සිංහල බෞද්ධයෝ නිදිද? ලැජ්ජයි! මහ කරඬුව රැකගන්න සටනට සුදානම් වෙනු!
කීර්ති ශ්‍රි රාජසිංහ රජතමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාවට පූජාකළ මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට ව්‍යාපාරිකයකු විසින් ඒ ආකාරයට සැකසු නව කරඬුවක් ඉකුත් 8 වැනිදා රහසිගතව සවිකර ඇති බව අප පසුගියදා අනාවරණය කල අතර ඊට ආසන්තම හේතුව වි ඇත්තේ රාජ්‍ය බලය ලබාගැනිම සදහා ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව සමග බැදි ඇති රටේ බහුතර සිංහල බෞද්ධයන්ගේ මතය බිඳ දැමිම සදහා වන් කුමන්ත්‍රණයක් බවත් අප දිගින් දිගටම අනාවරණය කළා.
අද වෙනකොට එය රටේ මහත් ආන්දෝලනයකට තුඩුදි තිබේන අතර තවමත් මහා සංඝයා වහන්සේලා සහ සිංහල බෞද්ධයන් නිහඬව සිටිම ගැන අපට ඇත්තේ මහත් කලකිරිමක්. පෘතුගීසි,ලන්දේසි,ඉංග්‍රීසි,පමණක් නොව මිනීමැරු JVP සහ LTTE යෙන් ආරක්ෂා කල සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන්නේ ශ්‍රී දළදා වහන්සේ රැක ගැනිමට කල කැපකිරිම පිළිබඳව සහ දළදා මෙන්ම එය තැන්පත් කර ඇති මහ කරඬුව සම්බන්ධයෙන් එතිහාසික කරුණු සියල්ලම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න කරන විග්‍රය.
