JVP සන්නද්ධ නායක මෙරිල් තනතුරින් පහ කරයි! වරද අනුරගේ අතිශය පෞද්ගලික කරුණකට මැදිහත් විම!
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ ආරක්ෂාව භාරව සිටි එම පක්ෂයේ සන්නද්ධ අංශයේ නායකයා වන මෙරිල් තිබ්බොටුවාව එම තනතුරින් පහ කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.JVP ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් මෙම ඉවත් කිරිම සිදුකර ඇති අතර එය ඔහු සහ පක්ෂ නායක අනුර දිසානකගේ තනි මතයට එම තීරණය ගෙන ඇති බවද මේ වනවිට අනාවරණය වි තිබේ.
සමානයෙන් පක්ෂයේ මේ වැනි තනතුරු ඉවත්කිරිමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව කැදවිමට අවශ්‍ය වන අතර එහි බහුතර හෝ ඒකමතික තින්දුවකින් පමණක් “සන්නද්ධ අංශයේ නායකයා” ඉවත් කිරිමට හැකියාව ඇති බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා. නමුත් පසුගිය දින කිහිපයේ සිදුවු යම් අතිශය පෞද්ගලික කරුණක් මෙම හදිසි ඉවත් කිරිමට හේතුව වි තිබේ.
ජනාධිපතිවරයාට PSD හරහා ලැබෙන ආරක්ෂාව දෙවන ආරක්ෂක වළල්ල ලෙස ක්‍රියාත්මක වන අතර පළමු ආරක්ෂක වළල්ල සම්පුර්ණයෙන්ම ආවරණය කරනු ලබන්නේ JVP “සන්නද්ධ අංශය” විසිනී. මීට අමතරව පක්ෂයේ ප්‍රධාන ලේකම්,මධ්‍යම කාරක සභාවේ නිළයන් සහ පක්ෂයේ අතිශය සීමිත කාඩරයේ කිහිප දෙනෙකු සදහා “සන්නද්ධ අංශය” ආරක්ෂාව සපයනු ලබනවා.
අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ පසුගිය අනුරාධපුර සහ පොළොන්නරුව සංචාර අතරතුර පක්ෂයේ නායක සහෝදරයා හෙවත් වත්මන් ජනාධිපති අනුර දිසානායකගේ අතිශය පෞද්ගලික කාරණාවකට සන්නද්ධ අංශයේ මරණ සහතිකයක් හිමි ප්‍රබලම සාමාජිකයෙකු වන XD නමින් හදුන්වන තැනැත්තා මැදිහත් වි ඇති බවයි.
සාමාන්‍යයෙන් පක්ෂ නායකයාගේ විධානය නොමැතිව සන්නද්ධ සමාජිකයන්ට ආරක්ෂක ක්‍රියාවලියට මැදිහත් විමට නොහැකි අතර එම අවස්ථාවේ සන්නද්ධ අංශයේ නායකයා වන මෙරිල් තිබ්බොටුවාවගේ සaජු නියෝග මත XD එම අවස්ථාවට මැදිහත් විමක් කර තිබේන බව අනාවරණය වි තිබේ. ඒ අනුව මෙරිල් වහාම සන්නද්ධ අංශයේ නායකත්වයෙන් ඉවත් කීරිමට අනුර ටිල්වින්ට නියෝග කර ඇති බව දැනට අනාවරණය වි තිබේ.කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ අතිශය පෞද්ගලික කාරණය මේ දක්වා අනාවරණය වි නෑ.
පොළොන්නරුවේ රැළියට පෙර දිනයේ රාත්‍රීයේ මෙම කලබැගෑනිය සිදුව ඇති අතර ඒම හේතුව නිසාම ජනාධිපති අනුර දිසානායක බලවත් ලෙස කැළඹීමකට ලක්ව සිටි බවද වාර්තා වේ.
කෙසේවෙතත් අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ ආසන්නතම සිදුවිම පොළොන්නරුවේදි සිදුවුවද මෑතක සිට පක්ෂයේ “සන්නද්ධ අංශය” සම්බන්ධයෙන් පක්ෂ නායක අනුරට යම් සැකයක් හෝ අපහසුතාවක් තිබු බවයි. ඊට හොදම උදාහරණයක් වන්නේ ජනාධිපතිවරයා ගේ ජනතා රැලි සදහා අතිරේක ආරක්ෂක බල ඇණියක් සපයන ලෙස පැලවත්ත පක්ෂ කාර්යාලය යුධ හමුදාපතිගෙන් පෞද්ගලික ඉල්ලිමක් කර තිබිම බවද ඔහු පෙන්වා දෙනවා.
