ආරක්ෂක ගිවිසුම වහාම බලාත්මක කරනු! අනතුර අරන් රාජ්නාත් සිං එයි!
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විමට නියමිත Rajnath Singh, Minister of Defence of India (ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා) හරහා ශ්‍රි ලංකා රජයට බරපතල බලපෑම් රැසක් සිදුකිරීමට නියමිත බව අප පසුගියදා අනාවරණය කළා. ඒ අතර පළාත් සභා මැතිවරණය,22 වන ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම අනුර කුමාර දිසානායක ජනාධිපති විමෙන් පසුව මේ දක්වා අත්සන් කල ගිවිසුම් වහාම ක්‍රියාත්මක කිරිම වැනි කරුණු ඇතුලත් බවද අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කර සිටියා.
ඒ අනුව මේම සංචාරයේදි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී දෙරට අතර අත්සන් තබන ලද ආරක්ෂක සහයෝගිතා අවබෝධතා ගිවිසුම (MoU) ඉක්මනින් හා පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට පියවර ගැනිම සම්බන්ධයෙන් Time Line කාලරාමුවක් සකස්කර ඒ සදහා දෙපාර්ශවයේම අත්සන් තැබිමට නියමිතව තිබේ.
අප මේ සම්බන්ධයෙන් පසුගිය 19 වැනිදා පලමු අනාවරණය කල අතර එය මෙතනින් කියවිමට හැක – “ෆාදර් සුරසේන” සංශෝධනයට ඉන්දියාව හරස්වෙයි!
2025 අප්‍රේල් මාසයේදී ඉන්දියානු ප්‍රධාන අමාත්‍ය නරේන්ද්‍ර මෝදි කොළඹට කළ රාජ්‍ය සංචාරය අතරතුර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව “සංයුක්ත ආරක්ෂක අභිලාෂයන්” සහ “පාරස්පර විශ්වාසය” මත පදනම් වූ නව ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් (MoU) අත්සන් කළහ.
මේ යටතේ ඉන්දියාව සහ ලංකාව අතර Defence agreement ගිවිසුම් 7 අත්සන් කල අතර අදාළ ගිවිසුම් අත්සන් කිරිමට පෙර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවට ආණ්ඩුව දැනුම් දුන්න්ද ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයක් වන NPP නියෝජනයන් මේ ගිවිසුම් සම්බන්ධයෙන් දැනුවත් නැති බව ඔහුන්ව පිලිගෙන තිබේ.මිට අමතරව මේ දක්වා ගිවිසුම් කිසිවක් පාර්ලිමේන්තුවට හෝ රටේ ජනතාවට අනාවරණය කර නෑ.
MoU වසර 5ක් ක්‍රියාත්මක වන අතර, පාර්ශවයක් අවුරුදු 3 මාසයක දැනුම්දීමකින් එය අවසන් කළ හැක.
කෙසේවෙතත් මේ ගිවිසුමේ දහවෙනි වගන්තියට අනුව ගිවිසුම සම්බන්ධ ආරවුලක් ඇති වුනොත් ජාත්‍යන්තර අධිකරණයට හෝ වෙනත් අධිකරණයකට හෝ සමථ සභාවකට යැමට නොහැකි වන අතර කිසිදු අවස්ථාවක අතරමැදියෙකු ලෙස කිසිම තුන්වන පාර්ශවයක් සම්බන්ධ කර ගැනිමට නොහැකි බවට ගිවිසගෙන තිබේ.

තත්ත්වය මෙසේ තිබියදි ශ්‍රි ලංකා රජය,වත්මන් ජනාධිපතිවරයා ඇමරිකාව සමග අත්සන් කල SPP නැමැති අළුත් ආරක්ෂක ගිවිසුම ඉන්දීය ගිවිසුමේ ඇතැම් කොටස් ක්‍රීයාත්ම කිරිම කෙරෙහි සaජු බලපෑම් එල්ල කර තිබේ. ඒ නිසාම ඉන්දීය ගිවිසුම අත්සන් කිරිමේ වසර 2කට ආසන්න වෙමින් තිබුනද එය ක්‍රමවත්ව දියත් විමක් සිදුව නැ.
2025 අගභාගයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද මොන්ටානා ජාතික ආරක්ෂක බළකාය සමඟ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (SPP) යටතේ අවබෝධතා ගිවිසුමක් (MOU) හරහා ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව නව හමුදා හවුල්කාරිත්වයක් ඇති කර ගත්හ. මෙම ගිවිසුම ඒකාබද්ධ පුහුණුව, සමුද්‍රීය ආරක්ෂාව සහ ආපදා ප්‍රතිචාර දැක්වීම කෙරෙහි අවධානය යොමු කරන අතර, ආරක්ෂක සහයෝගීතාවයේ පුළුල් කිරීමක් සනිටුහන් කරමින් 2026 සඳහා මූලික ක්‍රියාකාරකම් සකසා ඇත.
ඉන්දීය ගිවිසුමට ඇතුළත් කර ඇත්තේ මොනවාද
MoU සම්පූර්ණයෙන්ම මහජනතාවට නිකුත් කර නොතිබුණද, එය වසර 5ක් ක්‍රියාත්මක වන ආරක්ෂක සහයෝගිතාව සංවිධානය කිරීම සහ ආයුබධ කිරීම සඳහා වූ සම්පූර්ණ රාමුවක් ලෙස එය විස්තර කර තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු ඉන්දීය මධ්‍යම රජයේ තොරතුරු උපුට දක්වමින් අනාවරණය කර සිටි.එම ගිවිසුම හරහා දැනට පවතින ආරක්ෂක සහයෝගිතා වැඩසටහන් වැඩි වශයෙන් ව්‍යුහගත කර තිබේ. ඒ අනුව
උසස් මට්ටමේ හමුදා හුවමාරු
සංයුක්ත හමුදා අභ්‍යාස
හැකියාව වර්ධනය කිරීම
මානවීය සහාය සහ විපත් කළමනාකරණ (HADR) කටයුතු
නාවික නෞකා තිරසාර සංචාර
ආරක්ෂක කර්මාන්ත සහයෝගිතාව පිළිබඳ පර්යේෂණාත්මක සාකච්ඡා
ආරක්ෂක කටයුතු අතර, දෙරට අතර නාවික හුවමාරු සහ හමුදා සම්බන්ධතා වැඩි කිරීමද ඇතුළත් වේ. මෙය ප්‍රාදේශීය මුහුදු මාර්ග ආරක්ෂාව සහ මුහුදු ආරක්ෂාව තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස ඉදිරිපත් කරයි. ආරක්ෂාවට අමතරව මෙම ආරක්ෂක ගිවිසුම ඖෂධ නියාමන,ජෛවමිතික දත්ත, විදුලිබල සම්ප්‍රේෂණ පද්ධති, යන අංශ කෙරෙහිද ඇමුනුම් සහිතව සකස්ක් කර තිබේ.
“ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා භූමිභාගය හෝ එය වටා ඇති මුහුද ඉන්දියාවට අහිතකර ලෙස භාවිතා කිරීමට කිසිවිටෙක ඉඩ නොදෙන බවයි.”- ඉන්දියානු විදේශ ලේකම් වික්‍රම් මිස්රි
ඉන්දියාව මෙම ආරක්ෂක ගිවිසුම “Neighbourhood First” සහ “Vision MAHASAGAR” යන ප්‍රතිපත්ති මත පදනම් වූවක් ලෙස ඉදිරිපත් කර තිබුනද මේ ගිවිසුම් සියල්ලම චීනයේ ඉන්දියානු සාගර බලපෑමට ප්‍රතිචාරයක් ලෙස සකස් කරන ලද එවා බව නොරහසකි.
ඉන්දියානු ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් දැඩි විරෝධි මතයක සිටි වත්මන් පාලක පක්ෂය හෙවත් JVP-NPP නව ගිවිසුම 1987 ඉන්දු –ශ්‍රී ලංකා ගිවිසුමෙන් වසර 40කට පසු අත්සන් කල අතර
එය ඉන්දියානු සාමය පවත්වාගැනීමේ හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට යැවීමට හේතු වූ අතර ශ්‍රි ලංකාව පුරාම වත්මන් පාලක පක්ෂය එද කැරලි ගැසිමට හේතුවක් කරගත් අතර IPKF මත පවතින මතකයන් අදත් තමිල් ජනතාව අතර දැඩි සංවේදීතාවයක් ඇති කරයි. (Indian Peace Keeping Force -IPKF)
“ඉන්දියාව සහ ලංකාව අතර අත්සන් කරපු ආරක්ෂක ගිවිසුම” සම්බන්ධයෙන් ඇති බරපතල තත්ත්වයන් කිහිපයක් අප ඔබට ලියා තබමු.
ගිවිසුමේ හත්වෙනි වගන්තියට අනුව ක්ලැසිෆයිඩ්, එහෙම නැතිනම් වර්ගීකරණය කරන ලද තොරතුරු යනුවෙන් සටහනක් ඇත නමුත් එය නිර්වචනය කර නැ.ඒ අනුව වර්ගීකරණය කරන ලද තොරතුරක් ලෙස නම් කරනු ලබන ඕනෑම එකක් ඒ යටතට ගත හැකි වනු ඇත. ඒ කියන්නේ ඉන්දියාවට පුළුවන් ඕනෑම දෙයක් තමන්ගේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත්, රහසිගත තොරතුරක් ලෙස නම් කරන්න.
මේ ගිවිසුමේ ‘මටීරියල්’ Material කියලා වචනයක් හදුන්වා දුන්නද එය නිර්වචනය කර නෑ. ඒ අනුව යුද අවි, ප්‍රහාරක යානා වගේ භෞතික දේවල් පවා සම්ප්‍රේෂණය කරන්න, ගබඩා කරන්න සහ ඒ ගැන තොරතුරු රහසිගතව රකින්න මේ වගන්තිය හරහා අපි බැඳෙනවා. ඒ සම්ප්‍රේෂණය සහ ගබඩා කිරීම සම්බන්ධ කිසිදු තුන්වෙනි පාර්ශවයකට තොරතුරු දෙන්න බෑ. ගිවිසුමේ 7.3 වගන්තියේ තියෙනවා ගිවිසුම අවසන් වුණාට පස්සේවත් ඒවා හෙළිදරව් කරන්න බෑ කියලා.
මේ ගිවිසුමට අනුව, විශේෂයෙන් මේකේ 3.2.2 වගන්තියට අනුව හමුදා වෛද්‍ය පහසුකම් සපයන්න යුද්ධයකදී තුවාල වන අයට ප්‍රතිකාර කරන්න එකඟ වෙලා තියනවා. ඒ කියන්නේ මේකත් ඇක්සා වගේ සේවා සැපයීමේ ගිවිසුමක කොටස්ද එක් කර සකස් කරන ලද එකක්.
~පණ්ඩුක හේරත්~
ඉන්දියානු රජය සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම!
