September 21, 2026

උතුරේ NPP මැර මන්ත්‍රී නිදහස් කල කොළඹ ඇමතුම! හයියෝ අනුර රටකට ගිය කලක්!

0
Santhirakumar-Kanesaruban

නෙල්ලිඅඩි ප්‍රදේශයේ පිහිටි නිවසකට පහරදී, එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතියට හානි කිරීමේ චෝදනාව මත ජාතික ජන බලවේගයේ (NPP) පළාත් පාලන මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අදාළ මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුවේ උතුරේ චණ්ඩියෙකු ලෙස කාලයක් සිට කටයුතු කරන අයෙකු බව දැන් අනාවරණය වි තිබේ.

Santhirakumar Kanesaruban, හෙවත් කනේසරුබන් නැමැති අදාළ මැර මන්ත්‍රීවරයා විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙකුට අයත් මෙම නිවස වෙත ගල් ප්‍රහාර එල්ල කරමින් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති අතර නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා ද කඩා දමා තිබේ.

සිදුවීම සම්බන්ධයෙන් නිවැසියන් විසින් නෙල්ලිඅඩි පොලිස් ස්ථානය වෙත දුරකථනය ඔස්සේ කරන ලද දැනුම්දීමකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක්, අදාළ ස්ථානයට ගොස් සැකකරුවන් පිරිස වටලා අත්අඩංගුවට ගෙන තිබෙනවා.කෙසේ වෙතත්, පොලිස් ස්ථානය වෙත රැගෙන ආ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් පොලිස් ඇප මත මුදා හැරීමටයි පියවර ගෙන ඇත්තේ.

විශ්‍රාමික රජයේ නිලධාරියෙකුගේ නිවසට බීමතින් ඇතුළු වී දේපළවලට හානි කර ඇති අතර ඇතුළත සිටි අයට තර්ජනය කර ඇති බවට චෝදනා එල්ල වු අතර පැය හයක් ඉක්මවා යැමට පෙර අදාළ මැර NPP මන්ත්‍රීවරයා පොලිස් ඇප මත නිදහස් කරන ලද අතර, දේශපාලන බලපෑම් ඔහුගේ නිදහස් වීමට උපකාරී වූ බවට චෝදනා එල්ල විය.ඒ හේතුව නිසාම අප උතුරේ දේශපාලන වාර්තාකරු මේ සම්බන්ධයෙන් සොයා බැලිමට කටයුතු කර තිබුනා.

විශ්‍රාමික රජයේ නිලධාරියා 119 පොලිස් හදිසි ඇමතුම් සේවාවට කතා කිරීමෙන් පසු අගෝස්තු 30 වන දින අලුයම 12:45 ට පමණ නෙල්ලිඅඩි පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර හදිසි ඇමතුමට ප්‍රතිචාර දක්වමින් පොලිසිය කනේසරුබන් අත්අඩංගුවට ගත්තේය. නමුත් පෙ.ව. 7 පමණ වන විට ඔහු පොලිස් ඇප මත නිදහස් කර තිබුණි.

නීති විරෝධී ලෙස ඇතුළුවීම, තර්ජන සහ දේපළ හානි කිරීමේ චෝදනා යටතේ පොලිස් ඇප ලබා දුන්නේ කෙසේදැයි නිලධාරියාගෙන් අප වාර්තාකරු ප්‍රශ්න කළ අතර දේශපාලන බලපෑම් හමුවේ කෙලින් උත්තරයක් දිමට හෝ ඔහුට හැකියාව ලැබුනේ නෑ.අවසානයේ ඔහුට කොළබින් ලැබුන දුරකතන පණිවිඩය සම්බන්ධයෙන් අනාවරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප උතුරේ දේශපාලන වාර්තාකරු නෙල්ලිඅඩි පොලිසියේ උසස් නිළධාරියෙකුගෙන් කල විමසිමකදි ඔහු සදහන් කර ඇත්තේ පොලිස් ඇමතිට ඉහලින් කටයුතු කිරිමට තමන්ට නොහැකි බවයි.

ප්‍රදේශයේ පදිංචිකරුවන් කිහිප දෙනෙකු කනේසරුබන් විස්තර කළේ බිය ගැන්වීම් සහ ගැටුම්කාරී හැසිරීම් සඳහා කීර්තියක් ඇති දේශීය කරදරකාරයෙකු ලෙසය.කනේසරුබන් කාලයක සිට මැරයෙකු සහ සොරෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකු වන අතර JVP, දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ඓතිහාසිකව දුර්වල පක්ෂයක් බැවින් උතුරේ, ඔවුන්ට මිනිසුන් අවශ්‍ය වූ බැවින් කනේසරුබන් වැනි මැරයන්ද පක්ෂයට එක් කරගෙන තිබේ.

මේ වසර මුලදී කනේසරුබන් ජනාධිපති දිසානායක හින්දු දෙවියා වන මුරුගන් දෙවියන් සමඟ සම්බන්ධ පූජනීය හෙල්ලයක් වන වේලක් අල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන AI-ජනනය කරන ලද රූපයක් පළ කිරීමෙන් පසු පුළුල් අවධානයක් දිනාගෙන තිබුණි.

“”AKD என்பது முருகன் கடவுளுக்கு சமம்” යන දෙමළ ප්‍රකාශය සමඟ ඔහු රූපය සමඟ එක් කර තිබුනා. එහි සිංහල අර්ථය වන්නේ “AKD මුරුගන් දෙවියන්ට සමානයි” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *