September 20, 2026

කොස්තාපල් පුඤ්ඤසෝමගේ දුෂණ මෙන්න! සපත්තු පොලිෂ් ටින් එකෙන් ගසාකයි! ලෝකය තහනම් කල Hytera සමගත් ඩීල්!

0
Hytera

වත්මන් ආණ්ඩුවේ කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග එක්ව දුෂිත ගණුදෙනු කිහිපයකටම අතගසා ඇති බව අනාවරණය වි තිබේ. ඒ අනුව පොලිසියේ සපත්තු පොලිෂ් සහ Body Camera ලබා ගැනිමේ ටෙන්ධර දෙකම චීන සමාගම් වලට ලබාදිම සදහා පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින අතර කොස්තාපල්ව සිටි සමයේ සිට පවත්වාගෙන ආ කොළඹ කොටුවේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සමිපව කටයුතු කරමින් සිටින බව අනාවරණය වි තිබේ.

වත්මන් පොලිස්පතිවරයා කොස්තාපල්ව සිටි සමයේ පොලීසියේ සැපයුම් අංශය බාරව ප්‍රියන්ත වීරසූරිය ය එම මුස්ලිම් ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් පවත්වාගෙන ගොස් තිබෙන බවයි පොලිස් ආරංචි මාර්ග සදහන් කලේ.ඒ අනුව සපත්තු පොලීෂ් සදහා තාක්ෂණික කමිටුව විසින් නිර්දේශ කර තිබූ Assent Kivi සමාගම ඉවත් කර, ඒ වෙනුවට චීන සන්නාමයක් වූ Ace සමාගම වෙත ටෙන්ඩරය ලබාදීමට හැකිවන පරිදි තාක්ෂණික කමිටු වාර්තාව සකසා කිරිමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ඊට විරුද්ධත්වය පලකල ඉහල පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට එරෙහිව අසත්‍ය චෝදනා කරමින් විනය ක්‍රියාමාර්ග ගැනිමටද කටයුතු කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොලිසියේ දෛනික රාජකාරී සදහා නවීන තාක්ෂණය භාවිතා කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොලිස් නිලධාරීන්ගේ නිළ ඇදුමේ කොටසක් ලෙස පැළඳ යා හැකි යම් සිදුවීමක් සජීවීව රූගත කරමින් විකාශය කල හැකි Body Camera ලබා ගැනිම ක්‍රියාත්මක ටෙන්ඩර ක්‍රියාවලියටද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අතගසා ඇති අතර එ අනුව එම ටෙන්ඩරය චීනයේ Hytera සමාගමට ලබාදිමට අවශ්‍ය මෙහෙයුමක් දියත් කර තිබේ.

බොඩි කෑම් (Body Cameras / Body-Worn Cameras) යනු පුද්ගලයෙකුගේ ඇඳුමේ, හිස්වැස්මේ හෝ කබායේ පහසුවෙන් සවිකර ගත හැකි, ශ්‍රව්‍ය (Audio) සහ දෘශ්‍ය (Video) දර්ශන තත්කාලීනව (Real-time) පටිගත කළ හැකි කුඩා ප්‍රමාණයේ කැමරා විශේෂයක් වන අතර මෙම උපාංග ලබාගැනිමේ ක්‍රියාවලිය මිට පෙරද මහත් ආන්දෝලනයකට තුඩු දුන් ක්‍රියාවලියක්.

ටෙන්ධර ක්‍රියාවලියට මැදිහත් වෙමින් චීනයේ Hytera සමාගමේ නිශ්පාදනය කරන බොඩි කෑම් ලබා ගැනිම සදහා පොලිස්පතිවරයා කටයුතු කරමින් සිටින අතර Hytera සමාගමේ දේශිය නියෝජිතයා ලෙස කටයුතු කරනු ලබන්නේ Securatec Lanka නැමති සමාගම වේ. Securatec Lanka සමාගමද අදාළ කුප්‍රකට මුස්ලිම් ව්‍යාපාරිකයාගේ සම්බන්ධයක් ඇති සමාගමකි.

Body Camera, ශ්‍රී ලංකා පොලිසිය සමග සම්බන්ධ කරනු ලබන්නේ Mobitel සමාගම හරහා වන අතර ඒ සදහා නිරික්ෂණ කැමරා කට්ටල භාවිතය ආරම්භ කෙරුණේ මිට පෙර සිටි හිටපු පොලිස්පති දේශබන්දු යටතේය. කෙසේවෙතත් Hytera සමාගමේ නිශ්පාදනය කරන බොඩි කෑම් වල ගුණාත්මක භාවය සහ එහි සන්නිවේදන හැකියාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණ පැන නැගිම හේතුවෙන් එම උපාංග ලබා ගැනිම නතර කර දැමුවා.

ලෝකය තහනම් කල Hytera

2021 මාර්තු මාසයේදී, ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) විසින් Hytera හි වීඩියෝ නිරීක්ෂණ සහ විදුලි සංදේශ සේවා මෙන්ම උපකරණ ද “එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාවට පිළිගත නොහැකි මට්ටමේ අවදානමක්” ඇති කරන බව ප්‍රකාශයට පත් කරන ලදී.

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ‘2021 ආරක්ෂිත උපකරණ පනත’ (Secure Equipment Act of 2021) නීතියක් ලෙස සම්මත කිරීමෙන් අනතුරුව, 2022 නොවැම්බර් මාසයේදී ජාතික ආරක්ෂක හේතූන් මත Hytera විසින් නිෂ්පාදනය කරන ලද උපකරණ අලෙවි කිරීම හෝ ආනයනය කිරීම FCC විසින් තහනම් කරන ලදී.

පසුව 2025 මාර්තු මාසයේදී, පනවා ඇති සීමාවන් උල්ලංඝනය කරමින් එක්සත් ජනපදය තුළ සිදු කරන ලද මෙහෙයුම් සම්බන්ධයෙන් Hytera සහ වෙනත් චීන සමාගම් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීමට FCC පියවර ගත්තේය.

හොරු අල්ලන්න ආව කම්බහොරු

ලෝව පුරා ආරක්ෂක අංශ බොඩි කැමරා ලබා ගැනිමට සමාන්යෙන් භාවිතා කරනුයේ Boblov, Transcend (DrivePro), Motorola (VB400) සහ Insta360 GO වැනි සන්නාම තිබියදි Hytera සමග සහ එහි Securatec Lanka සමාගම සමග කොස්තාපල් පුඤ්ඤසෝම ගනුදෙනු කරන්නට දත කන්නේ ඇයිද යන්න වටහා ගැනිම අපහසු නැත.ඒ සදහා පුඤ්ඤසෝමගේ බිරිඳගේ සිට පුතා දක්වා ලබාගන්නා වරප්‍රසාද,චීන,සිංගප්පූරු සංචාර එපමණක් නොව ඔහුන් භාවිතා කරන සුඛෝපභෝගි මොටර් රථ සාක්ෂී දරණු ඇත.තව සති දෙකකින් පොලිස්පතිවරයා සිදුකිරිමට නියමිත සිය පෞද්ගලික සංචාරය සදහා සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දක්වා ඇත්තේද මෙම සමාගම බව දැන් අනාවරණය වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed