“රන්මල්” මාරු කිරීමේ පොලිස්පතිගේ උත්සාහය කොමිසම ව්‍යාර්ථ කරයි! “පුඤ්ඤසෝම” නිලධාරින් රකින්න බැරිනම් නයිටියක් ඇද ගනින්!
පැලවත්තේ නිගන්ධයන්ගෙන් සහ ජධාපති අනුරගේ නියෝග මත කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය රන්මල් කොඩිතුවක්කු ඌව පළාතට මාරු කිරීමට ගත් උත්සහය පොලිස් කොමිෂම විසින් ව්‍යාර්ථ කර තිබේ.
මේ සියල්ල සිදුවන්නේ පසුගිය කාලය තුළ රන්මල් කොඩිතුවක්කුගේ අධීක්ෂණය යටතේ සිදුකළ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් කිහිපයකදී විශාල මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබූ පසුබිමකය.
වරායෙන් දැවැන්ත ‘අයිස්’ තොගය ඇල්ලූ මෙහෙයුමෙන් පසු රන්මල් ඇතුළු නිලධාරීන් මාරු කිරීමට පුඤ්ඤසෝම රන්මල් ඇතුලු නිළධාරින් හට අභූත චෝදනා එල්ල කරමින් ඔහුන් මාරු කර යැවිම සදහා පොලිස් කොමිෂමේ නිර්දේශ ඉල්ලා සිටියා.
කොළඹ වරායෙන් දැවැන්ත “අයිස්” මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් ස්ථාන මාරු කිරීමට පොලිස් මූලස්ථානය ගෙන ඇති පියවර මේ වනවිට පොලිස් දෙපාර්තමේන්තුව තුළ මෙන්ම දේශපාලන හා මහජන අවධානයටද ලක් වු අතර මෙහි ප්‍රධාන අවධානය යොමුව ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) අධීක්ෂණය කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු වෙතය.
රන්මල් කොඩිතුවක්කු ඌව පළාතට මාරු කිරීමට යෝජනා වී තිබු අතර ඔහු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු තවත් උසස් පොලිස් නිලධාරීන් පිරිසක්ද ස්ථාන මාරුවීම් සඳහා යෝජනා වී ඇති බව වාර්තා වී තිබුනා.
කිලෝ 463ක ‘අයිස්’ මෙහෙයුම
මෙම මතභේදාත්මක ස්ථාන මාරු යෝජනාව ඉදිරිපත් වන්නේ අගෝස්තු 31 වැනිදා කොළඹ වරායේදී සිදුකළ දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමෙන් අනතුරුවය.පාකිස්තානයේ සිට පැමිණි බහාලුමක සඟවා තිබූ ක්‍රිස්ටල් මෙතැම්ෆෙටමින් හෙවත් “අයිස්” කිලෝග්‍රෑම් 463ක් එහිදී සොයාගෙන තිබිණි.එම වාර්තාවේ තවත් වැදගත් කරුණක් වන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ බුද්ධි තොරතුරු ඇමෙරිකානු Drug Enforcement Administration (DEA) ආයතනයෙන් ලැබුණු බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබීමය.
CCIB වෙනුවෙන් එම තොරතුරු සෘජුව ලබාගත් නිලධාරියා රන්මල් කොඩිතුවක්කු බවද එම වාර්තාව සඳහන් කරයි.මෙහෙයුම සිදුකර තිබුණේ අලුත්ගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි නියෝගයක් ලබාගැනීමෙන් පසුව බවත්, සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.
වැටලීම කළ නිලධාරීන් ගැනම විමර්ශනයක්
කෙසේවෙතත් මෙම අත්අඩංගුව ගැනිම ජනාධිපතිවරයා සහ පැලවත්ත උණුසුම් කිරිමට සමත් වු අතර ඊට ප්‍රධානතම හේතුව වුයේ කන්ටේනර 323ක් වරායෙන් විමර්ෂණයකින් තොරව පැන්විමයි. ඒ හේතුවෙන් ජනතාව තුල වත්මන් ආණ්ඩුවේ දුෂණ හා වංචා සම්බන්ධයෙන් සාකච්ඡා විම ආණ්ඩුවට බරපතල හිසරදයක් වු අතර ඒ හේතුවෙන් “පැලවත්තේ ” නියෝග මත රන්මල් ඇතුලු නිළධාරීන් සම්බන්ධයෙන ් පුඤ්ඤසෝම විනය ක්‍රියාමාර්ග ගැනිම ආරම්භ කර තිබුනා.පසුව මෙම දැවැන්ත මත්ද්‍රව්‍ය වැටලීමෙන් පසුව, එම මෙහෙයුම සිදුකළ පොලිස් කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමටද පුඤ්ඤසෝම කටයුතු කල අතර එහි අවසාන උපක්‍රමය ලෙස එම නිලධාරින් මාරු කිරිමේ කුමන්ත්‍රණක් ආරම්භ කරන ලදී.
ඒ සමඟම ඔහු සහ මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ස්ථාන මාරු කිරීම සඳහා පොලිස් මූලස්ථානය ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඉල්ලා තිබීම මෙම සිද්ධිය වඩාත් මතභේදාත්මක කර තිබේ.
පොලිස් කොමිසම තීරණාත්මක තැනක!
පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් අවසාන අනුමැතිය ලබාදීමේ බලය ජාතික පොලිස් කොමිෂන් සභාව සතු බැවින්, පොලිස් මූලස්ථානයේ නිර්දේශයක් පමණක් මත මෙම මාරුවීම් අවසන් තීරණයක් බවට පත් නොවේ.ඒ අනුව පොලිස්පතිවරයා විසින් ඉදිරිපත් කර ඇති රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන්ගේ ස්ථාන මාරු යෝජනාව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය තීරණාත්මක වී තිබේ.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායකගේ සභාපතිත්වයෙන් යුත් වත්මන් ජාතික පොලිස් කොමිෂන් සභාවට කේ. කරුණාහරන්, දිල්ෂාන් කපිල ජයසූරිය, ඒ.ඒ.එම්. ඉලියාස් සහ ජයන්ත ජයසිංහ යන සාමාජිකයෝ ඇතුළත් වෙති.මෙම සිද්ධියේ තීරණාත්මක ප්‍රශ්නය වී ඇත්තේ දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් මෙහෙයුමකට සම්බන්ධ වූ නිලධාරීන් මාරු කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට හේතු වූ නිශ්චිත “සේවා අවශ්‍යතාව” කුමක්ද යන්නයි.එමෙන්ම වැටලීම සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව පවතින විමර්ශනයේ ප්‍රතිඵල නිකුත් වීමට පෙර ඔවුන් ස්ථාන මාරු කිරීම අවශ්‍ය වූයේ ඇයිද යන්න පිළිබඳවද පැහැදිලි නිල කරුණු ප්‍රකාශයට පත් කිරීම වැදගත් වී තිබේ.
ඒ අනුව රන්මල් කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන්ගේ මාරුවීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව ගන්නා අවසන් තීරණය මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම්වල ස්වාධීනත්වය සහ පොලිස් පරිපාලනය පිළිබඳ මතුව ඇති ප්‍රශ්නවලටද සෘජුව බලපාන තීරණයක් බවට පත්වන බව නොරහසකි. අද එම තින්දුව ලැබි තිබේ.
කොස්තාපල් “පුඤ්ඤසෝමට” කියන්නට දෙයක් තිබේ!
“පුඤ්ඤසෝම” වුවත් අද ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා ඔබය. ඒ නිසා ඔබ යටතේ සේවය කරන පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව, ගෞරවය සහ ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සුරක්ෂිත කිරීම ඔබ සතු මූලික වගකීමකි.
පොලිස් නිලධාරියෙකු රාජකාරියේ යෙදී සිටියදී පහරදීමකට, තර්ජනයකට හෝ වෙනත් බලපෑමකට ලක්වන්නේ නම්, ඔහු හෝ ඇය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම පොලිස්පතිවරයාගේ වගකීමකි. තමන්ගේ නිලධාරීන් ආරක්ෂා කිරීමට පොලිස්පතිවරයාට නොහැකි නම්, සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇතිවන්නේ කෙසේද?
පොලිසියේ පහළම නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා නීතියේ ආරක්ෂාව සහ ආයතනයේ සහාය ලැබෙන බවට විශ්වාසයක් තිබිය යුතුය. එම විශ්වාසය බිඳ වැටුණු තැන පොලිස් සේවයේ චිත්ත ධෛර්යය පමණක් නොව, රටේ නීතිය හා සාමය පිළිබඳ මහජන විශ්වාසයද බිඳ වැටේ.ඒ නිසා පොලිස්පතිතුමනි, නිල ඇඳුමේ ගෞරවය රැකෙන්නේ එය ඇඳීමෙන් පමණක් නොවේ. ඒ නිල ඇඳුම ඇඳගෙන රාජකාරි කරන ඔබේ නිලධාරීන් වෙනුවෙන් නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීමෙනි.
එය කළ නොහැකි නම්, ඔය ගෞරවනීය නිල ඇඳුම ගලවා “නයිටිය පිටින්” සේවයට පැමිණීම වඩාත් ගැළපෙනවාදැයි ඔබම සිතා බැලීම වටී.එය රෝස පාටනම් වඩා හොදය!
~ පණ්ඩුක හේරත් ~
