මේ සංශෝධනය ගෙන්නේ තනී පුද්ගලයෙක් වෙනුවෙන්!
මේ සංශෝධනය ගෙන්නේ තනී පුද්ගලයෙක් වෙනුවෙන් නොවේ යැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශයන් බුද්ධියෙන් විමසිමට ලක්කරන ලෙස නිතිඥ සාලිය පීරිස් මහතා ජනතාවගෙන් ඉල්ලිමක් කරනවා.
අපගේ පරමාධිපත්‍යය සුරකින්න, SAVE OUR SOVEREIGNTY යනුවෙන් සංවිධානය කල සංවාද මණ්ඩපයකට එක්වෙමින් අදහස් දැක්වු ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතා අවධාරණය කළේ විධායක සහ ව්‍යවස්ථාදායකය ස්වාධීන නැති නමුත් අධිකරණය ස්වාධීන විය යුතු බවයි.
විශ්‍රාම වයස තීරණය කරලා තියෙන්නේ විධායකයට බැ ඒක වෙනස් කරන්න අඩු කරන්නත් බැ වැඩි කරන්නත් බැ..ඒකට තුනෙන් දෙකක් තියෙනවා ද ජනමත විචාරණයකින් හරි පුළුවන් කියන එක නෙවෙයි වැඩේ ඒක නොකළ යුතුයි ජනාධිපති කොච්චර කිව්වත් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙවෙයි කියලා ආණ්ඩුව කියන දේ ඒ විදියට ගන්න එපා…
