September 20, 2026

සිංහල බෞද්ධ රෙදි පෙරවාගත් නරින්ගෙන් ප්‍රවේශම් වනු! කාමන්ත පුලුවන් නම් මේ අභියෝගය භාර ගන්න!

0
Kamantha-Amarasekera

රාජ්‍ය බලය ලබාගැනිම සදහා ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව සමග බැදි ඇති රටේ බහුතර සිංහල බෞද්ධයන්ගේ මතය බිඳ දැමිම සදහා වන කුමන්ත්‍රණය දියත් කල දෙවන මහ මොළකරු මේ වනවිට අනාවරණය වි තිබේ.ඒ කාලයක සිට සිංහල බෞද්ධ රෙදි පොරවාගෙන සිටින කුප්‍රකට ව්‍යාපාරික කමන්ත අමරසේකර නැමැත්තාය. මහා කරඬුව වෙනස් කිරිමත් සමග එම කුමන්ත්‍රණයට එක්වු කිහිප දෙනාට එල්ල වන දැඩි සිංහල බෞද්ධ විරෝධය හමුවේ විවිධ කරුණු මේ වනවිට අනාවරණය වෙමින් තිබේන අතරම එම කුමන්ත්‍රණයට එක්වු එකිනෙකා මේ වන විට පාවාදෙමින් සිටි.

කාමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් හා හිතමිතුරන්ගේ ඉල්ලීමකට අනුව, දළදා භාරකාරීත්වයේ අනුමැතිය ඇතිව මෙම මහා කරඬුව ඉවත් කිරිමේ ක්‍රියාවලිය සිදුකර ඇති බව අනාවරණය වුවද මේ සදහා සම්පූර්ණ මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ අමරසේකර විසින් නොවන බවද මේ වනවිට අනාවරණය වි තිබේ. මේ සමස්ථ ක්‍රියාවලිය පසුපස කිසියම් කල්ලියක් ක්‍රියාත්මක වි සිටි බවත් ඔහුන් ඉතාම පැහැදිලිව කුප්‍රකට “born again” කල්ලියේ සබඳතාවයන් සහිත කණ්ඩායම් බවත් විශ්වාසවන්ත ආරංචී මාර්ග දැන් තහවුරු කරමින් සිටි. (සාක්ෂී සහිත අනාවරණය බලාපොරොත්තු වන්න)

මහා කරඬුව ඉවත් කිරිමේ අවස්ථාවට කාමන්ත සහ ඔහුගේ පවුලේ අය සමග ව්‍යාපාරිකයන් ලෙස හදුන්වා දුන් තිදෙනෙකු සහභාගි වි ඇති අතර ඉතිහාසයේ පලමු වතාවට කිසිදු වත් පිළිවෙලක් නොකර සියම කරඩු ඉවත් කර “දන්ත ධාතුන්” වහන්සේ දැක ගැනිමට මෙම පිරිසට ඉඩ දුන් බව එම අවස්ථාවට එක්වු එක් අයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර සිටියා.එය තමන් කිසිසේත්ම බලාපොරොත්තු නොවු දෙයක් බවයි ඔහු සදහන් කර ඇත්තේ.

කාමන්තට අභියෝගක්!

අප කාමන්තට එක් අභියෝගක් සහ අවස්ථාවක් දිමට සුදානම් තමන් සිංහල බෞද්ධයෙකු ලෙස පෙනී සිටිමින් පන්සල් සහ ස්වාමින්වහන්සේලාට විවිධ උදවු උපකාර කරමින් ඉන් සමහරක් කහටගස්දිගිලිය ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, නා උයන සේනාසනයෙ චෛත්‍යය, 2022 මාර්තු 03 දින බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් මිලියන 10 ක් ශ්‍රී දළදා මාළිගාවට පරිත්‍යාග ද ඇතුලත්ව වේ. මේ සියල්ලම කරමින් “සිංහල බෞද්ධයෙකු” ලෙස පෙනී සිටිමින් ඔබ සිදුකලේ ව්‍යාජ රංගනයක්ද? නැතහොත් වචනයේ පරිසමාප්තියෙන්ම සිංහල බෞද්ධයෙකුද යන්න දැන් රට හමුවේ තහවුරු කිරිමට අවස්ථාව ඇත.

එනම් සමස්ථ ශ්‍රි ලාංකික බෞද්ධයන් වෙනුවෙන් නැවත ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව තිබුන පෞරාණික මහා කරඬුව තුලම තැන්පත් කිරිමට ඉල්ලිමක් කිරිමය. ඔබ ඒ වෙනුවෙන් වියදම් කල ධනය, දළදා වහන්සේගේ කරඬුව වෙනස් කිරීමට වැය නොකර, දැනට දිවයින පුරා විනාශ වෙමින් පවතින ඓතිහාසික වටිනාකමකින් යුතු බෞද්ධ පුරාවස්තු හා විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වැනි සැබෑ ශාසනික පුණ්‍යකර්මයන් සඳහා දායක කරවන ලෙසය.

අපි ඔබට දුන් අභියෝග දෙස බලා සිටිමු. මන්ද අප සතුව ඇති සාක්ෂිවලට අනුව ඔබට එය කිරිමට නොහැකිය. ඒ අන්කවරක් වත් නිසා නොව ඔබට මේ සදහා ලැබුන අති විශාල ධනයේ සැබෑ හිමිකරුන් අප දන්නා නිසාය.

කමන්ත අමරසේකර මහතා Kelani Tyres PLC, Lanka Milk Foods (CWE) PLC, Madulsima Plantations PLC, Balangoda Plantations PLC, Eden Hotel Lanka PLC, Ceylon Hotels Corporation PLC, Palm Garden Hotels PLC, සහ AgStar PLC යන ලැයිස්තුගත සමාගම්වල ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වේ.ඔහු මේ වන විට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි සිව්වෙනියාට විශාලතම කොටස් හිමියා වේ.

ඉෂාර නානායක්කාර යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම කුප්‍රකට ව්‍යාපාරිකයින්ගෙන් අයෙකු වේ.ඉෂාර සහ කාමන්ත එකම සමාගමකද සමිපව කටයුතු කරනු ලබයි.

ඉෂාර නානායක්කාර යනු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ව්‍යාපාරික මෙන්ම දේශපාලනික ක්ෂේත්‍රයන්හි දැඩි අවධානයට ලක්වන ප්‍රධාන චරිතය වේ.ඉෂාර නානායක්කාර ලංකාවේ ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළ පළදාගෙන සිටි. 2025 වසරේදී ධම්මික පෙරේරාද අභිබවා යන්නට ඔහු සමත් විය. LOLC හෝල්ඩින්ග්ස් (LOLC Holdings) සමාගමේ නියෝජ්‍ය සමූහ සභාපතිවරයා LOLC හෝල්ඩින්ග්ස් (LOLC Holdings) සමාගමේ නියෝජ්‍ය සමූහ සභාපතිවරයා ඉෂාර රටවල් 10 කට අධික සංඛ්‍යාවක ක්ෂුද්‍ර මූල්‍ය (Microfinance) සහ රක්ෂණ අංශ හරහා සිය ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කර තිබේ. ඒවායේ තැනපත් කර ඇති ප්‍රබලම පිරිස අතර වත්මන් ජනාධිපති අනුර දිසානායක සිටින බව සමහරු දන්නා රහසකි.

මිට අතර වත්මන් ආණ්ඩුව මෙහෙය විමට අවශ්‍ය ව්‍යාපාරික උපදේශන සහ සාකච්ඡාජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉෂාර නානායක්කාර අතර සිදුවන බව නොරහසකි. ධම්මික පෙරේරා, දුමින්ද හුලංගමුව, හාන්ස් විජේසූරිය වැනි කුප්‍රකට ව්‍යාපාරිකයන් මේ වනවිට අනුර කුමාර ජනාධිපතිවරයා සිය ග්‍රහණයට ගෙන අවසන් කර ඇති අතර ඒ නිසාම පැලවත්ත පවා අනුර දැඩිව විවේචනයට ලක්කර තිබේ.

වසර දෙකක් යනවිට දෙවන මනාපය හොරට ගනන් කර බලයට පැමිණී අනුර දිසානායකලාට දැන් සිංහල බෞද්ධ ඡන්ද වලින් උපරිම ඇත්තේ සියයට 5ක පමණ ජනතා ප්‍රසාදයක් බව ඔහුන් දනී.එසේනම් ඔහුන් කෙසේ හෝ බලහත්කාරයෙන් රාජ්‍ය බලය අල්ලා ගත යුතුය. ඒ සදහා සිංහල රාජ්‍ය බිඳ දැමිය යුතුය.එ සදහා දියත් කර ඇති දැවැන්තම කුමන්ත්‍රණකාරී මෙහෙයුමේ කොටසක් ලෙස මේ ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව ඉවත් කිරිම දැකිය හැක.

සිංහල බෞද්ධයෙනි වහාම අවදි වෙනු!

මෙම මූල්‍යමය පරිත්‍යාගය ශ්‍රද්ධාවෙන් කරනු ලබන්නක් ලෙස බාහිරව පෙනුනද, ශ්‍රී ලංකාද්වීපයේ උදෘතම ආධ්‍යාත්මික ආරක්ෂාව (Spiritual Palladium) හෙවත් රාජ්‍යත්වයේ සංකේතය වන සර්වඥ දන්තධාතූන් වහන්සේ පවත්නා කරඬුවෙන් ඉවත් කර නව කරඬුවක තැන්පත් කිරීම තුළින් රටේ ආධ්‍යාත්මික ශක්තියට, ඉතිහාසයට සාමූහිකව සිදුවිය හැකි බරපතළ හානිය පිළිබඳව වත්මන් බෞද්ධ විරෝධී JVP පාලකයන්ට වගේ වගක් නැති බව අප දනිමු.නමුත් සිංහල බෞද්ධ රාජ්‍ය ආරක්ෂා කරගැනිම සදහා පෙර රජ දවසේ සිට සටන් කල භික්ෂුන් වහන්සේලා සහ සාසනය පෝෂණය කල සිංහල බෞද්ධයන් දැනුවත් විය යුතු බව අපගේ අදහසයි.

ශ්‍රී දළදා වහන්සේ, මහා කරඬුව සහ සිංහල රාජ්‍යත්වය

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ ශ්‍රී දළදා වහන්සේ, මහා කරඬුව සහ සිංහල රාජ්‍යත්වය අතර පවතින්නේ බිඳ හෙළිය නොහැකි අත්‍යන්ත සහ පූජනීය සබැඳියාවකි. කිත්සිරිමෙවන් රජ සමයේ (ක්‍රි.ව. 301-328) හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ලක්දිවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවූ දා සිට, එය රටේ පාලකයා සතු විය යුතු ප්‍රධානතම රාජ්‍යත්වයේ සංකේතය බවට පත් විය.මේ රටේ විධායක ජනාධිපතිවරුන් ලෙස පත්වු J.R ජයවර්ධනගේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වා කාල සීමාව තුල සිටි සෑම ජනාධිපතිවරයෙකුම ශ්‍රී දළදා වහන්සේ, මහා කරඬුව සහ සිංහල රාජ්‍යත්වය ආරක්ෂා කල බව නොරහසකි.

මෙම තෙවැදෑරුම් සබැඳියාව පිළිබඳ වැදගත් කරුණු පහත පරිදි කොටස් කිහිපයකින් පැහැදිලි කළ හැකිය.1. දළදා වහන්සේ සහ රාජ්‍යත්වය (The Tooth Relic and Kingship)රාජ්‍යත්වයේ අයිතිය: පැරණි ලංකාවේ නීත්‍යානුකූල රජු වීමට නම් දළදා වහන්සේගේ භාරකාරීත්වය අනිවාර්යයෙන්ම තිබිය යුතු විය. දළදා වහන්සේ අහිමි වන රජෙකුට සිංහාසනය පිළිබඳ අයිතිය ද අහිමි වන බව පිළිගැනිණි.

එනම් සියවස් ගණනාවක් පුරා තැන්පත් වූ ‘අනුහස්’ ශක්තිය සහ ආශිර්වාදය බිඳ වැටීම

දැනට දළදා වහන්සේ වැඩසිටින රන් ආලේපිත රිදී බාහිර කරඬුව කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමන් විසින් පූජා කරන ලද්දකි. සියවස් ගණනාවක් පුරා අසංඛ්‍ය ශාසනාලීන මහා සංඝරත්නයේ සජ්ඣායනා, භාවනා සහ මිලියන සංඛ්‍යාත සැදැහැවතුන්ගේ පවිත්‍ර චේතනාවන් මෙම කරඬුව තුළ ආධ්‍යාත්මික ශක්තියක් ලෙස ගැබ්ව ඇත. මෙය හුදෙක් බාහිර ආවරණයක් නොව, දීර්ඝ කාලයක් මුළුල්ලේ රට රැකගත් ආධ්‍යාත්මික බලවේගයකි. දළදා වහන්සේ මෙයින් ඉවත් කිරීම තුළින් එම අඛණ්ඩ ආශිර්වාද ශක්තිය බිඳ වැටීමේ බරපතළ අවදානමක් පවතී.

භෞතික ආටෝපය (ලෞකික ප්‍රශංසාව) හේතුවෙන් ඇති වන කර්ම බලපෑම

ථේරවාදී බුදුදහමට අනුව, ඕනෑම ක්‍රියාවක කර්ම විපාකය තීරණය වන්නේ ‘චේතනාව’ (චේතනාහං භික්ඛවේ කම්මං වදාමි) මතය. පවත්නා ඓතිහාසික කරඬුව වෙනස් කර, ව්‍යාපාරික ධනවත්කම හෝ භෞතික සුන්දරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා නව කරඬුවක් ආදේශ කිරීම තුළින් ලෞකික ආශාවන් (ක්ලේශයන්) ශුද්ධ වූ සිද්ධස්ථානය තුළට කාන්දු වේ. වන්දනාකරුවන්ගේ අවධානය දළදා සමිඳුන් කෙරෙහි වන ශ්‍රද්ධාවෙන් බැහැරව භෞතික වටිනාකම් දෙසට යොමු වීම තුළින් ශාසනික පරිහානියක් මෙන්ම රටටද අභාග්‍යසම්පන්න කාලවකවානුවක් උදාවිය හැකිය.

රාජකීය සහ රාජ්‍ය තාන්ත්‍රික උරුමය අභියෝගයට ලක්වීම

මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය මහානායක හිමිවරුන් සහ දියවඩන නිලමේතුමා සතු වගකීම් සහ දළදා වහන්සේ ආරක්ෂා ක්‍රමවේදය රටේ ජාතික ස්වෛරීභාවයේ සංකේතයකි. පැරණි රජවරුන්ගේ ඓතිහාසික පූජාවක් ඉවත දමා, පෞද්ගලික ව්‍යාපාරික අනුග්‍රහයන් මත කරඬු වෙනස් කිරීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පරමාධිපත්‍යයට කරන බලපෑමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed