November 19, 2026

සිරසේ වළං බින්ද ඇමති කිව්වේ ඇත්තක්ද? වටේ යන්නේ නැතුව කෙලින් කියන්න!

0
Sirasa_TV

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බරපතළ ගැටලු සහගත තත්ත්වයක් මතුකර තිබේ.

ඒ අනුව ෆාදර් සුරසේන -අනුර දිසානායක- “born again” කල්ලිය සහ මාලිමා ආණ්ඩුව ලෙස පෙනී සිටින ව්‍යාජ JVP පැලවත්ත යම් කුමන්ත්‍රණකාරී මෙහෙයුම යෙදි සිටින බව ඉතාම පැහැදිලිය. ඊයේ ආණ්ඩුවේ හොරනෑව වන් සිරස Tv ඔස්සේ විකාශය වු “දවස” නැමැති වැඩසටහනේදි වත්මන් ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා යැයි කියන හර්ෂණ නන්නත්තාර (සැබෑවටම ඔහු අධිකරණ ඇමති නොවන) මොඩයෙකු ලෙස කියා සිටින්නේ කුමක්ද? “ජනමත විචාරණයක් එන්නේ නෑ ” ඒ කියන්නේ සුරසේන සහ කල්ලිය මේ ව්‍යවස්ථා සංශෝධනය මාලිමා පාපිසි 159කින් ගොඩදා ගැනිමේ මෙහෙයුමක සිටින බව නොවේද? සියල්ලටම වඩා ලැජ්ජාව අර දෙපැත්තේ සිටින මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා පිස්සු පුසන් දෙදෙනාය. ඔහුන් ඔලුබක්කන් සේ ඔලුව වැනිම හැර වෙන කිසිවක් නොදන්නා බව ඉතාම පැහැදිලිය.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කරන දිනන දකුණ සාමූහිකය අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වූ නිශ්චිත ක්‍රියාවලියක් සිදු වෙමින් පවතින මොහොතක ශ්‍රේෂ්ඨාධිකරණය සතු කාර්යභාරය රටේ අධිකරණ අමාත්‍යවරයා විසින් කල් ඇතිව ප්‍රකාශයට පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව බරපතළ ගැටලු සහගත තත්ත්වයක් මතුකරවන බව දිනන දකුණ සාමූහිකයේ විශ්වාසයයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් පාර්ශවයන් රැසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරෙමින් පවතින අවස්ථාවක මෙරට අධිකරණ අමාත්‍යවරයා මෙන්ම නීතිඥවරයකු වන හර්ෂණ නානායක්කාර මහතා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් “කොහොමත් ජනමත විචාරණයක් පැවැත්වෙන්නේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කිරීම දිනන දකුණ සාමූහිකය දැඩි ලෙස හෙලා දකින්නෙමු.

මේ පිළිබඳව වත්මන් රජයේ ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව රට හමුවේ ප්‍රකාශ කරන ලෙස අප ඉල්ලා සිටින්නෙමු.

ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාල පෙත්සම් විභාගයට ලක්කර තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තිබියදී ඊට පෙර ආණ්ඩුවේ වගකිවයුතු කැබිනට් අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම හරහා බලාපොරොත්තු වන්නේ ස්වාධීන අධිකරණයට යම් බලපෑමක් සිදු කිරීමට දැයි සාධාරණ සැකයක් මතුවනු ඇත.

මීට පෙර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද මෙවැනිම ප්‍රකාශයක් සිදුකර ඇති බැවින් අධිකරණ ක්‍රියාවලියට බලපෑමක් එල්ල වන මෙවැනි ප්‍රකාශයන් සිදු නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *