September 19, 2026

සුරයා අධිකරණයේ පහරයි! පුර්ණ විනිසුරු මඩුල්ලක් දෙන්න බෑ කියයි!

0
Surasena_AKD

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබෙන පෙත්සම්, පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙසට අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිඛෙනවා.

එම පෙත්සම් අද (01) විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් විසිනී.

ඒ අනුව, දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින සියලුම විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විමසීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ.

ඊට අමතරව, වෙනත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, අලි සබ්රි, ජෙෆ්රි අලගරත්නම්, එරාජ් ද සිල්වා, ශ්‍රීනාත් පෙරේරා, අනුර මැද්දෙගොඩ සහ මෛත්‍රී ගුණරත්න යන නීතිඥවරුන් ද එම ඉල්ලීමට සහය පළ කර සිටියා.

ඊට පිළිතුරු දෙමින්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න සහ අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැව් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, යම් විනිසුරු මඩුල්ලක සංයුතිය තීරණය කිරීමේ සම්පූර්ණ අභිමතය සහ බලය අගවිනිසුරුවරයා සතු වන බවයි.ඉල්ලීම් පිළිබඳ තීරණය ප්‍රකාශ කිරීම සඳහා පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. කෙසේවෙතත් මේ වනවිට පුර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා ගොනු කල කල ඉල්ලිම අගවිනිසුරුවරයා විසින් ප්‍රතිකේෂ්පකර තිබේ.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් සහ ඊට අදාළව ගොනු කර තිබෙන පෙත්සම් සලකා බැලීම සඳහා අද (01දා) කැඳවනු ලැබුවා. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කර ඇත. ඒ අනුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් මෙම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇත.

ඒ අනුව අද ආරම්භ වන පෙත්සම් සලකා බැලීමේදී, පනත් කෙටුම්පතේ අඩංගු යෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, ඒවා සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් පමණක් ප්‍රමාණවත්ද, එසේ නොමැතිනම් ජනමත විචාරණයකින් ජනතා අනුමැතියද ලබාගත යුතුද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමට නියමිතය.

මේ අතර අදාළ පෙත්සම් සලකාබැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට නියම කර තිබේ.අද (01) මෙම පෙත්සම් විභාගය සඳහා 502 ශාලාවේ කැඳවනු ලැබුවා.ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බව දැන දැනම අගවිනිසුරුවරයා පෙත්සම් විභාගය 502 ශාලාවේ කැදවා තිබු බවයි අප වාර්තාකාරු සදහන් කළේ.

එහිදී 502 ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැතිකම නිසා එය 501 ශාලාවට මාරු කරන ලෙස ජනාධිපති නීතීඥ එම්. ඒ. සුමන්දිරන් මහතා ඇතුළු නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed