September 30, 2026

22A විරෝධයේ ඉදිරිපෙළ සිටි මෛත්‍රී ගුණරත්නට එරෙහිව කුමන්ත්‍රණයක්! ෆාදර් සුරසේනගේ පාන් බට්ටො කුමන්ත්‍රණයක!

0
Maithri Gunaratne_my

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නීතිමය සහ සිවිල් ක්‍රියාමාර්ගවල ප්‍රමුඛව කටයුතු කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සම්බන්ධයෙන් මේ වනවිට නව ආන්දෝලනයක් මතුවෙමින් තිබේ.

ගුණරත්න මහතා අධිකරණයට අපහාස වන ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව වෘත්තීය විෂමාචාර සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානය යොමුකරවන ලිපියක් මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෛත්‍රී ගුණරතන අධිකරණයට අපහස කර ඇති බවත් ඒ අනුව වෘත්තීය විෂමාචාර යටතේ කටයුතු කරන ලෙසටත් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති ලිපියේ සදහන් කර තිබේන බව මේ වනවිට අනාවරණය වි තිබේ.

සිද්ධියට මුල්වූයේ අධිකරණයේ ඇප ඉල්ලීමක්?

වාර්තා වන ආකාරයට මෙම සිද්ධියට පසුබිම් වී ඇත්තේ මෛත්‍රී ගුණරත්න මහතා පසුගියදා අධිකරණයේ පෙනී සිටි නඩුවකදී සිය සේවාදායකයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් සහ ඒ අවස්ථාවේ අධිකරණය තුළ ඇතිවූ වචන හුවමාරුවකි.

එම සිදුවීම අධිකරණයට අපහාස කිරීමක් හෝ නීතිඥවරයෙකුට නොගැළපෙන වෘත්තීය හැසිරීමක් ලෙස සැලකිය හැකි බවට චෝදනාව ඉදිරිපත් වී ඇති බව පැවසේ.

එහෙත් මෙහි අනෙක් පාර්ශ්වයෙන් මතුවන ප්‍රශ්නය වන්නේ නීතිඥවරයෙකු සිය සේවාදායකයා වෙනුවෙන් දැඩි ලෙස කරුණු ඉදිරිපත් කිරීමේදී විනිසුරුවරයා සහ නීතිඥවරයා අතර ඇතිවන වෘත්තීයමය විවාදයක්, වෘත්තීය විෂමාචාරයක් දක්වා ගෙන යාමට ප්‍රමාණවත්ද යන්නයි.

22A සටනේ මෛත්‍රීගේ භූමිකාව

මෙම සිද්ධිය වඩාත් දේශපාලන සංවේදී තත්ත්වයකට පත්වන්නේ මෛත්‍රී ගුණරත්න මහතා මෑතකදී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි ක්‍රියාමාර්ගවල ඉදිරිපෙළේ සිටීම හේතුවෙනි.

22A පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේදීම එය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළ පාර්ශ්ව අතර මෛත්‍රී ගුණරත්න මහතාද සිටියේය. එම සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන බවට විරුද්ධ පාර්ශ්ව දැඩි තර්ක ඉදිරිපත් කළේය.

එමෙන්ම 22A සම්බන්ධ පෙත්සම් සියලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස කළ ඉල්ලීමට සහාය දක්වමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරුන් අතරද මෛත්‍රී ගුණරත්න සිටියේය.

නීතිඥ ප්‍රජාව, විපක්ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධ කරමින් 22Aට එරෙහි පුළුල් පෙරමුණක් ගොඩනැගීමේ ක්‍රියාදාමයටද ඔහු සම්බන්ධ වී සිටි බව ප්‍රසිද්ධ වාර්තා පෙන්වා දෙයි.

“පළිගැනීමක්ද?” – තහවුරු කළ යුතු බරපතළ චෝදනාවක්

මේ පසුබිම මත ගුණරත්න මහතාට එරෙහි නව පියවර 22Aට එරෙහිව ක්‍රියා කළ නීතිඥයන් ඉලක්ක කරගත් පළිගැනීමක ආරම්භයක් බව ඉතාම පැහැදිලිය.වත්මන් අගවිනිසුරුවරයා ලෙස පෙනී සිටින Born again කල්ලියේ දෙවන පෙල නායකයා වන ෆාදර් සුරසේන තමන්ගේ වසර දෙකක ධුර කාලය වැඩිකර ගැනිමට එරෙහි වු සමස්ථ නීතිඥ ප්‍රජාවගෙන්ම පලී ගන්නා බව අවස්ථා කිහිපයකම ඔහු සදහන් කර තිබුනා.එහි පලමු පියවර ලෙස 22කට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටි මෛත්‍රී ගුණරතනගෙන් පලී ගැනිම ආරම්භ කර තිබේ.

ඒ නිසා මෛත්‍රී ගුණරත්න මහතා සම්බන්ධයෙන් මතුව ඇති මෙම නව සිද්ධිය හුදෙක් එක් නීතිඥවරයෙකුගේ වෘත්තීය විනය පිළිබඳ ගැටලුවකට සීමා නොවේ. එය 22A වටා ඇති වූ පුළුල් අධිකරණ,දේශපාලන ගැටුමේ තවත් අදියරක් බවට පත්වන බවට පෙරනිමිති දැන් පහල වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *