September 19, 2026

විජිතගේ මෝඩ කතා වැඩක් නෑ! සංචාරයේ අරමුණ ආරක්ෂක ගිවිසුම බලාත්මක කිරිමයි!

0
Rajnath Singh

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං Rajnath Singh, Minister of Defence of India ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන්නේ සුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම (MoU) ඉක්මනින් හා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිම සම්බන්ධයෙන් Time Line කාලරාමුවක් සකස් කිරිම වෙනුවෙන් බව ඉන්දීයාව අද යලිත් තහවුරු කල බව අප ජාත්‍යන්තර තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

2025 අප්‍රේල් 5 වන දින අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ කොළඹ සංචාරයේදී අත්සන් කරන ලද ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුමේ පූර්ණ හා කාලෝචිත ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද දෙපාර්ශ්වය සමාලෝචනය කිරීමට මෙන්ම් එය සක්‍රියව ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කාලරාමුවක් සකස් කිරිමට මෙන්ම ඒ සදහා දෙපාර්ශවයම එකඟතා ගිවිසුමකට අත්සන් තැබිමට නියමිතව තිබේ.

අප මේ සම්බන්ධයෙන් අගෝස්තු 23 වෙනිදාද ඉන්දීය අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරමින් කල වාර්තාව මෙතනින් කියවන්න

ආරක්ෂක ගිවිසුම වහාම බලාත්මක කරනු! අනතුර අරන් රාජ්නාත් සිං එයි!

සිං මහතා ද්විපාර්ශ්වික, කලාපීය සහ ආරක්ෂක ආශ්‍රිත කරුණු ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉහළම නායකත්වය සමඟ සාකච්ඡා පවත්වනු ඇති අතර, කොළඹදී ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් සමඟ ද අදහස් හුවමාරු කර ගැනිමටද නියමිතයි.

වසර 38 කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රි ලංකාවේ සංචාරය කරන අතර ශ්‍රී ලංකාවට පැමිණි අවසන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා වූයේ 1988 දී රජිව් ගාන්ධිගේ කැබිනට් මණ්ඩලයේ සේවය කරමින් සිටියදී මෙරටට ගිය කේ.සී. පාන්ට් ය.

සංචාරය අතරතුර, ආරක්ෂක අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවීමට නියමිතය

ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ගවලට අනුව, සිං මහතාගේ සංචාරය වර්ධනය වන ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්වයට නැවුම් ජවයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගුවන් ආරක්ෂක පද්ධතිවල ඇති විය හැකි සහයෝගීතාව සහ දෙරට අතර පවතින ආරක්ෂක කටයුතු සමාලෝචනය කිරීම ඇතුළුව ආරක්ෂක සහයෝගීතාව සාකච්ඡා කිරීමට ඉඩ ඇත.

මේ අතර ඉන්දීය ආරක්ෂ අමාත්‍ය අමාත්‍ය රාජ්නාත් සිං මහතා දිවයිනට පැමිණෙමින් සිටින අතරතුර මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් විජිත හේරත් සදහන් කළේ වැදගත් කමෙන් තොර ගිවිසුම් 3ක් අත්සන් කරන බවත් ඒ අතර ශිෂ්‍යභට කණ්ඩායම් සහ ඉන්දියනු ශිෂ්‍යභට කණ්ඩායම් අතර ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම, ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ඉන්දියාවේ ආරක්ෂක විධ්‍යාපීඨය අතර අවබෝධා ගිවිසුම සහ ඉන්දියානු රජය විසින් පසුගිය කාලයේ මෙරටට ලබා දුන් ගුවන් ආරක්ෂක අවි නොමිලයේම නඩත්තු කර දීම සඳහා වූ ගිවිසුම් අන්තර්ගතව ඇති බවයි.

වසර 38 කට පසු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රි ලංකාවේ සංචාරය කිරිම සරළ වැඩක් බවයි විජිත එහිදි ජනතාවට බොලය බස්වමින් කියා සිටියේ.ඊට අමතරව ගිවිසුම් තුනක් පමණක් හුවමාරු වන බවද ඔහු පුල පුලා මාධ්‍ය හමුවේ සදහන් කළා.

“එතුමා ලංකාවට එන්නේ ප්‍රධාන වශයෙන් ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සබඳතාවයන් තවත් ශක්තිමත් කරන්න. ආරක්ෂක කටයුතුවලට පමණක්ම නෙමෙයි. ඇත්තටම එන්නේ දෙරට අතර සම්බන්ධතාවය තවත් ශක්තිමත් කරන්න. අද එතුමා ලංකාවට ඇවිල්ලා සවස ඉන්දියානු ප්‍රජාව මුණ ගැසීමට නියමිතයි. ඒත් එක්කම හෙට උදේ ජනාධිපතිතුමාත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡාවක් තියෙනවා. ඉන් අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් එක්ක සුහද කතා බහක් තියෙනවා. හවස අග්‍රාමාත්‍යතුමියව මුණ ගැසෙනවා. හෙට හවස ගංගාරාම විහාරස්ථානයේ බෝධි පූජාවකට එතුමා සම්බන්ධ වෙනවා. අනිද්දා උදේ නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලට යනවා. මේක තමයි සරළම වැඩසටහන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed