිකම් කියමින් ඇත..කෙසේ නමුත් අහිමි කල මහජන දේපල නැවත ජනතාවට ලබාදීම වෙනුවෙන් ඕනෑම අධිකරණයක ඕනෑම නීතිමය තත්වයකට මුහුණ දීමට අප සූදානම් අප විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ශණ කටයුතු ආරම්භ කරනු ඇතැයි කියා..හෙට දහවල් සිට මිලේනියම් සිටි බස් නැවතුම්පලට ඔබ එන්න ඇවිත් ගමන් යන්න එන්න…ජනතාවට ජය..

අසිත නිරෝශණ -උපුටා ගැන්ම අවසන්

CIDයට පැමිණිල්ලත් දාලා—තීන්දුවත් තමන්ම දීලාද? නීතිය ක්‍රියාත්මක වෙන්න කලින් “හෙට සිට එන්න” කියන්නේ කාගේ බලයෙන්ද?

මෙම සටහන බරපතල තත්ත්වයක් මතුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සිය සටහනකින් පවසන්නේ, මිලේනියම් සිටි නිවැසියන්ගේ පොදු පහසුකම් සඳහා වෙන්ව තිබූ බව ඔහු පවසන භූමියේ අයිතිය නැවත ලබාගැනීම සඳහා CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.

එහෙත් ඒ සමඟම ඔහු පවසන්නේ දැනට ඉතිරිව ඇති පර්චස් 100ක භූමිය “මෙට්‍රෝ බස් නැවතුම්පළ” ලෙස භාවිත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, “හෙට දහවල් සිට මිලේනියම් සිටි බස් නැවතුම්පළට ඔබ එන්න, ඇවිත් ගමන් යන්න” යනුවෙනි.

මෙහි මතුවන ප්‍රධාන ප්‍රශ්නය ඉතා සරලය.

ඉඩමේ නීත්‍යානුකූල අයිතිය සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකක් අතර ආරවුලක් පවතිනවා නම්, ඒ පිළිබඳ CID විමර්ශනයක් ඉල්ලා තිබෙනවා නම්, විමර්ශනය අවසන් වීමටත් අධිකරණයකින් හෝ අදාළ බලධාරියෙකුගෙන් අවසන් තීරණයක් ලැබීමටත් පෙර එම භූමිය මහජන භාවිතයට විවෘත කරන බව ප්‍රකාශ කරන්නේ කුමන නීතිමය පදනමකින්ද?

අනෙක් පාර්ශ්වය මෙම භූමිය සම්බන්ධයෙන් තමන්ට අයිතිවාසිකම් ඇති බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවද වාර්තා වේ. එම පැමිණිල්ල සම්බන්ධයෙන් අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පොලිසියට කැඳවා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

එවැනි පසුබිමක ජනතා නියෝජිතයෙකු විසින්ම “හෙට සිට එන්න” යනුවෙන් ජනතාව කැඳවීම, නීතිමය ක්‍රියාවලිය අවසන් වීමට පෙර භූමියේ භාවිතය පිළිබඳ තීරණයක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීමක්ද යන්න ප්‍රශ්න කළ යුතුය.

CIDයට පැමිණිල්ලක් කළ පමණින් පැමිණිලිකරුගේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශ ස්වයංක්‍රීයව නීතිමය තීන්දුවක් බවට පත්වන්නේ නැත. ඒවා විමර්ශනය කර සාක්ෂි, ඔප්පු, අනුමත සැලසුම් සහ අදාළ නීතිමය ලේඛන මත නිගමනයකට පැමිණීම අදාළ ආයතනවල කාර්යයකි.

එබැවින් මෙහි සැබෑ පරීක්ෂණය “ජනතාව වෙනුවෙන් සටන් කරනවාද?” යන්න පමණක් නොවේ. “නීතියට තීරණය කිරීමට ඉඩ දෙනවාද?” යන්නයි.

දේශපාලන බලය කා අත තිබුණත් නීතිය ක්‍රියාත්මක විය යුත්තේ එකම ආකාරයටය.අයිතිය ජනතාවගේ නම්—එය නීත්‍යානුකූලව තහවුරු කර ජනතාවට ලබාදිය යුතුය.අයිතිය වෙනත් පාර්ශ්වයක නම්—දේශපාලන බලයෙන් එය අත්පත් කරගැනීමට කිසිවෙකුට අයිතියක් තිබිය නොහැක.

අවසානයේ ජයගත යුත්තේ දේශපාලන බලය නොව නීතියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed