September 20, 2026

රහස් සොයන්න ගිහින් කටේනායක නා ගනී! මෙන්න සම්පූර්ණ වාර්තාව! අයිසේ අනුර ලැජ්ජාවක් නැද්ද!

0
The Parliament of Sri Lanka

කථානායකවරයාගේ උපදෙස් පරිදි ඔහුගේ පෞද්ගලික ලේකම් යැයි කියන පෞද්ගලික ලේකම්, වමීර ගාල්ලගේ විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත යොමු කරන ලද දාතම රහිත ලිපියෙහි සහ 2025.08.13 දිනැති ලිපියෙහි සඳහන් පරිදි පිළිවෙලින්පා ර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව මාධ්‍යයට හෙළිදරව්වීම සම්බන්ධයෙන් සහ කථානායකවරයාගේ නිල නිවාසය පිළිබඳ රහස්‍ය තොරතුරු තෙවැනි පාර්ශ්වයකට හෙළිදරව්විම සහ එම තොරතුරු මාධ්‍ය මගින් ප්‍රචාරය වීම සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ විමර්ශනයේ සම්පූර්ණ වාර්තාව අප හට ලැබි තිබේ.

පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව හෙලිදරව් වීම සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කරනු ලබන නියෝගය

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්, වමීර ගාල්ලගේ මහතා විසින් උක්ත කරුණ සම්බන්ධයෙන් මා වෙත ඉදිරිපත් කරන ලද දාතම රහිත ලිපියේ පිටපතක් ඇමුණුම – I’ ලෙස මේ සමග ඔබ වෙත යොමු කරමි යනුවෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට නියෝග කර තිබේ.

එහි ගරු කථානායකවරයා හා සම්බන්ධ වඩාත් සංවේදී දත්ත මාධ්‍ය හරහා අවසරයකින් තොරව හෙලි දරව් වී ඇති බවට සඳහන් වන අතර ඒ පිළිබඳව පුර්ණ විමර්ශනයක් සිදුකර වාර්තා කරන ලෙස මා වෙත දන්වා ඇත.

ඒ අනුව එකී විමර්ශනය සිදුකර වාර්තා කිරීම සඳහා මබ සහ ඔබගේ මූලිකත්වය යටතේ ප්‍රධාන අභ්‍යන්තර විගණක, ඩී. සී. විතාන මහතා පත් කරනු ලැබේ.

එම විමර්ශනයේදී කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා, සහකාර මහ ලේකම්වරයා සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් සාක්ෂි විමසීම මා විසින් සිදුකරන අතර අවශ්‍ය අනෙකුත් නිලධාරීන් සහ සේවක මණ්ඩලය වෙතින් සාක්ෂි විමසීමේ බලය ඔබ වෙත පවරමි. ඒ අනුව කටයුතු කර අදාළ විමර්ශන වාර්තාව නොපමාවම මා වෙත ඉදිරිපත් කරන ලෙස මෙයින් ඔබට දැනුම් දෙමි.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද භාවිතා කරමින් කතානායකවරයා කරන ලද අසමජ්ජාති වැඩ සිල්ලම මෙම විමර්ශණය හරහා එලියට පැමිණ තිබේ.

මාධ්‍ය හරහා අනාවරණය වු කරුණු ..

“අපි පහුගිය ජූලි මාසෙ 3 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කථානායකවරයා විසින් වාහන අවභාවිතා කිරීම සම්බන්ධව නිලනිවාස අවභාවිතා කිරීම සම්බන්ධව බන්ධන අවභාවිතා කිරීම සම්බන්ධව අපි රටට කරුණු හෙළිකළා. ඒ වගේම අපි 4 වෙනිදා අපි අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිෂන් සභාවට අපි ලිඛිතව පැමිණිල්ලක් කළා සාක්ෂි සහිතව මේ කථා නායකවරයාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධව. මාසෙ පෝය එකක් ගිහිල්ලා තිබුණත් අද වෙන තුරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් කිසිදු වගවිභාගයක් කෙරුණෙ නෑ මේ පැමිණිල්ල සම්බන්ධව. අපි දන්නවා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉතාමත් සක්‍රියයි. රංග දිසානායක අධ්‍යක්ෂ ජනරාල්වරයා බොහොම සක්‍රියව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නායකත්වය දෙනවා.

එතකොට අපි එතුමාගෙන් ඉල්ලා සිටින්නේ පහුගිය ඔය පොත් බෙදන ඒවා සම්බන්ධව ඇට බෙදන ඒවා සම්බන්ධව සහ අනිකුත් ඒ පහුගිය ආණුඩු වලින් සිද්ද වෙච්ච වැරදි සම්බන්ධව විමර්ශනය කරනවා වගේම අප විසින් මේ ආණ්ඩුවෙන් සිදුකරන වංචා දුෂණ අවභාවිතයන් සම්බන්ධව අපි කරන පැමිණිලි සම්බන්ධවත් වහා වහා පරීක්ෂණ පවත්වලා ඒකට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉතාමත් ගෞරවයෙන් රංග දිසානායක මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි මේ කාරණයට අදාළව අපේ පැමිණිල්ලෙන් පස්සේ ගරු කථානායකතුමාගේ පාර්ශවයෙන් ජූලි මාසේ 6 වෙනිදා අපිට එවනවා ලිපියක්. අපිට නෙවෙයි මාධ්‍යයට ලිපියක් මුදා හරිනවා. ඒකෙ කියනවා කථානායකතුමා අපි කියන චෝදනා බැහැර කරන් නැන්නැහැ. අපි කියන චෝදනා නීත්‍යනුකූල රාමුව තුළ කථානායකතුමා ලොරිස් නිවාස සංකීර්ණයේ 8/1 නිවසේ ඉන්නවා. එතුමාගේ පෞද්ගලික ලේකම්තුමා ආහාර ගන්න බව ඇත්ත. හැබැයි ඒ වලට ගෙවනවා. එතුමා ඉන්ධන ලබාගන්න බව ඇත්ත. එතුමා වාහන තුනක් පාවිච්චි කරන බව ඇත්ත. ඒ වලට අපිට උත්තර ලැබෙනවා. ඊටපස්සේ අපි ජූලි මාසේ 9 වෙනි දා නැවතත් පාර්ලිමේන්තුවෙ තොරතුරු දැන ගැනීමේ නිලධාරිතුමාගෙන් අපි කථානායකවරයාගේ මේ කථානායක නිල නිවසේ පැවැත්වෙන භෝජන සංග්‍රහයන් ප්‍රිය සම්භාෂණ, ඒවගේම ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම් ඒවා සම්බන්ධව විස්තරත්, කථානායක නිල නිවසෙට පත්කරන කාර්ය මණ්ඩලයේ විස්තරත් සම්බන්ධයෙන් සියලු විස්තර තොරතුරු දැනගැනීමේ පනන්තින් අපි ඉල්ලනවා. හැබැයි අද වෙනකන් මාසයක් ගිහිල්ලා තියනවා. අද වෙනකම් තොරතුරු දැන ගැනීමේ නිලධාරීයාගෙන් කිසිදු උත්තරයක් ලැබිලා නෑ. අපිට ආරන්චි විදියට අපිට තොරතුරු ලැබිලා තියනවා කථානායකතුමා කිවුවලු ඔය තොරතුරු යවන්න ඕන නැහැ කියලා. කථානායකතුමා. කථානායකතුමා නිවැරදි නම්, ඇයි ඒ තොරතුරු හංගන්නෙ. කථානායකතුමා නිවැරදි නම්, කථානායකතුමාට පුළුවන් ඒ තොරතුරු වහවහා රටට ඉදිරිපත් කරන්න. අපිට ඒකෙන් පේනවා කථානායකතුමා වැරදි බව කථානායකතුමා දන්නවා. කථානායකතුමා වාහන අවභාවිතා කළ කියලා කථානායකතුමා දන්නවා. ඒ නිසා කථානායකතුමා මේ තොරතුරු ලබාදීම සම්බන්ධව මැලිකමක් දක්වනවා සහ නිලධාරියාට ඒක ගැන අවශ්‍ය උපදෙස් ලබා දෙන්නෙ නෑ ඒ නිසා ඒ තොරතුරු ලැබිලා නෑ. ඒ නිසා අද වෙනකොට රටේ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ සභාපතිවරයා තාම පත් කරලා නෑ. මේ ආණ්ඩුව හදන්නේ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ස්වභාවික මරණෙකට යවන්න. ඒ නිසා තමයි ඒ අවශ්‍ය තොරතුරු මේ වෙන කොට ලබා නොදී ඉන්න කටයුතු කරන්නේ.

එහෙම තියෙද්දි මේ චෝදනාව සම්බන්ධව පැලවත්තේ ලොකු අයියට පොඩ්ඩක් තරහ ගිහින් තියනවා අපිට ආරන්චි විදිහට. ටිල්වින් සිල්වා මහත්තයා කථානායකතුමාට පොඩි දෝස්මුරයක් දාලා තියනවා ඇයි ලොරිස් නිවාස සංකීර්ණයෙ තමන්ගෙ පෞද්ගලික ලේකම්වරයා තියාගෙන ඉන්නෙ කියලා.

ඉතින් ඒ හින්දා කථානායකතුමා ඒක වහගන්න අපි දැක්කා පහුගිය අගෝස්තු මාසෙ පළවෙනිදා මේ ගිය සතියෙ කථානායකතුමාගේ රජමල්වත්ත පාරෙ තියන නිලනිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරනවා කියලා. මේ අපි කරපු චොද්දුවා කළාට පස්සෙ ඒකට උත්තර දෙන්නෙ නැතුව පැලවත්තෙන් පොඩි ගෙරවිල්ලක් පැලවත්තෙන් පොඩි සද්දයක් ආපුගමන් රටට කියනවා නෑ නෑ මම දැන් රජමල්වත්තේ තියන නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් කරනවා කියලා. ඔන්න දැන් අපි. කථානායක නිල නිවස ආයතන සංග්‍රහය අනුව උපලේඛනගත නිල නිවසක්. ඒ කියන්නේ ආයතන සංග්‍රහයේ 18 වන පරිච්ඡේදයේ පැහැදිලිව තියනවා කථා නායකවරයා රජයේ නිල නිවාස සම්බන්ධයෙන්. ඒ නිසා මේක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්තයාගේ නිල නිවස නෙවෙයි. මේ ඇවිල්ල කථානායකවරයාගේ නිල නිවස . එහෙම කථානායකවරයාගෙ නිලනිවස ඕන ඕන වැඩ වලට දෙන්න බෑ. එහෙම වුණොත් තව මාස දෙකයිනෙ මේ ආණ්ඩුව තව අවුරුදු දෙකයි වෙසක් පෝය දෙකයිනෙ මේ ආණ්ඩුව තියෙන්නේ. ඊට පස්සෙ එන කථානායකවරයා කොහෙද ජගත් මහත්තයාගෙ ගෙදර ගිහිල්ලා ඉන්නද? ඒ නිසා කථානායකවරයාගේ නිල නිවස එහෙම ඕන ඕන වැඩ සඳහා යොදවන්න බෑ. එහෙම කථා නායකවරයාගේ නිල නිවස වෙනත් කටයුත්තකට යොදවනවා නම්, අනිවාර්යෙන්ම ආයතන සංග්‍රහය වෙනස් කරන්න ඕනෙ එහෙම නැත්නම් කැබිනට් අනුමැතියක් ගන්න ඕනේ. අපි කථානායක ජගත් වික්‍රමරත්න මහත්තයාගෙන් අහනවා මේ නිලනිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගත්තද? අපි දන්න තරමින් නම්. එහෙම අනුමැතියක් ගත්තේ නෑ. ආයතන සංග්‍රහය දැන් වෙනස් කරන්නෑ. එහෙම කරන්න බෑ. ඒනිසා මේ කොලේ හංගලා මේ ගහපු එක කරන්නෙ. මේ රටට තවත් බොරු කියනවා. මේ මහ එක්කෙනාගෙ ඉදලා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගෙ ඉදලා මේ පල්ලෙහාට ගත්තම මේ පාර්ලිමේන්තු මන්ත්‍රී පළාත් පාලන මන්ත්‍රී දක්වාම බොරුම තමයි.

දැන් කථානායකවරයා රටේ තුන්වන පුරවැසියා විදියට, ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විදියට කථානායකවරයා දැන් රටට බොරු කියනවා මේ කිසිම අනුමැතියක් නැතුව. කථානායකවරයාගෙ පාර්ශවයෙන් කියන්නෙ මොකද්ද මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන සභාවෙදී මේ සඳහා අනුමැතිය ගත්තා කියලා. මේ තියෙන්නෙ ඒ පනත. 1953 අංක 9 දරන මේ පනතෙන් තමයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන සභාව පිහිටුවලා තියෙන්නෙ. මේ පනතෙ කොහෙවත් නෑ පාර්ලිමේන්තු කාරක සහා උපදේශන මණ්ඩලයට බලයක් නෑ කථානායකවරයාගේ නිලනිවස සහ නිලවාහන සම්බන්ධ තීන්දු ගන්න. මේ පනතට අනුව පුළුවන් උපරිම කරන්න පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල බඳවා ගැනීම, කාර්ය මණ්ඩලයට උසස්වීම් ලබාදීම, වැටුප් තීරණය කිරීම සහ විනය ක්‍රියාමාර්ග තමයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශන සභාවට කරන්න පුලුවන්. බලය තියෙන්නේ. මේ පනතට බලය තියෙන්නේ ගරු කථානායක තුමනි. කරුණා කරලා ඔය පුටුවෙ ගරුත්වය නැති කරන්න එපා. සදාචාරාත්මක විදියට වැඩ කරන්න. මේ පනත කියවන්න කියලා අපි ගරු කථානායකතුමාට කියනවා. කථානායකවරයා මේ වෙන කොට පැහැදිලිව පිළි අරන් තියනවා එතුමාගේ මේ 8.1 ලිපියෙන් පැහැදිලිව කියලා තියනවා එතුමා මේ ලොරිස් නිවාස සංකීර්ණයේ 8/1 නිවසෙ ඉන්නවා කියලා. අපිට තොරතුරු ලැබිලා තියනවා අගෝස්තු මාසෙ පළවෙනිදා දක්වා එතුමා මේ කථානායක නිල නිවසත් පාවිච්චි කළා. ඒකෙ ව්‍යවස්ථාදායක සභාවෙ රැස්වීම් තිබුණා ඒකෙ අධිකරණ අමාත්‍යංශයේ නිලධාරි හමුවක් තිබුණා. ඒකෙ රාජතාන්ත්‍රික හමු පැවැත්වුණා. ඒ නිසා පහුගිය පළවෙනිදා දක්වාම එතුමා මේ නිවාස දෙකම පාවිච්චි කළා. ඒ නිසා එතුමා දැන දැනම රාජ්‍ය දේපළ අවභාවිතා කරලා තියනවා. ඒ වගේම කථානායකතුමා දැන් කියනවානෙ එතුමා කොයිම වෙලාවකවත් මේ නිලනිවස පාවිච්චි කළේ නෑ කියලා. එතකොට කථානායකතුමා මේ නිලනිවස පාවිච්චි කළේ නැත්නම් ඇයි මේ කථානායකතුමා තමන්ගෙ නිලනිවසට කාර්ය මණ්ඩලය පත් කළේ. එතනින්ම තේරෙනවා කථානායකතුමා මේ නිවස පාවිච්චි කරල තියනවා කියලා.

ඒ විතරක් නෙවෙයි ලැජ්ජා සහගත වෙනවා මේ වෙනකොට තොරතුරු ලැබිලා තියනවා. මේ නිල නිවසෙන් තමයි අර ලොරිස් මහල් නිවාස සංකීර්ණයෙ 8/1 ගෙදරට අවශ්‍ය කොට්ට ටික මෙට්ට ටික ගෑරුප්පු ටික හැඳි ටික මේ ටික ගෙනියන්නෙත් කථානායක නිල නිවසින්. ලැජ්ජයි කථානායක තුමනි. ලැජජයි. අපි රටට ඇත්ත හෙළි කරන්න කියලා කිවුවම, තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපි ඉල්ලුවම ඒකට උත්තර දෙන්නෙ නෑ. අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල කළාම ඒවාට පරීක්ෂණ වෙන්නෙ නෑ. ඒ අස්සෙ ලොරිස් නිවාස සංකීර්ණයට ගෙනියනවා කථානායක නිල නිවසින් බඩු ටික. ලැජ්ජා වෙන්න ඕනෙ. පුනරුද ආණ්ඩුවෙන් මේකද පුනරුද ආණ්ඩුව. මේකටද මිනිස්සු බලය දුන්නෙ. ඒ වගේම දැන් කථානායකතුමා කියනවා කථානායකතුමා මේ කරන වැඩේ. ඒ කියන්නේ ලොරිස් නිවාස සංකීර්ණයේ නිවසක් තබා ගැනීම ඒක තියනවා ආයතන සංග්‍රහයේ බොහොම පැහැදිලිව තියනවා ලොරිස් නිවාස සංකීර්ණයේ එතුමාට ගෙයක් තියාගන්න පුළුවන්. ඒක අපි දන්නවා. හැබැයි ආයතන සංග්‍රහයට අනුව එකවර ගෙවල් දෙකක් තබා ගැනීම. මේ තියෙන්නෙ ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 4 වන වගන්තිය. මේ තියෙන්නේ එකවර ගෙවල් දෙකක් තබා ගැනීම පොදු දේපළ යටතේ අයථා පරිහරණයක්. අල්ලස් පනත යටතේ දූෂණයක්. පොදු දේපළ පනත යටතේ ඇප දෙන්න බැරි වරදක්. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයත් අපරාධ නඩු විධාන සංග්‍රහයත් යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණයක්.

ඒ නිසා ගරු රංග දිසානායක මැතිතුමනි, ගරු විශ්‍රාමික ශානි අබේසේකර මැතිතුමනි කථානායකතුමාව අත්අඩංගුවට ගන්න මේ කියන කාරණය විතරක්ම ප්‍රමාණවත්. ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ IV වන වගන්තිය හරියට කියෙවුවොත් රංග දිසානායක මහත්තයා හෙටම කථානායකතුමාව අත්අඩංගුවට ගන්න ඕනෙ. එකවර අගෝස්තු පළවෙනිදා දක්වා එකවර රජයේ නිවාස දෙකක් භාවිතා කිරීම. පොදු දේපළ පනත යටතේ ඇප දෙන්න බැරි වරදක්.

හැබැයි අපි දන්නවා පහුගිය ආණ්ඩුවට නීතිය ක්‍රියාත්මක වුණාට මේ ආණ්ඩුවට නම් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒක නිකම් බාලගිරි දෝෂෙ වගේ. අද නෙවෙයි හෙට වගේ. හැමදාම එහෙමයි. කන්ටේනර් ගැන දාපු පැමිණිලිත් එහෙමයි. ලුණු ගැන දාපු පැමිණිලිත් එහෙමයි. සතොස ගැන දාපු පැමිණිලිත් එහෙමයි. හැමදාම ඔය වගේ අද නෙවෙයි හෙට අද නෙවෙයි හෙට වගේ තමයි යන්නෙ. ඊට අමතරව දැන් ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ මේ 5.4 . මේ 5.4 පැහැදිලිව කියනවා මේ රජයේ නිවාසයක ජීවත්වන අඹු සැමියන් දෙන්නම රජයේ සේවකයෙක් නම් කොහොමද දෙන්නන්ගෙම වැටුපෙන් රජයේ නිවාසයට අය කර ගන්නෙ කියලා. දැන් කථානායකතුමාගේ පෞද්ගලික මං දන්න විදියට භාර්යාව නම් මේකෙ නැහැ. හැබැයි පෞද්ගලික ලේකම් තුමා ඉන්නවා. අපිට තොරතුරු තියනවා පෞද්ගලික ලේකම්තුමා ඉන්නවා කියලා.

එතකොට ආයතන සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ මේ 5.5 ට අනුව එහෙම තව බාහිර පාර්ශවයක කෙනෙක් ඉන්නවා නම්, එයත් අනිවාර්යෙන්ම මේ රජයට තමන්ගේ වැටුපෙන් ගෙවල් … විය යුතුයි. අපි අහනවා ගරු කථානායක තුමනි තමන්ගේ පෞද්ගලික ලේකම්තුමා නිවාසයේ ඉන්නේ මොන පදනමින්ද? අඹුව කියන. ඒ කියන්නෙ තමන්, එහෙම කියන්න බෑ. අපිට ඒවා වැඩකුත් නෑ. නමුත් මොන පදනමින්ද ඉන්නේ මේ වෙන කොට අපිට තොරතුරු ලැබිලා තියන විදියට පෞද්ගලික ලේකම්තුමාගේ වැටුපෙන් එක රුපියලක්වත් ලොරිස් මහල් නිවාස සංකීර්ණයේ 8/1 ගෙදර සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශයට අය වන්නේ නැත. ඒ කියන්නෙ කථානායකතුමා නම් මේකට ගෙවනවා. ඉතා පැහැදිලිව කථානායකතුමා මාධ්‍යයට ඉදිරිපත් කරන ලිපියෙන් කියනවා ඔහුගේ වැටුපෙන් අය කරගන්නා බව. හැබැයි පෞද්ගලික ලේකම්තුමා ගෙවන්නෙ නෑ. ඒ අනුව අපි බලනකොට කථානායක තුමා මේ කථානායකතුමාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන හා පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත් කරන්න

තීරණය කළේ මේ නැගෙන චෝදනා යටපත් කරන්න ගත්ත නිර්ලජ්ජිත උත්සාහයක්. ලැජ්ජා වෙන්න කථානායකතුමා. ඒ නිසා මේ අනුව අල්ලස් කොමිෂමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඕන වෙලාවක කථානායකතුමා අත්අඩංගුවට ගන්න පුළුවන්. අපි මේ සම්බන්ධයෙන් මේ ආයතන සංග්‍රහය මේ අණපනත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව මේ දෙකටම නැවත වරක් මතක් කරලා දෙන්න මාසෙකට කලින් අපි දාපු පැමිණිල්ල සම්බන්ධව වග විභාග ආරම්භ කරලා කඩිනමින් මේ පරීක්ෂණ අවසන් කරන්න කියලා.

මෙම විමර්ශනයට 2025.08.11 එක්වු එම් අවස්ථාවේදී කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ජී.කේ.ඒ. වමින්ද කුමාර කුලරත්න මහතා ප්‍රකාශයක් ලබා දි තිබේ.එම ප්‍රකාශයෙන් උපුටාගත් කොටස පහත දැක්වේ.

9: වර්තමාන කථානායකවරයා පාර්ලිමේන්තුවේදී ආහාර ලබා ගන්නා ස්ථානය ඔබ දන්නවාද?

ඔව්.

9: ඒ කොතැනද?

c: කථානායකතුමාගේ නිල කාමරයට යාබද කාමරය.

කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ආහාර ලබා ගන්නා ස්ථානය ඔබ දන්නවාද?

c: මා දන්නා තරමින් ඔහුට ආහාර ලබා ගැනීම සඳහා හිමිකම ඇත්තේ පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයේය. නමුත්, ඔහු ගරු කථානායකතුමා සමඟ එතුමා ආහාර ලබා ගන්නා කාමරයේ ආහාර ලබා ගන්නා බව මා දැන ගෙන සිටියා.

ඒ බව ඔබ දන්නේ කෙසේද ?

මට මතකයි මේ අවුරුද්දේ මුල, මට මතක විධියට ජනවාරි හෝ පෙබරවාරි මාසයේ දිනයක මහ ලේකම්තුමිය, සහකාර මහ ලේකම්තුමා, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමඟ කථානායකතුමාගේ සාකච්ඡා කාමරයේ රැස්වීමක් පැවැත්වූවා. මා ද එයට සහභාගී වුවා. එහි දී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ආහාර සඳහා අය කර ගන්නා මුදල සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ගරු කථානායකතුමා විසින් එතුමාට සපයනු ලබන ආහාර සම්බන්ධයෙන් මුදල් අය කිරීම සම්බන්ධයෙන්ද කරුණු විමසුවා. එහිදී අධ්‍යක්ෂ (ආහාර පාන හා ගෘහ පාලන සේවා) විසින් කථානායකතුමා සමඟ එවකට එතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, වර්තමානයේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතාද කථානායකතුමා ආහාර පාන ලබා ගන්නා කාමරයේදී දිවා ආහාරය ලබා ගැනීම හේතුවෙන් ගරු කථානායකතුමාගෙන් අමුත්තෙකු සඳහා අය කරන අමතර මුදලක් අය කිරීමට සිදු විය හැකි බවත් සඳහන් කළා. කෙසේ වෙතත් වමීර ගාල්ලගේ මහතාට විධායක භෝජනාගාරයෙන් ආහාර ලබා ගැනීමේ පහසුකම දැනටමත් ඇති බවත්, ඒ වෙනුවෙන් ඔහුගේ වැටුපෙන් විධායක නිලධාරින්ගේ ආහාර සඳහා අය කර ගන්නා මුදල අය කර ගනු ලබන බවත් සඳහන් කළා. ඒ අනුව චමීර ගාල්ලගේ මහතාද ගරු කථානායකතුමා සමඟ එතුමා දිවා ආහාර ලබා ගන්නා කාමරයේදී දිවා ආහාරය ලබා ගන්නා බව අප දැන ගත්තා.

පාර්ලිමේන්තුවට අදාළ රහස්‍ය තොරතුරු අවසරයකින් තොරව හෙලිදරව් වීම සම්බන්ධයෙන් විමර්ශනය කල සම්පූර්ණ වාර්තාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed