September 21, 2026

විධායකය, අධිකරණයට තොණ්ඩුව දමයි!

0
COURT_TIME

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමාගේ නියෝගය අනුව, 2026.08.24 සිට අභියාචනාධිකරණයේ අංක 301 අධිකරණයේ කරුණු ඉදිරිපත් කිරීම (Support) සඳහා නියම කර ඇති නඩු සම්බන්ධයෙන් දැඩි කාල සීමාවක් පනවා තිබේ.

ඒ අනුව,

එක් එක් නීතිඥවරයාට (පෙත්සම්කරුගේ හෝ වගඋත්තරකරුගේ නීතිඥවරයාට) උපරිම විනාඩි 15ක් පමණක් කරුණු ඉදිරිපත් කිරීමට ලබා දෙනු ඇත.

කෙසේ වෙතත්, අධිකරණය විසින් විශේෂයෙන් අවසර ලබා දුන්නේ නම් පමණක් එම විනාඩි 15 සීමාව ඉක්මවා යා හැකිය.

මෙය 2026 අගෝස්තු 21 දින, අධිකරණයේ නියෝගය මත, අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරන ලද දැනුම්දීමකි.

ඒ අනුව සරලව කිව්වොත් 2026 අගෝස්තු 24 සිට Court No. 301 හි නඩුවක් Support කරන විට එක් නීතිඥයෙකුට සාමාන්‍යයෙන් උපරිම විනාඩි 15ක් පමණයි ලැබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *