September 21, 2026

පුඤ්ඤසෝමට එරෙහිව අල්ලස් එකට පැමිණිල්ලක්! අල්ලස් කුක්කා දැන් මොකද කරන්නේ! ඊලඟට විශ්වාසභංගයක්!

0
IGP_TR

කොස්තාපල් පුඤ්ඤසෝම ලෙස විරුදාවලී ලබා සිටින වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සමග එක්ව පොලිසියට ගෙන්විමට යන ලිතියම් බැටරි සහිත ස්කූටර් වර්ගයේ මොටර්සයිකල් හරහා අල්ලස් ගැනිමේ මෙහෙයුමක් දියත් කර ඇති බව පසුගියදා අනාවරණය වුනා.

එම අනාවරණය සම්බන්ධයෙන් පුරවැසියා සංවිධානය කැඳවුම්කරු රවින්ද්‍ර නිස්සංක අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

මොනවාද පොලිස්පතිවරයා කරන්නේ හිතුවත් ව්‍යාපාරිකයෙකුට ලබාදීලා දීලා මේක කල් දදා ඉන්නවා..පොලිස්පතිවරයාගේ හිතවතෙක්ට තමයි මේ බයිසිකල් ලබා දීලා තියෙන්නේ ගෙන්නවන්න..

මොකක්ද මේ කොස්තාපල් පුඤ්ඤසෝම ගහන ගේම!

පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් දක්වා තීරු බදු රහිතව යතුරුපැදි මිළදී ගැනිමට අවශ්‍ය ඉල්ලුම් පත් පොලිස් මූලස්ථානය වෙත ලබාගෙන තිබුණද මෙතෙක් එම වැඩපිළීවෙල ක්‍රියාත්මක වීමක් හෝ ඒ ගැන තොරතුරු ලබාදීමක් සිදුනොකරන බව පොලිස් නිලධාරිහු පසුගියදා චෝදනා කර සිටියා.

පොලිස්පති ප්‍රිය්න්ත වීරසූරිය විසින් පසුගිය මැයි මාසයේ 11 වැනිදා චක්‍රලේඛයක් මගින් ඛාණ්ඩ තුනක් යටතේ ඉලෙක්ට්‍රික් යතුරුපැදි මිළදී ගත හැකි ආකාරය සම්බන්ධයෙන් නිලධාරින් දැනුවත් කර තිබුණි.මෙම යතුරුපැදි සදහා සමාගම විසින් ඉදිරිපත් කරන මිළ, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු නිලධාරින් විසින් ගෙවිය යුතු බවද තීරුබදු සහ වෙනත් බදු පොලිස් ත්‍යාග අරමුදලින් ගෙවන බවද එහි සදහන් කර ඇත.එසේම නිලධාරින්ට යතුරුපැදි ලබාගැනීමට හෝ කොටසක් අත්පිට මුදලින් ගෙවා ඉතිරිය පොලිස් ඉතිරිකිරිමේ සංගමයේ විශේෂ ණය සහනයක් යටතේ ගෙවීමටද හැකි බව එහි සදහන් කර තිබුණි.

මේ අනුව ස්කූටර් වර්ගයේ ලිතියම් බැටරි සහිත වොට් 1800 සිට 3000 දක්වා යතුරුපැදියක් රුපියල් පන්ලක්ෂ පනස් දහසත් රුපියල් ලක්ෂ අටත් අතර මුදලකටත්, ස්කූටර් වර්ගයේ ලිතියම් බැටරි සහිත වොට් 3000 ත් 4000 ත් දක්වා යතුරුපැදි රුපියල් හත්ලක්ෂ පනස් දහසේ සිට රුපියල් ලක්ෂ නවය දක්වාත්, ලිතියම් බැටරි සහිත වොට් 3000 කට වැඩි මෝටර් බයික් රුපියල් අටලක්ෂ පනස් දහසකට වඩා වැඩි මිළකටත් ලබාගැනීමට හැකි බවද එහි දක්වා ඇත.

කෙසේ වෙතත් මෙම යතුරුපැදි සදහා නිලධාරින්ගේ ඉල්ලුම්පත් පසුගිය මැයි 20 වැනිදාට පෙර වීපිඑන් මගින් පොලිස් මූලස්ථානය වෙත යොමුකර තිබුණද අද වනතෙක්ම ඒ සම්බන්දයෙන් ඉදිරි සැලසුමක් සකස් කර නොමැත.

පොලිස් ආරංචිමාර්ග සදහන් කරන අන්දමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් යෝජනා කර ඇති ඉලෙක්ට්‍රික් යතුරුපැදි ආනයන සමාගමක් මෙම ප්‍රමාදයට හේතු වී ඇත. මෙම සමාගම මගින්ම යතුරුපැදි ගෙන්විය යුතු බවට පොලිස්පතිවරයා බලපෑම් කර තිබෙන නමුත් ඒ සදහා අවසන් තීරණයක් ගෙන නොමැති වීම ප්‍රමාදයට හේතුවී ඇත.

පොලිස් නිලධාරින් චෝදනා කරන්නේ මෙම යතුරුපැදි සමාගම පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටියෙදී හදුනාගත් පුද්ගලයකුට අයත් අනුරාධපුරයේ පිහිටි සමාගමක් බවද එම සමාගම හා පොලිස්පතිවරයා අතර අතයට ගනුදෙනුවක් සිදුව ඇති බවට සැකකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *