“මම ගත්ත සල්ලි අනුරට සහ වසන්තට දුන්නා” දැන් එයාලවත් අල්ලනවාද? මස් විතරක් ඉල්ලන අල්ලස් කුක්කාට ප්‍රශ්ණාවලියක්!
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ සභාව විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ හට එම විමර්ශණ සභාව චොදනා ගොනු කරමින් මහෙස්ත්‍රාත්වරයා වෙත සැපයෙන තොරතුරු හෙවත් B වාර්තාව මේ වනවිට අප විශේෂ වාර්තාකරුවෙකු විසින් ලබාගෙන තිබේ. ඒ අනුව එම සම්පූර්ණ B වාර්තාව අප පහල දක්වා ඇති අතර අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ සභාවේ සහ එහි විමර්ෂකයන්ගෙන් අපට ඇසීමට ඇති ප්‍රශ්ණ කිහිපයක් අප මේ හරහා විමසිමට ලක්කර තිබේ.
ඒ අනුව,
නිමල් පෙරේරා විසින් මන්ත්‍රී නාමල් රාජපක්ෂට ඩොලර් මිලියනයකට අධික මුදල ලබාදුන් ආකාරය කුමක්ද?
අවස්ථා කිහිපයකදී මෙම මුදල ලබාදුන් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කරයි.2015-2016 වසර වලදී එලෙස ලබාදුන් සල්ලි සුට්කේස් වල දාලා වහලා ගෙනියන්න පුළුවන්ද?
මෙම මුදල් ලබාදුන් බවට මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ සම්බන්ධයි.ඇයගෙන් කට උත්තරයක් ගන්තාද?
මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත් පදනම කුමක්ද? නිමල් පෙරේරාගේ ප්‍රකාශ මත පමණක් අත්අඩංගුවට ගන්නේද?
සල්ලි දීපු ආකාරය ගැන නිමල් පෙරේරාගෙන් කටඋත්තරයක් අරගෙන තියෙනවාද?
සිංගප්පූරුවේ සිට සල්ලි ගෙනාවේ නීත්‍යානුකූලවද?එසේ නම් ලංකාවේ බැංකු පද්ධතිය තුල සටහන්වී තිබෙනවාද?
සල්ලි අරගෙන යන බව ආරක්ෂක නිළධාරීන් දුටු බව අල්ලස් කොමිසම අනාවරණය කරගෙන තිබේ.එම නිළධාරීන්ගෙන් කටඋත්තර ගත්තාද?
මෙම නඩුවට අදාලව පළමු,දෙවන හා තෙවන සැකකරුට ඇප ලබාදී තිබේ.හතරවන සැකකරු වන නාමල් රාජපක්ෂ සුවිශේෂී කරගන්නේ ඇයි?
නිමල් පෙරේරාට ලංකාවට එන්න බැරි ඇයි?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නිසා පරීක්ෂණ මගහැරී විදේශ ගතවෙයි කියා ඔබ හිතනවාද?
මෙම අත්අඩංගුවට ගැනීම තුලින් දඩයමක් කරන බව පෙනෙයි.ඒ සඳහා ඕනෑම ක්‍රමයක් අනුගමනය කරන බව ඉතාම පැහැදිලිය. මස් විතරයි ඕනි,අල්ලස් කොමිසම ඔබතුමාගේ අධිකරණයත් නොමඟ යවන බව හොදින්ම පෙනෙන්නට තිබේ.එපමණක් නොව මේ රටේ ඉන්න තවත් පුද්ගලයින්ගේ නම් මේ නඩුවේදී කියන්න පුළුවන්.මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියනවා මම ලබාගත් මුදල් අනුර කුමාර දිසානායකට හා වසන්ත සමරසිංහට දුන්නා කියලා.එතකොට ඒ අයත් අල්ලනවාද?
වැඩිදුර කරුණු වාර්තා කරමින් අත් අඩංගුවට ගත් සැකකරුවකු ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම.
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, කාල්ටන් නිවස, මහවෙල පාර, තංගල්ල
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ සභාව
මහෙස්ත්‍රාත්වරයා වෙත සැපයෙන තොරතුරු
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය
නඩුවේ අංකය
2026/01/73294
2023 අංක 09 දරන දුෂණ විරෝධි පනත 48 වන වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කරන වාර්තාව
ගරු මහෙස්ත්‍රාත් තුමා වෙත.
යුක්තියට
ශ්‍රී ලංකා ගුවන් සේවය වෙත පුළුල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදි සිදුව ඇති අක්‍රමිකතාවය සම්බන්ධව 2019 10.21 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. එස්. අබේසේකර මහතා විසින් සහ ශ්‍රි ලංකා ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී සහ බදු පදනම මත ලබා ගැනීමේදි එයාර් බස් සමාගම විසින් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ විධායක නිලධාරියෙකුගේ බිරිඳකට අල්ලස් මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 2 කට ආසන්න මුදලක් ලබා දීම තුළින් අල්ලස් හෝ දූෂණ ක්‍රියාවක් සිදු වී ඇති බවට ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නීති අංශ ප්‍රධානි මයුක අජිතංජය රණසිංහ යන අය විසින් 2020.02.05 දින කරන ලද පැමිණිලි විභාග කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍ර.පො. ප. ඒ. එච්. එම්. ගාමිණි අබේසිංහ වන මම මෙයින් වාර්තා කරමි.
පරික්‍ෂණයේදි නිශ්චය කොට දැනගත් කරුණු සහ පැමිණිල්ල සනාථ සරන තවත් සාක්ෂි කරුවන් සිසිවෙකු වෙත් නම්, ඔවුන්ගේ සාක්‍ෂි 2026.03.12 වන දිනැති මුල් කරුණු වාර්තා කිරීම හා අනිකුත් වාර්තා හා සබැදේ,
මෙම විමර්ශනයට අදාළ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන යන අය 2026.05.08 දින මියගොස් ඇති බවට ලද තොරතුරු අනුව ඔහු මියගිය බව සදහන් අංක 37, පෙඩ්රික් පෙදෙස, කොළඹ 03 ලිපිනයේ පදිංචි අනුෂ්කා ප්‍රියංගි විජේනායක යන අය කැදවා ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන ලදි. ඇය ප්‍රකාශය ලබා දෙමින් මෙම කපිල චන්ද්‍රසේන යන අය තමාගේ බාල සහෝදරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායකගේ ස්වාමියා බවත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම කපිල චන්ද්‍රසේන යන අය 2026.05.07 දින තමාගේ අංක 37, පෙඩ්රික් පෙදෙස, කොළඹ 03 ලිපිනයට පැමිණි බවත් එදින රාත්‍රී තමාගේ නිවසේ රැදී සිටිය බවත්, ප්‍රකාශ කළ අතර 2026.05.08 දින උදෑසන කපිල
චන්ද්‍රසේන මියගොස් සිටි බවත් ඊට අදාල මරණ පරීක්ෂණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නඩු අංක යටතේ සිදු කරණු ලබන බවත් මෙතෙක් පරීක්ෂණ කටයුතු සිදු කරන බැවින් මරණ සහතිකය නිකුත් කර නොමැති බවත් ප්‍රකාශ කර ඇත. මෙම කපිල චන්ද්‍රසේන යන අය මියයෑම තහවුරු වන බැවින් නිකුත් කරන ලද වරෙන්තුව නැවත කැදවන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිමි.
දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අය පළමු සැකකරුගේ බිරිඳ වන අතර ඇයට පුර්ණ අයිතිය හිමිව තිබූ BIZ Solutions INC නැමති සමාගමට අයත් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ අංක 0107130602 දරන ගිණුමකට 2013.12.27 දින Airbus SAS සමාගමේ මව් සමාගමට අයත් EADS France S.A.S නැමති සමාගමේ SMO අංශය නමින් ඇති NATIXIS බැංකුවේ ගිණුමක් මගින් යොමු අංක IBAN FR7630007999990479574400064 40 EUR 1,454,651.24 ໑ ຫຼື ບ 5 ລ ລ අනාවරනය වී ඇති අතර එය උපදේශන සේවා සැපයීමක් සඳහා බව පෙනී ගියද, එවැනි උපදේශන සේවාවක් ලබා දී නොමැති බව අනාවරනය වී ඇත. මෙම දෙවන සැකකාරිය මේ වන විට ශ්‍රී ලංකාවෙන් පිට වී ජීවත්වන අතර ගරු අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති අතර ඊට අදාල ජාත්‍යන්තර පොලීසියෙන් (Interpol) රතු නිවේදන ලබා ගැනීමට කටයුතු කර ඇත.
තුන්වන සැකකරු වශයෙන් නම්කර ඇති ශර්මන්ද්‍ර පුන්සිරි රාජපක්ෂ යන අයගේ ඉල්ලීම අනුව දෙවන සැකකාරියගේ BIZ Solutions INC නැමති සමාගමට අයත් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ අංක 0107130602 දරන ගිණුමට ලද EUR 1,454,651.24 ක මුදලින් EUR 160,400/-ක (රුපියල් 25,978,830/-ක) මුදලක් ශ්‍රී ලංකාවේ නේෂන් ට්‍රස්ට් බැංකුවේ අංක 500100006974 දරණ SL Agro (Pvt)Ltd නැමති ගිණුමක් වෙත මුදල් හුවමාරුවක් සිදු කර ඇති අතර එම SL Agro (Pvt) Ltd ආයතනයේ හිමිකරු වන රූපසිංහ ආරච්චිගේ ප්‍රදීප් වමින්ද ජනක රූපසිංහ යන අය විසින් මෙම මුදල් ලැබුණු ආකාරය තමා නොදන්නා බවත් තුන්වන සැකකරුගේ ඉල්ලීම මත ගිණුම් අංකය ලබා දුන් බවත් එම ගිණුම් අංකයට පසුව රුපියල් 25,978,830/-ක මුදලක් තැම්පත් වී තිබුණු බවත් එම මුදල් ශමින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව චෙක්පත් මගින් හා මුදලින් ලබා දී ඇති බවත් අනාවරණය වී ඇත. මෙම තුන්වන සැකකරු ද ශ්‍රී ලංකාවෙන් පිට වී විමර්ශනය මග හරිමින් සිටින අතර මේ වන විට ගරු අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අතර ජාත්‍යන්තර පොලීසියෙන් (Interpol) රතු නිවේදන ලබා ගැනීමට කටයුතු කර ඇත.
මෙම විමර්ශනයට සමගාමීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධ විමර්ශනයක් සිදු කරනු ලබන අතර 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 61 වන වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග මෙම විමර්ශනය හවුල් විමර්ශනයක් වශයෙන් සිදු කරනු ලබයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට අදාල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අංක B 14363/2019 යටතේ කරුණු වාර්තා කර ඇති අතර 2026.09.16 වන දිනට වැඩිදුර වාර්තා ගොනු කිරීමට නියමිතව ඇත.
හතරවන සැකකරු වශයෙන් අද දින අත් අඩංගුවට ගෙන ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරණු ලබන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ සම්බන්ධව පහත පරිදි කරුණු අනාවරණය වී ඇත.
තවද, දෙවන සැකකාරිය වශයෙන් නම්කර සිටින ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට අයත් BIZ Solutions INC නැමති සමාගමට අයත් සිංගප්පූරුවේ ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුවේ අංක 0107130602 දරන ගිණුමෙන් 2014.11.19 සහ 2014.12.22 දිනයන්හි සිංගප්පූරුවේ OCBC බැංකුවේ Sabre vision holdings Itd නමැති සමාගමට අයත් ගිණුමකට ඇමරිකානු ඩොලර් 400,000/- බැගින් දෙවරක්, ඇමරිකානු ඩොලර් 800,000/- ක් තැම්පත් වීම සම්බන්ධව අංක 90, හෝටන් පෙදෙස, කොළඹ 07 පදිංචි ඩබ්.ඩබ්.ඩී. නිමල් හේමසිරි පෙරේරා යන අයට ප්‍රකාශ ලබා ගැනීමට කැදවීම් කළ අතර ඔහු මීට පෙර මෙම සිදුවීමට අදාලව මුදල් විශුද්ධිකරණයට අදාල නඩුවක් සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ ප්‍රකාශයක් ලබා දුන් බවත් විදේශගත වීමෙන් පසු එම ප්‍රකාශ ලබාදීම හේතුවෙන් තමාට මරණ තර්ජන පවතින බැවින් ශ්‍රී ලංකාවට නැවත නොපැමිණෙන බවත්, විදේශයක සිට ප්‍රකාශ ලබා දීමට හැකියාව පවතින බව දන්වා නීතීඥයින් මගින් ලිපියක් ඉදිරිපත් කර තිබුණි. එම ලිපිය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඔහු රැඳී සිටින
ස්ථානයක සිට ප්‍රකාශය ලබාගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් සූදානම් කර ඒ සඳහා ඔහුට පවතින හැකියාව සම්බන්ධයෙන් විමසීම් කළ අතර ඔහු විසින් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් කාර්යාලයේ දී එම ප්‍රකාශ ලබා දීමට හැකියාව පවතින බව දැන්වීම හේතුවෙන් හවුල් විමර්ශනයක් විමර්ශන නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රකාශය ලබා ගැනීමට කටයුතු කළ අතර 2026.07.20, 21 සහ 27 දිනවල මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දී ඇත.
එම ප්‍රකාශ මඟින් ධම්මික පෙරේරා මහතා විසින් ඩෙල්මේජ් සමූහ ව්‍යාපාරය ඔහු සතු කර ගැනීමෙන් පසු ඔහුගේ ඉල්ලීම පරිදි තමා ඩෙල්මේජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ධූරයට පත්වූ බවත් එසේ පත්වීමෙන් පසු නිල බලයෙන් ඩෙල්මේජ් සමාගමේ කළමනා කරණ අධ්‍යක්ෂ හට Sabre vision holdings Itd සමාගමේ පරම අයිතිකරු ලෙස පත්වීමක් ලැබීම හේතුවෙන් Sabre vision holdings Itd සමාගමේ පරම අයිතිකරු ලෙස තමා පත්වූ බව ප්‍රකාශ කර ඇත. එමෙන් ම Sabre vision holdings Itd සමාගමට අයත්ව සිංගප්පූරුවේ OCBC බැංකුවේ 2014 මුල් කාර්තුවේ දී ගිණුමක් විවෘත කර පවත්වා ගෙන ගිය බවත්, එහි ගිණුම් අංකය 503195653301 වන බවත්, 2015 වර්ෂය දක්වා එම සමාගමේ පරම අයිතිකරු වශයෙන් තමා කටයුතු කළ බවත් ප්‍රකාශ කර ඇත.
තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුතා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ සමීපව ඇසුරක් පැවැත්වූ බවත්, එසේ ඇසුර පවත්වන අතරතුර දිනයක නාමල් රාජපක්ෂ මහතා විසින් ඔහුගෙන් සිංගප්පුරුවේ ගිණුමක් තිබේදැයි විමසා සිටි බවත් එසේ අසා සිටියේ කොළඹ 05, ෆ්ලවර් ස්ට්‍රීට් වීදියේ පිහිටි ඔහුගේ කාර්යාලයේ දී බවත් ප්‍රකාශ කර ඇත. තවද එසේ ගිණුමක් සම්බන්ධයෙන් විමසුවේ කුමක් සඳහා දැයි තමා විසින් නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේ දී උපදේශන සේවාවක් ලබා දීම වෙනුවෙන් ලැබිය යුතු විදේශ ගෙවීමක් ලබා ගැනීම සඳහා බව දැනුම් ම්දීම හේතුවෙන් චකිතයකින් තොරව ව්‍යාපාර කටයුතු සඳහා පවත්වා ගෙන ගිය Sabre vision holdings Itd සමාගමේ ගිණුම් අංකය නාමල් රාජපක්ෂ මහතාට ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇත. ඉන් පසු කිහිපවරක් නාමල් රාජපක්ෂ මහතා විසින් එම ගිණුම් අංකයට කිසියම් මුදලක් ලැබී තිබේදැයි විමසා සිටි බවත්, පසුව තමා විසින් බැංකුවෙන් කරන ලද විමසීමක් අනුව එම ගිණුමට ඇමරිකානු ඩොලර් 400,000/- බැගින් අවස්ථා දෙකකදී ඇමරිකානු ඩොලර් 800,000/- ක මුදලක් බැර වී තිබුණු බව තබා දැනගත් බවත් ප්‍රකාශ කර ඇත.
එසේ ඇමරිකානු ඩොලර් 800,000/- ක මුදලක් ගිණුමට ලැබී ඇති බව නාමල් රාජපක්ෂ මහතා වෙතදැනුම්දීමෙන් පසු එම මුදල ලංකාවේ දී කෑෂ් වලින් ලබා දෙන ලෙස තමාගෙන් ඉල්ලීමක් කළ බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව එම මුදල ශ්‍රී ලංකාවේ විනිමය අනුපාත අනුව රුපියල් මිලියන 100 ක ප්‍රමාණයකට ගණනය වූ බවත්, ඒ අනුව තමා සතුව සේප්පුවේ තිබූ මුදලින් වරින් වර අවස්ථා කීපයක දී නාමල් රාජපක්ෂ මහතා වෙත2014 සහ 2015 වර්ෂ වල දී කොටස් වශයෙන් ලබාදුන් බවත්, අවස්ථා තුන හතරක දී පමණ ගර්වස් වීදියේ පිහිටි ඔහුගේ කාර්යාලයට ගොස් ලබා දුන් බවත්, ඊට අමතරව තවත් අවස්ථා කීපයකදී අංක 90, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ පිහිටි තම නිවසට පැමිණි විට නාමල් රාජපක්ෂ මහතා හට ලබා දුන් බවත් ප්‍රකාශ කර ඇත. එමෙන් ම මෙසේ මුදල් දෙන අවස්ථාවන්වල තමාගේ රියදුරු වශයෙන් සිටි හේමන්ත කුරුප්පු යන අය සමඟ මුදල් පාර්සල් රැගෙන ගොස් ලබා දුන් බවත්, නිවසට පැමිණි අවස්ථාවන් වල නිවසේ ආරක්ෂක නිලධාරියා වශයෙන් සිටි රංජිත් සිල්වා මෙම මුදල් ලබා දීම පිළිබඳව දැනුවත්ව සිටි බවත් ඒ අනුව හේමන්ත කුරුප්පු හා රංජිත් ද සිල්වා යන අය මෙම නාමල් රාජපක්ෂ මහතාට මුදල් ලබා දීම පිළිබඳව දැනුවත් බවත් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් 800,000/- ක මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 100 ක මුදලක් වශයෙන් නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දුන් බව ප්‍රකාශ කර ඇත.
එමෙන් ම පසු අවස්ථාවක මෙම ඇමරිකානු ඩොලර් 800,000/- ක මුදල Sabre vision holdings Itd සමාගමේ සිංගප්පූරුවේ OCBC බැංකුවේ ගිණුමට ලැබී තිබුණේ BIZ Solutions INC නමැති සිංගප්පූරුවේ ස්ටාර්ටඩ් වාර්ටඩ් බැංකුවේ ගිණුමකින් බව තමා දැනගත් බවත්, එම ගිණුමට අදාළ සමාගමේ අයිතිය තිබූ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට අයත් බවත්, ඇයගේ ස්වාමියා ශ්‍රි ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රසේන මහතා බව දැනගත් බවත් ප්‍රකාශ කරන ලද අතර තමා කිසිදු අවස්ථාවක මෙම සිදුවීමට අදාළව හෝ වෙනත් කටයුත්තක් සඳහා හෝ ඔවුන් සමඟ කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවත්, කිසිදු අවස්ථාවක හමුවී නොමැති බවත්, කිසිදු අවස්ථාවක දුරකතනයෙන් හෝ කතා කර නොමැති බවත් ප්‍රකාශ කර ඇත. එමෙන් ම ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගම සමඟ තමාගේ ව්‍යාපාරික කිසිදු සම්බන්ධතාවයක් නොතිබූ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම ගණුදෙනුවට අදාළව ලැබුණු මුදල අල්ලස් වශයෙන් ලැබුණු මුදලක් බව තමා දැනගත් පසු නාමල රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළ බවත්, එහිදී ” කලබල නොවී ඉන්න ” යනුවෙන් තමා වෙත දැනුම් දුන් බවත්, පසු අවස්ථාවක මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් කළ අවස්ථාවකදී ඒ පිළිබඳව නාමල් රාජපක්ෂ මහතා දැනුවත් කළ බව ද තමාගේ නීතීඥයින් වන සුදත් පෙරේරා ඇසෝ සෙයිඩ් සමාගම දැනුවත් කළ පසු අවශ්‍ය උපදෙස් ලබාදුන් බවත් නාමල් රාජපක්ෂ මහතා විසින් වැඩිදුර උපදෙස් ලබා ගැනීම සඳහා ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා හමුවන ලෙස දැනුම්දුන් බවත්, ඒ අනුව තමා ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා හමුවී උපදෙස් ලබා ගත් බවත්, එහිදී සම්පත් මෙන්ඩිස් මහතා දැනුම් දුන්නේ නාමල් රාජපක්ෂ මහතා වෙත වෘත්තිය සේවා ගාස්තු වෙනුවෙන් ලැබිය යුතු මුදලක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කරන ලෙසයි. එය සුදත් පෙරේරා ඇසෝ සෙයිඩ් සමාගමේ නිලධාරීන් වෙතදැනුම්දුන් අතර ඔවුන් ද එසේ ප්‍රකාශ කිරීම සුදුසු බව දන්වා ඇති බවත්, ප්‍රකාශය ලබා දී පැමිණි පසු නාමල් රාජපක්ෂ මහතා ” ඕල් ඕකේ නේද?” කියා තමාගෙන් ඇසූ බවත් ප්‍රකාශ කර ඇත.
පසුව 2020 – 2024 කාලය තුළ කිහිපවරක් නාමල් රාජපක්ෂ මහතාගෙන් ” නඩු කටයුතු ඉවර කරගන්නේ නැත්තේ ඇයි? ” කියා විමසූ බවත්, එයට නිසි පිළිතුරක් නොලැබුණු බවත්, 2024 දෙසැම්බර් මස හෝ 2025 ජනවාරි මස දී නිවාඩුවක් සඳහා ඕස්ට්‍රේලියාට ගොස් සිටින අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නැවත කැඳවීමක් ලැබුණු බවත්, එහිදී නාමල් රාජපක්ෂ මහතාට ඒ පිළිබඳව දැනුම්දුන් බවත්, ඔහුගේ ඉල්ලීම වූයේ පෙර පරිදිම ප්‍රකාශය ලබාදෙන ලෙස බවත්, ඒ අනුව තමා ලංකාවට පැමිණ ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා හමු වී තත්වය පැහැදිලි කර තමා ඇත්ත පවසන බව ඔහුට දැනුම්දුන් බවත්, ඒ පිළිබඳව ඔහුට උපදෙසක් ලබාදිය නොහැකි බව දැනුම්දුන් බවත් ප්‍රකාශ කර ඇත. තමා නීතීඥයෙකු සමඟ ගොස් 2025.01.11 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් බවත්, සතියක් ඇතුළත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ ද ප්‍රකාශයක් කළ බවත්, ඉන් පසු නාමල් රාජපක්ෂ මහතා සමඟ තිබුණු සියළු සම්බන්ධතා නැවැත්වීමට කටයුතු කළ බවත් ප්‍රකාශ කර ඇත. එම ප්‍රකාශ ලබා දීමෙන් පසු තමාගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ලබාදුන් බවත්, අවස්ථා කීපයකදී තමාට විවිධ අයවළුන් විසින් “රාජපක්ෂලා පාවා දෙනවා ” යනුවෙන් තර්ජනාත්මක සමාජ මාධ්‍ය දැන්වීම් පළ වූ බවත්, 2025 මාර්තු මාසයේ දිනයක තමාව කොළඹ පොලිස් පාර්ක් ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බවට පුවතක් පැතිර ගිය බවත්, එම හේතුවෙන් තමා දැඩි මරණ හියකින් සිටි බවත්, 2025 ජුනි 29 වන දින ආරක්ෂක අංශ දැනුවත් කර ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින තමාගේ දෙවන පුතාගේ විවාහ මංගල්‍ය උත්සවයට පැමිණ සිටින අතරතුර මිතුරකු විසින් අජිත් ගාල්ලගේ නමැති තවත් මිතුරකු පැමිණ සිටින බවත්, ඔහුට විශේෂ පණිවුඩයක් කීමට ඇති බවත්, පුද්ගලිකව ඔහු සිටින ස්ථානයට ගොස් හමුවන ලෙස දැනුම්දුන් බවත්, ඒ අනුව අජිත් ගාල්ලගේ වෙත දුරකතන ඇමතුමක් 2025.08.14 වන දින ලබාගත් අවස්ථාවක දීර්ඝ විස්තරයක් කළ බවත් ප්‍රකාශ කර ඇත. එම දුරකතන ඇමතුම අනුව ඔහු බර්ඩ්ස් පාර්ක් හෝටලයේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ඇප ලැබෙන තෙක් රඳවා සිටින බවත්, බන්ධනාගාරයේ දී තමාව ඝාතනය කිරීමට සැළසුම් කර ඇති පිරිස හමු වූ බවත්, ඔවුන් තමාගේ නම සඳහන් කර හඳුනනවාදැයි විමසූ විට හිතවතෙකු බව සඳහන් කළ පසු තුන්වතාවක් තමාව ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ බවත්, අනිවාර්යෙන් ම ඝාතනය කරන බවත්, හිතවතෙකු හැටියට කුමන හේතුවකටවත් ලංකාවට නොඑන ලෙස දන්වා සිටි බවත්, ඔවුන්ට තමා මරා දැමීමට අණ දුන්නේ කවුරුන්දැයි විමසු විට උග්‍ර රාජපක්ෂ හිතවාදීන් බව පැවසූ බවත්,එම කණ්ඩායම කවුරුන්දැයි විමසූ විට ” කජ්ජා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා ඝාතනය කළ කණ්ඩායම බව සඳහන් කළ බවත්, තමා යෝෂිතරාජපක්ෂ සහ නාමල් රාජපක්ෂට විරුද්ධව සාක්ෂි ලබා දී ඇති බැවින් ඔවුන් විසින් මෙය සැළසුම් කළ බව විශ්වාස කළ හැකි බව දැනුම්දුන් බවත් ප්‍රකාශ කර ඇත.
මෙම සියළු කරුණු ඇතුළත් කර 2026.08.17 දිනැතිව ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී ප්‍රසිද්ධ නොතාරිස් Hugh John Pearce ඉදිරියේ දී අත්සන් කරන ලද දිවුරුම් ප්‍රකාශයක් නියමිත ක්‍රමවේදය ඔස්සේ මෙල්ල්බර්න් පිහිටි විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරී මඟින් සහතික කර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් ජෙනරාල් කාර්යාලයේ සහතිකය ද සහිතව මෙම විමර්ශනය සඳහා ඉදිරිපත් කර කොම්බු අජිත් ද සිල්වා යන අයගේ ප්‍රකාශ සටහන් කළ අතර එම ප්‍රකාශය අනුව තමා පුද්ගලික ආරක්ෂක වයක සේවය කරමින් එම ආරක්ෂක සේවය මඟින් රාජකාරී සඳහා 2015 වර්ෂයේ සිට අංක 90, හෝර්ටන් පෙදෙස පිහිටි නිමල් පෙරේරා මහතාගේ නිවසේ ආරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කරන බවත්, එසේ සේවය කරන අතරතුර අවස්ථා හත අටක දී පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතා වන නාමල් රාජපක්ෂ මහතා නිමල් පෙරේරා මහතා හමුවීමට පැමිණෙන බව දැක ඇති බවත්, එසේ පැමිණ පිටව යන අවස්ථාවන් වල පාර්සල් රැගෙන යන බවත්, එම පාර්සල් වල මුදල් තිබූ බව තමා සිතන බවත් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ඊට අදාළව දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කර ඇත.
කේ. ඒ. හේමන්ත කුරුප්පු යන අයගේ ප්‍රකාශයක් සටහන් කළ අතර ඔහු රෝයල් සෙරමික් ආයතනයේ රියදුරෙකු වශයෙන් සේවය කරමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නිමල් පෙරේරා මහතාගේ රියදුරු වශයෙන් 2017 වර්ෂය දක්වා ම සේවය කළ බවත්, 2017 වර්ෂයේ දී නිමල් පෙරේරා මහතා රෝයල් සෙරමික් ආයතනයෙන් ඉවත්ව ගිය පසුව ද නිමල් පෙරේරා මහතාගේ දුනිමැක් ආයතනයේ රාජකාරී කළ බවත් ප්‍රකාශ කර ඇත. එමෙන් ම නිමල් පෙරේරා මහතාගේ රාජකාරී කරන අවස්ථාවන්හි දී නාමල් රාජපක්ෂ මහතාට මුදල් රැගෙන ගොස් භාරදීම සඳහා යන බවත්, එසේ යන අවස්ථාවන් වලදී පාර්සල් රැගෙන යන බවත්, එම පාර්සල් නාමල් මහතාගේ කාර්යාලයට රැගෙන යනවා තමා දැක ඇති බවත්, එම පාර්සල් නැවතනිමල් පෙරේරා මහතා රැගෙන නොඑන බවත්, එම පාර්සල් ස්පර්ශ කිරීමේ දී ඒවායෙහි ඇත්තේ මුදල් බව තමාට හැඟුණු බවත් ප්‍රකාශ කර ඇත. තවද නාමල් රාජපක්ෂ මහතා නිමල් පෙරේරා මහතාගේ නිවසට පැමිණ පාර්සල් රැගෙන යන බවත්, එසේ පැමිණෙන විට ආරක්ෂක අංශයේ සිල්වා මහතා ද සිට ඇති බවත්, එම පාර්සල් වල මුදල් තිබුණු බවට හැගී යන බවත් ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ධයෙන් සඳහන් කරමින් දිවුරුම් ප්‍රකාශයක් ද ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර සහයෝගීතාවය (Mutual Legal Assistance – MLA) මත ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා මෙම හවුල් විමර්ශනයට අදාළව ප්‍රංශ රාජ්‍යය මඟින් වාර්තා සහ ලේඛන ලබා ගැනීමට කටයුතු කළ අතර එම සහයෝගීතාවය මත ලබා දුන් ලේඛන අතර එම ලේඛන අතර පවතින අංක PNF0000198 දරණ ලේඛණයක ප්‍රංශයේ AIR BUS සමාගම සහ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගම අතර පැවති AIR BUS වර්ගයේ පුළුල් බඳ සහිත ගුවන් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විද්‍යුත් පණිවුඩ හුවමාරුවක දී 2013.03.26 දිනැතිව එම සමාගමේ Guillaume Yves සහ Gouache Serge අතර De Poncins Amaury යන අයට ද පිටපත් කරමින් විද්‍යුත් පණිවුඩයක් හුවමාරුවකට අදාල විද්‍යුත් පණිවුඩයේ ප්‍රංශ භාෂාවෙන් සඳහන් වී ඇත්තේ, ජනාධිපතිවරයාගේ පුතාට ලිපිගොණුව ඉදිරිපත් වී ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලයට ඔහු විසින් ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු කරන බවත්ය.
මීට සමගාමීව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් 2013.03.27 දිනැතිව එවකට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ අත්සනින් අංක 2013/7 හා Reference no MCA/AV/04/100 යටතේ WIDE – BODY FLEET REPLACEMENT යන ශීර්ෂයැතිව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණු බව අනාවරණය වී 470.
තවද 2013.04.17 දින වාසුදේව නානායක්කාර මහතා විසින් අංක 27-13/0407/545/007 දරන අමාත්‍ය මණ්ඩල සන්දේශයට නිරීක්ෂණ වශයෙන් A330-300 ගුවන් යානා 06 ක් කල්බදු ක්‍රමයයට ලබාගැනීමේ දී යානයක් වෙනුවෙන් ගෙවීමට සිදුවන මුදල සහ කාලය සම්බන්ධව ගුවන් යානයේ හිමිකම ද ඇතුළුව විස්තර අවශ්‍ය බවත් නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති අතර, 2013.04.10 දිනැතිව SEMA (උපයෝගිතා ව්‍යවසාය කළමනා කරණ ආයතනය) ආයතනය මඟින් ඉදිරිපත් කර ඇති නිරීක්ෂණ අනුවය ජාතික අවශ්‍යතා මත මෙම කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් කරුණු අනුමත කිරීම සුදුසු බවට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරුණු අධ්‍යයනය කර දිගුකාලීන ලාභ සහ රටට හිතකර ආර්ථිකමය මෙන් ම අනෙකුත් කරුණු ද සැළකිල්ලට ගෙන තවදුරටත් යෝජනාව අධ්‍යයනය කිරීමට අවශ්‍ය බවත්, ඒ අනුව යෝජනාව තවදුරටත් අධ්‍යයනය කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කිරීම සුදුසු බවට යෝජනා කර ඇත. එම නිර්දේශ ඇතුළත් වාර්තාව පත්‍රිකාව අංක 27 ලෙසත් අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දිනය 2013.04.18 දින ලෙසත්, විෂය පළල් බඳ සහිත ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම බවත් සඳහන් කර ඇත. ඒ අනුව 2013.04.26 දින අංක අමප/13/0407/545/007 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවගේ පළල් බඳ සහිත ගුවන් යානා ඇණිය ප්‍රතිස්ථාපනය
කිරීම ශීර්ෂය යටතේ ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල තීරණය වශයෙන් එම සන්දේශය කල් තැබීමට තීරණ කර තිබෙනවා.
2013.04.17 වන දින දහවල් 01.47 ට පලමු සැකකරු කපිල චන්ද්‍ර සේන විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, එවකට සිවිල් ගුවන් අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය රුබේරු, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුලා හරස්ගම සහ අධ්‍යක්ෂ මණ්ඩල ដា ចេញ໖ 88໖ ໑໑ ໑໙໖ MINITS OF MEETING @ THE TREASURY – 16TH APRIL 2013 විෂය යටතේ යොමු කරන ලද ඊමේල් පණිවුඩයක් මඟින් සඳහන් කර තිබුණේ 2013.04.16 වන දින මුදල් අමාත්‍යාංශයේ පැවති රැස්වීමක සටහන්ය. එම රැස්වීම සඳහා සහභාගී වූවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර, සිවිල් ගුවන් අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය ආර්. ටී. රුබේරු, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එම්.ටී. ආටිගල, ශ්‍රී ලංකන් ගුවන් සේවායේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ, අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කපිල චන්ද්‍ර සේන, අධ්‍යක්ෂ ජනරාල් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුව අනුලා හරස්ගම, සහකාර අධ්‍යක්ෂ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන දෙපාර්තමේන්තුව ශානිකා මෙන විය යන අයවළුන් සහභාගී වී ඇති අතර එහි ඉදිරිපත් වූ කරුණු මෙහි සඳහන් ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සමාගම් පනත යටතේ ස්ථාපනය කරන ලද සමාගමක් සහ එයට ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් රජයෙන් පත්කර ඇති බවයි. එබැවින් එම ගුවන් සමාගම විසින් ගුවන් යානා ලබා ගැනීමට කරනු ලබන ආයෝජන වලට කැබිනට් අනුමැතිය අවශ්‍ය නොවන බවට සඳහන් කර ඇති බව මෙම ලේඛනයෙහි සඳහන් වනවා. මෙම කරුණට එකඟ බව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සඳහන් කර ඇති බව සටහන්වල ඇතුළත්ව ඇත. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් උපදෙස් ලබා දී තිබෙනවා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගැනීමට උපදෙස් දී තිබෙන බව සටහන් කර තිබෙනවා. එබැවින් මෙම ගුවන් යානා මිලදී ගැනීමේ කටයුතු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂගේ තීරන අනුව සිදු කරගෙන යාම සුදුසු බව එහි සඳහන්ව ඇත. එමෙන්ම මෙම සාකච්ඡාවේ දී මත්තල ප්‍රදේශයේ ගුවන් යානා නඩත්තු කිරීමේ මධ්‍යස්ථානයක් ලුක්තාන් සහ ටෙක්නි සමාගම සමඟ සම්බන්ධව කටයුතු කිරීමට සාකච්ඡා කර ඇත. එම කටයුතු ප්‍රධාන විධායක නිලධාරියාට කරගෙන යාමට ද සාකච්ඡා කර ඇත.
තවද කැබිනට් පත්‍රිකාවට අනුව 2013 හතරවන මස අංක PE/33/CM/2013 දරන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ලෙස සඳහන් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද නිරීක්ෂණ සහිත වාර්තාවක් පවතින අතර එහි නිරීක්ෂණ වශයෙන් යොදා ඇත්තේ මෙම ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගම, සමාගම් පනත යටතේ පාලනය වන ආයතනයක් බැවිනුත්, ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ පාලනය වන බැවිනුත් මීට පෙර ගුවන් යානා ඇණි ස්ථාපනය කළ පරිදි සිදු කිරීම සභාපති, ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම බවත් යන කරුණු ඇතුලත් නිර්දෙශයකි.
මෙම විමර්ශනයේ දී අල්ලස් මුදල් හුවමාරු වීමට අදාළ ප්‍රංශයේ AIR BUS සමාගම මගින් විමර්ශනයට සහාය දැක්වීමට එකගතාවය පළකර සිටින ලද අතර මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබා දීමට කරන ලද දැනුම් දීම අනුව ප්‍රංශයේ AIR BUS SAS සමාගමේ නියෝජිතයින් ශ්‍රී ලංකාවට පැමිණ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ දී ප්‍රකාශ ලබා දීමට කටයුතු කරන ලදී.
ඒ අනුව එම නියෝජිතයෙකු මෙම විමර්ශනයට පාදක වන කරුණු සම්බන්ධයෙන් AIR BUS සමාගමේ විමර්ශනයක් සිදුකර ඇති අතර එම විමර්ශනයේ දී අනාවරණය වූ කරුණු සහ පවතින ලේඛන මත අවස්ථා තුනකදී ප්‍රකාශ ලබා දී ඇත. එම ප්‍රකාශ අනුව AIR BUS සමාගමේ මව් සමාගමක් වන EADS සමාගමේ සම්බන්ධතාවය සහිත තවත් සමාගමක් මඟින් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් ගුවන් සමාගම සමඟ කරන ලද AIR BUS ගුවන් යානා මිලදී ගැනීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 2,000,000.00 කට සමාන වන පරිදි යුරෝ 1,454,651.24 ක මුදලක් BIZ Solutions INC නමැති සිංගප්පූරුවේ ස්ටාර්ටඩ් වාර්ටඩ් බැංකුවේ ගිණුමකට තැන්පත් කර ඇති බවත්, එම මුදල් තැන්පත් කිරීමට අදාළව ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා, ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයවළුන් සම්බන්ධව කටයුතු කර ඇති බවත් ප්‍රකාශ කර ඇත. එමෙන් ම මෙසේ ලබා දුන් මුදල් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ AIR BUS ගුවන් යානා මිලදී ගැනීම සිදු කිරීම හේතුවෙන් පුද්ගලිකව ලබා දුන් මුදලක් බවත්, එය ගණුදෙනුවෙන් පිටස්තරව සිදුකරන ලද වෙනත් ගිවිසුමක් සඳහා ගෙවන ලද්දක් බවත්,එම ගිවිසුමේ සඳහන් කරුණු අනුව
උපදේශන ක්‍රියාවලියක් සිදු වී නොමැති බවත්, මෙම ගෙවීම සම්බන්ධ විමර්ශනයෙන් පසු AIR BUS සමාගමේ අදාළ වගකිවයුතු නිලධාරීන් මේ වන විට ඉවත් කර ඇති බවත් ප්‍රකාශ කර ඇත. එමෙන් ම මීට අදාළව 2013.03.26 දිනැතිව එම සමාගමේ Guillaume Yves සහ Gouache Serge අතර De Poncins Amaury යන අයට ද පිටපත් කරමින් විද්‍යුත් පණිවුඩයක් හුවමාරු වී ඇති අතර එම විද්‍යුත් පණිවුඩයේ ප්‍රංශ භාෂාවෙන් සඳහන් වී ඇත්තේ, ජනාධිපතිවරයාගේ පුතාට ලිපි ගොණුව ඉදිරිපත් කර ජනාධිපතිවරයා මගින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් සදහන්ව ඇති බවත් එහි සදහන් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් නාමල් රාජපක්ෂ පිළිබදව බවත් විමර්ශනයේ දී අනාවරණය වූ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ඉහත කරුණු සම්බන්ධව විමසීම සදහා 2026.09.04 දින ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ කැදවා ප්‍රකාශ ලබා ගත් අතර ඔහු කිසිදු ආකාරයකින් ඔහු ඉහත කී අල්ලස් ගණුදෙනු වලට සම්බන්ධ නොවූ බවත් අල්ලස් ලබා නොගත් බවත් ප්‍රකාශ කරමින් සියළු චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
මෙතෙක් සිදු කරන ලද විමර්ශනයේ දී මෙම සැකකරු අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගත් බවට අනාවරනය වී ඇති අතර එය දණ්ඩ නීති සංග්‍රහයේ 113 වගන්තිය සමග කියවිය යුතු අල්ලස් පනතේ 17 (ආ), 19(ආ), (ඇ) සහ 25 වන වගන්ති ප්‍රකාරව දඩුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම එය අල්ලස් පනතේ 30 වන වගන්තිය ප්‍රකාරව සංඥය වරදක් බවට ද නිරීක්ෂණය වේ.
ඉහත කරුණු අනුව මෙම විමර්ශනයේ දී හුවමාරු වී ඇති අල්ලස් මුදලින් රු. 100,000,000.00 (මිලියන 100) ක මුදලක් මෙම සැකකරු වන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යන අය විසින් ලබා ගෙන ඇති බවට කරුණු ඉදිරිපත් වීම සහ පවතින සම්බන්ධතාවය සලකා බැලීමේ දී අල්ලස් ලබා ගැනීමට සෘජුවම සම්බන්ධ වී ඇති බවට සාධාරණ සැකයක් ජනිත වී ඇත. ඒ අනුව 2026.09.04 දින ප.ව 02.09 ට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන ඒකකයේ දී 2011 සිට 2016 අතර කාලයේ ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගැනීමට අදාල ගණුදෙනුවේ දී සිංගප්පූරුවේ ස්ටෑන්ඩට් චාර්ටඩ් බැංකුවේ BIZ Solutions INC නමැති ගිණුමට අල්ලස් වශයෙන් ලද යුරෝ 1,454,651.24 ක මුදලින්, ඇමරිකානු ඩොලර් 800,000/- ක මුදලක් ඩබ්. ඩබ්.ඩී නිමල් හේමසිරි පෙරේරා වෙත හිමිකාරිත්වය ඇති Sabre vision holdings Itd සමාගමේ නමින් සිංගප්පූරුවේ පිහිටි OCBC බැංකුවේ ගිණුමක් වෙත තැන්පත් කරවාගෙන, එම මුදලට සමාන වන අයුරින් ශ්‍රී ලංකා රුපියල් 100,000,000.00 (මිලියන 100) ක මුදලක් ශ්‍රී ලංකා මුදලින් ඩබ්. ඩබ්.ඩී නිමල් හේමසිරි පෙරේරා අතින් 2014, 2015 වර්ෂවල අවස්ථා කීපයකදී අල්ලස් ලෙස ලබා ගැනීම හා ඒ සදහා කුමන්ත්‍රනය කිරීම සම්බන්ධ වරද කියා දී, අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.
මෙම විමර්ශනය ප්‍රංශය, සිංගප්පූරුව, ඔස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, වැනි විදේශ රටවල් සමග ජාත්‍යන්තර සහයෝගීතාවය (MLA) මත සිදුකරණු ලබන පුළුල් හවුල් විමර්ශනයකි. මෙම විමර්ශනයට අදාල පළමු සැකකරු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා ගැනීමේ දී නුසුදුසු ඇපකරුවන් ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත වරෙන්තු නිකුත් කර තිබූ පසුබිමක සියදිවි හානිකර ගැනිමක් සිදුකරගෙන ඇති බව නිරීක්ෂණය වේ. දෙවන සැකකාරිය සහ තුන්වන සැකකාරිය මේ වන විටත් විමර්ශන මග හරිමින් සිටින අතර ඔවුන්ට ගරු අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත. ඔවුන්ට අදාලව ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කිරීමට ද කටයුතු කරමින් ඇත.
තවද මෙම සැකකරු 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයාගේ පුතා වශයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමේ ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියට අදාළව තීන්දු තීරණ ගැනීමට සෘජුවම කටයුතු කර ඇති බව ප්‍රංශයේ AIR BUS සමාගමේ 2013.03.26 දිනැතිව Guillaume Yves සහ Gouache Serge අතර De Poncins Amaury යන අයට ද පිටපත් කරමින් හුවමාරු වූ විද්‍යුත් පණිවුඩය මඟින් සහ එදිනට පසු දින මෙම ගුවන් යානා මිලදී ගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වීමක් ඊට සමගාමීව සැකකරුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් කැබිනට් මණ්ඩල අනුමැතියක් අවශ්‍ය නොවන බවට නිර්දේශ ඉදිරිපත් කරමින් කැබිනට් පත්‍රිකාව අනුමැතියකින් තොරව ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගමට සියළු කාර්යයන් කිරීමට බලය පැවරීම තුළින් සහ ඒ සඳහා ප්‍රධාන විධායක නිලධාරියාට තවදුරටත් බලය ලබා දීමක් මඟින් සහ ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරිඳ හරහා අල්ලස් මුදල් ලබාගැනීමට කටයුතු කිරීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන මෙම හතරවන සැකකරු වන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ විසින් ඔහුට විරුද්ධව ඇති සාක්ෂිකරුවන් කෙරෙහි හෝ සාක්ෂි වලට අහිතකර ලෙස මැදිහත් වී ඇති බවට අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත්ව ඇති අතර සාක්ෂිකරුවෙකු වෙත මරණ තර්ජන ඇති කර ඇති බවත් එම හේතුවෙන් ප්‍රධාන සාක්ෂිකරුවකු මේ වන විටත් ශ්‍රී ලංකාවෙන් පිට වී ජීවත් වීමට කටයුතු කරන බවත්, ඔහු පසුපස ඝාතකයන් අවස්ථා කිහිපයක දී පැමිණ ඇති බවට අජිත් ගාල්ලගේ යන අය විසින් පැහැදිලි සාක්ෂිකරුට දන්වා ඇති බවත් දිවුරුම් ප්‍රකාශ මගින්ම ඉදිරිපත් කර ඇත. ඒ අනුව යුක්තිය ඉෂ්ඨවීම කෙරෙහි අන්‍යාකාරයකින් බාධා පමුණවමින් සිටින බවත් පෙනී යයි. තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මීට සමගාමීව සාක්ෂිකරු කැදවා ප්‍රකාශ ලබා ගැනීමට දැනුම්දුන් අවස්ථාවේ දී එම සාක්ෂිකරුට බලපෑම් කරමින් වෙනත් නීතීඥයෙකු වෙතයොමු කර තමාට අවශ්‍ය පරිදි ප්‍රකාශ ලබාදීමට දැනුම්දීම් කරමින් විමර්ශනයට ද බාධාවන් එල්ල කර ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු වන ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යන අය ගරු අධිකරණයට ඉදිරිපත් කරන අතර 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අල්ලස් ලබා ගැනීම අනාවරණය වූ බවට තහවුරු කිරීමේ සහතිකයක් මේ සමග ඉදිරිපත් කරමි.
මෙම විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරන අතර සැකකරු ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ යන අය නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්ථානාධිපති
විශේෂ විමර්ශන ඒකකය
ඒ. එච්. එම්. ඒ. අබේසිංහ
ස්ථානාධිපති – විශේෂ විමර්ශන ඒකකය
අංක: 36, මලලසේකර මාවත, කොළඹ 07.
2026.09.04
සැකකරු :-
ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ, කාල්ටන් නිවස, මහවෙල පාර,
තංගල්ල
