අනුර රටවටා යන්න කලින් නාමල් රිමාන්ඩ් කිරීමේ කුමන්ත්‍රණයක්!
අනුර කුමාර දිසානායක රටවටා රැස්වීම් වලට යාමට පෙර නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක විසින් සිය පහළ නිලධාරීන්ට නීයෝග කර ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
නාමල් රාජපක්ෂව රිමාන්ඩ් කලහොත් අනුර දිසානායක ජනාධිපතිවරයාට රැස්වීම් වලදී ප්‍රචාරණ වාසියක් ලැබෙන බවට පැලවත්තේ සිදුකරන ලද සාකච්ඡාවකට අනුව මෙම තීන්දුව ගැනිමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කෙසේ හෝ නඩුවකට නාමල්ව සම්බන්ධ කරන ලෙසට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක පැලවත්තෙන් නියෝග කර තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කලේ.
ජනාධිපති අනුර දිසානායක ලබන 5වැනිදා සිට සුරසේන රැකගැනිමේ සංශෝධනය වෙනුවෙන් රට වටේ රැළි මාලාවක් පැවැත්විමට සුදානම් කර තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන කොට්ඨාස රැස්වීම් මාලාවක් මේ වනවිට නාමල් රාජපක්ෂගේ නායකත්වය යටතේ පැවැත්වෙමින් තිබේන අතර ඒ සදහා විශාල ලෙස ජනතාව සහභාගි විම සම්බන්ධයෙන් පැලවත්තේ JVP කාඩරය සම්පූර්ණයෙන්ම අවුල් වි සිටින බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
