September 21, 2026

උගන්ඩා කුමාරී ලීක් කරගෙන! “සුරසේන” රැක ගන්න අනුර 5 වැනිදා පාරට බහී!

0
AKD_NILANTHI_SURASENA

මාලිමා ආණ්ඩුවේ උගන්ඩා කුමාරී ලීක් කරගෙන …ඒ ලීක් එකනම් ලේසී වෙන්නේ නෑ ගෑණු දහ-දොලොස් දෙනෙක් එකතු කරගෙන තෙලක් බෙදනවා. ඇය එහිදි කරන අනාවරණයන් කිහිපයක් ගැන ඉතාම ගැඹුරු ලෙස අප විග්‍රහ කරගත යුතුව ඇත.

ඇය එහිදි කරන කතාව අහන්න …

“අනුර සහෝදරයා 5 වැනිදා දිස්ත්‍රික් මට්ටමින් පටන් ගන්නා ප්‍රචාරණ වැඩපිලිවෙක් … එතකොට එක චුට්ටක් අපි ලිහාගන්න ඔනේ මොකද ප්‍රචාරණ වැඩපිළිවෙළක් විදියට තමා මෙක යන්නේ … ඡන්දයකුත් ලගදි නෑ …පළාත් සභා තියන්නේ නෑ …එහෙම නැතුව තියෙද්දිත් අනුර සහෝදරයා ඇයි මේ ප්‍රචාරණ වැඩ පටන් ගන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරගන්න …. සහෝදර/සහෝදරිය (තෙල බේදිම) විපක්ෂයේ පොඩි පක්ෂ,ඔක්කොම එකට ගත්තාත් පොඩිනේ … “

දැන් ඒ අනුව මාලිමාවේ කොට්ටහච්චී මේ එකතු කරගත් දහ – දොලොස් දෙනාටත් ඇත්ත කියන්නේ නෑ. එක්කෝ JVP කාරයෝ කොට්ටහච්චිලා වගේ උන්දලෑව කඩේ අරිනවා.වෙන්නත් පුලුවන්.මතකනේ උගණ්ඩාවේ රාජපක්ෂලාගේ සල්ලි ගැන JVP ලණුව ගිල්ල කොට්ටහච්චිට උණ දේ … 

දැන් මේ උගණ්ඩා කුමරිය මේ ජනතාවට කොළේ වහලා විපක්ෂයට බැණවදිමින් නොකියා කියන්නෙ කුමක්ද? එනම් වෙන කිසිවක් නොවේ ෆාදර් සුරසේන සහ අනුර ජනාධිපතිවරයා එක්ව ගෙන එන 22 වන ව්‍යවස්ථා සංශෝධනයට අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් තියන්න වෙනවා කියලා දැන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පැලවත්තේ මාලීමා ආණ්ඩුව හොදින්ම දන්නවා.

ඒ නිසාම අනුර දැන් හදන්නේ ආණ්ඩු බලය භාවිතා කරමින්,රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් ජනතාවගේ ඔලුවට විෂ කවන්න,

“අම්මේ තාත්තේ අපි හොරු අල්ලන්න ඔනේ නැද්ද? කල්පනා කරලා බලන්න මේ හොරු අල්ලන්න විනිසුරුවරුන්ගේ විශ්‍රාමය තවත් වසර දෙකකින් දිර්ඝ කරන්න ඔනේ නැද්ද? හා ..” හැබැයි කිසිම වෙලාවක මේ සංශෝධනය ගෙන ඇත්ත හේතුව හෝ මේ සංශෝධනයෙන් එක නඩු 10ක්වත් කලින් ඉවර කරන්න පුලුවන් විදියක් අනුර කියන්නේ නෑ. පැලවත්තේ විල්ටින් අයියා කියන්නේත් නෑ. අධිකරණ ඇමතිගෙන් නම් අහලා වැඩක් නෑ ව්‍යවස්ථාව තියා දණ්ඩ නීති සංග්‍රය නොදන්න බුරු පුතානෝ අනුර සහ පැලවත්ත යන්තම් හරි හදාගෙන එන ජනමතය එක වචන දෙකකින් කෙලවලාම දානවා.

අනුරට ඇයි සුරසේන මේ තරම් ඔනේ ….

මේ ප්‍රශ්ණය බොහෝ දෙනෙක් අහන දෙයක් ….. මේකේ පැති දෙකක් තියෙනවා. අනුරට එක පැත්තකින් සුරසේන අල්ලස් ගන්න පාර කැපුවා. ඒ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය නතර කිරිම හරහා අනිත් පැත්තේන් සුරසේනටත් ඒ චෝදනාවම තියේනවා.ඊට අමතර සුරසේනගේ උප්පෑන්නයේ සිට බොහෝ සහතික ව්‍යජ එවා. ඒ නිසා සුරසේනට, අනුරත්- අනුරට සුරසේනත් ඔනේ .. මේ වගේ අල්ලසක් සුරසේනට දුන්නොත් නඩු තින්දු ලියන්නේ ජනාධිපති මන්දිරයේ ඉන්න අටපාස් මුඩු මුණක් තියෙන සෙන්පතියෝ කියලා ජනතාවට අපි කියලා තියනවා.

ඒ විතරක් නෙවේ දේශපාලනීකව අනුර මේ වැඩේ ඇතුලේ ගේමක් ගහනවා ඒ තමයි තමන්ට නැති ජනතා කැමැත්තක් ජනමත විචාරණයක් වගේ ලාම්පු -කළගේඩි සෙල්ලමකින් තහවුරු කරගන්න එක. මොකද පළාත් සභා ඡන්දයක් තියලා කෙලවරටම කෙලවාගෙන ගෙදරම යන්න අනුර සහ පැලවත්තේ දිනනතුරු ගනින අයියලා කැමති වෙන්නේ නෑ.

මේ වැඩේ ජනමත විචාරණයකින්ම අවසන් කරයිද නැත්නම් රැස්විම් තියලා කෙලවේනවා වගේ දැනුනොත් ලාම්පු -කළගේඩි සෙල්ලම හකුලලා,22කත් හකුලගෙන අනුර සද්ද නැතුව මන්දිරයට වෙලා ඉදී. පාරේ ඉන්න ජෙප්පෝ මයික් වලට තඩි බොරුවක් ඇඳබාලා යයි.නමුත් මැතිවරණයක් කැදවාලා එක කරන්න බෑ. 

ඒ විතරක්ද … අවුරුදු දෙකක් විතර ගෙදරින් එලියට බැහැලා පොස්ටර් අලවලා,කැනවසින් ගිහිල්ලා හන්දිවල රැස්විම් තියාගන්න බැරිවෙලා පක්ෂයේ මාසික රැස්විම් වලට පවා එන්නේ නැති JVP කාඩර් එකේ සහෝදරවරුන්ටත් මෙකෙන් වැඩක් වෙනවා.අන්න එක තමයි 5 වැනිදා පටන් ගන්න යන්නේ.මොක්ද පහුගිය අවුරුදු 2කෙම මාලිමාවේ මිනිස්සු ආණ්ඩුකරණයට එකතු කරගත්තාට බොක්කු උඩ ඉන්න කාඩර් එකේ සහෝදරවරුන්ට කොල් එකක්වත් ගන්න උනේ නෑ කියලා දන්නෝ දනිති.

අවසන් වශයෙන් මේ සංශෝධනය හරහා අනුර කරන්න හදන වැඩේ කෙලවර වෙන්නේ හොද තැනකින් නොවේ. එක මේ සංශෝධනය දිනුවත්,පැරදුණත් වෙනවා කියලා මතක තියා ගන්න.

~පණ්ඩුක හේරත්~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *