September 27, 2026

තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට NPP සම්බන්ධ නෑ! රාමලිංගම් චන්ද්‍රසේකර් ශ්‍රි ලංකා පොලිසිය පාවාදෙයි!

0
Thileepan Statue Seized

1987 වසරේදී උපවාසයක නිරතව මියගිය දෙමළ කොටි සංවිධානයේ දේශපාලන නායකයෙකු වූ තිලීපන්ගේ ප්‍රතිමාවක්, දින 12ක් පුරා පැවති අනුස්මරණ කටයුතු අවසන් වී පැය කිහිපයකට පසු, එනම් ඉරිදා අලුයම යාපනයේ පිහිටි ස්මාරකයකින් ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉවත් කිරිම පසුපස ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමින් පොලිස් නිළධාරීන් පාවාදීමට ධීවර අමාත්‍යවරයා මෙන්ම NPP හි යාපනය දිස්ත්‍රික් සංවිධායකවරයා ද වන රාමලිංගම් චන්ද්‍රසේකර් කටයුතු කර ඇති බව උතුරේ අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

ස්මාරකය ඉවත් කිරිමත් සමග උතුරේ ඇතිවු උණුසුම් තත්ත්වය සහ ජාත්‍යන්තර කොටි හිතවාදී ඩයස්පොරාව උතුරේ NPP නායකයා ලෙස පෙනී සිටින රාමලිංගම් චන්ද්‍රසේකර් හට චෝදනා එල්ල කර ඇති අතර එම චෝදනා හමුවේ ඔහු පොලිසිය සහ නගර සභාවේ මන්ත්‍රීවරුන් පාවාදිමට කටයුතු කර තිබේ.

“තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග රජයට කිසිදු සම්බන්ධයක් නැහැ,මේ සම්බන්ධයෙන් වගකීම යාපනය මහ නගර සභාව සහ පොලිසිය විසින් භාරගත යුතුයි.” – රාමලිංගම් චන්ද්‍රසේකර්

ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය සැලකිල්ලට ගැනීමේදී මෙම පැහැදිලි කිරීම එතරම් වලංගු එකක් නොවේ. පොලිසිය යනු මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන ජාතික බලකායක් වන අතර, චන්ද්‍රසේකර් මහතා ද එම රජයේ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. පොලිසියට උපදෙස් දීමේ හෝ මෙහෙයවීමේ බලයක් මහ නගර සභාවලට නොමැති අතර, පොලිසිය විසින්ම මෙම ක්‍රියාමාර්ගයට හේතුව ලෙස දක්වා තිබුණේ මහ නගර සභාවට අදාළ ආරවුලක් නොව ත්‍රස්තවාදය සම්බන්ධ පැමිණිල්ලක් බව ඉතාම පැහැදිලිය. අප මෙන්ම දකුණේ ඇතැම් මාධ්‍ය සහ සමාජ ජාලා හරහා දිගින් දිගටම “ත්‍රස්තවාදීයෙකු” සැමරිමට ඉඩ දිම සම්බන්ධයෙන් කල විවේචන හමුවේ මෙම ස්මාරකය පොලිසිය ඉවත් කල බව පැහැදිලිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ ප්‍රතිමාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම පියවර ගත් බවයි. දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන යටතේ මහජන සාමය පවත්වාගෙන යාම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා එය ඉවත් කළ බවයි.

පසුගිය වසරේ NPP මන්ත්‍රීවරයෙකුත් තිලීපන් සැමරුමට

මෙම සිද්ධිය NPP සඳහා වඩාත් සංකීර්ණ වන්නේ පක්ෂයේ ඇතැම් උතුරු නියෝජිතයන් අතීතයේ තිලීපන් සැමරුම් සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර හේතුවෙනි.2025 සැප්තැම්බර් මාසයේ නල්ලූර්හි තිලීපන්ගේ උපවාසය පිළිබඳ තාවකාලික ප්‍රදර්ශනයක් විවෘත කළ අවස්ථාවේදී, NPP යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයචන්ද්‍රමූර්ති රාජීවන් එම ස්ථානයට පැමිණ තිබූ බව එවකට පළවූ වාර්තාවල සඳහන් වේ.

එම කාලයේ ධීවර අමාත්‍ය චන්ද්‍රසේකර් ද තිලීපන් ස්මාරක පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළ අවස්ථාවක විරෝධතාවකට මුහුණ දුන් බව වාර්තා වී තිබිණි.

රුපියල් මිලියන 8.73ක පමණ මුදලක් දින 12ක් තුල එකතු කරලා!

ශ්‍රී ලංකා බුද්ධි අංශ නිලධාරීන් උපුටා දක්වමින් අප දේශපාලන වාර්තාකරු සදහන් කලේ මෙම ස්මාරකය, දින 12ක ලේඛන හා ඡායාරූප ප්‍රදර්ශනය සහ වාහන පෙළපාලිය සඳහා විදේශයන්හි සිටින එල්ටීටීඊ හිතවාදීන්ගෙන් සංවිධායකයින් විසින් රුපියල් මිලියන 8.73ක පමණ මුදලක් රැස් කරගත් බවයි.

ස්මාරකය සඳහා වැය වන රුපියල් මිලියනයකට අධික මුදලක් ද ඇතුළුව රුපියල් මිලියන 9ක පමණ අයවැය ඇස්තමේන්තුවක් වට්ස්ඇප් (WhatsApp) කණ්ඩායම් හරහා විදේශීය ආධාරකරුවන් වෙත යවා තිබූ බවත්, මුලතිව්හි උපන් සහ එල්ටීටීඊ සටන්කාමීන් ලෙස මියගිය සහෝදරයන් තිදෙනෙකු සිටින ලන්ඩනයේ වෙසෙන පරිත්‍යාගශීලියෙකු ස්මාරකය සඳහා රුපියල් මිලියන 1.8ක් එවා තිබූ බවත් අනාවරණය වි තිබේ.

කෙසේවෙතත් බොහෝ ප්‍රවෘත්ති වාර්තා එය ලෝකඩ ප්‍රතිමාවක් ලෙස හැඳින්වූවද, යාපනය නගරාධිපතිනි මතිවතානි විවේකානන්දරාජා පැවසුවේ එය ෆයිබර් (fiber) ද්‍රව්‍යයෙන් සාදන ලද්දක් බවයි. නගර සභාවට අයත් භූමියක පිහිටි මෙම ස්ථානයේ ෆයිබර් ප්‍රතිමාවක් තැබීම සඳහා TNPF පක්ෂය නගර සභාවෙන් තාවකාලික අවසරයක් ඉල්ලා තිබූ බව ඇය සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *