බිමල් වරෙන් බඩ්ඩක් පෙන්නන්න! උතුරේ වීරයා කොටියෙක් බං!
උතුරේ බෙදුම්වාදීන් කොටි ත්‍රස්තවාදී ලුතිනන් කර්නල් තිලීපන්ගේ අලුතින් ඉදිකල නල්ලූර්හි ලෝකඩ ස්මාරකයකට මේ වනවිට වන්දනා කරමින් සිටි.ඒම පිරිස අතර පාසල් දරුවන්ද සිටින අතර එ සම්බන්ධයෙන් සොයා බැලු අප උතුරේ වාර්තාකරු සදහන් කළේ නල්ලූර් විදුහල්පතිවරුන්ට නිල නොවන අකාරයෙන් පාසල් දරුවන් එම ස්ථානයට යොමුකරන ලෙසට නියෝග කර ඇති බවයි.
සියලු තත්ත්වයන් මෙසේ තිබියදි දකුණේ ඇතැම් මොඩයන් තිලීපන් විරයෙකු ලෙස පෙන්විමට විවිධ කතා ලියමින් සිටි.ඉන් බහුතරයක් වත්මන් ආණ්ඩුවේ යාචක ජිවිත ගෙවන අය බව බැලු බැල්මටම පෙනේ.ඔහුන්ගේ ජිවිකාව එය නිසාම එය කරගෙන යෑමට ඔහුන්ට අයිතියක් ඇත. ඒ අතරම ආණ්ඩුවේ සභානායක පජාත අනුර දිසානායගේ JVP කාඩරයේ දෙවන නායක බිමල් රත්නායක කියන්නෙ ඥාතින් සහදේශපාලනඥයන් සැමරිමට ඔහුන්ට සදාචාරමය අයිතියක් ඇති බවයි.වහෙන් ඔරෝ බිමල් කියන දේ ඒ කොටස අපද පිලිගනිමු.නමුත් ඔහු එහිදි නොකියන කොටස කුමක්ද?
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන සංශෝධනයට ප්‍රකාරව රට බෙදීමට අනුබල දෙන ‘ මුදල් එක් රැස් කරන ‘ දේශනා කරන ආකාරයේ දෑ කිරීම නීතියෙන් තහනම් රට බෙදීමට එවැන්නක් සිදුකල ‘ තහනම් ත්‍රස්තවාදීන් සැමරීමට අනුබල දීම ‘ ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ට කල හැකිද යන්නයි. බිමල් උතුරේ සමරන ලුතිනන් කර්නල් තිලීපන් ත්‍රස්තවාදීයෙකු ලෙස හදුනාගෙන නැද්ද? එය එසේ විමට නොහැකි බව ඩොබින්ට හැර ඔනෑම අයෙකුට තෙරෙන දෙයකි.
එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරියෙකු වූ රාසයියා පාර්තිපන් නොහොත් ලුතිනන් කර්නල් තිලීපන් කවුද? කියා අපි කියනවාට වඩා කොටි ඩයස්පොරාවේ ලෝකය පුරා සිටින LTTE කාඩරයේ සමාජිකයන් එය සමරණ අකාරය නිරික්ෂණය කිරිමේන් අවබෝධ කර ගත හැක.
ලන්ඩනයේ ඩව්නිං වීදියේ ඉන්න තිලීපන්!
දෙමළ ඊලාම් රජයේ අනුග්‍රහය යටතේ “දින 12ක්, තේමාවන් 12ක්, ස්ථාන 12ක්” යන ධජය යටතේ එක්සත් රාජධානිය පුරා සංකේතාත්මක උපවාසයක් සහ දේශපාලන දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් මේ ලියන මොහොතෙන් කියාත්මක වෙමින් තිබේ.මෙම ව්‍යාපාරයේ පළමු දිනය අද ලන්ඩනයේ ඩව්නිං වීදියේදී පැවැත්විණි.

19 වැනිදා පෙ.ව. 11 සිට ප.ව. 3 දක්වා ඩව්නිං වීදිය ප්‍රදේශයේ සංකේතාත්මක උපවාසයක් පැවැත්විණි.මේ දැක්වෙන්නේ එම අවස්ථාවේ ගත් ඡායාරූප වේ.එහි තිලිපන්ගේ ඡායාරූපය බෙදුම්වාදී ඊළාම් සිතියම තුල නිර්මාණය කර ඇති අතර එම ස්ථානයේම ඊළාම් කොඩියද තබා තිබේ.
සමහරවිට දෙමළ ඩයස්පොරාවෙන් මුදල් ගත් වත්මන් ජනාධිපති අනුර දිසානයක ඇතුලු ආණ්ඩුවේ මේ මොහොතෙන් වරප්‍රසාද ලබන යාචක පැලැන්තිය සහ හිඟන ඩොබී පරම්පරාව ඇතැම්විට මේ තිලිපන් සහ උතුරේ තිලිපන් යනු දෙදෙනෙකු යැයි කියන්නට බැරිය.
පජාත අනුරට, JVP කාඩරයේ අම්බරුන්ට සහ ඩොබින්ට!
එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරියෙකු වූ රාසයියා පාර්තිපන් නොහොත් ලුතිනන් කර්නල් තිලීපන් වුයේ නිකම්ම නොවේ ඔහු බෙදුම්වාදී තහනම් LLTE සංවිධානයේ අවි දැරු අයෙකි.එපමණක් නොව තවත් රහසක් තිබේ. ඒ ඔහු කිසිදිනක සුවකල නොහැකි රෝගයකින් පෙළ ුණු අයෙකුද වේ.ඒ අනුව තිලිපන් කර්නල් වුයේ රටක පිළිගත් හමුදාවක් විසින් පිරිනමන ලද තනතුරකින් නොවේ. LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා ලබාදුන් තනතුරකිනි.ඒ අනුව තිලිපන් යනු බෙදුම්වාදී ත්‍රස්තවාදීයෙකි.
කොටි ත්‍රස්තවාදී ලුතිනන් කර්නල් තිලීපන් විරයෙකු සේ පෙන්වන්නට,එම සැමරුම් සාධාරණීකරණය කිරිමට උත්සහ දරණ වත්මන් ආණ්ඩුවේ මැති/ඇමතිවරුන් සහ කාඩරයේ නිවටයින් අනාගතයේ පරිස්සම් විය යුතුය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 06 වන සංශෝධනයට ප්‍රකාරව රට බෙදීමට අනුබල දෙන ‘ මුදල් එක් රැස් කරන ‘ දේශනා කරන ආකාරයේ දෑ කිරීම නීතියෙන් තහනම් රට බෙදීමට එවැන්නක් සිදුකල “තහනම් ත්‍රස්තවාදීන් සැමරීමට අනුබල දීම ‘ ලංකා පාර්ලිමේන්තුවේ මැති ඇමති වරුන්ට කල හැකිද “
1983 අගෝස්තු 8 දින සම්මත කරන ලද මෙම සංශෝධනය මගින් ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හා ඒකීයභාවයට අදාළව වැදගත් ව්‍යවස්ථාමය වෙනස්කම් සිදු කරන ලදී.ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට සහාය දැක්වීම, ප්‍රවර්ධනය කිරීම, අනුබල දීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටීම ව්‍යවස්ථාමය වශයෙන් තහනම් කරන ලදී.
“දකුණු ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව යටතේ, රාජ්‍යයට එරෙහිව සන්නද්ධ කැරලි මෙහෙයවූ ජවිපෙ නායක රෝහණ විජේවීරගේ උත්කර්ෂවත් අනුස්මරණය සඳහා රාජ්‍යය නිල වශයෙන් අවසර දී පහසුකම් සපයනවා – ඔහු දහස් ගණනක් සිංහල ජීවිත අහිමි කළා.”
“රාජ්‍යයේ නීතිමය යාන්ත්‍රණය තුළ එවැනි ඉඩක් තිබේ නම්, ඊලාම් දෙමළ ජනතාවට තම ජනතාව වෙනුවෙන් මූලික ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් එකදු ජල බිඳුවක්වත් නොමැතිව ප්‍රචණ්ඩකාරී නොවන මාරාන්තික උපවාසයක යෙදී තම ජීවිතය පූජා කළ තියාග දීපම් තිලීපන් සිහිපත් කිරීමට අයිතියක් නැද්ද” යන්න උතුරේ දෙමල ජනතාව දැන් ප්‍රසිද්ධියේ ප්‍රශ්ණ කරමින් සිටි.
විජේවිරද ත්‍රස්තවාදීයෙකු බව අප අමුතුවෙන් කියාදිය යුතු නැත,නමුත් එකම වෙනස වන්නේ ඔහු රට දෙකඩ කිරිම සදහා ත්‍රස්තවාදය මෙහෙය නොවිමයි. ඔහු ඇතුලු JVP කාඩරයම හැමවෙලාවෙම උත්සහ කළේ රාජ්‍ය බලය අල්ලා ගැනිමටය.අදටත් ඒ හීනෙන් ඇහැරෙන්න ඔහුන්ට හැකියාව නැත.කතිරයකින් බලය ලබා ගැනිම සහ ඒ ලබාගත් බලය රටේ ජනතාවගේ සුබසෙත වෙනුවෙන් යොමුකිරිමට තරම් හැකියාවක්,දැණුම මෙන්ම හැකියාවන් නැති බව වසර දෙකක් තුල ඔප්පුකර හමාරය.
