September 21, 2026

නිමල් පෙරේරා කියන්නෙ වංචනිකයෙක්!නිමල් නිසා ශානීත් අමාරුවේ! නිමල්ගේ හොරකම් සියල්ල එලියට!

0
NIMAL

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුවේ කිසිම ස්ථානයක, නඩු ගොනුවේ කිසිම ස්ථානයක නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ කියන නමක් සඳහන් නොවන බව නීතිඥ සංජීව වීරවික්‍රම පෙන්වා දෙනවා.(මාධ්‍ය හමුවේ සම්පූර්ණ විඩියෝව පහතින් නැරඹීමට හැක.)

සංජීව වීරවික්‍රම, නාමල් රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන B 14363 නඩුවට, ඒ වගේම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙන B 73/294/1/25 කියන නඩු දෙකටම පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්.

මේ නඩු දෙකම පදනම් වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීම පිළිබඳ නඩුවක්. මේ සිදුවීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත ගුවන් යානා 10ක් මිලදී ගැනීමට අදාළව 2013 දී සිදුවෙච්ච සිදුවීමකට අදාළයි.
​ඒ මිලදී ගැනීම සිද්ධ කරන්න ගියේ කැබිනට් අනුමැතිය යටතේ, ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තීන්දුවක් අනුව. නමුත් මේ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී 2015 දී ආණ්ඩුව වෙනස් වීමෙන් පස්සේ කියා සිටියා මේකේ මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුවෙලා තියෙනවා කියලා.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ ජේ.සී. වැලිඅමුණ, ඒ වගේම යූ.එච්. පලිහක්කාර, බී.ඒ.ඩබ්ලිව්. අබේවර්ධන සහ එම්.කේ. බණ්ඩාර කියන මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පරීක්ෂණ කරා. ඒ කමිටුව පරීක්ෂණ වාර්තාව 2016 අගෝස්තු 3 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා වෙතට බාර දුන්නා.

​මෙම වාර්තාව ඇතුළත මේ ගනුදෙනුවේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකකරුවන් නම් කිරීමක් කරලා තියෙනවා. නමුත් මේ කමිටු වාර්තාව ඇතුළත හෝ එහි තිබෙන කිසිදු ප්‍රකාශයක් ඇතුළත නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ කියන කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ.

ඊට පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමා හිටපු රවීන්ද්‍ර හේවාපතිරණ මහත්මයා පැමිණිල්ලක් කෙරුවා. ඒ පැමිණිල්ල 2016.08.03 වෙනි දවසේ තමයි කෙරුවේ. ඒ පැමිණිල්ලේ කිසිම අවස්ථාවක අමාත්‍යාංශ ලේකම්වරයා නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ කියන පුද්ගලයෙක් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් හෝ නම සඳහන් කිරීමක් සඳහන් කරලා නැහැ.

​ඉන්පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේක සම්බන්ධයෙන් විමර්ශනය කෙරුවා. විමර්ශනය කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට B 14363 කියන නඩුව ගොනු කෙරුවා. එම නඩුවට ඉදිරිපත් කරනු ලැබූ මුල් B වාර්තාවෙන් හරි පසුව ඉදිරිපත් කරනු ලැබූ සාක්ෂි සම්පින්ඩනය තුළ නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ කෙනෙක් ගැන සඳහන් වෙන්නේ නැහැ.

ඊට පස්සේ ආණ්ඩුව වෙනස් වුණා, 2019 නොවැම්බර් මාසේ ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට පත් වුණා. ඉන්පස්සේ මේ නඩුවට අදාළ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළා. ඒ තමයි පළමු සැකකරු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහත්මයා, ඒ වගේම එතුමාගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක කියන අයව අත්අඩංගුවට ගත්තා. ඔවුන් අත්අඩංගුවට ගැනීමට සිදු කරපු අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කෙරුවා, ඒ කිසිදු ප්‍රකාශයක නාමල් රාජපක්ෂගේ නම සඳහන් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි, කිසිදු අවස්ථාවක උතුම් වූ අධිකරණය මේ නඩුවට අදාළව නාමල් රාජපක්ෂ කියන කෙනෙක් අවශ්‍යයි කියලා දක්වා නැහැ.

​ඉන්පස්සේ, ඊට බොහෝ කාලයකට පස්සේ අපිට දැනගන්න ලැබුණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ SSP ශානි අබේසේකර මහත්මයා 2019.10.02 වෙනිදාත්, ඒ වගේම 2019.02.05 වෙනිදා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නීති අංශ ප්‍රධාන මනුක රණසිංහ කියන අයත් පැමිණිලි දෙකක් සිද්ධ කරලා තියෙනවා අල්ලස් කොමිසමට. ඒ අල්ලස් කොමිසමට කරුණු දක්වලා ඔවුන් කරපු පැමිණිල්ලේ කිසිම අවස්ථාවක ශානි අබේසේකර මහත්මයාත් නීතිඥ මනුක රණසිංහත් කිසිම අවස්ථාවක මෙම මුදල් මූල්‍ය අක්‍රමිකතාවය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහත්මයා සම්බන්ධයෙන් සැකයක් පවතින බව හෝ කුමන හෝ හේතුවක් මත හෝ විමර්ශනය කළ යුතුයි කියලා හෝ ඔහුගේ නමවත් අඩුම තරමින් තමන්ගේ ප්‍රකාශ ඇතුළේ සටහන් කරලා නැහැ.

​මේ විමර්ශනයෙන් මේ පැමිණිලි දෙකත් සමගම අල්ලස් පනතේ නව අල්ලස් පනතේ 61 වෙනි වගන්තිය යටතේ හවුල් විමර්ශනයක්, ඒකාබද්ධ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් අල්ලස් කොමිසමත් ගරු නීතිපතිතුමාගේ දෙපාර්තමේන්තුවත් එක්ව සිදු කරලා තියෙනවා. හැබැයි ඒ විමර්ශනය අවසානයේ B 73/294/1/26 කියන නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ CMC එකේ ගොනු කරනු ලැබුවා. ඒ ගොනු කළේ 2026.03.12 වෙනි දින. එම ගොනු කරනු ලැබූ මුල් B වාර්තාවේ හෝ ඒ සමග ඉදිරිපත් වෙච්ච වෙනත් වාර්තාවක කිසිසේත්ම නාමල් රාජපක්ෂ කෙනෙක් ගැන සම්බන්ධ වෙන්නේ නැහැ.

​ඊට අමතරව මේ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිද්ධ වුණා. ඒකට හේතුව තමයි එයාර්බස් සමාගම අයත් වන්නේ යුරෝපියන් ඒරොනෝටික් ඩිෆෙන්ස් ඇන්ඩ් ස්පේස් කොම්පැණි කියන EADS කියන ප්‍රංශ සමාගමට. ඒ සමාගමේ බ්‍රාන්චස් බොහෝ ප්‍රමාණයක් තියෙනවා USA වල, යුරෝප් වල, ඊට අමතරව ප්‍රංශයේ තියෙනවා. මේ විමර්ශනයේදී ඔවුන් හොයාගත්තා මැලේසියාව, ඉන්දුනීසියාව, ගානාව, තායිවානය සහ ශ්‍රී ලංකාවට අදාළව ගුවන් යානා අලෙවි කිරීමේදී යම් මූල්‍ය අක්‍රමිකතා සිදුවෙලා තිබෙනවා කියලා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් සවුත් වර්ක් ක්‍රවුන් කෝට් කියන මහා බ්‍රිතාන්‍ය අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබුවා. ඒ ගොනුව ඒ නඩුවේ නඩුව තමයි ‘ඩිරෙක්ටර් ඔෆ් සීරියස් ෆ්‍රෝඩ් ඔෆිස්’ එදිරිව ‘එයාර්බස් SE’ කියන නඩුව. නඩුවේ අංකය U20200108. මේ නඩුව විමර්ශනය කිරීමෙන් පස්සේ 2020 ජනවාරි 31 වෙනිදා එහි තීන්දුව ලබා දුන්නා. ඩේම් වික්ටෝරියා ෂාප් කියන උතුම් වූ විනිසුරුතුමිය තමයි ඒ තීන්දුව ලබා දුන්නේ.

ඒ තීන්දුවේ කිසිම ස්ථානයක, නඩු ගොනුවේ කිසිම ස්ථානයක නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ කියන නමක් සඳහන් වෙන්නේ නැහැ. ඔහු කුමන හෝ ආකාරයක සැකකාර කටයුත්තක හෝ සාපරාධී කටයුත්තක නිරත වූ බව එම තීන්දුව දක්වන කිසිදු ලේඛනයක සඳහන් වෙන්නේ නැහැ. ඒ නඩු ගොනුවේ තියෙන අතිශයම වැදගත් වන කොටස තමයි ‘ස්ටේට්මන්ට් ඔෆ් ෆැක්ට්ස් ඇඩෙන්ඩම්’ කියන කොටස. ඒකේ දීර්ඝ වාර්තාවක්, ඒ වාර්තාව අපි අධ්‍යයනය කෙරුවා. ඒ වාර්තාවේ මෙම නඩුවට අදාළව ලෝකයේ අදාළ රාජ්‍යයන් පහේම සිටින සැකකරුවන්, තොරතුරු දන්නා පුද්ගලයන්ගේ තොරතුරු එක්රැස් කරලා ගොනු කරලා තියෙනවා. ඒ කිසිදු වාර්තාවක නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ කියන නම සඳහන් වෙන්නේ නැහැ.

හැබැයි, අල්ලස් කොමිසමට මේ ශානි අබේසේකර මහත්මයාත්, මනුක රණසිංහ මහත්මයාත් කරපු පැමිණිල්ලෙන් පස්සේ දීර්ඝ විමර්ශනයක් අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලැබුවා. ඒ අවස්ථාවේදී ඔවුන් හොයාගත්තා මෙම ගනුදෙනුවට ආශ්‍රිතව ‘බිස් සොල්‍යුෂන්’ (Biz Solution) කියලා බෲනායි වල තියෙන ගිණුමකට අවස්ථා දෙකකදී මුදල් ලැබීමක් සිද්ධ…

​කොමන්වෙල්ත් බැංකුවේ ගිණුමකට අවස්ථා හතරකදී මුදල් ලැබීමක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉන්පස්සේ සිංගප්පූරුවේ තියෙන සේබර් විෂන් හෝල්ඩින් කියන එකවුන්ට් එකට 2014-11-19 වෙනිදාත්, 2014-12-22 වෙනිදාත් ඇමරිකානු ඩොලර් ලක්ෂ හතර බැගින් ලක්ෂ අටක මුදලක් බැර වී තිබෙන බව ඔවුන් හොයාගත්තා. මේ පිළිබඳව අල්ලස් කොමිසම විමර්ශනය කෙරුවා. ඒ විමර්ශනයේදී අල්ලස් කොමිසම හොයාගත්තා මෙම සේබර් විෂන් හෝල්ඩින් කියන එකවුන්ට් එක හිමිවෙන්නේ වන්නකුවත්ත වඩුගේ නිමල් හේමසිරි පෙරේරා කියන පුද්ගලයාට. ඔහු ශ්‍රී ලාංකිකයෙක්. ඔහු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කරන අතරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලා විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබා දෙන්න කිව්වා.

​නිමල් පෙරේරා මහත්මයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා මෙම ගිණුම තමන්ට අයිති නැති බවත්, මෙම මූල්‍ය කටයුත්ත සම්බන්ධයෙන් තමන් කිසිදු අක්‍රමිකතාවයකට හෝ කිසිම සම්බන්ධතාවයක් සිදු කොට නොමැති බවත් ඔහු දක්වා සිටියා. මේ නිමල් පෙරේරා කියන්නේ ඉතාම බලවත් පුද්ගලයෙක්, මේ රටේ විශාල වශයෙන් සාකච්ඡා කරපු පුද්ගලයෙක්. මොහු පෑන් ඒෂියා බෑන්ක් කෝපරේෂන් හි හිටපු ඩිරෙක්ටර්වරයෙක්. ඉන්පසුව 2007 දී ඩිරෙක්ටර්, 2008 දී ඩෙපියුටි චෙයාමන්, 2012 දක්වා එතැන් සිට ඔහු පෑන් ඒෂියා බැංකුවේ චෙයාමන් හැටියට වැඩ කරලා තියෙනවා. ඔහු ප්‍රබල ව්‍යාපාරිකයෙක්, ඒ වගේම ඔහු ලංකාවේ ප්‍රධාන ලැයිස්තුගත සමාගම් රාශියක ඔහු ආයෝජනය කරලා තියෙනවා. ඒ වගේම දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ආයෝජනය කිරීම සඳහා තැරැව්කාර සමාගමක් පවා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයන්ට ආයෝජනය කිරීම සඳහා ආයෝජන උපදේශනය සිදුකරන පුද්ගලයෙක්, ඔහු ඉතා බලවත් පුද්ගලයෙක්.

දැන් මේ පුද්ගලයා මෙතරම්ම ප්‍රබල, විමර්ශනයක් සිදුවෙන අතරේ ඔහුගේ නමින් තියෙන ගිණුමකට, සිංගප්පූරුවේ තියෙන ගිණුමක් සම්බන්ධයෙන් ඔහු ප්‍රතික්ෂේප කිරීම සිදු කිරීමත් එක්කම, ශ්‍රී ලංකාවේ අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහත්මයා වැඩිදුර වාර්තාවක් ගොනු කරලා කිව්වා වන්නකුවත්ත වඩුගේ නිමල් හේමසිරි පෙරේරා කියන්නේ අසත්‍ය ප්‍රකාශ කරන, බොරු ප්‍රකාශ කරන පුද්ගලයෙක් කියලා ගරු අධිකරණයට වැඩිදුර වාර්තාවක් ගොනු කරනු ලැබුවා. එම වාර්තාව ගොනු කරනු ලැබුවේ 2019.08.30 වෙනිදා. ඒ ගොනු කරනු ලැබුවේ B 195/16 කියන නඩු ගොනුවට. එම ගොනුවේ අදත් ඒ ශානි අබේසේකර මහත්මයා නිමල් පෙරේරා විශ්වාස කරන්න බැරි, අසත්‍ය ප්‍රකාශ කරන පුද්ගලයෙක් කියලා දක්වපු නඩු වාර්තාව අදත් ඒකේ තියෙනවා.
​ශානි අබේසේකර මහත්මයා ඒ ප්‍රමාණයෙන් නතර වුණේ නැහැ. ශානි අබේසේකර මහත්මයා නීතියේ තියෙන වැදගත්ම නෛතික ප්‍රතිපාදනය අනුගමනය කෙරුවා. ඒ තමයි 2002 අංක 25 දරන සාපරාධී කටයුතුවල අන්‍යෝන්‍ය කටයුතු කිරීම පිළිබඳව Mutual Relations in Criminal Matters කියන පනතත්, ඒ පනතේ තියෙන 2018 අංක 24 දරන සංශෝධිත පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, Mutual Legal Assistance Notice එකක් සිංගප්පූරු රජයට යැව්වා. සිංගප්පූරු රජයට මේක යවලා, සිංගප්පූරු රජයෙන් ඇහුවා සේබර් විෂන් හෝල්ඩින් කියන ගිණුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනරජයට තොරතුරු වාර්තා කරන්න කියලා. මෙතන තමයි මේ නඩුව පිළිබඳව පූර්ණ ප්‍රශ්නය උද්ගත වෙන තැන. මෙතනදී තමයි සිංගප්පූරු ජනරජය ශ්‍රී ලංකා ජනරජයට දැනුම් දීලා හිටියා මේ සේබර් විෂන් හෝල්ඩින් කියන එකවුන්ට් එකේ නියම හිමිකරුවා වන්නකුවත්ත වඩුගේ නිමල් හේමසිරි පෙරේරා කියලා. ඊට අමතරව එම එකවුන්ට් එකේ Signatory Holder නිමල් පෙරේරා බවත් ශ්‍රී ලංකා ජනරජයට සිංගප්පූරුව දන්වලා හිටියා.

​හැබැයි ඒ ටික විතරක් නෙමෙයි සිංගප්පූරු රජය දැනුම් දීලා හිටියේ. සිංගප්පූරු ජනරජය දැනුම් දීලා හිටියා මෙම එකවුන්ට් එකට අදාළව, මෙම එකවුන්ට් ඕනර් විසින් 2012.08.13 වෙනි දින ඉඳලා 2012.10.31 වෙනි දින අතරතුර ඉතාම බරපතල, අතිවිශාල මූල්‍ය ගනුදෙනු හතරක් සැකකටයුතු ආකාරයට කරලා තියෙනවා කියලා. අපි අද මේ රටේ ජනතාවට මේ සැකකටයුතු ගනුදෙනු හතර එළිදරව් කරනවා.

ජුගා BAU GMBH කියන සමාගමෙන් මෙම සේබර් විෂන් කියන ගිණුමට යුරෝ 2,701,679 ක මුදලක් ඩිපොසිට් වෙලා තියෙනවා. එය කුමක්ද කියලා පැහැදිලි නැහැ, සැකකටයුතු මුදලක්.

ඊට අමතරව ඇස්පෙන් මෙඩිකල් ඔස්ට්‍රේලියා කම්පැණි කියන සමාගම විසින් මෙම නිමල් පෙරේරාගේ එකවුන්ට් එකට යුරෝ 1,373,305 ක මුදලක් ඉන්පසුව බැර කරලා තියෙනවා.

ඊට අමතරව AKM ඉන්ටර්නැෂනල් ප්‍රොජෙක්ට් ඩිවෙලොප්මන්ට් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් කියන ගිණුමෙන් යුරෝ 255,797.69 ක් මේ ගිණුමට බැර වෙලා තියෙනවා. සැකකටයුතුයි, කුමක්ද කියලා දන්නේ නැහැ.

ඉන්පස්සේ නැවත වතාවක් නිමල් පෙරේරාගේ මේ එකවුන්ට් එකට E R A F නිමිමියස් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් කියන එකවුන්ට් එකෙන් යූ.එස්. ඩොලර් 536,909.80 ක මුදලක් ලැබිලා තියෙනවා.

Search Warrant හතරක්!

සිංගප්පූරු ජනරජය නීතියට අනුව කටයුතු කරන, නීතියේ බලයට අනුව කටයුතු කරන ප්‍රබල රාජ්‍යයක්. මේ ආයතනය මේ එවපු වාර්තාව අනුව ශානි අබේසේකර මහත්මයාට නිහඬව ඉන්න බැහැ. ශානි අබේසේකර මහත්මයා මේ නඩුව සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරුවා. ඒ නඩුව තමයි B 54/138/1/25 කියන නඩුව. ශානි අබේසේකර මහත්මයා මේ කරුණු වාර්තා කෙරුවේ 2025 ගිය අවුරුද්දේ අගෝස්තු 07 වෙනිදා. මේ කරුණු වාර්තා කිරීමෙන් පස්සේ ගරු අධිකරණයට මේ අධිකරණ කටයුත්ත විමසීම සඳහා අධිකරණ බලය ලැබෙනවා. උතුම් වූ විනිසුරුතුමා, අද දවසේ ඉන්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සිටින උතුම් වූ විනිසුරුතුමා ඉදිරියට තමයි මේ කරුණු වාර්තා කෙරුවේ. එතුමා අධිකරණ මනස මේ කටයුතු සඳහා යොමු කරලා, වහා ක්‍රියාත්මක වන පරිදි Search Warrant, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 70 වෙනි වගන්තිය යටතේ Search Warrant හයක් නිකුත් කෙරුවා, පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව. ඒ පුද්ගලයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අපි ගාව තියෙනවා.

ඒ Search Warrant හතර යවලා නිමල් පෙරේරා මහත්මයා සතුව තිබිච්ච සියලුම කම්පියුටර්ස්, සියලුම ලැප්ටොප්ස්, ඒ වගේම අනිත් ඩිජිටල් ඩිවයිසස් සහ ඔහුගේ ස්ථානීය පරීක්ෂණ කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කෙරුවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරපු විමර්ශනය ඇතුළේ ප්‍රඩක්ෂන් 41 ක් හොයාගත්තා. ඒ සියලුම ප්‍රඩක්ෂන් උතුම් වූ අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කෙරුවා P1 සිට P41 දක්වා ලකුණු කරලා. මේ සියලු ප්‍රකාශ ලබා දීමෙන් පස්සේ, රජයේ රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පස්සේ, මෙම සැකකටයුතු ගනුදෙනු සම්බන්ධයෙන්—මේක එසේ මෙසේ ගනුදෙනු නෙමෙයි, රුපියල් බිලියන ගාණක සම්බන්ධ ගනුදෙනු, වංචනික සහ අක්‍රමිකතා සම්බන්ධ ගනුදෙනු. මේ මුදල් සම්බන්ධව ප්‍රකාශ සටහන් කරලා තියෙනවා.

ඒ වගේම සිංගප්පූරු ජනරජය Government to Government, Mutual Legal Assistance යටතේ එවපු වාර්තාව තිබෙනවා. රජයේ රස පරීක්ෂක වාර්තා තියෙනවා. ඊට අමතරව සියලුම ප්‍රඩක්ෂන් අද ගරු අධිකරණයේ විනිසුරුතුමාගේ භාරයේ දැන් තියෙනවා.
​දැන් නීතිය යටතේ නිමල් පෙරේරා මහත්මයා ලංකාවේ නීතිය යටතේ බෙල්ලම හිරවෙන මට්ටමට නීතිය ඉදිරියේ කරුණු වාර්තා වෙලා ඉවරයි.

නිමල් පෙරේරා මහත්මයා මොකක්ද කළේ?

ඔහු ශ්‍රී ලංකාව අතහැර ගියා. ඔහු ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ඕස්ට්‍රේලියාවේ අද පදිංචි වෙලා ඉන්නවා. නිමල් පෙරේරා මහත්මයාට විරුද්ධව තියෙන්නේ මේ ටික විතරක් නෙමෙයි. අතිශයම වැදගත්, කොටස් වෙළඳපොළේ Security and Exchange Commission එකේ 2022 Annual Report එකේ ඉතාම පැහැදිලිව දක්වලා තිබෙනවා, කොටස් වෙළඳපොළ තුළ තැරැව්කාර සමාගමක් හැටියට කටයුතු කරද්දී, ඒ වගේම ආයෝජකයෙක් හැටියට කටයුතු කරද්දී Insider Dealing කරලා කරපු රූල් 12 උල්ලංඝනය කිරීම මත නිමල් පෙරේරා මහත්මයාට රුපියල් 6.6 මිලියන දඩයක් නියම කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඔහු නෛතික කටයුතුවලට මුහුණ දෙන්න ඕන.

ඊට අමතරව අතිශය වැදගත් වෙන්නේ, ඔබ සියලු දෙනාම දන්නවා ලංකාව හෙල්ලවිලා ගියපු බොන්ඩ් කොමිෂන් එකක් තිබුණා, බැඳුම්කර කොමිසම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත්කරපු. එහි හිටියේ උතුම් වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහත්මයාත්, උතුම් වූ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහත්මයාත්, කන්දයියා වේලුපිල්ලේ කියන නියෝජ්‍ය ඔඩිටර් ජෙනරල්තුමාත් තමයි කොමසාරිස්වරු හැටියට හිටියේ. මේක ලංකාවේ සිදුවෙච්ච බොන්ඩ් ස්කෑම් එක ගැන දීර්ඝ විමර්ශනයක් සිදු කෙරුවා. ඒ විමර්ශනය අවසානයේ ඒ විනිසුරුකාරතුමන්ලා නිමල් පෙරේරා සම්බන්ධයෙන් කරපු රෙකමඩේෂන් එක අතිශය වැදගත්. එහි දක්වනවා:

​”As stated earlier in chapter 5, although there is evidence before us with regard to several transaction entered into between Mr. Nimal Perera, former chairman of Pan Asia Bank Corporation and the EPF which requires scrutiny, these transactions have not been established to fall within the scope of our mandate. Therefore, we did not summon Mr. Nimal Perera to appear before us and accordingly we cannot arrive at a determination adverse to Mr. Nimal Perera in these proceedings. However, we recommend that the Central Bank of Sri Lanka carried out a specific and detailed investigation into Treasury bond transaction which Mr. Nimal Perera and his company and other clients of Pan Asia Bank Corporation had with EPF.”

​මෙය බරපතල රෙකමඩේෂන් එකක්. අතිගරු ජනාධිපතිතුමා මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කරද්දී කොමිසමට ලබාදීපු බල වපසරිය ඇතුළේ නිමල් පෙරේරා EPF එකත් එක්ක කරපු මූල්‍ය වංචාව විමර්ශනය කිරීමට බලය නැහැ, ඒ වගේම ඒ නිසාම එතුමාව කැඳවන්නේ නැහැ කිව්වා. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවට කිව්වා මේක ඇතුළේ කරපු නිමල් පෙරේරා සහ ඔහුගේ කම්පැනිය පෑන් ඒෂියා බැංකුවත් එක්ක එකතු වෙලා කරපු, එහි ඔහුගේ ක්ලයන්ට්ස්ලත් එක්ක කරපු මූල්‍ය වංචාව පිළිබඳ විමර්ශන කරන්න කියලා. නිමල් පෙරේරා ලංකාවේ ඉන්නවා නම් ඒකට මුහුණ දෙන්න ඕන. ඒ නිසා තමයි නිමල් පෙරේරා ලංකාව හැර ගියේ.

රුපියල් බිලියන ගණනක වංචාව!

දැන් අපි යමු මේ කියන සිද්ධියේදී මොකක්ද නිමල් පෙරේරාට සිද්ධ වුණේ කියලා. ඔබ දන්නවා දැන් අපි කියපු විදිහට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ තියෙන රුපියල් බිලියන ගණනක වංචාව සිංගප්පූරු රජයේ ඉල්ලීම යටතේ කරපු නඩුවත්, ඒ වගේම කොටස් වෙළඳපොළේ Security and Exchange Commission එකේ ඇනුවල් වාර්තාවේ කියපු වරදත්, ඒ වගේම බොන්ඩ් ස්කෑම් එක මත දක්වපු වැරදි මතත් නිමල් පෙරේරා කියන්නේ බරපතල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් නඩු පැවරීමට විතරක් නෙමෙයි දණ්ඩනීය වගකීමට ලක්විය යුතු පුද්ගලයෙක්.

​මේ පුද්ගලයා සත්‍ය වශයෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියෙකු නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුමක්ද කළ යුත්තේ? උතුම් වූ විනිසුරුතුමාට ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම තමයි කළ යුත්තේ. නමුත් අපි කියා සිටිනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්මයා ඒක නෙමෙයි කෙරුවේ. එතුමා මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා තවත් හය දෙනෙක්ව යවලා ඔහුව හමුවුණා. කොහෙදිද හමුවුණේ? ඔහු හමුවුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්වල තියෙන තානාපති කාර්යාලයේ කොන්සල් අංශයේදී. සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකා ජනරජයෙන් වැටුප් ගන්න නිලධාරීන් නම් මේ පිරිස කුමක්ද කළ යුත්තේ? නඩු තුනක් මත අත්‍යවශ්‍යතාවයෙන් තියෙන නිමල් පෙරේරාව ලංකාවට අත්අඩංගුවට අරගෙන ගේන්න ඕන. නමුත් ඔවුන් ඒක නෙමෙයි කෙරුවේ.

පරිවේශනීය සාක්ෂි නෑ!

නිමල් පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කෙරුවා, ඔහු ලබාගත්ත මුදල් වලින් මිලියන 10 ක මුදලක්, රුපියල් මිලියන 10 ක මුදලක් physical currency නාමල් රාජපක්ෂ මහත්මයාට මුදලින් භාරදුන්නා කියලා. නමුත් ඔහුගේ ප්‍රකාශය ඇතුළේ කිසිදු ඇසින් දුටු සාක්ෂියක් ගැන කියවෙන්නේ නැහැ. කිසිදු පරිවේශනීය සාක්ෂියක් ගැන කියවෙන්නේ නැහැ. physical මුදල් නාමල් රාජපක්ෂට දුන්නා කියලා කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. පරිගණක සාක්ෂියක් නැහැ. කිසිදු CCTV සාක්ෂියක් නැහැ. ඒ වගේම නාමල් රාජපක්ෂ මහත්මයාගේ භාරයේ තිබිලා, ලාච්චුවේ තිබිලා ඔහුගාවින් එවැනි මුදලක් සොයාගත්තේ නැහැ. ඔහුගේ බැංකු ගිණුමක කිසිම සල්ලියක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ඔහුගේ නමින් පවතින ෂෙයාර්, කොටස්, බොන්ඩ්ස්, ට්‍රෙෂරි බිල් කිසිවක් හොයාගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි නාමල් රාජපක්ෂ මහත්මයා එවැනි මුදලක් ගත්තා නම් ඒ මුදල භාවිතා කරලා මිලදී ගත්ත ඉඩමක්, දේපළක් කිසිවක් ගැන සඳහන් වෙන්නේ නැහැ.

චෙක්පතක්, කිසිවක් නෑ. ඒ කිසිවක් නැතුව, රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දඩුවම් ලැබිය යුතු පුද්ගලයෙක්ගේ එක ප්‍රකාශයක් මත නාමල් රාජපක්ෂ මහත්මයා මීට සති කිහිපයකට පෙර, ශානි අබේසේකර මහත්මයා අද DIG CID හැටියට කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දක්ව… සහයෝගයෙන් කටයුතු කරන අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමක් ගත්තා… කළා.

මේ රටේ මිනිස්සු මේ අත්අඩංගුවට ගැනීම ගැන දැන් මොකක්ද බලන්න ඕනේ? මේකේ නිමල් පෙරේරාගේ රෝල් එක තේරුම් ගන්න නම් අතිශයම වැදගත් වෙන්නේ මේ නඩුවේ පළමු වෙනි සැකකාරයා වෙච්ච කපිල චන්ද්‍රසේන මහත්මයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ලබා දීපු සාක්ෂිය, දිවුරුම් ප්‍රකාශය. එම දිවුරුම් ප්‍රකාශය ලබා දුන්නේ ලංකාවේ කීර්තිමත් අපරාධ නීතීඥවරයෙක් වන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න මහත්මයා.

ඒ ප්‍රකාශය පිළිබඳ මං මීට වැඩිය කියන්න යන්නේ නෑ. නමුත්, ඒ ප්‍රකාශයේදීත් එතුමා කියා හිටියේ… කපිල චන්ද්‍රසේන මහත්මයා කියා හිටියේ, “මට කියනවා එක් සුවිශේෂී පුද්ගලයෝ දෙන්නෙක්ගේ නමක් කියන්න” කියලා. ඒ දේමද නිමල් පෙරේරාට වුණේ කියලා අපි අහනවා. ඒ වගේම ඒ අනුවද නිමල් පෙරේරා මේ නම හෙළි කළේ කියලා අපි අහනවා.

දැන් අපි කියනවා අතිශයම වැදගත් වන දෙයක්. නාමල් රාජපක්ෂ මහත්මයාට නඩු කර දෙකක් දාලා තියෙනවා. එකක් අල්ලස් නඩුව. අනිත් එක මනි ලොන්ඩරින් නඩුව. මනි ලොන්ඩරින් කියන්නේ මුදල් විශුද්ධිකරණය. මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිය 2006 අංක 5 පනතත්, 2011 අංක 40 දරන පනතත්. ඒ පනතේ ඉතාම පැහැදිලිව කියනවා යම්කිසි පුද්ගලයෙක් ඍජුව හෝ වක්‍රව නීති විරෝධී ක්‍රියාවකින් උපලබ්ධිත වූ බව දැන හෝ දැන ගැනීමට හේතු සහිතව යම් භාණ්ඩයක් තමන්ගේ භාරයේ තියාගන්න ඕනේ, සන්තකයේ තියාගන්න ඕනේ, සඟවලා තියාගන්න ඕනේ, එක්කෝ බැහැර කරන්න ඕනේ, එක්කෝ රටට ගේන්න ඕනේ, එක්කෝ රටෙන් ගෙනියන්න ඕනේ.

සැකකාර නිමල් පෙරේරාගේ සාක්ෂිය!

අපි දැන් අහනවා, එම පනතේ 3 වන වගන්තියේ ඉඳලා 7, 4 වගන්තිය දක්වා දක්වන වැරදි අනුව නාමල් රාජපක්ෂ මහත්මයා මොකක්ද කරපු වැරැද්ද? අපිට ඉතාම පැහැදිලිව පෙනී යනවා, මේ ක්‍රියාවේ කිසිදු ක්‍රියාවක නාමල් රාජපක්ෂ මහත්මයා දැනුවත්ව හෝ ඍජුව හෝ වක්‍රව හෝ නොදැනුවත්ව හෝ කිසිදු මුදලක් ලබා ගත්ත බවට වෙනත් කිසිම සාක්ෂියක් නෑ, සැකකාර නිමල් පෙරේරා මහත්මයාගේ ප්‍රකාශය හැරෙන්නට.

දැන් අපි බරපතල ප්‍රශ්නයක් අහනවා. ලංකාවේ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා 256(2) වගන්තිය. ඒකේ කියනවා යම්කිසි අපරාධයකට චෝදනා ලැබූ පුද්ගලයෙක්ට සමාවක් ලබා දීලා එම චූදිතයාව සාක්ෂිකරුවෙක් කිරීමේ බලය තියෙනවා කියලා. කාටද ඒ බලය තියෙන්නේ? ගරු නීතිපතිවරයාට. පනත ඉතා පැහැදිලියි, 256(2) වගන්තියත් 257 වගන්තියත් අතිශය පැහැදිලිව කියලා තියෙන්නේ ගරු නීතිපතිතුමාට.

අපි පැහැදිලිවම කියනවා, මේ නඩුවේ නිමල් පෙරේරා සාක්ෂිකාරයෙක් හැටියට… ප්‍රකාශ සටහන් කෙරුවේ ගරු නීතිපතිතුමාගේ අවසරය යටතේ නෙමෙයි. ගරු නීතිපතිතුමා මේකට මැදිහත් වෙලා නෑ තාම. ඒ අවස්ථාවට ඇවිල්ලා නෑ, චෝදනා ගොනු කරන අවස්ථාවේදී තමයි ඒක ගොනු කරන්නේ. කවුද එහෙනම් නිමල් පෙරේරා සාක්ෂිකාරයෙක් කරන්නයි, ඒ ඔහු කරපු වැරැද්දටම කිසිදු වරදක් නොකරපු නාමල් රාජපක්ෂ මහත්මයාව වැරදිකාරයෙක් කරන්නයි තීන්දු කෙරුවේ? ශානි අබේසේකර මහත්මයා.

ශානි අබේසේකරගේ අමන වැඩ!

ශානි අබේසේකර මහත්මයා කියන්නේ විධායකය නියෝජනය කරමින් අධිකරණය වෙනුවෙන් ස්වාධීනව කටයුතු කරපු… කළ යුතු නිලධාරියෙක්. ශානි අබේසේකර මහත්මයා දැන් කියන්න ඕනේ ඔබතුමා මොන අභිමත බලය පාවිච්චි කරලද මෙතරම්ම නඩු ප්‍රමාණයක් තියෙන නිමල් පෙරේරා මහත්මයාව මුදා හරින්නත්, ඔහුව අත්අඩංගුවට නොගෙන ඉන්නත්, ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකරන්නත්, සම්පූර්ණයෙන්ම වෙනත්… නිමල් පෙරේරා මහතාගේ වචන හැරෙන්නට වෙනත් කිසිදු සාක්ෂියකින් හෙළි නොවෙන නාමල් ලක්ෂ්මන් රාජපක්ෂ මහත්මයාව චූදිතයෙක්… සැකකරුවෙකු බවට නම් කරන්නත් ඔබතුමා ගත්ත තීරණය කෙබඳුද කියලා.

දැන් අපි මේකේ අපූරුම කෑල්ල කියනවා. අපි දන්නවා මේ සිදුවීම සිදු වුණේ නාමල් රාජපක්ෂ මහත්මයා අතිසුවිශේෂී දේශපාලනික ක්‍රියාවක් කරන්න ඉස්සෙල්ලා කියලා. ඒ තමයි පොදුජන එක්සත් පෙරමුණත් විරුද්ධ පක්ෂයේ විශාල දේශපාලන පක්ෂ ප්‍රමාණයක් එකතු කරගෙන, ලංකාවේ විරුද්ධ පක්ෂය පවත්වන ප්‍රධානම රැළි මාලාවේ පළවෙනි රැළිය පවත්වන්න ඔන්න මෙන්න කියලා තිබියදී.

අපි දන්නවා මේ රටේ බුද්ධිමත් ජනතාව දන්නවා අද මේ රටේ ජනතාව මොන වගේ දේශපාලන මතයක්ද දරන්නේ කියලා. මම වැඩිදුර කරුණු දක්වන්නේ නෑ. මේ වෙද්දී ලංකාවේ සිදුවෙච්ච… ලංකාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාලයක කරපු ජන සමීක්ෂණයකුත්, ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්වල සහයෝගයෙන් කරපු ප්‍රධාන විදේශීය ජන සමීක්ෂණයකිනුත් හෙළිවෙලා තිබෙනවා මේ රජයේ… රජය සම්බන්ධයෙන් තියෙන ජනමතය බලවන්ත විදිහට අඩු වෙලා තියෙනවා කියලා. ඒ ජනමත සමීක්ෂණයේ අභ්‍යන්තර තොරතුරු මං හෙළි කරන්නේ නෑ, ඒක මගේ පෞද්ගලික දැනුමට තියෙන දෙයක්. එය තව සති කිහිපයක් ඇතුළත මේ රටේ ජනතාවට දැනගන්න පුළුවන් වෙයි.

එකී ජනමතයට අනුව පැහැදිලිව පෙනී යනවා නාමල් රාජපක්ෂ මහත්මයා ජනප්‍රියත්වයේ වැඩිම ප්‍රසාදය ලබා ගත්ත පුද්ගලයා කියලා. එපන් පුද්ගලයෙකුට එරෙහිව මේ වගේ නඩුවක් ගරු අධිකරණය ඉස්සරහා ගොනු කරනකොට, එම නඩු ගොනු කිරීම සිදු කරන රජයේ… විධායකයේ නඩු පැවරීම් කරන ආයතනය කෙරෙහි පොදු මහ ජනතාව මොන විදිහට බලයිද? ඒක තමයි අපි මේ රටේ ජනතාවත් එක්ක සාකච්ඡා කරන්නේ.

ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට සිටින දේශපාලනික අභියෝගාත්මක තරගකරු අද දවසේ නාමල් රාජපක්ෂ මහත්මයා. ඔහුව මේ වගේ පදනම් විරහිත, සාක්ෂි මගින් ප්‍රබල සහ කාවදින ලෙස ඔප්පු නොවෙන කරුණක් මත අත්අඩංගුවට ගෙන තැබීම බරපතල සැකයක් උපදවන තත්ත්වයක්. ඒ වගේම අපි දන්නවා මේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවා තබා ගැනීම උතුම් වූ අධිකරණය විසින් සිදු කරලා තියෙන්නේ. මේ කරුණ සම්බන්ධයෙන් උතුම් වූ අධිකරණයට ඇප ආයාචනයක් කරමින්, අප මේ කියන සියලුම කරුණු අන්තර්ගත ඇප ආයාචනයක් හෙට දවසේ උතුම් වූ අධිකරණයට භාර දෙනවා.

අපි මේ උතුම් වූ අධිකරණය කෙරෙහි අසීමිත ලෙස ගරු කරන පිරිසක්. ඒ වගේම උතුම් වූ අධිකරණය විසින් යුක්තිය සහ සාධාරණත්වය ඉල්ලා සිටිනු ලබන ලිටිගන්ලට ලබා දෙනු ඇති බවට අපි දැඩිව විශ්වාස කරනවා. ඒ අනුව අධිකරණය විසින් අපට සහනයක් ලබා දෙනු ඇති බව අපි විශ්වාස කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *