ආර්ථිකය ඉරිතලන බව දනී! IMF වලින් යනවා කිව්වාට යන්නේම නෑ! EEF වෙනුවට SBA ගන්න හදයි!
2027 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ වසර හතරක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම් (Extended Fund Facility – EFF) වැඩසටහන අවසන් වීමට නියමිතව ඇති අතර එයින් ඉවත් වන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ JVP කාඩරය තැන තැන කතා කියමින් ගියද ඉවත් විම වෙනුවට වෙනත් විකල්පයක් තිබේද යන්න සොයමින් සිටින බව වාර්තා වේ.
2022 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ, රට IMF හි EFF වැඩසටහනකට ඇතුළත් විය. එම පහසුකම සාමාන්‍යයෙන් බරපතළ හා දිගුකාලීන ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණ දෙන රටවලට මූල්‍ය සහාය ලබාදීම සඳහා යොදා ගැනේ.
EEF -විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යනු, දිගුකාලීන වෙළඳ සහ ගෙවීම් හිඟයන්ට හේතු වන ගැඹුරු ආර්ථික හා ව්‍යුහාත්මක ගැටලු විසඳා ගැනීමට රටවලට සහාය වීම සඳහා 1974 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් හඳුන්වා දෙන ලද ණය ලබා දීමේ වැඩසටහනකි.
දැනට ක්‍රියාත්මක වන ආකාරයේ තවත් EFF වැඩසටහනකට යාම අතහැර තමන්ට පහසු කොන්දේසි යටතේ නව EFF වැඩසටහනක් පිළිබඳ නැවත සාකච්ඡා කිරීම, Stand-By Arrangement එකකට යාම හෝ IMF හි මෙවැනි වැඩසටහන්වලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීම යන විකල්ප මේ අතර පවතින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව සහ IMF අතර දැනට ක්‍රියාත්මක EFF වැඩසටහන ලබන වසරේ මාර්තු 19 වැනිදා අවසන් වීමට නියමිතය. 2023 මාර්තු 20 වැනිදා IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද මෙම වැඩසටහනේ සමස්ත වටිනාකම SDR බිලියන 2.3ක් වන අතර, එය ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න මුදලකි. වැඩසටහන අවසන් වීමට පෙර තවත් ණය වාරික දෙකක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ IMF නියෝජිත කණ්ඩායම සිය සංචාරය අවසානයේ නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කළේ, බටහිර ආසියාවේ පවතින යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල් නිනෝ (El Niño) තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් පහළ යාමේ අවදානම් පවතින බවයි. එම ප්‍රකාශය ජනාධිපතිවරයා සහ ඔහුගේ සමිපතම සහචරයන් කම්පනයට ලක්කර තිබේ.
කෙසේවෙතත් ආණ්ඩුවේ ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වි ඇත්තේ ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණ දෙන රටවලට කෙටි කාලීන මූල්‍ය සහාය ලබාදෙන IMF Stand-By Arrangement එකකට යොමු විමයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘ස්ථාවර විධිවිධානය’ (Stand-By Arrangement – SBA) මගින්, ගෙවුම් ශේෂ ගැටලුවලට මුහුණ දෙන සාමාජික රටවලට කෙටි කාලීන මූල්‍ය ආධාර සපයනු ලැබේ.
