September 30, 2026

ඉහළම පෙළේ ඇමෙරිකානු යුද හමුදා නිලධාරියා කොළඹට! ගල්ෆ් යුද්ධය ඉන්දියානු සාගරයටම! ආරක්ෂාව ගැන ඉහළ පෙළේ සාකච්ඡා!

0
Lieutenant General Joel “JB” Vowell

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර වර්ධනය වෙමින් පවතින ආරක්ෂක සහ හමුදා සහයෝගීතාව තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් යුද හමුදාවේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් Lieutenant General Vowell’s ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වෙන නිල කටයුතු සඳහා ඔහු කොළඹට පැමිණ ඇති අතර, ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ඉහළම නිල මට්ටමේ ඇමෙරිකානු යුද හමුදා නිලධාරියා වන්නේද ඔහුය.

මෙම සංචාරය දෙරට අතර වර්ධනය වන යුද හමුදා-යුද හමුදා සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් බව ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

නැගෙනහිර-බටහිර ජාත්‍යන්තර නාවික මාර්ග ඔස්සේ පිහිටි ශ්‍රී ලංකාව සමඟ “හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම” මෙම ගමනේ අරමුණ බව ඉතාම පැහැදිලිය.

ඒකාබද්ධ හමුදා අභ්‍යාස ගැනත් සාකච්ඡා!

සංචාරය අතරතුර ලුතිනන් ජෙනරාල් වොවෙල් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. දෙරටේ හමුදා අතර අන්තර්ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය එහිදී ප්‍රධාන අවධානයට ලක්වනු ඇත.

විශේෂයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඒකාබද්ධ හමුදා අභ්‍යාස, හමුදා ධාරිතා සංවර්ධන වැඩසටහන් මෙන්ම මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර (HADR) සම්බන්ධ සහයෝගීතාවද සාකච්ඡාවට ගැනීමට නියමිත බව සඳහන් වේ.

“ඉන්දියානු සාගරයේ ආරක්ෂාව ශක්තිමත් කරනවා”

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් පවසන්නේ වොවෙල්ගේ මෙම සංචාරය දෙරට අතර ආරක්ෂක හවුල්කාරිත්වය ශක්තිමත් වෙමින් පවතින බවට පැහැදිලි සලකුණක් බවයි.

එක්ව පුහුණුවීම, හමුදා අතර අන්තර්ක්‍රියාකාරී හැකියාව වැඩිදියුණු කිරීම සහ අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම හරහා දෙරටේ ජනතාව ආරක්ෂා කිරීමට මෙන්ම ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීමටද වඩා හොඳ සූදානමක් ඇති කළ හැකි බව ඔහු පෙන්වා දී තිබේ.

“ලුතිනන් ජෙනරාල් වොවෙල්ගේ මෙම ඓතිහාසික සංචාරය ශ්‍රී ලංකාව සමඟ අපගේ ආරක්ෂක හවුල්කාරිත්වය වර්ධනය වෙමින් පවතින ආකාරයත්, ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගැනීම සඳහා දෙපාර්ශ්වයේම පවතින කැපවීමත් පිළිබිඹු කරනවා,” යැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති එරික් මේයර් (Eric Meyer) පැවසීය.

“එක්ව පුහුණුවීම් සිදු කිරීම, අන්තර්ක්‍රියාකාරී හැකියාවන් ශක්තිමත් කිරීම සහ අර්බුදකාරී අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිදියුණු කිරීම මඟින් අපගේ ජනතාව ආරක්ෂා කිරීමටත්, ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප වඩා හොඳින් සූදානම් වෙනවා,” යැයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්දු-පැසිෆික් ආරක්ෂාවත් අවධානයේ!

ලුතිනන් ජෙනරාල් වොවෙල් ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ හමුදා නායකයන් ඇමතීමටද නියමිත අතර, කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේදී වෘත්තීයමය හමුදා බලකායන් ඉටුකරන කාර්යභාරය පිළිබඳව එහිදී අදහස් දැක්වීමට නියමිතය.

පසුගිය මැයි මාසයේ පැවැති Land Forces Talks සාකච්ඡාවලින් ඇති වූ ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යන මෙම සංචාරය, ඉන්දු-පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ කැපවීමද පෙන්නුම් කරන බව ඇමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

Lieutenant General Vowell’s කවුද?

ලුතිනන් ජෙනරාල් ජොයෙල් “JB” වොවෙල් 1991 වසරේ ඇලබාමා විශ්වවිද්‍යාලයෙන් පාබල හමුදා නිලධාරියෙකු ලෙස සිය අධිකාරිය ලබා ගත්තේය.

ඔහුගේ හමුදා සේවා කාලය තුළ යුරෝපය, පැසිෆික් කලාපය, මැද පෙරදිග සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථාන රැසක සේවය කර තිබේ.

ඔහු ඇෆ්ගනිස්ථානයේ සටන් මෙහෙයුම් සංචාර තුනකට සහ ඉරාකයේ සටන් මෙහෙයුම් සංචාර දෙකකට සහභාගී වී ඇති අතර, ඒවාට ප්‍රධාන “surge” හමුදා මෙහෙයුම් දෙකද ඇතුළත් වේ.

ඔහු 101 වැනි ගුවන් ප්‍රහාරක සේනාංකයට (101st Airborne Division) අයත් 2 වැනි බලඇණිය, 327 වැනි පාබල රෙජිමේන්තුව (“No Slack”) සහ 3 වැනි බ්‍රිගේඩ් සටන් කණ්ඩායම (“Rakkasans”) සඳහා අණදීම සිදුකර තිබේ.

ලුතිනන් ජෙනරාල් වොවෙල් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ War College Fellow ලෙස කටයුතු කර ඇති අතර, පසුව Brookings Institution හි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියාගේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ. ඉන් අනතුරුව ඔහු ඇමෙරිකානු යුද හමුදා ලේකම්වරයාගේ විධායක නිලධාරියා ලෙසද සේවය කර ඇත.

ඔහු 25 වැනි පාබල සේනාංකයේ මෙහෙයුම් භාර නියෝජ්‍ය අණදෙන ජෙනරාල්වරයා ලෙසද, ඇමෙරිකානු ඉන්දු-පැසිෆික් විධානයේ (USINDOPACOM) උපායමාර්ගික සැලසුම් සහ ප්‍රතිපත්ති අංශයේ නියෝජ්‍ය J5 ලෙසද කටයුතු කර තිබේ.

එමෙන්ම ඔහු U.S. Army Japan/I Corps (FWD) හි අණදෙන ජෙනරාල්වරයා ලෙසද සේවය කර ඇත.

ඔහුගේ මීට පෙර පැවති ප්‍රධානතම තනතුර වූයේ ඉරාකය සහ සිරියාව ආශ්‍රිතව ක්‍රියාත්මක වූ Combined Joint Task Force – Operation Inherent Resolve (CJTF-OIR) හි අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීමයි.

මේ වන විට ලුතිනන් ජෙනරාල් ජොයෙල් “JB” වොවෙල් හවායිහි Fort Shafter හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද පැසිෆික් යුද හමුදා විධානයේ නියෝජ්‍ය අණදෙන ජෙනරාල්වරයා ලෙස සේවය කරයි.

ගල්ෆ් ගැටුම ඉන්දියානු සාගරයට! පුංචි මිනිස්සුන්ගේ ආතල් ඉවරයක් නෑ! ඉන්ධන අර්බුදය අත ලගම! – Anura Go Home

Leave a Reply

Your email address will not be published. Required fields are marked *