September 20, 2026

“ජධපති” කිව්වේ බොරු! ඉන්ධන සහනාධාරයක් ගැන IMF සමග සාකච්ඡාවත් කර නෑ!

0
AKD_IMF

කටට එන පච එක දිගට කියන අනුර කුමාර දිසානායක ඊයේ (20) අකුරැස්සේ පැවති ජන රැළියේදි ජනතාව යලිත් මුලාවේ දමා තිබේ.එනම් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ලබන ඔක්තෝබර් මාසයේදී මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවුවහොත්, එහි බලපෑම ජනතාව මත සම්පූර්ණයෙන් පැටවීමකින් තොරව සහනාධාරයක් ලබාදී එය පාලනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

කටට එන ඔනෑම පචයක් හිරිකිතයකින් තොරව ජනතාවට පවසන අනුර ජනතාවට ඉතාම සමිප කාරණයක් සම්බන්ධයෙන් මේ අකාරයෙන් ප්‍රකාශ කිරිම ලැජ්ජාවට කරුණකි.

මේ සම්බන්ධයෙන් අප ජාත්‍යන්තර වාර්තාකරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් (IMF) හී ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකුගෙන් විමසිමක් කර තිබුනා. එහිදි ඔහු සදහන් කර ඇත්තේ නව ඉන්ධන සහනාධාරයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ දක්වා ශ්‍රි ලංකා රජය සාකච්ඡාවක් ආරම්භ කර නොමැති බවයි.මේ සම්බන්ධයෙන් කල සොයා බැලිමේදි රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ද එය තහවුරු කර තිබේ.

“ඉන්ධන මිල තවදුරටත් ඉහළ යාම මහජනතාවට බරක් වනවා පමණක් නොව, කාර්මික වතු, විදුලි උත්පාදන පිරිවැය සහ ප්‍රවාහන අංශයට ද බලපානු ඇත. එබැවින්, තත්ත්වය ස්ථාවර වන තෙක් සීමිත කාලයක් සඳහා ඉන්ධන සහනාධාරය ලබා දීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා පැවැත්වීමට අපි කැමැත්තෙමු,”

ඉන්ධන සහ බලශක්ති අංශ වැඩිවන පීඩනයකට මුහුණ දෙන බැවින්, රජය අප්‍රේල් මාසයේදී රුපියල් බිලියන 100 ක සහනාධාර පැකේජයක් ප්‍රකාශයට පත් කළ අතර එය මේ වනවිට අවසන් වි තිබේ. අදාළ ගෙවිම නතර කිරිම නිසා එම විදේශීය සමාගම් (Sinopec, Shell) ඔවුන්ගෙන් ඉන්ධන මිලදීගනු ලබන ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ලබා දීම දැඩි ලෙස සීමා කර ඇති අතර එය ඉන්ධන හිඟයට හේතුවක් ද වි තිබේ.

මෙම යෝජනා ක්‍රමය යටතේ, රජය ඩීසල් ලීටරයකට රුපියල් 100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20 දක්වා සහනාධාර ලබා දුන්නේය. මෙම යෝජනා ක්‍රමය සඳහා මසකට රුපියල් බිලියන 20 ක් පමණ වැය වූ අතර, මාස තුනක කාලය සඳහා මුළු වෙන් කිරීම රුපියල් බිලියන 60 කි. සහනාධාරය ජූලි මැද භාගයේදී අවසන් විය.

ඒ අනුව දැනට ඩීසල් ලීටරයකට රුපියල් 100 කට ආසන්න ප්‍රමාණයක් අහිමි වන බව පවසමින්, පෞද්ගලික සමාගම් විශේෂයෙන් ඩීසල් මිල වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *