රාජා මහේන්ද්‍ර,ඇලෝෂියස්, රිකී ඛාන්,කැසිනෝ යාසිම්, ජපානයේ NRFC! සජිත් සටන් කරනවාද? සියදිවි නසාගන්නවාද? තින්දුව ඔයා අතේ!
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර එකඟතාවයක් ඇතිකරගෙන තිබේන බව අප ඊයේ අනාවරණය කළා.ඒ වගේම අපි සජිත්ට ආරාධනා කලේ අනුරගේ සපත්තු රස බලන්නෙක් නොවී මේ වැදගත් අවස්ථාවේ විපක්ෂ නායක ලෙස ජනතාවගේ පැත්තේ සිටගන්නා ලෙසයි.
සජිත් , මේ වෙලාව් ඔබ බියවී ඇත්තේ අනුර ඔබට පැවසූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ෆයිල් එකට සහ ජාල් නම් වූ ඔබගේ බිරිදගේ ව්‍යාපාරය ගැන ෆයිල් එක ගැන පමනක් බව අප දනිමු.
නමුත් සජිත් අනුරගේ ෆයිල් ගොඩ අතරේ ඔබ උපදින්නට කලින් සිටම ප්‍රේමදාස පවුලට ඇති චෝදනා සම්බන්ධයෙන් ලිපි ගොනු තිබෙන බව අප ඉතා වගකීමෙන් කියන්නට කැමති අතර ඔබගේ දැනගැනීම පිණිස එකින් එක ඔබට ගෙන එන්නම්.
සජිත් , ඔබට ලංකාවේ දේශපාලන ගැන උනන්දුවක් ඇතිවූයේ ඔබේ පියාගේ අභාවයෙනුත් මාස 2-3කට පසු බව රහසක් නොවේ.
රාජකීය ක්‍රිකට් කණ්ඩායමේ එකට ක්‍රීඩා කරද්දී විවේක කාලයේ ඔබ පියාගේ ආරක්ෂකයෙකු ගෙන ආ ආහාර වෙනමම වාඩිවී ගනිද්දී ඔබ දේශපාලනයට නුසුදුස්සෙක් බව අපට තේරුම් ගිය බවද ලියා තබනු කැමැත්තෙමි.
සජිත් ඔබ ඇත්තටම දේශපාලන සත්වයෙකු නොවේ. ඔබ වෙනමම මනෝ භාවයක් ඇත්තෙකි. ඔබ මේ විනාශ කරන්නේ විපක්ෂ නායකකමේ බලතල බව මතක් කරදීමට කැමැත්තෙමි.
ඔබ මේරිලන්ඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයට [ වර්ගීකරණයක් නැති විශ්ව විද්‍යාලයකි] යන්නේ එංගලන්තයේ අධ්‍යාපනය කඩාකප්පල් කරගත් පසු ඔබේ පියා , පාස්කරලිංගම් හරහා ඇමරිකානු තානාපතිට කල ඉල්ලීමක ප්‍රතිඵලයකි.
1993 මැයි 2දා පියාගේ අභාවයෙන් පසු කටුනායකට පැමිනි ඔබ රැගෙන යාමට පැමිනි පියාගේ පෞද්ගලික ලේකම් බාලසූරියගෙන් ඔබ විමසා සිටියේ ” අම්ම දිව්රුම් දුන්නද ? ” යනුවෙන් නොවේද ? එය ඔබේ දේශපාලන සාක්ෂරතාවයේ පළමු ලිට්මස් පරීක්ෂාවයි. පියාගේ අවමගුලෙන් පසු දෙසතියක් කාමරයට වී සිටි ඔබ එලියට ගත්තේ රනිල් වික්‍රමසිංහ පැමිණ බව අප ට අමතක නැත.
සජිත්, අප මුලින් පැවසූ සේ අනුර ලග ඇති ඔබේ ප්‍රේමදාස කීර්ති නාමය ගෑවුන ෆයිල් මොනාද කියා දල අදහසක් දීමට කැමැත්තෙමි.
අබන්පොල කහඹිලියාවත්ත , ඩී එස් සේනානායක මාවතේ තෑගි ලැබූ පර්චස් 20ක ඉඩම, කැප්‍රි ක්ලබ් එකට යාබද නිවස , ඔබේ සහෝදරියගේ විවාහ මංගල්‍යය පවා ගත් විජේරාම මාවතේ නිවස, ලිෆ්ටන් වටරවුමේ බේක්හවුස් සිට යුනයිටඩ් මෝටර්ස් දක්වා ඉඩම , ජනාධිපති මන්දිරයේ වටිනා චිත්‍ර සදහා අදාල ගොනුව වැනි පරීක්ෂණ ගොනු රාශියක් ඇති බව මතක් කරමු.
ඒවා සමග රාජා මහේන්ද්‍ර,ඇලෝෂියස් මුදලාලි, රිකී ඛාන්,කැසිනෝ යාසිම් හරහා ලැබෙන මාසික දීමනාව , ජපානයෙන් අදටත් NRFC හරහා ලැබෙන මුදල් වැනි බොහෝ සබදතා එකින් එක එලියට එනු ඇත.
ඒවා එලියට එනවාට බියේ මේ සටන පාවා නොදෙන ලෙස ද අප මතක් කරමු. ඔබ ජනතාව සමග සිටගත් විට ජනතාව ඔබව ආරක්ෂා කරනු ඇත.
