September 20, 2026

රටපුරා ඉන්ධන හිඟයක්! විදේශීය සමාගම් ඉන්ධන සීමා කරයි!

0
CPC_F

රටපුරා ඉන්ධන හිඟයක් ඇතිවෙමින් පවතින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.මේ වනවිටත් ඉන්ධහල් රැසක ඩීසල් හිඟයක් ආරම්භ වි ඇති අතර CPC හැර අනිකුත් ඉන්ධන පිරවුම්හල් වල ඩීසල් හිඟයක් පවතින බවයි ඔහු සදහන් කළේ.

පසුගිය කාල සීමාව තුළ බොර තෙල් මිල ඉහළ යාම නිසා මෙරට තුළ ඉන්ධන අලෙවියේදී විදේශීය සමාගම් වලට ඉන්ධනවල මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් තිබුණ ද රජය විසින් ඒ සඳහා අවසර ලබා නොදී එම අලාභය පියවා ගැනීම සඳහා ඩීසල් ලීටරයකට රු.100/= ක මුදලක් විදේශීය ඉන්ධන සමාගම් වලට ගෙවා ඇති නමුත් හදිසියේම එම ගෙවිම් නතරකිරිම මේ තත්ත්වයට හේතුව වි තිබේ.

අදාළ ගෙවිම නතර කිරිම නිසා එම විදේශීය සමාගම් (Sinopec, Shell) ඔවුන්ගෙන් ඉන්ධන මිලදීගනු ලබන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා දීම දැඩි ලෙස සීමා කර තිබිම ඉන්ධන හිඟයට හේතුව වි තිබේ.

මේ වන විට විදේශීය සමාගම් සතුව මෙරට ඉන්ධන පිරවුම්හල් 600කට ආසන්න සංඛ්‍යාවක් පවතී. විදේශීය සමාගම් විසින් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවල පවතින ඔවුන්ගෙන් ඉන්ධන ලබා ගන්නා පිරවුම්හල් වෙත පමණක් ඉන්ධන ලබා දී ඔවුන්ගේ කීර්ති නාමයට වන හානිය අවම කර ගෙන ඇත. නමුත් කොළඹින් බැහැර ප්‍රදේශ වල විදේශීය සමාගම් වලින් ඉන්ධන ලබා ගන්නා පිරවුම්හල් වෙත ඩීසල් ලබා නොදීම හේතුවෙන් එම පිරවුම්හල් තුළ දැනට පවතින ඩීසල් තොග අවසන් වීමෙන් පසුව පාරිභෝගිකයන් වෙත ඉදිරියේදී ඩීසල් ලබා දීමට නොහැකි වීම නිසා එම ප්‍රදේශ වල ජනතාව දැඩි අපහසුතාවයකට පත් විය හැක.

ලංකාව තුළ ඛනිජ තෙල් අලෙවි කිරීම සඳහා ආයතන 4ක් පවතී. ඉන් 3ක් විදේශීය සමාගම් වේ.

(1) සිපෙට්කෝ (CPC)

(2) සිනොපෙක් එනර්ජි ලංකා (පුද්) සමාගම

(3) ආර්.එම්. පාර්ක්ස් (පුද්) සමාගම

(4) ලංකා ඉන්දියානු තෙල් සමාගම (IOC)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed