August 12, 2026

ජනාධිපති නෑ කියු! ආණ්ඩුව හොරගල් ඇහිලු! මහානායක හිමියන්ගේ ලිපිය මෙන්න!

0
AKD_MAHANAYAKA

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය මේ වනවිට සමාජගතව තිබේ.

අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිශ්චකාරතුමන්ලාගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබඳවයි යනුවෙනෙ සදහන් අදාළ ලිපිය මහානායක හිමිවරුන් විසින් නිකුත් කර ඇත්තේ පසුගිය ජුලි 31 වැනිදා.ය

එම ලිපිය මගින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර “එම වයස් සීමාව ඉහළ නැංවීමට රජය මේ ආකාරයෙන් කටයුතු කිරීම සුදුසු නොවන බව අපගේ විශ්වාසයයි.” යනුවෙන් සඳහන් කර තිබේ.

“වර්තමානය වනවිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම දිවියට එළඹීමේ වයස පිළිවෙළින් අවුරුදු 63 හා 65 ලෙස දක්වා ඇත.”

“එහෙයින් අධිකරණ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අවශ්‍ය පුළුල් වැඩ පිළිවෙලක් අදාළ සියලු අංශ සමඟ සකච්ඡා කොට ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව ප්‍රකාශ කරන අතර ම අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් නැංවිය හැකි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම අවස්ථාවේ සිදු කිරීමෙන් වැළකී සිටිම සුදුසු බව ගරු ජනාධිපතිතුමන් වෙතහිතාධ්‍යාශයෙන් යුතුව සිහිපත් කරනු කැමැත්තෙමු.”

අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන,මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, මල්වතු මහා විහාරය, මහනුවර.

අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්ථවිර, ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙන. මිරිස්වත්ත, බළංගොඩ.

අතිපූජ්‍ය වරකාගොඩ ධම්ම සිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ස්ථවිර, අස්ගිරි මහා විහාරය, මහනුවර.

අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නායක ස්ථවිර, මිණි ඔළුව විද්‍යාවාස මහ පිරිවෙණ, මීරිගම.

යන මහානායක හිමිවරුන් එම ලිපියට අත්සන් තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *