August 12, 2026

JVP යන්නේ කොයි පාරේ!

0
JVP_North_East

ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන 2026 – 2031 කාලසීමාව තුළ මේ රටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වෙන් කර තිබේ.

ඒ 2026-02-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලද අනුමැතිය අනුව එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ ණය පහසුකම ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකු සමුහය අතර පැවති ණය සම්මුති සාකච්ඡාවකට අනුවය.

ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන මඟින් ආර්ථික විභවයන් සහිත කාණ්ඩ ශක්තිමත් කිරීම, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ප්‍රවර්ධනය කිරීම, ආර්ථික අවස්ථා වැඩි දියුණු කිරීම හා සම්බන්ධතා පුළුල් කිරීම මඟින් ජනතාවගේ ජීවනෝපායන් ඉහළ නැංවීම, තිරසර ප්‍රාදේශීය සංවර්ධනය හරහා උතුරු හා නැගෙනහිර පළාත් වල ප්‍රාදේශීය ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ තරගකාරිත්වය ඉහළ නැංවීම ද අපේක්ෂා කෙරේ.

2026-02-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය 

උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන

2026 සිට 2031 දක්වා වන වසර 06ක කාලසීමාව සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලබා දීමට නියමිත අතර, ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇත. එම වැඩසටහනේ පළමු අදියර යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරා ගත් ප්‍රදේශයන්හි කලාපීය නිෂ්පාදන විභවයන් (සංචාරක, ධීවර ආදී) ඉහළ නැංවීම, රැකියා බිහි කිරීම හෝ පවතින රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම, ව්‍යවසායයන් සඳහා සහාය වීම, පෞද්ගලික ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ ආයතනික සවිබල ගැන්වීම පිණිස යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවධානයක් යොමු කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලෝක බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීමටත්, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව සිය අමාත්‍යාංශය විසින් අනෙකුත් මූලික පියවර ගැනීමටත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මෙය ජනතාවාදී ආණ්ඩුවක් යැයි කියාගමින් ජනතාව මුලාවේ දමමින් කටයුතු කරන ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් බව ඉතිහාස කතා මගින් ඉතාම පැහැදිලි කර දි තිබේ.එනම් …එදා බෙදුම්වාදීන් යැයි කියමින් අහිංසක දමිළ ජනයා සිය දකුණේ ඡන්ද ව්‍යාපාරය සදහා මෙහෙය වු බව උතුරු -නැගෙනහිර පළාත් වෙන් කිරිම සදහා ගෙනගිය අරගලය තුලින් මනාව පැහැදිලි වේ.

JVP යන්නේ කොයි පාරේ – බෙදුම්වාදීන් ගිය පාරේද?

1987 වසරේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් උතුරු සහ නැගෙනහිර පළාත් එකම පරිපාලන ඒකකයක් ලෙස ඒකාබද්ධ කරමින් නිකුත් කරන ලද ප්‍රකාශනය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එවකට එනම් 2006 වර්ෂයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවු අතර පසුව උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම පදනම් කරගත් හදිසි අවස්ථා රෙගුලාසි සහ ප්‍රකාශන බලය ඉක්මවා ගිය ඒවා බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු තුනක් ගොනු කළේය

එහි අවසන් ප්‍රතිපලය ලෙස 2006 ඔක්තෝබර් 16 වන දින, ජනතා විමුක්ති පෙරමුණ (JVP) විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ පස් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්, 1987 වසරේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් උතුරු සහ නැගෙනහිර පළාත් එකම පරිපාලන ඒකකයක් ලෙස ඒකාබද්ධ කරමින් නිකුත් කරන ලද ප්‍රකාශනය නීති විරෝධී සහ ශුණ්‍ය වන බවට තීරණය කළේය.

එවකට සිංහල ජාතිකවාදී කදවුරේ පෙත්සම්කරුවන් වු JVP විසින් සපයන ලද කරුණු “ඓතිහාසික යුගයේ පැවති බෙදීම් ස්ථාපිත කිරීම සඳහා ද්‍රව්‍ය රාශියක් සහ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ නැගෙනහිර පළාත උඩරට රාජධානියේ කොටසක් බව” තහවුරු කිරීමට හේතු වූ බව අධිකරණය ප්‍රකාශ කළේය.

එවකට බෙදුම්වාදී ඉල්ලීම් සහ පරිපාලනමය එකතු කිරීම්වලට එරෙහිව ජාතිකවාදී හා ඒකීය රටක් වෙනුවෙන් ගත් දේශපාලන ක්‍රියාමාර්ගයක් ලෙස JVP මෙම නඩු තීන්දුව දැඩි ලෙස ජනතාව හමුවේ සාධාරණීකරණය කළේය.එවකට ජවිපෙ පෙත්සම්කරුවන් පැවසුවේ ඒකාබද්ධ වීමෙන් “මුස්ලිම් සහ සිංහල ප්‍රජාවන් ස්ථිරවම සුළුතරයකට යටත් කරනු ඇති” බවයි.

ඉන්දීය රජය, කැපී පෙනෙන රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමකින්, ඒකාබද්ධ කිරීම ඉවත් කිරීමට විරුද්ධ විය.

කෙසේවෙතත් හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුරු සහ නැගෙනහිර පළාත් එකම පරිපාලන ඒකකයක් ලෙස ඒකාබද්ධ කරනු ලැබුවේ සංවර්ධන කාර්යක්ෂමතාව වෙනුවෙන් වන අතර පළාත් දෙක ඒකාබද්ධව සංවර්ධන කටයුතු සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථික හා කලාපීය දියුණුව වේගවත් කරගත හැකි බවට මතය එදා සිටම පැවැති එකකි. අද එය යලිත් සත්‍යක් වි තිබේ.

2023 වසරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද උතුර හා නැඟෙනහිර පළාත් දෙක වෙන් කරමින් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන කිසිදු සැලසුමකට තම සහයෝගය ලබා නොදෙන බව පැහැදිලිවම ප්‍රකාශ කර තිබු අතර එවකට රටේ ජනතාව අතර වෛරය වපුරමින් සිටි JVP-NPP කල්ලිය එයද දැඩිම වේදිකා මත විවේචනය කරුණු දක්නට ලැබුනා.

(ඡායාරූපය – 2006 ඔක්තෝබර් 16 වැනිදා උතුරු නැගෙනහිර වෙන්කිරීමේ ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත් වූ අවස්ථාව)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *