September 20, 2026

BRICS සමුළුව ඉන්දීයාවේ ඇරඹේ! ශ්‍රි ලංකාවට ආරාධනා නෑ! සාමාජිකත්වයත් අහිමි වෙයි! කයිතන් පොළොන්නරුවේ පච හලයි!

0
BRICS

චිනය, ඉන්දියාව, රුසියාව, බ්‍රසීලය, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන සාමාජික රටවල් මෙවර BRICS සමුළුවට එක් වන අතර මෙවර සභාපතිත්වය ඉන්දියාව දරන අතර, එහි තේමාව “Building for Resilience, Innovation, Cooperation and Sustainability” යන්නයි.

නමුත් ඉතිහාසයේ පලමු වරට ශ්‍රි ලංකාවට ආසන්නතම රාජ්‍ය වන ඉන්දියාවේ පැවැත්වෙන් මේ සා විශාල සමුළුවකට ලංකාවට ලැබි ඇත්තේ අමතර ආරාධනාවක් වන අතර  ප්‍රධාන/උසස් මට්ටමේ සහභාගීත්වයක් මේ වසරේ ලැබුනේ නේ නෑ.ගෙවුනු වසර දෙකක කාලය තුල වත්මන් මාලීමා ආණ්ඩුවේ ,ජනාධිපතිවරයා ප්‍රමුඛව අමාත්‍ය මණ්ඩල ජාත්‍යන්තරව අසාර්ථකව ක්‍රියාත්මක විම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වි තිබේ. 2026 සඳහා BRICS සමුළුව සදහා සභාපතිත්වය දරන්නේ ඉන්දියාවයි.

ඉන්දියාවේ 2026 BRICS සමුළුව සඳහා ලංකාවට සීමිත දූත මට්ටමේ ආරාධනාවක් පමණක් ලැබී ඇති අතර ඒ අනුව ප්‍රධාන දේශපාලනික/ප්‍රතිපත්ති මට්ටමේ සහභාගීත්වය නොමැතිව, කුඩා දූත කණ්ඩායමක් පමණක් සහභාගී වීමට ඉඩ දී තිබේ.ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා 2024 ඔක්තෝබර් මාසයේදී අයදුම් කලද එම අයදුම්පත රාජ්‍යතාන්ත්‍රිකව අසාර්ථකම එකක් බවයි අනාවරණය වි ඇත්තේ.

ඒ  අනුව එය 2025 ජනවාරි partner-state තේරීම්වලදී අනුර කුමාර ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉදිරිපත් කල අයදුම්පත ප්‍රතිකේෂ්ප විය.ඒ සම්බන්ධයෙන් රුසියානු තානාපතිවරයා 2025දී වසරේදි ප්‍රසිද්ධියේ කියා සිටියේ “BRICS එකට එක්වීමට ලංකාව ප්‍රායෝගික පියවර ගත යුතුයි, ඔබලා ඒකට ප්‍රබල උනන්දුවක් දක්වනවාද කියලා මට තහවුරු නැහැ.” යනුවෙනි. පවතින තත්ත්වය හමුවේ රුසියානු හා ඉන්දියානු මූලාශ්‍ර අනුව BRICS Partner Country ලෙස ලංකාවට ආරාධනාව ලැබීමේ සම්භාවිතාවද අනාගතයේදි අහිමි විමට හේතුවක් වනු ඇත.

2026 BRICS සමුළුව වෙනුවෙන් ලොව ප්‍රබල රාජ්‍ය නායකයන් නවදිල්ලියට පැමිණෙමින සිටින අතර, ඔවුන් පිළිගැනීම දිල්ලි නගරයේ පිහිටි අති නවීන භාරත් මණ්ඩපයේ සිදුවේ.රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං ඇතුළු ලෝක නායකයන් සහ නියෝජිතයන් සහභාගී වන මෙවර BRICS සමුළුවේ ප්‍රධාන සාකච්ඡා සහ විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වෙන්නේ මෙම අතිවිශිෂ්ට සම්මේලන මධ්‍යස්ථානයේදීය.

නවදිල්ලියේ ප්‍රගති මයිදාන් සංකීර්ණය තුළ පිහිටි භාරත් මණ්ඩපය අක්කර 123ක පමණ භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර, එය ඉදිකිරීම සඳහා ඉන්දීය රුපියල් කෝටි 2,700ක පමණ මුදලක් වැය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed