ගිනිපෙට්ටි දෙකෙන් බෝම්බය සහ අනුරගේ “මරභිය”! රුසියාවෙන් විශේෂ සටන් පුහුණුව ගත් 75 දෙනා කාගේ ආරක්ෂාවටද?
රුසියානු සන්නද්ධ හමුදා සමඟ ඉතා ඉහළ මට්ටමේ ත්‍රස්ත මර්දන සහ විශේෂ සටන් පුහුණුවක් ලබාගත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් 75 දෙනෙකු යළි දිවයිනට පැමිණීමත් සමඟ, ඔවුන්ට ලබාදුන් පුහුණුවේ ස්වභාවය පිළිබඳ අවධානය යොමුව තිබේන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළා.ශ්‍රි ලංකාවට අමතරව වෙනත් කිසිදු රටක් මෙම පුහුණුව සදහා සහභාගී නොවීමද දැඩි අවධානය යොමු විමට විශේෂ හේතුවක්.රුසියානු පුහුණුව අවසන් කළ කණ්ඩායම සැප්තැම්බර් 28 වැනිදා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 55 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම රුසියාවේ පැවැති Wolverine Path II – 2026 ඒකාබද්ධ යුද අභ්‍යාසයට සහභාගී වී තිබේ.මෙය සාමාන්‍ය හමුදා පුහුණුවකට වඩා විශේෂ මෙහෙයුම්වලදී වැදගත් වන සටන් ක්‍රම රැසක් ආවරණය කර තිබීම විශේෂත්වයකි.
හෙලිකොප්ටර් මෙහෙයුම්, ස්නයිපර් වෙඩි, සමීප සටන්, සැඟවී ප්‍රහාර සහ ඩ්‍රෝන පුහුණුවත් ලබාදීලා
හෙලිකොප්ටර්වලින් කඹ ආධාරයෙන් වේගයෙන් බැසීම, සමීප සටන් (CQB), ස්නයිපර් වෙඩි තැබීම, සැඟවී සිට ප්‍රහාර එල්ල කිරීම, ඩ්‍රෝන මෙහෙයුම්, විශේෂ බගී රථ භාවිතය සහ සටන් බිමේ වෛද්‍ය සහාය යන ක්ෂේත්‍රවල ඔවුන් පුහුණුව ලබා ඇති බව අනාවරණය වි තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, ප්‍රහාරක සහ ආරක්ෂක මෙහෙයුම්, tactical shooting, counter-insurgency operations සහ unmanned aerial systems භාවිතයද පුහුණුවට ඇතුළත් වී තිබේ. රුසියානු AK-12 ප්‍රහාරක රයිෆල් භාවිතය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක්ද ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන්ට ලබාදී ඇත.
තවත් වැදගත් කරුණක් වන්නේ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම අභ්‍යාසය පිළිබඳ නිකුත් කළ නිවේදනයේ ශ්‍රී ලංකාවේ විශේෂ මෙහෙයුම් බලකා සාමාජිකයන් (special operations forces) රුසියානු හමුදාව සමඟ සිය සටන් ක්‍රම සහ අත්දැකීම් හුවමාරු කරගත් බව සඳහන් වීමයි. කඳුකර සහ වනාන්තර ප්‍රදේශවල කුඩා කණ්ඩායම් ලෙස සටන් කිරීමේ ශ්‍රී ලංකා ක්‍රමවේදද එහිදී හුවමාරු කරගෙන තිබේ.
ජනාධිපති ආරක්ෂාවටද?
.jpg)
කණ්ඩායම රුසියාවේදි ගත් ඡායාරූපය
මෙවැනි පුහුණුවක් ලබාගත් කණ්ඩායමක් ඉදිරියේදී කුමන මෙහෙයුම් සඳහා යොදාගනු ඇත්ද යන්න පිළිබඳව නිල නිවේදනවල සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මේ දක්වා ශ්‍රි ලංකා යුධ හමුදාව නිකුත් කර නෑ.
විශේෂයෙන් මෙම 75 දෙනා ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා යොදවන බවට හෝ Presidential Security Division එකකට අනුයුක්ත කරන බවට යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශය හෝ මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කළ නිල තොරතුරුවල සඳහනක් නොමැති නමුත් “විශේෂිත පුද්ගල ආරක්ෂාව” යන කාණ්ඩයේ මෙම යුද හමුදා සාමාජිකයන් 75දෙනා තොරාගෙන තිබේන බවය අප අරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.
කෙසේවෙතත් හෙලිකොප්ටර් මෙහෙයුම්, සමීප සටන්, ස්නයිපර් වෙඩි, සැඟවී ප්‍රහාර, ඩ්‍රෝන මෙහෙයුම් සහ tactical medicine වැනි පුහුණු අංග හේතුවෙන් මෙම විශේෂ පුහුණුව ලබාගත් කණ්ඩායම ඉදිරියේදී කුමන වගකීම් සඳහා යොදවන්නේද? යන්න ඉතාම පැහැදිලිය.
අනුර ඉන්නේ බයෙන්!
ජනාධිපතිවරයා ජනහමු අතරතුර නිතර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට අවදානමක් විය හැකි බව බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි පුවත් වාර්තා පළවී තිබු අතර දැඩි මහජන අප්‍රසාදය හමුවේ ජනාධිපතිවරයා ඉලක්ක කර සාමාන්‍ය ජනතාව පහරදිය හැකි බවට රාජ්‍ය බුද්ධී අංශය මැතක ඉදිරිපත් කල සෑම වාර්තාවකම “ඉතා වැදගත්”-ජනපති ආරක්ෂාව -PSD යටතේ සදහන් කර තිබු බවයි අප ආරක්ෂ තොරතුරු වාර්තාකරු අනාවරණය කළේ.
2026 සැප්තැම්බර් 6 දා බේරුවල පැවැති ජනාධිපතිවරයා සහභාගී වූ ජනරැලියකදී ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පියවර ගෙන තිබූ බව වාර්තා වුණා. ඒ අනුව ජනාධිපතිවරයා වේදිකාවේ සිටින කාලයේ බේරුවල ධීවර වරායට බෝට්ටු ඇතුළු කිරීම තාවකාලිකව නතර කිරීමට පොලිසියට කටයුතු කළා.
අගෝස්තු මාසයේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පැවැති සාකච්ඡාවක් පිළිබඳ වාර්තාවක, පාස්කු ප්‍රහාර පරීක්ෂණ හා බුද්ධි අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තමන්ගේ ආරක්ෂාවට පවා අවදානමක් තිබිය හැකි බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළබවද අපට අමතක නැත.
“ගිනිපෙට්ටි දෙකෙන් බෝම්බයක්” — ජනපතිගේ විහිළුව පිටුපස මතුවන ආරක්ෂාව පිළිබඳ සංවාදය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ප්‍රදේශයේ ජන රැළියක් අමතමින් තමන්ට එල්ල වූ බව කියන තර්ජනයක් පිළිබඳ සිනහවෙන් කතා කළ අවස්ථාව, ජනාධිපතිවරයාගේ පෞද්ගලික ආරක්ෂාව සහ ඔහුට එල්ල වන තර්ජන පිළිබඳ තවත් සංවාදයකට ඉඩ විවර කරයි.
“ගිනිපෙට්ටි දෙකක් අරන් මට බෝම්බයක් ගහනවා කිව්ව අනුරාධපුරේ මාමා කෙනෙක්” පිළිබඳ සඳහන් කළ ජනාධිපතිවරයා, එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවත්, ඔවුන්ට සැබවින්ම එවැනි බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ නොහැකි බව කවුරුත් දන්නා බවත් හාස්‍යයෙන් ප්‍රකාශ කර තිබේ.
බැලූ බැල්මට මෙය උපහාසාත්මක තර්ජනයකට දුන් සැහැල්ලු පිළිතුරකි. එහෙත් රටේ රාජ්‍ය නායකයා ප්‍රසිද්ධ දේශපාලන වේදිකාවකදී තමන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ බව කියන ප්‍රකාශයක් විශේෂයෙන් මතුකර කතා කිරීම, ඔහුගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය දේශපාලන සංවාදයේ කොටසක් බවට පත්ව ඇති ආකාරය පෙන්නුම් කරයි.
ජනාධිපතිවරයා එය සිනහවෙන් බැහැර කිරීමට උත්සාහ කළද, එම ප්‍රකාශයෙන් ඔහු සැබවින්ම බියට පත්ව සිටින බව නිගමනය කිරීමට සාක්ෂි නොමැත. එහෙත් “මට බෝම්බයක් ගහනවා කිව්වා” යන කරුණ ජනතාව ඉදිරියේම නැවත සිහිපත් කිරීමට ඔහු තෝරාගැනීම, ජනාධිපති ආරක්ෂාව සහ තර්ජන පිළිබඳ පවතින අවධානය නැවත ඉස්මතු කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
