August 11, 2026

මහානායක නාහිමිවරුන්ට පයින් ගැසු අනුර, කාදිනල් ලග දමනය වෙයිද?

0
Malcolm-Ranjith

හෙට නීතිඥ සංගමය සමග ජනාධිපතිවරයා පවත්වන සාකච්ඡාවෙන් පසුව 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හකුලා ගැනිමේ සුදානමක් ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් හමුවීමට ජනාධිපති අනුර කුමාර ලබන බදාදා (12) දවල් 1 ට කාලවේලාව ලබා දී තිබේ. 

පසුව එම සාකච්ඡාවලින් අනතුරුව සංශෝධනය කල් දැමිම සදහා සුදානමක් ඇති බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ. ඊට ආසන්නතම හේතුව කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් සිය අකැමැත්ත රජයට දැඩිව අවධාරණය කිරිමයි. ඒ සම්බන්ධයෙන් පසුගියදා කාදිනල් හමුවිමට ගිය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට මෙන්ම නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යවරයාටද දැනුම් දි ඇති අතර දුරකතනය ඔස්සේ ජනාධිපතිවරයාද ඇමතු කාදිනල් සිය අකමැත්ත පලකර තිබේ.

“ඊට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අගරදගුරු, කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් හමු වූ විට මාධ්‍යයට හෙළි නොකරන ලෙස පවසමින් කාදිනල්තුමන් ද පවසා ඇත්තේ තමන් මෙවැනි සංශෝධනයක් ඉල්ලා නොසිටිය බවයි.

“අප ඉල්ලා සිටියේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක්. එහෙම නැතුව මෙහෙම එකක් නොවෙයි. අපට තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන සංශෝධනයක් ගැනයි අපි කිව්වෙ. බුද්ධාගමට ලැබී ඇති තත්ත්වය එලෙසම තබාගෙන, අළුතෙන් හැදෙන බෝන්අගේන් වගේ ඒවාට අපේ මිනිස්සු කඩල ගන්න බැරි විදියේ පුළුල් ව්‍යවස්ථා සංශෝධනයකුයි අපේ ඉල්ලීම වුණේ.”

යනුවෙන් ද කාදිනල්තුමන් එහි දී වැඩිදුර සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.”

අපි අපේ අකමැත්ත ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම් දුන්න බව මහානායක නාහිමිවරු දිගින් දිගටම ආනාවරණය කලද අද (11) දක්වාම ලිපියක් ලැබුන බව හෝ පිලිගැනිමට ආණ්ඩුව කටයුතු කර තිබුනේ නෑ.

මේ තත්ත්වය තුළ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම පිළිබඳ දෙගිඩියාවකට ලක්ව ඇති ජනාධිපතිවරයා, ඒ පිළිබඳව තම ඉහළ දේශපාලන අධිකාරිය සමඟ සිදුකරන ලද සාකච්ඡාවලින් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමට දිනය සහ වේලාව ලබා දී තිබේ.

මෙම සාකච්ඡාවෙන් පසුව, අදාළ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පිළිබඳ ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු JVP පැලවවත්තේ කාඩරය තීරණය කර ඇති අතර එය මහානායක නාහිමිවරුන්ගේ ඉල්ලිම මත සිදුකල එකක් බව පෙන්විමට උත්සහ කරනු ඇති බවද අනාවරණය වි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *