September 20, 2026

අනුර, ජාත්‍යන්තරයට කොකා පෙන්වයි! 22 ගැන ඇහුව UN එකට කොහෙද යන්නෙ මල්ලෙ පොල් කියයි!

0
AKD_UN

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත Margaret Satterthwaite (මාග්‍රට් සැටර්ත්වයිට්) ශ්‍රි ලංකා රජයට යොමුකල ලිපියට ලබාදි ඇති පිලිතුරු කොහෙද යන්නෙ මල්ලෙ පොල් ආකාරයේ පිලිතුරු බව ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙනවා.

පසුගිය අගෝස්තු 7 වැනිදා Mandate of the Special Rapporteur on the independence of judges and lawyers යනුවෙන් Special Rapporteur on the independence of judges and lawyers,Margaret Satterthwaite (මානව හිමිකම් කවුන්සිලයේ 62/12 යෝජනාවට අනුව විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ වාර්තාකරු ලෙස) 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්මවලට සිදුවිය හැකි හානිය සහ මහජනතාවට රටේ නීතියේ ස්වාධිපත්‍යයට හානී සිදුවන පෙන්වා දෙමින් ශ්‍රි ලංකා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබුනා.

එහී සාරංශය වන්නේ

“1978 ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ වාර්තාගත යෝජනාව සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු, විශේෂයෙන් උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස වැඩි කිරීම සඳහා. වාර්තා වන ආකාරයෙන් යෝජනා කර ඇති මෙම සංශෝධනය සහ එහි ඇඟවුම් අනුව, අධිකරණයේ ස්වාධීනත්වය සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවිය හැකිය, ඒවාට ඇතුළත් වන්නේ: බලතල වෙන් කිරීම, අනවශ්‍ය බලපෑම්, පීඩනය හෝ ඇඟිලි ගැසීම් වලින් තොරව විනිසුරුවරුන්ට තම කාර්යයන් ඉටු කිරීමට ඇති හැකියාව සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ මහජනතාවගේ විශ්වාසයයි.” යනුවෙනි.

එම ලිපිය අවසානයේ ..

“මෙම සන්නිවේදනය, අපේක්ෂිත හෝ මෑතකදී සම්මත කරන ලද නීති, රෙගුලාසි හෝ ප්‍රතිපත්ති පිළිබඳ අදහසක් ලෙස සහ ඔබගේ අතිගරු ජනාධිපතිතුමාගේ රජයෙන් ලැබුණු ඕනෑම ප්‍රතිචාරයක් ලෙස පැය 48 කට පසු සන්නිවේදන වාර්තාකරණ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ලැබේ. පසුව ඒවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සාමාන්‍ය වාර්තාවේ ද ලබා ගත හැකි වනු ඇත.”යනුවෙන්ද සටහනක් තබා තිබු අතර එයට ප්‍රතිචාර දක්වමින් අගෝස්තු 21 වැනිදා ශ්‍රි ලංකා රජය ලිපියක් යොමුකර තිබේ.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය යොමුකල ලිපියට සාධාරණ පිලිතුරක් ලබාදිමට ශ්‍රි ලංකා අසමත් වි ඇති අතර එ හරහා වත්මන් ආණ්ඩුව 22වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන මේ සුජාත භාවයක් නොමැති බවද තහවුරු වේ.

එක්සත් ජාතීන් හමුවේ මාලිමා ආණ්ඩුව ලබා දුන් පිලිතුර ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හාස්‍යයට ලක් කරනු ලබන පිලිතුරකි – ‘දිනන දකුණ’ සාමූහිකය.

විනිසුරුවන්ගේ සහ නීතිඥවරුන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියේජිතවරිය විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හමුවේ ශ්‍රී ලංකා රජය ලබා දී ඇති පිළිතුර හරහා යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සැඟවුණු අත්තනෝමතික සහ ප්‍රජාතන්ත්‍ර-විරෝධී ස්වභාවය සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී ඇති බව ‘දිනන දකුණ’ සාමූහිකය අවධාරණය කර සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම “පුළුල් අධිකරණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක” කොටසක් ලෙස හුවා දැක්වීමට රජය උත්සාහ කළ ද, ඊට අදාළ කිසිදු ප්‍රතිපත්තිමය ලේඛනයක්, ක්‍රියාකාරී සැලැස්මක් හෝ කැබිනට් පත්‍රිකාවක් ජාත්‍යන්තරය හමුවේ තැබීමට රජය අසමත් වී තිබේ.

මෙම සංශෝධනය හා ඊට අදාළ රජයේ පිළිතුර තුළ පවතින බරපතළ ව්‍යවස්ථාපිත හා දේශපාලන පරස්පරතා පිළිබඳව ‘දිනන දකුණ’ සාමූහිකය මෙරට පුරවැසියන්ගේ අවධානය යොමු කොට සිටී.

රජයේ පිලිතුරට අනුව සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ විනිසුරුවන්ට ක්ෂණික වරප්‍රසාද ලබා දීම පිලිගෙන තිබේ. ඒ අනුව දැනට සේවයේ නියුතු විනිසුරුවන්ට පමණක් සෘජුව බලපාන පරිදි විශ්‍රාම වයස දීර්ඝ කිරීම හරහා විධායකය සහ අධිකරණය අතර අනුග්‍රාහකත්ව බැදිමක් සහ ඒ මත බරපතළ ලැදියාවන්ගේ ගැටුමක් නිර්මාණය වන බව තමන් ලබා දුන් පිලිතුර හරහාම ජාත්‍යන්තරයට ඒත්තු ගන්වා තිබේ.

එමගින් පෙන්වන්නේ විදේශ අමාත්‍යංශය වෙත අධිකරණයේ ස්වාධීනත්වය පිලිබදව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ඇසුරෙන් තේරුම් ගැනීමට නොහැකිවී ඇති බවකි.

එවැනි පසුබිමක එක්සත් ජාතීන්ගේ නියෝජිත වරිය ශ්‍රී ලංකා රජයට දන්වා එවන ලද අනතුරු ඇගවීම එනම් 22 සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය විමසීමට සිදුවන්නේ ද එම ප්‍රතිලාභ ලබන විනිසුරුවන්ටම වීම හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය හා අපක්ෂපාතීත්වය පිළිබඳ මහජන විශ්වාසය මුළුමනින්ම බිඳවැටීමට හේතුවක් වන බවට එම නියෝජිතවරිය සදහන් කරන ලද කරුණ රජය විසින් යවන ලද ලිපිය මගින් තහවුරු කොට තිබේ.

අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය පිටුදැකීම සඳහා මෙම සංශෝධනය ගෙන එන බවට රජය මෙරට ජනතාවට මුලා සහගත ප්‍රකාශය එලෙසින්ම කිසිදු බුද්ධිමය චකිතයකින් තොරව එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියට පැවැසීම මාලිමා රජයේ මුග්ධ භාවය තහවුරු කරති.

නිල සංඛ්‍යාලේඛන අනුව සමස්ත නඩු ප්‍රමාදයෙන් 95%ක්ම පවතින්නේ දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ මට්ටමේ ය. අධිකරණ පද්ධතියේ පවතින 1,000කට අධික සහායක කාර්ය මණ්ඩල පුරප්පාඩු සහ නීතිපති දෙපාර්තමේන්තුවේ හිඟයන් නොසලකා හරිමින්, ඉහළ උසාවිවල විශ්‍රාම වයස පමණක් දීර්ඝ කිරීමෙන් සාමාන්‍ය ජනතාව මුහුණ දෙන නඩු ප්‍රමාදයට කිසිදු විසඳුමක් නොලැබෙන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය දත්ත මත පදනම්ව හොදින් දන්නා කරුණකි.

එවැනි පසුබිමක ජාත්‍යන්තරයට බොරු කීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාව හෑල්ලුවට ලක්වීමය.මෙම සංශෝධනය ගෙන ඒමේදී අදාල ප්‍රතිපත්තිය සමග සෟජුව සම්බන්ධ වන පාර්ශ්වකරුවන් නොසලකා හරිමින් අත්තනෝමතික තීන්දුවක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට කියන්නේ බොරුවකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය,විනිසුරුවරුන්, නීති විශාරදයින් හෝ සිවිල් සමාජය සමඟ කිසිදු පූර්ව වටමේස සාකච්ඡාවකින් තොරව මෙම පනත් කෙටුම්පත් රහසිගතව සකස් කර ඇති බවත් පනත් ගැසට් කිරීමෙන් අනතුරුව පවත්වන සාකච්ඡා හුදු ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් මිස සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී නීති සම්පාදනයක් නොවන බවත් එක්සත් ජාතීන්ගේ නියෝජිත වරිය හොදින් දැන සිටි පසුබිමක ආණ්ඩුවේ මෙම ප්‍රතිචාරයට හිමි වන්නේ හාස්‍ය පමනක් බව කිව යුතුව තිබේ.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14(1) වගන්තිය මඟින් තහවුරු කර ඇති ස්වාධීන හා අපක්ෂපාතී අධිකරණයක් පිළිබඳ මූලධර්මය මෙමඟින් උල්ලංඝනය වන බවට නියෝජිත වරිය ඉදිරිපත් කරන ලද චෝදනාවට ආණ්ඩුව ලබා දී ඇත්තේ කොහෙද යන්නෙ මල්ලෙ පොල් ආකාරයේ පිලිතුරකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සාමාන්‍ය වගන්ති ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර ප්‍රජාව මුළා කිරීමට රජයට නොහැකි වන අතර එසේ කරන්නට යාමෙන් සැබවින්ම මුලාවට පත්වන්නේ එසේ මුලා කිරීමට උත්සාහ දරන රජයම බව අප සාමූහිකයේ මතය වන්නේය.

එබැවින්, අධිකරණ පද්ධතිය දේශපාලනීකරණය කරමින්, තමන්ගේ අනාගත දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා අධිකරණයට වරප්‍රසාද ලබා දීමට දරන මෙවැනි උත්සාහයන් මගින් ජාත්‍යන්තර ප්‍රජාව රැවටීමට දරන උත්සාහය වහා නතර කරන ලෙසත්, සැබෑ අධිකරණ ප්‍රතිසංස්කරණයක් ගෙන එමින් පවතින විනිසුරු පුරප්පාඩු පිරවීම ඇතුළු ප්‍රායෝගික ක්‍රියාමාර්ග විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාවට නංවමින් ජාත්‍යන්තරයේ විශ්වාසය හරයාත්මකව දිනාගැනීමට කටයුතු කරන ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය රජයට අවධාරණය කොට සිටියි.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

RESPONSE OF THE GOVERNMENT OF SRI LANKA TO THE COMMUNICATION FROM THE SPECIAL RAPPORTEUR ON THE INDEPENDENCE OF JUDGES AND LAWYERS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed