යුද හමුදා උසස්වීම් ක්‍රියාවලිය ගැන අභ්‍යන්තර නොසතුටක්?කර්නල්වරුන් දෙදෙනකු බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීමට සූදානමක්!
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හමුදා අභ්‍යන්තරයේ නොසතුටක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වෙමින් තිබේ. අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කලේ මෙම චෝදනාවල කේන්ද්‍රය වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ කර්නල් නිලධාරීන් බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීමේදී මෙතෙක් අනුගමනය කළ තේරීම් ක්‍රමවේදය හා ජ්‍යෙෂ්ඨත්වය නොසලකා තෝරාගත් නිලධාරීන් කිහිපදෙනකුට ප්‍රමුඛතාව ලබාදීමට සූදානමක් පවතින බවට වාර්තාවන බවයි.
අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ මෙතෙක් කාලයක් යුධ හමුදාවේ සම්පරාදායන්ට හා රෙගුලාසි වලට අනුව ලබාදුන් ජේෂ්ඨ නිලධාරී උසස් කිරීමේ ක්‍රියා පටිපාටිය බිඳ දමමින් තාම හිතවතුන් උසස් කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි.22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සුරසේන- born-again කල්ලියට බලය දි අධිකරණය සියතට ගත් අනුර දිසානායක දැන් රටේ ජාතික ආරක්ෂාවට වගකියන යුධ හමුදාව සිය හමුදා කල්ලියකට නතු කිරිමේ කුමන්ත්‍රණය දියත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකා අභියාචනාධිකරණයේ පෙර නඩු තීන්දුවක දැක්වෙන Army Routine Order No. 32/2013 අනුව, Lieutenant Colonel, Colonel සහ Brigadier නිලයන් සඳහා නිලධාරීන් තෝරාගැනීම සහ උසස් කිරීම පිළිබඳ යුද හමුදාපතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම Army Selection Board No. 2 හි කාර්යයක් ලෙස සඳහන් වේ.
අධිකරණ වාර්තා අනුව කර්නල්වරයකු බ්‍රිගේඩියර් නිලයට උසස් කිරීම සම්බන්ධ තීරණවලදී නිලධාරියාගේ සේවා වාර්තාව, අදාළ නිර්දේශ සහ Selection Board සලකා බැලීම වැදගත් වී තිබේ. එම උසස්වීම් සම්බන්ධයෙන් අතීතයේදී අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති අතර, එමඟින් සාධාරණ හා නියමිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමේ වැදගත්කම පැහැදිලි වේ.
R.M. බාලසූරිය සහ සමන් මුණසිංහ
මෙම චෝදනා අතර සඳහන් වන එක් නිළධාරියෙකු වන්නේ කර්නල් R.M. බාලසූරිය වන අතර ඔහු සම්බන්ධයෙන් එක් කරුණක් නිල මූලාශ්‍රවලින් තහවුරු කළ හැකිය. ශ්‍රී ලංකා යුද හමුදාව 2025 ජුනි මාසයේදී නිකුත් කළ නිවේදනයකට අනුව ඔහු අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාරගෙන තිබේ. 2026 පෙබරවාරි මාසයේ යුද හමුදාව පළ කළ තවත් නිල වාර්තාවක ඔහු Director, Internal Audit ලෙස හඳුන්වා දි තිබේ.
අනෙක් අතට, චෝදනාව එල්ල වන කර්නල් සමන් මුණසිංහය ඔහු යුද හමුදා මූලස්ථානයේ Directorate of Budget and Financial Management හි Staff Officer 1 ලෙස පත්කර සිටි අයෙකි.
ජ්‍යෙෂ්ඨත්වය පසුකර උසස්වීම් ද?
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් වන ප්‍රධාන චෝදනාව වන්නේ, අදාළ නිලධාරීන්ට බ්‍රිගේඩියර් උසස්වීම් ලබාදුනහොත් ඔවුන්ට වඩා ජ්‍යෙෂ්ඨ කර්නල්වරුන් පිරිසක් අභිබවා යා හැකි බවයි.
එහෙත් මෙහිදී වැදගත් කරුණ වන්නේ ජ්‍යෙෂ්ඨත්වය පමණක් උසස්වීමක් සඳහා ස්වයංක්‍රීය අයිතියක් ඇතිකරන බව උපකල්පනය කළ නොහැකි වීමයි. පෙර අධිකරණ වාර්තාවලින් පෙනී යන්නේ සුදුසුකම් ලැබූ නිලධාරීන් Selection Board මගින් සලකා බැලීම හා ඔවුන්ගේ සේවා වාර්තා සහ අනෙකුත් නිර්දේශ ද ක්‍රියාවලියේ කොටසක් වන බවයි.
එබැවින් සැබෑ ප්‍රශ්නය වන්නේ නිශ්චිත නිලධාරියකු ජ්‍යෙෂ්ඨයන් පසුකර ගියේද යන්න පමණක් නොව, සියලු සුදුසුකම් ලැබූ නිලධාරීන්ට එකම නිර්ණායක යටතේ සාධාරණ අවස්ථාවක් ලබාදුන්නේද, Selection Board එක නියමිත පටිපාටිය අනුව ක්‍රියා කළේද සහ තෝරාගැනීම සඳහා භාවිත කළ නිර්ණායක එකසේ යොදාගත්තේද යන්නයි.
මූල්‍ය ගනුදෙනු පිළිබඳවත් චෝදනා!
අදාළ උසස්වීම් ලබාදීමේ අරමුණ හමුදා මූල්‍ය ගනුදෙනු සඳහා අනුග්‍රහය ලබාගැනීම හෝ අභ්‍යන්තර විගණන පරීක්ෂණවලින් වැළකී සිටීම බවට ද චෝදනා ඉදිරිපත් වී තිබේ.මෙය බරපතළ චෝදනාවකි.
විශේෂයෙන් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂ මණ්ඩලය යුද හමුදාවේ මූල්‍ය පාලනය හා වගවීම සම්බන්ධ සංවේදී කාර්යභාරයක් ඉටුකරන ආයතනයකි. 2026 ජනවාරි මාසයේ එම අධ්‍යක්ෂ මණ්ඩලය පැවැත්වූ පුහුණු වැඩසටහනකදී නව විගණන නීති, 2024 ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ අවදානම් මත පදනම් වූ විගණනය පිළිබඳ අවධානය යොමුකර තිබූ බව යුද හමුදාවම සඳහන් කරයි.
මෙම තත්ත්වය පැහැදිලි කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය හෝ ආරක්ෂක අමාත්‍යාංශය විසින් කරුණු කිහිපයක් නිල වශයෙන් පැහැදිලි කිරීම වැදගත් වේ.
කර්නල් සිට බ්‍රිගේඩියර් දක්වා මීළඟ උසස්වීම් සඳහා සලකා බලන නිලධාරීන් කවුරුන්ද? ඒ සඳහා භාවිත කරන නිර්ණායක මොනවාද? අදාළ Selection Board හි සංයුතිය වෙනස් කර තිබේද? එසේ නම් එය සිදුකළේ කුමන නීතිමය හෝ හමුදා නියෝගයක් යටතේද? ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නිලධාරීන් පසුකර වෙනත් නිලධාරීන් තෝරාගන්නේ නම් එයට අදාළ වෘත්තීය පදනම කුමක්ද?
මෙවැනි ප්‍රශ්නවලට නිල පිළිතුරු ලබාදීම වැදගත් වන්නේ යුද හමුදාවේ උසස්වීම් සම්බන්ධයෙන් පමණක් නොවේ. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පරිපාලනය යටතේ ආරක්ෂක අංශ වෘත්තීයමය හා දේශපාලන බලපෑම්වලින් තොර ආයතන ලෙස පවත්වාගෙන යන බවට ඉදිරිපත් වන ප්‍රකාශවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන්ද එය වැදගත් වේ.
