September 21, 2026

ආනන්ද විජේපාල පච වෙයි! අනුර සමග ඉන්න බැදුම්කර හොරා කවුද?

0
arjuna-mahendran

මහ බැංකු බැදුම්කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය කර සිටින සිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාව වෙත උදර්පණය කරගැනීම සඳහා නීතිමය බාධා පවතින බැවින් වෙනත් නීතිමය මාර්ග පිළිබඳ බලධාරින් පරික්ෂා කරමින් සිටින බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා රජයේ හොරණෑ පුවත්පත වන දිණමිනට ප්‍රකාශයක් කර තිබුනා. ඒහි සදහන් කර තිබුනේ

සිංගප්පුරුවේ පුරවැසියකු ලෙස එහි පදිංචිව සිටින අර්ජුන මහේන්ද්‍රන් සිය නම් පවා වෙනස් කර ඇති බවත් ඒ අනුව ඔහුගේ දැන් නාමය හර්ජාන් ඇලෙක්සැන්ඩර් ලෙස භාවිත වන බවත් ය.සිංගප්පූරුවේ නීතියට අනුව එරට පුර වැසියකු ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති බවද ආනන්ද විජේපාල එහිදි ප්‍රකාශයක් කර තිබුනා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම නම වෙනස් කර ඇති බවට රජය එල්ල කරන චෝදනා ඔහු විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව තමන් “හර්ජන් ඇලෙක්සැන්ඩර්” ලෙස නම වෙනස් කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ලිපියක් මගින් රජයට දැනුම් දි ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු කල සොයා බැලිමකදි අනාවරණය වි ඇත්තේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහා බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රබලයෙක් මේ වනවිට අනුරගේ සමීපතමයෙකු ලෙස කටයුතු කරන බවයි.මේ වනවිට NPP ආණ්ඩුවේ බලවත්ම ආර්ථික උපදේශකයා ලෙසද කටයුතු කරන්නේ ඔහු බවයි වාර්තා වන්නේ.

මහා බැදුම්කර වංචාව සිදුවු බව කියන සමයේ අදාළ බොන්ඩ් මුදල වෙනස් කිරිම සදහා උපදෙස් දුන් පුද්ගලයා බව එවකට බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සාක්ෂී දුන් අර්ජුන මහේන්ද්‍රන් විසින්ද නම් කල සැකකරුද මොහු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *