November 18, 2026

“ෆාදර් සුරසේන” සංශෝධනයට ඉන්දියාව හරස්වෙයි!

0
Rajnath-Singh_Minister-of-Defence-of-India

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වි ඇති  22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉවත් කර ගැනිමට ආණ්ඩුව කටයුතු කලයුතු බවත් එසේ නොවුනහොත් එය අනාගතයේදි බරපතල අර්බුදයක් නිර්මාණය කරනු ඇති බව ඉන්දිය මධ්‍යම රජයේ මතය වි ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දීය රජයට ඉදිරිපත් කර ඇති වාර්තා සැලකිල්ල්ට ගනිමින් ඉන්දීය මධ්‍යම දේශපාලන කාර්‍යාංශය මෙම සංශෝධනය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ පැවැත්මට බලවත් තර්ජනයක් ඇති කරන බවත්, එමඟින් තනි පක්ෂ ඒකාධිකාරයක් නිර්මාණයවීමේ අවදානම පවතින බවත් ඉන්දීය මධ්‍යම රජයට පෙන්වා දි තිබේන බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.

සැප්තැම්බර් 2 සිට සැප්තැම්බර් 3

ඒ අනුව සැප්තැම්බර් මුල් සතියේ එනම් සැප්තැම්බර් 2 සිට සැප්තැම්බර් 3 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විමට නියමිත Rajnath Singh, Minister of Defence of India (ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා) හරහා 22 වන සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දීය නිළ මතය දැනුම් දෙනු ඇතැයි ඉන්දීය අභ්‍යන්තර ආරංචී මාර්ග තොරතුරු උපුටා දක්වමින් අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.

රාජ්නාත් සිං 2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිතව තිබුණද, පසුව සංචාරය අවලංගු කල අතර ඉන්දීය මධ්‍යම රජයේ තොරතුරු වලට අනුව මෙම සංචාරය සැප්තැම්බර් පළමු සතිය තුළ සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වි ඇත්තේ ඒකාබද්ධ මෙහෙයුම්, පුහුණු වැඩසටහන් සහ කලාපීය ආරක්ෂක ගැටළු සහ නව ඇමරිකානු ආරක්ෂක ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කිරිම බවද එම වාර්තා පෙන්වා දෙනවා.

මිට අමතරව ආරක්ෂක අමාත්‍යවරයා ද ත්‍රිකුණාමලයට පැමිණීමට නියමිත අතර, එහිදී ඉන්දියාව තෙල් ටැංකි ගොවිපලේ ඒකාබද්ධ සංවර්ධනය සඳහා ඒකාබද්ධව ආයෝජනය කීරිමේ ගිවිසුමකට අත්සන් කිරිමට නියමිතයි.

පර්යේෂණ නෞකාවක සංචාරයකට අවසර දෙන ලෙස චීනයෙන් කරන ලද නව ඉල්ලීමක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සලකා බලමින් සිටින අවස්ථාවක මෙම දෙදින සංචාරය සිදුවිමද කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් විපරමින් සිටින ඔත්තු සේවාවල අවධානයට ලක්ව තිබේ.

මේ අතර ඉන්දීය මධ්‍යම රජය රාජ්නාත් සිංගේ සංචාරය සම්බන්ධයෙන් සිය දැඩි ස්ථාවරය දක්වමින් සදහන් කර සිටියෙ “ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ආරක්ෂක සබඳතාවල සමස්ත පරාසයම රැස්වීම් අතරතුර සමාලෝචනය කෙරේ,” යනුවෙනි.

රනිල්-දෝවාල් හමුව!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉන්දියානු අග්‍රාමාත්‍ය මෝඩිගේ ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් Ajit Doval අතර ජූලි 01 වැනිදා නව දිල්ලියේ සිදු වූ රහසිගත හමුවීමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වු අතර අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළෙ වර්තමාන දේශපාලන අර්බුදය,ආර්ථික ප්රතිසංස්කරණ, ඉන්දියානු ආරක්ෂාව කළාපීය වශයෙන් අවදානමකට ලක්විම සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ සාකච්ඡාවක් දෙදෙනා අතර  සිදුවී ඇති බවයි.

අජිත් දෝවාල්, ඉන්දියාවේ ඉහළම ආරක්ෂක හා කලාපීය භූ දේශපාලනය සම්බන්ධයෙන් තීරණ ගන්නා  ඉන්දීය මධ්යම රජයේ ප්‍රබලයෙකි.

ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියෝගයක්!

මේ අතර 22 ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානිවන බව සඳහන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අවභාවිතා වන බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම වස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද එම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ජනමත විචාරණයකට යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රමුඛ පෙත්සම් 9ක් මේ දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වි තිබේ.

ඒ පනත් කෙටුම්පතකට එරෙහිව මෙතෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකළ වැඩිම පෙත්සම් සංඛ්‍යාව මේ බව ශ්‍රේෂ්ඨාධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *