කුඩු නම් කන්ටේනර්! කන්ටේනර් නම් මාලිමා!
කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472කට ආසන්න ප්‍රමාණයක් පසුගිය 31 වනදා අත් අඩංගුවට ගැනීමත් සමග එම මෙහෙයුම් වහාම නතරකරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. ඒ අනුව ජාත්‍යන්තර ඔත්තුකරුවන් හරහා ලැබුන තොරතුරකට අනුව අද විවෘත කිරිමට තිබු කන්ටේනර්යක් සම්බන්ධයෙන් පියවර නොගැනිමට කටයුතු කර ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.
කොළඹ වරායේ කන්ටේනර් දෙකක් තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472කට ආසන්න ප්‍රමාණයක් පසුගිය 31 වනදා අත් අඩංගුවට ගත් අතර මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරට ගොඩබිම සිදුකළ වැටළීමකදී හමුවූ විශාලතම අයිස් මත්ද්‍රව්‍ය තොගය බවත් මේවායේ වටිනාකම රුපියල් කෝටි 800කට අධික බවත් අනාවරණය වුනා.
ඒ සමගම කලබලයට පත්ව ඇත්තේ වත්මන් ආණ්ඩුව මෙහෙයවන පැලවත්ත වන අතර ඊට ආසන්නතම් හේතු දෙකක් ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.ඉන් පලමු වැන්න වන්නේ මෙම් මෙහෙයුම මගින් කන්ටේනර හරහා රට ඇතුලට මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ එන බව් තහවුරු විමත් ඒ අනුව වත්මන් පාලනය යටතේ කන්ටේනර් 322ක් රහසේම පිටකිරිම සම්බන්ධයෙන් රටේ ජනතාව සැක පහල කිරිමය.දෙවන්න වන්නේ අත් අඩංගුවට ගත් කන්ටේනරය ගෙන්විම සම්බන්ධයෙන් චෝදනා එන්න වන ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයා සහ පැලවත්ත අතර ඇති සම්බන්ධය අනාවරණය වේ යැයි ඇති භීය බවයි මේ වනවිට අනාවරණය වි ඇත්තේ.
මේ වනවිට කන්ටේනර් දෙක ගෙන්විම සම්බන්ධයෙන් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු, පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු ද පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් පැලවත්තේ ප්‍රධානියෙකු විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට බැණවැදි ඇති අතර තවදුරටත් මේ අකාරයේ මෙහෙයුම් දියත් කිරිම වහාම වලක්වන ලෙසට නියෝග කර තිබේ.
මිද්දේණීයේ අයිස් අමුද්‍යවය වලට මොකද උනේ?
ගෙන රැඳවුම් නියෝග මත සිටින කෙහෙල් බද්දර පද්මෙට අයිති නුවරඑළියේ අයිස් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන වෙනුවෙන් රැගෙන ආ බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තොගයක් මෙදනය ප්‍රදේශයේ වල දමා ඇති ඉඩමකදී පොලිසිය විසින් පසුගිය වසරේදි සොයාගත් නමුත් මේ දක්වා එම විමර්ෂණ සම්බන්ධයෙන් ආණ්ඩුව තොරතුරු අනාවරණය කර නෑ. අදාළ කන්ටේනර් දෙකකද වත්මන් අමාත්‍ය බිමල් රත්නායක වරාය අමාත්‍යවරයාව සිටියදි නිදහස් කල කන්ටේනර් 323ට අයත් බවට තොරතුරු අනාවරණය වි තිබුනා.
බරපතළම ප්‍රශ්නය වනුයේ අදාළ කන්ටේනර් දෙක සම්බන්ධයෙන් මේ තොරතුරු ලැබුණේ කවදාද ? පරීක්ෂණ කළේ කවුද ? කොයි කාල වකවානුව තුළද ඒ පරීක්ෂණ පැවැත්වුවේ ? කුමන කණ්ඩායම්ද ඒ පරීක්ෂණවල නිරත වුණේ ? ඒ පරීක්ෂණවලින් පසුව මේ කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකට කුමක් විද? එවා නිදහස් කලෙ නම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වුනේ කවුද ? මොන ආයතනද ? රටේ ජනතාවට සත්‍යය හෙළිදරව් කිරීම රජයේ වගකීමක් නොවේද?
රන්මල් කොඩිතුවක්කුට එරෙහිවත් විමර්ෂණ
මේ අතර මෙම වැටළීම සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසනව.SIU/222/2026 අංකය යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ මෙම වැටලීම කල ජේෂඨ නියෝජ්‍ය පොළිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඉලක්ක කරගෙන.ඒ අනුව වැටළීම් සිදුකළ රන්මල් කොඩිතුවක්කු ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත්තෙ.
