ආර්ථිකය ලෙල්ලහුටන්!වර්ධන වේගය සියයට 4.2ට බසී! ආණ්ඩුවේම වාර්තාව මෙන්න!
මේ වසරේ (2026) දෙවන කාර්තුවේ දී ආර්ථිකය වර්ධන වේගය සියයට 4.2 ක් දක්වා පහත වැටී තිබේන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කල වාර්තා වේ දැක්වේ.සමස්ථ වාර්තාව හරහා අනාවරණය වි ඇත්තේ 2026 දී ආර්ථිකය තවදුරටත් බිඳවැටීමේ අවස්ථාවේ සිටින බවයි.
2026 දෙවන කාර්තුව සඳහා ජාතික නිෂ්පාදිත ඇස්තමේන්තු නිකුත් කරමින් අද (15) ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ගිය වසරේ (2025) දෙවන කාර්තුවේ දී ආර්ථිකයය සියයට 5 කින් වර්ධනය විය. එසේම මේ වසරේ ( 2026) පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1 ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණි.නමුත් එය මේ වනවිට 4.2 ක් දක්වා පහත වැටී තිබේ.
මේ අතර 2026 දෙවන කාර්තුවේ දී කෘෂිකාර්මික කටයුතු සියයට 2.3 ක පසුබෑමක් වාර්තා කර ඇති අතර කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 7.3 ක් සහ සියයට 2.7 ක් වශයෙන් ධන වර්ධනයන් වාර්තා කර ඇත. වාර්තා වේ දත්ත අනුව අනුව 2020–2026 අතර ශ්‍රී ලංකා ආර්ථිකය බිඳවැටීමේ දිගු කාලීන චක්‍රයක සිරවී ඇත.
