September 21, 2026

අනුර-සජිත් ඩිල් එලියට! සජිත්ගේ මොලේ අමාරුව උග්‍ර අතට? කලකිරීමට ලක්වු මන්ත්‍රීවරුන් කුමක් කරනු ඇද්ද?

0
SP_AKD

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක සහ තමා විපක්ෂ නායක ලෙස හදුන්වා ගන්නා සජිත් ප්‍රේමදාස අතර එකඟතාවයක් ඇතිකරගෙන තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව මමයි පොර තේමාව යටතේ රැස්විම තමන්ගේ මතය ප්‍රකාශ කිරිම හැර ඉන් එහාට ක්‍රියාමාර්ග තේරීමෙන් වැලකීසිටීමට සජිත්, අනුරට පොරොන්දු වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

රහසිගත කුමන්ත්‍රණ කරන්නේ කවුද?

අවස්ථා ගණනාවකදි සජිත් -අනුර අතර දුරකතන සංවාද සිදුව ඇති අතර ඒම සංවාද වල අවසන් ප්‍රථිපලය ලෙස මෙම තින්දුව සජිත් ගෙන ඇති බව SJB ප්‍රබලයන්ද අප දේශපාලන වාර්තාකරු සමග සදහන් කර තිබේ.විපක්‍ෂය මහජන බලය ප්‍රදර්ශනය කිරීමෙන් වැළකී සිටීම ජනමත විචාරණයකින් තොරව 22 අනුමත කිරීමේ අවස්ථාවක් තමන්ට ලැබෙනු ඇති බව අනුර,සජිත්ට පවසා තිබේ.ඒ අනුව මිට දින 3කට පමණ පෙර දේශපාලන,සිවිල් සංවිධාන,වෘත්තීයවේදින් එකමුතු වි වියරු 22 පරාජය කිරිම සදහා කල සාකච්ඡාවේදිද SJB නියෝජනය කල මන්ත්‍රීවරයාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට සජිත් නියෝග කර තිබේ.

මේ අතර ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ වැඩකටයුතුවලට සහභාගි නොවීමට සමගි ජන බලවේගය (සජබ) තීරණය කර ඇති බවද මේ වනවිට වාර්තා වේ. “සත්‍ය දිනවමු; හොරුත් බොරු පරදවමු” යන තේමාව යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණයට සහ විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පවත්වන සෙසු සියලු රැස්වීම්වලටද සහභාගි නොවීමට පක්ෂය තීරණය කර තිබේ.

විපක්‍ෂ නායකවරයාගේ බිරිඳට අයත් “සැලොන්” එකක ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් 19 දෙනෙකු සේවයේ යොදවා ගැනීම ඇතුළු නිවාස ඇමති ධූරය දරන ලද සමයේ විපක්‍ෂ නායකවරයාගේ කටයුතුවලට අදාළ පරීක්ෂණ 3 ක් මේ වන විට පූර්ණ වශයෙන් අවසන් කර තිබෙන බව අනුර, සජිත්ට දැනුම් දි තිබේ.

සජිත් ප්‍රේමදාස සම්බන්ධව ද පූර්ණ ලෙස පරීක්ෂණ පවත්වා අවසන්ව ඇති චෝදනා දෙකට අමතරව සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීමත් සමඟ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ද බලවත් භීතියකට පත්වු අතර දැනට ජනාධිපතිවරයා සමඟ ඇතිකරගෙන තිබෙන අවබෝධය පරිදි කටයුතු කළතත්, ඔහුට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී අදාළ චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගැනීමට අවස්ථාව ඇතැයි මේ අනුව සජිත් ප්‍රේමදාසගේ විශ්වාසය වී ඇත.

22 පරාජය කිරීමේ සටනට හිටියට වැඩිය පිරිසක් දැන් එකතූ වි සිටින බවත් එම සටනේ ඉදිරියෙන්ම නීතිඥ සංගමය සහ බහුජන සංවිධාන කීපයක් සිටිමත් රනිල් වික්‍රමසිංහ ඇතුලු රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ පුද්ගලයන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් විශාල ප්‍රමාණයක් මේ සටනේ සිටිම තමන්ට අවාසිදායක තත්ත්වයක් බවයි අනුරගේ මතය වි ඇත්තේ. ඒ අනුව රටේ නාම මාත්‍රීක විපක්ෂනායකයා එම සටනින් ඉවත් කර ගැනිම අනුරට ඉතාම අවශ්‍ය කරුණකි.

අයියෝ සජිත්ගේ හීන

අනුරගේ ත්‍රාඩ දේශපාලන තෙරුම් ගැනිමට තරම් මොළයක් නැති සජිත් හිතන් ඉන්නේ අමුතුම සුරංගනා කතාවකි.පහුගිය දවසක අනුරාධපුර යන ගමන් නැවතුන තැනකදි 22 සංශෝධනය සම්බන්ධයෙන් සමිපතම පාක්ෂිකයෙකු කල විමසිමේදි සජිත් දුන්න පිළිතුර මේ වගේය.

“22 න් මට ප්‍රශ්නයක් නෑ. 2029 අනුරයි, මායි විතරයි ඡන්දෙට තරගකරන්න ඉන්නෙ. ඒ නිසා 22 මටත් වාසියි. වැඩිය දඟලන්න අවශ්‍ය නෑ”

කලකිරීමට ලක්වු මන්ත්‍රීවරුන් කුමක් කරනු ඇද්ද?

සජිත්ගේ නායකත්වයේ වත්මන් තත්ත්වය පිළිබඳව SJB මන්ත්‍රීවරුන් මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් දැඩි කලකිරිමකින් පසුවන අතර එ අනුව ඔහුන් ඉදිරියේදි දැඩි දේශපාලන තීන්දු රැසක් ගැනිම සදහා සුදානමින් සිටින බවද අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.ඒ අනුව සජිත් විරෝධී SJB පලමු කණ්ඩායම ඊයේ කොළඹ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගෙ නිවසේ සාකච්ඡාවක් සදහා එක්වු අතර එහිදි ගත් දේශපාලන තීන්දු කිහිපයක්ම ඉත් ඉක්මනින් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බවද අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

“මොලේ තියන ඕනම අපේ සාමාජිකයෙකුට තේරෙන්න ඕනි 22 ක පරාජය කරන්න අවශ්‍ය බව. ඒ වෙනුවෙන් අපි පොදු එකතුවක් හදන්න ඔනේ. එක වෙන්නේ නෑ කියන්නේ සජිත් අනුර ඉදිරියේ දේශපාලන අතකොලුවක් වෙලා ඉවරයි.අපි දන්නවා 22 ක පරාජය කරන්න අවංකව සටන් කරන පිරිසක් අපි එක්ක ඉන්නවා, පක්ෂය ඇතුලේ ඉන්නවා,ඒ විතරක් නෙවෙයි මාලිමාව ඇතුලෙත් ඉන්නවා,හැබැයි ඒ මිනිස්සුන්ට ශක්තිය දෙන්න ඔනේ… ධෛර්යය දෙන්න ඕනි ජනතා බලවේග එකතු කරන්න ඔනේ …එත් වැඩක් නෑ සජිත් මේ එකක් කරන්නේ නෑ … දැන් සජබ ගොඩක් දෙනෙකුට තේරෙන්න ඕනි සජිත් එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා.”

සජිත්ගේ මොලේ අමාරුව උග්‍ර අතට?

මේ අතර අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ අනුරගේ දුරකථන සංවාද සහ ලක්ෂමන් ෆොන්සේකා වැනි තක්කඩියන්ගේ බලපෑම් හමුවේ සජිත්ගේ රෝගී තත්ත්වයද උත්සන්න වි ඇති බවයි.සජිත් ප්‍රේමදාස ස්නායු ආබාධයකින් පෙලුන සහ ඒ හෙතුවෙන් මානසික රෝගියෙකු වි සිටින අයෙකු වන අතර ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය සෝමසිරි විමලසේකර මහතා සජිත් සම්බන්ධයෙන් ලබාදුන් රෝග නිශ්චයට අනුව අධික බය සහ දැඩි බලාපොරොත්තු තබා ගැනිම හමුවේ ඔහුගේ මානසික රෝගී තත්ත්වය ඉහල යනු ඇත.

ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රතිකාර කල ආයුර්වේද වෛද්‍ය සෝමසිරි විමලසේකර  කල අනාවරණයකට අනුව සජිත් ස්නායු රෝගයකින් පෙලෙන්නෙකු මෙන්ම ඒ සදහා ප්‍රතිකාර කිරිමට කටයුතු කර ඇත්තේ ඔහු බවද තහවුරු කර තිබේ.

ප්‍ර- එතකොට විදේශයකදී ස්‌නායු ආබාධයකට ලක්‌වූ සජිත් ප්‍රේමදාසට ප්‍රතිකාර කළෙත් ඔබද?

පි-  පිටරට කාටවත් සජිත්ව හොඳ කරන්න බැරි වුණා. ප්‍රේමදාස මහත්තයා මට කතා කරල ප්‍රතිකාර කරන්න කිව්වා. ඒකෙන් තමයි හොඳ වුණේ.

ප්‍ර- නමුත් සජිත් වරක්‌ තමන්ට එවැනි රෝගී තත්ත්වයක්‌ නොතිබූ බවට ප්‍රකාශයක්‌ කර තිබුණා නේද?

පි- ඕකට හොඳම ජීවමාන සාක්‍ෂිය හේමා ප්‍රේමදාස මහත්මිය, එතුමියගෙන් ඇහුව නම් කියයි. එතකොට හේමා මැඩම්ගේ අම්මා, තාත්තා විතරක්‌ නොවෙයි මල්ලිත් ප්‍රතිකාර ගත්තේ මගෙන්.

අදාළ ස්නායු රෝගය හේතුවෙන් සජිත් ප්‍රේමදාස නිරන්තර තරහට පත්වන සහ සෑම වැඩකටම අසමත් කමක් දක්වන මෙන්ම් වඩාත් භයානකම දේ වන්නේ නිරනතර අමතක විමෙ ලෙඩකින් පසුවන බව වන බවද සංවාදයේ සටහන් නොවි තිබු දේ පිළිබඳව අප කල සොයා බැලිමේදි අනාවරණය වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *