September 20, 2026

සලේ බලු කුඩුවේ! තිලීපන්ගේ ලෝකඩ ප්‍රතිමා හදයි! රටට ගිය කලක්!

0
Lt Col Thileepan

උතුරේ සිංහල ජනාවාසකරණ නවතා දමන ලෙසට හා ඉන්දීය රජය එල්.ටී.ටි.ඊ. සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් 1987 සැප්තැම්බර් 15 වන දින සිට 1987 සැප්තැම්බර් 26 වැනිදා දක්වා උපවාසයක නිරතව සිටිය දී ජීවිතක්ෂයට පත්වූ තිලීපන් සැමරීම වෙනුවෙන් නල්ලූර්හි අලුතින් ලෝකඩ ස්මාරකයක් ස්ථාපිත කර තිබේ. ලුතිනන් කර්නල් තිලීපන්ගේ ප්‍රතිමාව ලෙස නම්කර ඇති එය දශක හතරකට ආසන්න කාලයක් පුරා දිවි පිදූ දෙමළ නිදහස් සටන්කරුවා ලෙසද නම් කර තිබේ.

එල්.ටී.ටි.ඊ. සංවිධානයේ ක්‍රියාකාරියෙකු වූ රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන්, 1987 වසරේ සැප්තැම්බර් මස 15 වනදා ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ ය.1987 වසරේදී තිලීපන් නල්ලූර් කන්දස්වාමි කෝවිලේදී ආහාර හා ජලය නොමැතිව සිය උපවාසය ආරම්භ කළ වේලාව වූ පෙරවරු 9.45ට පමණ මෙම උත්සවය ආරම්භ විය.

නල්ලූර්හි පිහිටි ඔහුගේ ස්මාරකය අසලදී, සටන් බිමේදී දිවි පිදූවන්ගේ පියෙකු වන ප්‍රවීණ සටන්කාමී බෂීර් කාක්කා විසින් සමරු පහන දැල්වූ අතර, ඉන් අනතුරුව ඊට සහභාගී වූවන් මල් දාම පළඳවා මල් ඉස උපහාර දක්වා තිබේ.

තිලීපන් සිය උපවාසය ආරම්භ කළ ස්ථානයේ ඉදිකර තිබූ ස්මාරක කුළුණ, 1996 දී යාපනය අත්පත් කර ගැනීමෙන් පසු ශ්‍රී ලංකා හමුදාව විසින් විනාශ කරන ලැබු අතර පසුව සටන් විරාම කාලය තුළ එය නැවත රහසේම ඉදිකළද, 2007 දී දෙවන වරටත් 4වන ඊළාම් යුද්ධය සමග විනාශ කෙරුණු අතර, 2012 දී එහි ඉතිරිව තිබූ කොටස් ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.

ඉන්දු-ලංකා ගිවිසුමෙන් අනතුරුව, දෙමළ ජනතාවට බලපාන කරුණු පහක් සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය යොමු කරවා ගැනීමේ අරමුණින් තිලීපන් සිය උපවාසය ආරම්භ කළ අතර ඒම ඉල්ලීම වුයේ

සිංහල රජයේ හමුදා දෙමළ ජනයා ජීවත්වන ප්‍රදේශවලින් ඉවත්කර ගත යුතු යි

දෙමළ ජනයා වෙසෙන පළාත්වල දෙමළ ජනයාගේ අතුරු ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපනය මුවාවෙන් සිදුකෙරෙන සිංහල ජනපදකරණය නවතාලිය යුතු යි

දෙමළ ජනයා වෙසෙන උතුරු-නැගෙනහිර සිංහල පොලිස් ස්ථාන හා කඳවුරු අලුතින් පිහිටුවීම රජය විසින් නැවැත්විය යුතු යි

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යි

දෙමළ ප්‍රදේශවල පාසැල් තුළ රැඳී සිටින ශ්‍රී ලංකා හමුදා හා පොලිස් බල ඇණි ඒවායින් ඉවත්කළ යුතු අතර, රජය විසින් ග්‍රාමාරක්ෂකයන්ට ලබා දී ඇති ආයුධ ඉන්දීය හමුදා අධීක්ෂණය යටතේ නැවත ලබාගත යුතු යි යන ඉල්ලිම්ය.

1987 සැප්තැම්බර් 20 වනදා තිලීපන් අවසාන වතාවට ජාතිය අමතන්නේය.

සහෝදරවරුනි තවත් ටික දිනකින් මා මියෙනු ඇත..එහෙත් නුඹලාගේ අයිතිය වෙනුවෙන් සටන් කරන දහස් ගණනක විමුක්ති කාමීන්ගේ උපත මාගේ මරණය සමගම සිදුවනු ඇත….

සමහර බෙදුම්වාදීන් සමග එකට සැතපෙන්නන් තිලීපන් විරයෙකු ලෙස පෙන්විමට දරණ උත්සහය තවමත් අවසන් වි නැත.එය උතුරට පමණක් නොව දකුණේද එලෙසම පවතින සන්දර්භයකි. ඔහු විරයෙක්ද? රටක් බෙදිම සදහා බෙදුම්වාදී,මතවාදි,අවිගත් ත්‍රස්තවාදී යුද්ධයක් මෙහෙයවු තිලීපන් විරයෙක් වන්නෙද?

ඔහුට “ලුතිනන් කර්නල්”යන හමුදාවක් භාවිතා කරන තනතුරක් පිරිනැමුවේ කවුද? එය රටක පිළිගත් හමුදාවක් විසින් පිරිනමන ලද්දක්ද? නැත එය මේ රට බෙදා වෙන්කිරිම සදහා අමානුෂිය යුධ උපක්‍රම භාවිතා කල LTTE ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා ලෙස සිටි,හතරවන ඊළාම් යුද්ධයේදි වෙල්ලිමුල්ලිවයිකාල් වලදි ශ්‍රි ලංකාවේ නිළ හමුදාව විසින් ඝාතනයට ලක්කල ප්‍රභාකරන් විසින් දුන් නාමයකි.එම නාමය සහිත ලෝකඩ ස්මාරකයක් නල්ලුර් වල ඉදිකිරීමට තරම් ඉඩ දිමට වත්මන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුලු පාණ්ධුව කටයුතු කර තිබේ.බෙදුම්වාදී තහනම් සංවිධානයක හමුදා නිළ නාමයක් සහිතව පිළිමයක් විවෘත කිරිමට බලය දුන්නේ කවුද? වහාම රටට හෙලිකල යුතුය.

එක අතකට ඒ සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත, ඒ ජනාධිපති විම සදහා කොටි ඩයස්පොරාවෙන් මුදල් ලබාගත් එම මුදල් වෙනුවෙන් රට බෙදුම්වාදී දිශානතීයට ඇදගෙන යන මාලීමාව සහ JVP බලයේ සිටිමය.

30වසරකට වැඩි බෙදුම්වාදී,ත්‍රස්තවාදී LTTEය මුළුමනින්ම අවසන් කල ඒ සදහා සිය ජිවිතය දුන් විරුවන් සෙබළුන් විය, සිය බුද්ධිය රට වෙනුවෙන් මෙහෙය වු සුරේෂ් සලේ වැනි විරුවන් මාස ගණනාවක් බලු කුඩු වල ලැග සිටියදි ලුතිනන් කර්නල් තිලීපන්ගේ ප්‍රතිමා විවෘත කිරිමට තරම් රටක් නිර්මාණය කිරිමට දායක වු හැමදෙනෙකුගේම හaද සාක්ෂීය නැවත කියවා ගත යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed