September 21, 2026

වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ අප්‍රසාදයට පත්වෙලා! නූගතුන්ට මාධ්‍ය දිරවන්නේ නෑ!

0
Rahula_himi

වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ අප්‍රසාදයට පත්ව ඇති බව වනවාසී රාහුල හිමියන් පවසනවා.මාධ්‍ය හමුවක් කැදවමින් උන්වහන්සේ මේ බව සදහන් කල බවයි අනුරාධපුර තිසර සමල් වාර්තා කළේ.

“ලොකු අප්‍රසාදයකට පත් වෙලා තියෙනවා පවතින ආණ්ඩුව, ඒ නිසා මම කියන්නේ විරුද්ධ පක්ෂයේ ඔක්කෝම එකතු වෙලා ආණ්ඩුවට පහර ගහනවාට වඩා වැදගත්ම දේ තමයි සියලු දෙනා එක මේසයකට ඇවිත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දු තීරණ ගැනීම, ඉතින් වර්ථමාන ආණ්ඩුව නම්‍යශීලී විය යුතුයි.මේ වර්ථමාන ආණ්ඩුවේ නම්‍යශීලී බවක් නැති බව තමයි මට පේන්නේ, මේ සමාජ මාධ්‍ය තුළ කථා කරන ඒවා, ලියන කරන ඒවා දිහා බැලුවම මට පේන එක දෙයක් තමයි නම්‍යශීලී බවක් නෑ, ඒ නිසා අනිවාර්යෙන්ම නමශ්‍යශීලී බව තිබිය යුතුයි. අපිට 2/3 ක බලයක් තියෙනවා කියන එක ඇත්ත, අපිට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා හිතෙනවා ඇති, හැබැයි එහෙම රටක කරන්න බෑ, එහෙම 2/3 ක බලයක් තියෙනවා කියලා ඒකාධීපති විදිහට තීන්දු තීරණ අරගෙන වැඩ කරන්න බෑ, මහජන මතය කියන එක අවුරුදු 05 යි, අවුරුදු 05 න් ඕක වෙනස් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා ඒ ගැන හැම කෙනෙක්ම හිතලා වැඩ කරන එක කල යුතුයි යැයි වනවාසී රාහුල හිමියන් පැවසූහ.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාහුල හිමියන්, 

“මම කියන්නේ ආණ්ඩුවට මේ වෙලාවේ මහජනතාව අතරේ මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ලොකු විරෝධතාවයක් ගොඩනැගිලා තියනවා, ඒ විරෝධතාවයට රජයක් විදිහට කන්දීම සුදුයි, නම්‍යශීලී බව සුදුසුයි කියලා මම විශ්වාස කරනවා, ව්‍යවස්ථාව සංශෝධනය කර කර ඉන්නවාට වඩා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න, මේ ගැටලු මොකුත් නෑ, ඒක ජනතාවට දාලා, ප්‍රභූවරුන්ට, නීතීඥයින්ට, දේශපාලඥයොත් එක්ක එකට එකතු වෙලා වට මේසයකට ඇවිත් අලුත්ම ව්‍යස්ථාවක් ගේන්න මේ කිසි ගැටලුවක් වෙන්නේ නෑ, හොඳ දේවල් ටික තියාගෙන නරක දේවල් ටික ප්‍රතික්ෂේප කරනවා.සමාජ මාධ්‍ය තුළ ලොකු අප්‍රසාදයකට පත් වෙලා තියෙනවා පවතින ආණ්ඩුව, ඒ නිසා මම කියන්නේ විරුද්ධ පක්ෂයේ ඔක්කෝම එකතු වෙලා ආණ්ඩුවට පහර ගහනවාට වඩා වැදගත්ම දේ තමයි සියලු දෙනා එක මේසයකට ඇවිත් මේ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දු තීරණ ගැනීම, ඉතින් වර්ථමාන ආණ්ඩුව නම්‍යශීලී විය යුතුයි.මේ වර්ථමාන ආණ්ඩුවේ නම්‍යශීලී බවක් නැති බව තමයි මට පේන්නේ, මේ සමාජ මාධ්‍ය තුළ කථා කරන ඒවා, ලියන කරන ඒවා දිහා බැලුවම මට පේන එක දෙයක් තමයි නම්‍යශීලී බවක් නෑ, ඒ නිසා අනිවාර්යෙන්ම නමශ්‍යශීලී බව තිබිය යුතුයි. අපිට 2/3 ක බලයක් තියෙනවා කියන එක ඇත්ත, අපිට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා හිතෙනවා ඇති, හැබැයි එහෙම රටක කරන්න බෑ, එහෙම 2/3 ක බලයක් තියෙනවා කියලා ඒකාධීපති විදිහට තීන්දු තීරණ අරගෙන වැඩ කරන්න බෑ, මහජන මතය කියන එක අවුරුදු 05 යි, අවුරුදු 05 න් ඕක වෙනස් වෙන්න ඉඩ තියෙනවා, ඒ නිසා ඒ ගැන හැම කෙනෙක්ම හිතලා වැඩ කරන එක කල යුතුයි.”

“මේ රටේ විශාල උණුසුමක් තියෙනවානේ මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අධිකරණ පද්ධතියේ සංශෝධනය විය යුතු තැන් තියෙනවා.ඒකේ කිසි ගැටලුවක් නෑ, නමුත් වයස වැඩි කළා කියලා, මා විශ්වාස කරන්නේ නෑ ලක්ෂ 11 ක් විතර නඩු අධිකරණයේ හිර වෙලා තියෙනවා, ඒවාට රස පරීක්ෂක වාර්ථා ප්‍රමාද වීම නිසා අහිංසක අසරණ තරුණයෝ රිමාන්ඩ් බන්ධනාගාර ගත වෙලා ඉන්නවා අවුරුදු ගණන්, ඒ නිසා මේ අධිකරණ පනත අනිවාර්යෙන්ම සංශෝධනය විය යුතුයි.ඒ වගේම පොලිස් නිළධාරීන් කුඩු අතින් දාලා බන්ධනාගාර ගත කරපු සිද්ධීන් අනන්තයි අප්‍රමාණයි.වර්ථමාන පොලිස්පතිතුමා ඒ සම්බන්ධයෙන් අදාළ තීන්දු තීරණ අරගෙන තියෙනවා. මේවා සංශෝධනය වෙලා අලුත් පනතක් ගෙනල්ලා කාලීන වශයෙන් වැදගත් විදිහට, සමාජයට ඵලදායි විදිහට, ජනතාවගේ හිත් රිදෙන් නැති වෙන්න, මේ පනත් ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් හදන්න අවශ්‍යයි, ඒක තමයි මා විශ්වාස කරන විදිහට කළයුතු එකම කාර්ය මේ වෙලාවේ.”

“2/3 ක බලයක් තිබ්බා කියලා විදායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන මේ ලිප් ගල් තුන එකම විදිහට තියෙන්න ඕන, ඒ නිසා මම පෞද්ගලිකව ජනතා පරමාධිපත්‍යයෙන් තේරිච්ච රජයක් අධිකරණයට අත තියන එක මම පෞද්ගලිකව අනුමත කරන්නේ නෑ, පෞද්ගලිකව මම එකඟ නෑ, හැබැයි අධිකරණ පනත තුළ යම් යම් සංශෝධනයන් කාලීනව සිදු කළ යුතුව තිබෙනවා. නඩුකාරවරුන්ගේ වයස දීර්ඝ කළා කියලා සතියක් තුළ හෝ අවුරුද්දක් තුළ  මේ එකලොස් ලක්ෂයක් විතර ගොඩගැහිලා තියෙන නඩු විසඳන්න බෑ, මම සාමාන්‍යය කෙනෙක්, අපිට තේරෙන දේ තමයි අපි කියන්නේ, අපි බිම ජීවත් වෙන්නේ, මිනිස්සු එක්ක අපි ජීවත් වෙන්නේ, ඒ නිසා අපිට තේරෙන දේ තමයි, සමාජ අවබෝධය තමයි මේ සියලු දේවල් කරන්නේ ආණ්ඩුවට ගහන්නවත්, විරුද්ධ පක්ෂයට ගහන්නවත් නෙමෙයි.මේවා හැම කෙනාම තේරුම් අරන් කටයුතු කරන්න කියන එක මම ආණ්ඩුවෙනුත් විපක්ෂ කණ්ඩායම් වලිනුත් සියලු දෙනාගෙන්ම මම කාරුණිකව ඉල්ලා සිටිනවා.”

“ඔය ඇමතිවරයෙක් මයික් දිරවන්නේ නෑ කිව්වේ එයාගේ තියන නූගත්කමනේ, හොඳ හෝ නරක, මාධ්‍යයක් කියන්නේ මේ රටේ ප්‍රභලම ආයතනයක්, මාධ්‍යයට මේක එපා උඹලාට අපි කථා කරන්නේ නෑ කියලා කියනවා නම් මම හිතන්නේ නෑ එයා බුද්ධිමතෙක් කියලා.හැබැයි බුද්ධියයි උගත්කමයි කියන්නේ දෙකක්, මේක තේරුම් ගන්නත් අවශ්‍යයි. උගත්කම තියෙන්න පුලුවන් නමුත් බුද්ධිය නෑ, මම හිතන්නේ දේශපාලඥයෝ කථා බහ කරන කොට හැමදේ පිළිබඳවම අවබෝධයකින් මයික් වලට අදහස් දැක්වීම කාලෝචිතයි  කියලා මම හිතන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *