September 20, 2026

අනුරලාගේ රාජ්‍ය බලය ඇල්ලිමේ කුමන්ත්‍රණයට බෞද්ධයා බිලි ගනි! මහා කරඬුව මාරු කලේ සිංහල රාජ්‍යත්වය බිද දමන්න!

0
AKD_JVP_DALAD

කීර්ති ශ්‍රි රාජසිංහ රජතමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාවට පූජාකළ මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට ව්‍යාපාරිකයකු විසින් ඒ ආකාරයට සැකසු නව කරඬුවක් ඉකුත් 8 වැනිදා රහසිගතව සවිකර ඇති බව අප පසුගියදා අනාවරණය කල අතර ඊට ආසන්තම හේතුව වි ඇත්තේ රාජ්‍ය බලය ලබාගැනිම සදහා ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව සමග බැදි ඇති රටේ බහුතර සිංහල බෞද්ධයන්ගේ මතය බිඳ දැමිම සදහා වන් කුමන්ත්‍රණයක් බව අනාවරණය වි තිබේ.

දෙවන මනාපය හොරට ගණන් කරමින් යන්තම් රටේ ජනතාවගේ කරුමයට පාත්‍රවු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක බලය අල්ලාගෙන මාසයක් යන්නට මත්තෙන් තමන් අසාර්ථක පාලකයෙකු බවත් තමන් සමග සිටින්නේ නිවට නියාලු කාඩරයක් බවත් තෙරුම් ගත් බව නොරහසකි.එතැන් සිට රාජ්‍ය බලය අල්ලා ගැනිම සදහා සක්‍රීයව කුමන්ත්‍රණය කල අනුර ඇතුලු JVP කාඩරය රටේ සිංහල බෞද්ධයන්ට ක්‍රමයෙන් පහර දිම ආරම්භ කරන ලදී. ඒ සදහා කුප්‍රකට “born again” කල්ලියේ ආශීර්වාද අනුර ඇතුලු කාඩරය ලබාගත් අතර එතැන් සිට මේ ලියන් මොහොතෙත් සිංහල බෞද්ධ රාජ්‍යට පහරදෙමින් තමන්ගේ පාදධ දේශපාලන මේ පොළව මත ස්ථාපිත කිරිම සදහා මෙහෙයුම් දියත් කරමින් සිටි. යමක් කමක් කියවන්,කියවා තෙරුම් ගැනිමට හැකියාව ඇති ජනතාව හැර බහුතරය අනුරගේ බොරු වලවල් වල වැටෙමින් දවස ගෙවමින් සිටි.

මහ කරඬුව ඉවත් කරමින් වෙනත් කරඩුවක දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කලේ සද්භාවයෙන් නම් එය රටේ ජනතාවට නොකියා හොරෙන් සිදුකිරිමට අවශ්‍ය නැත.නමුත් අප අනාවරණය කරන තුරුම එය රහසක් ලෙස තබාගෙන සිටියේ මන්ද යන්න අමුතුවෙන් කිවයුතු නැත. අපගේ අනාවරණයෙන් කලබලයට පත්වු බෞද්ධ ශාසනය වෙනුවට අනුරගේ යකඩ සපත්තුවට යටවි සිටින දළදාවේ ආරක්ෂයන් යැයි කියා ගන්න කම්බහොරු දැන් නිවේදන නිකුත් කරමින් සිටි.ඊට අමතරව පැරණි කරඬුව මාලිගාවේ අභ්‍යන්තරයේ සුරක්ෂිතව තැන්පත් කර ඇත යනුවෙන්ද නිවේදන නිකුත් කරමින් ජනතාවට බොරු කියමින් සිටි.අප දළදා මාලිගාවේ ව්‍යාජ් ආරක්ෂකයන්ට අභියෝගයක් කරමු.එනම් කීර්ති ශ්‍රි රාජසිංහ රජතමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාවට පූජාකළ මහ කරඬුව මාලිගාව තුල ආරක්ෂීතව ඇත්නම් දින 7ක් තුල එය ජනතාවට නිරාවරණය කරන ලෙසයි.එය දැන් එහි නැත.

මහ කරඬුව මාරු කල කවුද මේ කුප්‍රකට ව්‍යාපාරිකයා!

එපමණක් නොව රහසේම මෙම මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට බර කිලෝග්‍රෑම් 86.04ක් වන අතර පිරිසිදු රන් කිලෝග්‍රෑම් 65කට අධික ප්‍රමාණයක් සහ මැණික් කිලෝග්‍රෑම් 1.48ක් අඩංගු කරඩුවකට මාරු කල කාමන්ත අමරසේකර නැමැති ව්‍යාපාරිකයා කවුද? ඔහුව ජනාධිපතිවරයා හමුවිට පැමිණියේ කා සමගද? ඔහු කරන ව්‍යාපාර කුමක්ද?ඔහු සහ “born again”කල්ලියේ Miracle Dome සමග ඇති සම්බන්ධය කුමක්ද? ඔහු එහි විධායක කමිටුවේ සමාජිකයන් 7 දෙනා අතර සිටින්නේද? යන්න රටට හෙලිකල යුතුය. එසේ නොමැති නම් ඒ සියල්ලම හෙලි කිරිමට අප සුදානමින් සිටි.

රෝහණ විජේවිරගෙන් ආරම්භ වි ඉතිහාසය පුරාම JVP කාඩරයේ සිට ගමේ,ගොඩේ බොක්කුව උඩ සිට අනේකාට වෛරය කරන සෑම JVP කාරයෙකුම බෞද්ධ දර්ශණය සහ බෞද්ධයන් සමග බද්ද වෛරයකින් පෙලෙන එවුන් බව නොරහසකි.මැටි වලින් සෑදු බොල් පිළිම වලට වදිනවා,බෝ ගසට වැදිම වැනි දැන් දැඩිව විවේචනය කරන ඔහුන් 88-89 කාලයේ පන්සලේ දාන ශාලාවේ බත් මූටිය උස්සන් දිවු බව රටම දනී.එම වෛරය 1987-1989 භීෂණ සමයේදී (ජවිපෙ දෙවැනි කැරැල්ලේදී) එවකට පැවති රජයේ නිල වාර්තාවලට අනුව ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ ඒ හා සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV) මගින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 500නමකට අධික පිරිසක් ඝාතනය කිරිම දක්වා ගිය බව වාර්තා වේ.

එපමණක් නොව ඔහුන්ගේ පන්ති 5 සහ කදවුරු තුල බෞද්ධ ආගම නිර්දය ලෙස විවේචනයට ලක්වන අතර “අර දත හොල්ලා වස්සවන්න පුලුවන්ද?” “සිදුහත් පොල්ගහ යට බුදු උනානම් අද පොල්ගහටත් වදිනවා ඔය මොඩයෝ ..” “සිද්ධාර්ථ ගිහිගෙය දමාගියේ යසෝදරාට ඉපදුන රාහුල තමන් වගේ (සිද්ධාර්ථ) නොවු නිස බව ” වැනි අසමජ්ජාති කතා රැසක් ඔහුන් පක්ෂයට බදවා ගන්නන්ගේ ඔලුවලට දමන බවද එවාට ගිය අය දනී. එපමනක් නොව JVP ආභාසය ලැබු බහුතරයක් බෝ ගහ යට ඌරු මස් කමින් අඩියක් ගහන්නට කැමැත්තෙන් සිටි අය බවද රටේ ජනතාව දනී.

මහ කරඬුව ඔසවා ඔහුන් රටේ ජනතාවට කියන්නට හදන්නේ කුමක්ද යන්න බත් කන ඔනෑම කෙනෙකුට තේරුම්ගත හැක.

ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ බුද්ධාගම අතර පවතින්නේ දීර්ඝ කාලීන, සංකීර්ණ සහ කාලීනව වෙනස් වූ දේශපාලනික සබැඳියාවකි.එය වෙනස් වුයේ මතුපිටින් පමණක් බව තෙරුම් නොගත් මොඩයන් ඔහුන් සමග එකට හිටගත්තේය.JVPය ආරම්භයේදී දැඩි මාක්ස්-ලෙනින්වාදී මතවාදයක් දැරූ බැවින්, සම්ප්‍රදායික මාක්ස්වාදයට අනුව ආගම දෙස බැලුවේ විවේචනාත්මකවය.එය අදටත් එලෙසම ඔහුන් තුල පවති.එහි කිසියම් හෝ සාධණීය වෙනසක් සිදුව නැති බවට ඔනෑතරම් සාක්ෂී තිබේ.ශ්‍රී ලාංකීය සමාජය තුළ දේශපාලනය කිරීමට නම් බෞද්ධ සංස්කෘතිය සහ භික්ෂු සමාජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඔවුන් වටහා ගත් JVPය විශ්වවිද්‍යාලයයන්හි තරුණයන්ට සිවුර පෙරවු බව අමුතුවෙන් මතක් කරදිය යුතු නැත.

වර්තමානයේ ජාතික ජන බලවේගය – NPP ආගමික නිදහස සහ ගෞරවය ආරක්ෂා කරන බවට පෙන්වමින් JVPය ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) අවධාරණය කරන්නේ තමන් බුද්ධාගමට සහ අනෙකුත් සියලුම ආගම්වලට උපරිම ගෞරවය දක්වන බවයි.නමුත් මතක තබාගන්න “born again” – අනුර-අගවිනිසොරු එක්ව 22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් වහාම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය (9 වන වගන්තිය) ට ඔහුන් අත තබන බවට එදාටත් “මහ කරඬුව” හොරාගෙන ගියත් වගේ වගක් නැතුව සිටින දේශපාලකයන්,හාමුදුරුවන් සහ ජනතාව නිවට නියාලුවන් සේ බලා සිටිනු ඇත.

ශ්‍රී දළදා වහන්සේ, මහා කරඬුව සහ සිංහල රාජ්‍යත්වය

ශ්‍රී ලාංකීය ඉතිහාසය තුළ ශ්‍රී දළදා වහන්සේ, මහා කරඬුව සහ සිංහල රාජ්‍යත්වය අතර පවතින්නේ බිඳ හෙළිය නොහැකි අත්‍යන්ත සහ පූජනීය සබැඳියාවකි. කිත්සිරිමෙවන් රජ සමයේ (ක්‍රි.ව. 301-328) හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ලක්දිවට දන්ත ධාතූන් වහන්සේ වැඩම කරවූ දා සිට, එය රටේ පාලකයා සතු විය යුතු ප්‍රධානතම රාජ්‍යත්වයේ සංකේතය බවට පත් විය.මේ රටේ විධායක ජනාධිපතිවරුන් ලෙස පත්වු J.R ජයවර්ධනගේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දක්වා කාල සීමාව තුල සිටි සෑම ජනාධිපතිවරයෙකුම ශ්‍රී දළදා වහන්සේ, මහා කරඬුව සහ සිංහල රාජ්‍යත්වය ආරක්ෂා කල බව නොරහසකි.

ඒ නිසාම සිංහල රජවරුන් දළදා වහන්සේ සැලකුවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙසය. ඇතැම් රජවරුන් තමන්ගේ මුළු රාජ්‍යයම දළදා වහන්සේ උදෙසා පූජා කළහ.

මෙම තෙවැදෑරුම් සබැඳියාව පිළිබඳ වැදගත් කරුණු පහත පරිදි කොටස් කිහිපයකින් පැහැදිලි කළ හැකිය.1. දළදා වහන්සේ සහ රාජ්‍යත්වය (The Tooth Relic and Kingship)රාජ්‍යත්වයේ අයිතිය: පැරණි ලංකාවේ නීත්‍යානුකූල රජු වීමට නම් දළදා වහන්සේගේ භාරකාරීත්වය අනිවාර්යයෙන්ම තිබිය යුතු විය. දළදා වහන්සේ අහිමි වන රජෙකුට සිංහාසනය පිළිබඳ අයිතිය ද අහිමි වන බව පිළිගැනිණි.

ඒ නිසාම බ්‍රිතාන්‍ය පාලනය සහ දළදා උරුමය1815 දී උඩරට ගිවිසුම මඟින් ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වූ අවස්ථාවේදී පවා, බුද්ධාගම සහ දළදා වහන්සේ ආරක්ෂා කරන බවට බ්‍රිතාන්‍යයන් පොරොන්දු විය. 1818 නිදහස් අරගලයේදී සිංහලයන් දළදා වහන්සේ රහසින් පැහැරගෙන ගිය අතර, දළදා වහන්සේ සතු කරගන්නා පාර්ශවයට රටේ නියම අයිතිය හිමි වන බව ඉංග්‍රීසින් ද හොඳින්ම දැන සිටියේය

වත්මන් මිනිමරු JVP පාලකයන් මෙන්ම LTTE ත්‍රස්තවාදීන් පවා රාජ්‍යත්වයට අභියෝග කල අන්තවාදීන් සියල්ලම පරාජය කරමින් බලයේ සිටි පාලකයන් ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව ආරක්ෂා කළේ එය අහිමි විම රාජ්‍යත්වය අහිමි විමක් බව තරයේම විශ්වාස කල නිසාමය.

රාජධානි සංක්‍රමණය: සතුරු ආක්‍රමණ නිසා අගනුවර වෙනස් වන සෑම අවස්ථාවකදීම රජවරුන් තමන්ගේ ජීවිතයටත් වඩා දළදා වහන්සේ ආරක්ෂා කරමින් අනුරාධපුරයෙන් පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ, සීතාවක හරහා මහනුවර (සෙංකඩගලපුර) දක්වාම වැඩම කරවන ලදී.

දළදා මහා කරඬුවේ ඉතිහාසය සහ වැදගත්කම (The Maha Karaduwa)දළදා වහන්සේ සතුරු උවදුරුවලින් ආරක්ෂා කර උත්තරීතර ලෙස තැන්පත් කිරීම සඳහා රජවරුන් විසින් කරඬු කිහිපයක් (කරඬු හතක්) එකක් ඇතුළත එකක් වන සේ නිර්මාණය කර තිබුනී.මහනුවර යුගයේදී දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් ආරම්භ කර, පසුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් නිමවා පූජා කරන ලද රන් ආලේපිත රිදී මහා කරඬුව වසර සිය ගණනක් පුරා දළදා සමිඳුන් ආරක්ෂා කළ ප්‍රධාන කරඬුවයි. එය විවිධ රජවරුන්, දේශපාලන නායකයින් සහ විදේශීය දූත පිරිස් (බුරුම, සියම්) පූජා කළ මිල කළ නොහැකි මුතු මැණික්වලින් අලංකාර වීය. එපමණක් නොව එම මහා කරඬුව දින ගණනක් තිස්සේ අවශ්‍ය පුද සත්කාර සියල්ලම සිදුකර සකස් කල එකකි.

~පණ්ඩුක හේරත්~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed