September 27, 2026

දඩයම සුරසේනගේ උනාට, තුවක්කුව!

0
PMD_NEWS

විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කිරීම මෙන්ම විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය විරුද්ධත්වයක් නොමැති බව මෙහිදී සඳහන් කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයෝ මෙම තීරණය පිළිබඳව තවදුරටත් සලකා බලා යම් පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කර සිටිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් PMD සදහන් කරනවා.

පැයකට ආසන්න කාලයක් සාර්ථකව පැවති මෙම සාකච්ඡාවේදී විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ 22 වන ව්‍යවස්ථා සංශෝධනය කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමද සිදු කල බවයි එහි සදහන් වන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනයේ සදහන්ව ඇත්තේ මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන් බවයි.

ඒ අනුව අනුරගේ වචන වලින්ම කිවහොත් “දඩයම කරේ තියාගෙන යන එවුන් දැක්කම කියන්න පුළුවන් තුවක්කුව බැදපු එවුන් ….” ප්‍රකාශය අනුරට අප යලිත් මතක් කරගන්නා ලෙස දැනුම් දෙමු. සමස්ථ නිවේදනයටම අනුවම තුවක්කුව බැද ඇත්තේ අනුර බව පැහැදිලිය.දැන් දඩයම් කර තබාගෙන යාමට සුදානම්ව ඇත්තේ අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනය. වෙඩි කැමට සුදානම්ව ඇත්තේ නීතියේ ආධිපත්‍ය බවද පැහැදිලිය ඒ කියන්නේ ජනතාවය.අනුර මේ තුවක්කුව බැන්දේ වෙන ඉලක්කයකට බව අප දනී. මේ දඩයම සුරසේන කරටගතහොත් ජනතාව සුරසේන පසුපස දුවනු ඇත. නමුත් තුවක්කුව බැන්ද අනුර තමන්ගේ ඊළඟ ඉලක්කය එනතුරු සිටිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *