ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල වර්තමානයේදී ආයෝජනය කිරීම දූෂිත ක්‍රියාවක්ද?
ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් වෙන්දේසි වාර්තාවලට අනුව, පහත සඳහන් කාල පරිච්ඡේද සඳහා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කිරීම් පහත දැක්වේ:

මූලාශ්‍ර:
2023 සහ 2024 සංඛ්‍යා CBSL හි මූල්‍ය ප්‍රකාශන සහ මෙහෙයුම් මගින් සනාථ වේ. 2025 සඳහා, CBSL වාර්තා වසර තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම් සනාථ කරයි. 2025 සහ 2026 පළමු අර්ධ වාර්ෂිකය අවසාන බිලියනයට හරියටම නොව, ආසන්න වටකුරු සංඛ්‍යා වේ. එයට හේතුව, CBSL වෙතින් මුදල් අමාත්‍යාංශයේ PDMO වෙත ණය නිකුත් කිරීමේ ආයතනික මාරු කිරීම 2025 දී සිදු වූ අතර, PDMO 2025 දෙසැම්බර් මාසයේදී සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය.
විශ්ලේෂණය:
ශ්‍රී ලංකා රජය විසින් රු.ට්‍රිලියන 46.2 (හෝ ඇමරිකානු ඩොලර් බිලියන 140) පමණ වූ මෙම විශාල අරමුදල් රැස් කිරීමේ කැපී පෙනෙන ලක්ෂණයක් නම්, ශ්‍රී ලංකාව දරුණු සෘණාත්මක ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමක් වන CCC ශ්‍රේණියේ පසු වුවද, රජයේ සුරැකුම්පත් හරහා සේවක අර්ථසාධක අරමුදල සහ ඉහළ පෙළේ ශ්‍රී ලාංකික රාජ්‍ය බැංකු වැනි ආයෝජකයන් හරහා මෙම ඉතා විශාල මුදල් රැස් කරගන්නට රජය පොහොසත්වී ඇති බවයි.
ෆිච් ශ්‍රේණිගත ආයතනය විසින් 2022 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය ශ්‍රේණිය CCC සිට CC දක්වා පහත හෙලන ලද අතර, 2023 සැප්තැම්බර් මාසයේදී එම ශ්‍රේණිගත කිරීම CCC- බවට පත් කරන ලදී. ඉන්පසුව, 2024 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම CCC+ දක්වා “උසස්” කරන ලද අතර, 2025 පුරා, සහ 2026 දී මේ දක්වා CCC+ හි එම ණය ශ්‍රේණිය එලෙසම පවත්වා ගෙන යන ලදී. කෙසේ වෙතත්, ෆිච් ශ්‍රේණිගත ආයතනයේ වත්මන් නිල ණය ශ්‍රේණිගත කිරීමේ අර්ථ දැක්වීම් අනුව, “CCC” නැමැති ණය ශ්‍රේණිගත කිරීම විස්තර කර ඇත්තේ: “CCC — සැලකිය යුතු ණය අවදානමක්” ලෙසය.ඔවුන් තව දුරටත් පවසා ඇත්තේ එම CCC ශ්‍රේණිය “ආරක්ෂාව සඳහා ඉතා අඩු ආන්තිකයකි. ණය පැහැර හැරීම සැබෑ ලෙස සිදුවිය හැකිය”, යන්නයි.
ෆිච් ජාත්‍යන්තර ශ්‍රේණිගත ආයතනය විසින් ග්‍රීසිය රජයට BB+ ශ්‍රේණියක් ලබාදී තිබියදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2011 වසරේ අප්‍රේල් මාසයේදී, එම රටේ බැඳුම්කර වල ආයෝජනය කරන ලදී. ඒ නිසා එවකට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විරුද්ධව ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩුවක් දැනට විභාග වෙමින් පවති. එසේ නම්, එම පදනම මතම, අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් වර්තමානයේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් වල ආයෝජනය කරන ආයෝජකයින් “දූෂණය” නැමැති වරද සිදුකළ ඇතැයි චෝදනා කිරීමට ඉතා ඉහළ අවකාශයක් ඇත.
එබැවින්, 2023 සිට මේ දක්වා ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති සහ ආයෝජනය කරමින් සිටින දහස් ගණනක ආයෝජකයින් ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් CCC ශ්‍රේණියේ පවතින විට දැඩි අවදානමක් දරාගෙන ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටෙන බව “දැන දැනම” එම සුරැකුම්පත් වල ආයෝජනය කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ඉදිරියේදී නඩු පැවරීම නියතයි.
ෆිච් සමාගම විසින් ලබා දී ඇති ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම

සටහන:
ෆිච් අර්ථකතනය:
BB+ – ණය පැහැර හැරීමට එරෙහිව සාධාරණ අවකාශයක් ඇති බැවින්, ණය පැහැර හැරීමේ අවදානම අඩුයි.
CCC – ණය පැහැර හැරීමකට බෙහෙවින් ගොදුරු විය හැකි බැවින්, ණය පැහැර හැරීමේ අවදානම ඉතා ඉහළයි.
සුරැකුම්පත් වෙළඳපොළේ දූෂණය සම්බන්ධ වන්නේ අයෝජනය කිරීමේ ක්‍රියාවට නොව, වෙළඳපොළ වංචා කිරීමේ ක්‍රියාවටයි:
අභ්‍යන්තර තොරතුරු භාවිතය (insider information)
ලංසුවේ නීතිවිරෝධී බලපෑම්
අධිකාරි තොරතුරු දුරවීම
අයෝජන ලංසුවේ වංචා
රජයට අධික වියදම් සිදුකරන yield manipulation
2015–2016 Treasury Bond Scam එක මෙයට ප්‍රධාන උදාහරණයක්. එය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සලකුණු වී ඇත.
