September 21, 2026

මහා කරඬුව ඉස්සු හොරුන්ට එරෙහිව CID යට පැමිණිල්ලක්! බෞද්ධ උරුමය රකිනු! වහාම පැරණි කරඬුවේ තැන්පත් කරනු!

0
Sri Dalada Maligawa_CID

රාජ්‍ය බලය ලබාගැනිම සදහා ශ්‍රී දළදා වහන්සේ සහිත මහා කරඬුව සමග බැදි ඇති රටේ බහුතර සිංහල බෞද්ධයන්ගේ මතය බිඳ දැමිම සදහා වන කුමන්ත්‍රණයක කොටසක් ලෙස කීර්ති ශ්‍රි රාජසිංහ රජතමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාවට පූජාකළ මහ කරඬුව ඉවත්කර ඒ වෙනුවට ව්‍යාපාරිකයකු විසින් ඒ ආකාරයට සැකසු නව කරඬුවක් සවී කිරිම සම්බන්ධයෙන් අද C I Dයට පැමිණිල්ලක් ඉදිරිපත් වුනා.

ජෝතිරවේදී සමාජ ක්‍රියාකාරී අචල දිවාක විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කල අතර ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ප්‍රශ්ණ කර සිටියේ මීට වඩා බර රන් කරඬුවක් ගෙනාවොත් ඒකත් භාර ගන්නවද යනුවෙනි.

රන් කරඬුව පෞරාණික උරුමයක්..රජවරු කරපු දේවල් ව්‍යාපාරික එක්ට වෙනස් කරන්න පුළුවන්ද..ඓතිහාසික වටිනාකම රත්තරන් මිලට වඩා වැඩි.. පුරාවිද්‍යා අන පනත් වලට අනුව මේක වෙනස් කරන්න අවසර තියෙන්නේ කාටද..

වසර හාරසීයක් පැරණි දළදා කරඬුව ලෝක උරුමයක්, එම ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමට සියලු දෙනා බැඳී සිටිනවා. එය වෙනස් කිරීමට ව්‍යාපාරිකයෙකුට අවස්ථාව ලැබුණු බව අනාගතයේදීත් මහාවංශ කතාවල ලියවුනොත් එහි පෞරාණික බව නැති වෙනවා.

බුද්ධාගම විනාශ කිරීමේ වැඩපිළිවෙළක් තියෙනවා.. දන්ත ධාතූන් වහන්සේට කරදරයක් වුණත් කවුද ඒකේ වගකීම බාරගන්නේ..කවද හරි මහාවංශයේ ඉතිහාසයේදී කියයි කියයි. රජතුමාගේ කරඬු අයින් කරලා ව්‍යාපාරිකයෙක්ගේ කරඬුවක් තිබ්බයි කියලා.

මේක බෞද්ධ උරුමයක්!

මේක බෞද්ධයාගේ විතරක් උරුමයක් නෙමෙයි..අපි මේ ගැන පරීක්ෂණයක් ඉල්ලන්නේ..පුරාවිද්‍යාව පනතක් තියෙනවා..අවුරුදු සීයක් ගියාට පස්සේ වහලෙක ඇනයක්වත් ගලවන්න දෙන්නේ නෑ.කාටද මේ ඓතිහාසික උරුමය හෑල්ලුවට ලක් කරන්න ඕන වුණේ..සිවිල් ක්‍රියාකාරී සංජීව ධම්මික

Leave a Reply

Your email address will not be published. Required fields are marked *