October 23, 2026

මේ හදන්නේ JVP රෙජීමයද? ආණ්ඩුවේ පනත් කෙටුම්පත් දෙකෙන් ජනතා නිදහසට බරපතළ තර්ජනයක්! අධිකරණ බලය දුර්වල වීමේ අවදානමත් හෙළි කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් පිටු 7ක දැඩි අනතුරු ඇඟවීමක්!

0
Sri Lanka Legal Warning PSTA

'AKD ආණ්ඩුව'

සම්පූර්ණ කාලයම හිටියොත් 

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීමක් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) 2026 ඔක්තෝබර් 21 වැනිදා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රජය විසින් ඉදිරිපත් කර ඇති රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) පිළිබඳව පිටු හතකින් යුත් මෙම නිවේදනය මඟින් නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි.

විශේෂයෙන්ම විධායක බලතල පුළුල් කිරීම, අධිකරණ අධීක්ෂණය දුර්වල වීම, සාමකාමී විරෝධතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇතිවිය හැකි බලපෑම් මෙන්ම අපැහැදිලි නීතිමය අර්ථකථන හරහා සාමාන්‍ය පුරවැසියන් පවා අපරාධ නීතියේ විෂය පථයට ඇතුළත් වීමේ අවදානම මෙහිදී අවධාරණය කර ඇත.

මෙය හුදෙක් පනත් කෙටුම්පත් දෙකක් පිළිබඳ නීතිමය විවාදයක් නොව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අනාගතය හා පුරවැසි නිදහස පිළිබඳ මූලික ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.

නිවේදනයේ බරපතළම කරුණු

1. අධිකරණයේ බලතල සීමා වීමේ අවදානම

PSTA යටතේ අත්අඩංගුවට ගැනීම්, රඳවා තබා ගැනීම් සහ විධායක තීරණ සම්බන්ධයෙන් අධිකරණයේ ස්වාධීන අධීක්ෂණය දුර්වල විය හැකි බවට නීතිඥ සංගමය අවධානය යොමු කරයි.

2. අධිකරණ අනුමැතියකින් තොරව රඳවා තබා ගැනීම

රඳවා තබා ගැනීමේ නියෝග නිකුත් කිරීමේ බලතල විධායකය වෙත පැවරීම සහ එමඟින් පුද්ගල නිදහසට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇත.

3. සාමකාමී විරෝධතා පවා ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය වීමේ අවදානම

ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් සහ අපැහැදිලි අර්ථකථන හේතුවෙන් නීත්‍යනුකූල විරෝධතා, අදහස් ප්‍රකාශනය සහ සමාජ ක්‍රියාකාරකම්වලට බලපෑම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවයි.

4. වරදක් සිදු නොකළ පුද්ගලයන්ට පවා නීතිමය අවදානම්

සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතේ අපරාධ කණ්ඩායම් පිළිබඳ පුළුල් අර්ථකථන නිසා සෘජුව අපරාධයකට සම්බන්ධ නොවූ පුද්ගලයන් පවා විමර්ශනවලට ලක්වීමේ අවදානම පෙන්වා දෙයි.

5. ප්‍රේම සබඳතා, පච්ච සහ අන්තර්ජාල ක්‍රියාකාරකම් පිළිබඳ ගැටලු

OCB පනත් කෙටුම්පතේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් හඳුනාගැනීමට යොදාගත හැකි නිර්ණායක අතර පච්ච, සබඳතා සහ අන්තර්ජාල ක්‍රියාකාරකම් වැනි කරුණු පිළිබඳව නීතිඥ සංගමය ප්‍රශ්න මතු කරයි. එවැනි ලක්ෂණ තිබීම පමණක් අපරාධයක් බවට පත්වන බව මෙයින් අදහස් නොවේ.

6. පොලිසියට සහ විධායකයට පුළුල් බලතල

සෝදිසි කිරීම්, අත්අඩංගුවට ගැනීම්, දේපළ සම්බන්ධ ක්‍රියාමාර්ග සහ තොරතුරු ලබාගැනීමේ බලතල සඳහා ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයක් තිබිය යුතු බව අවධාරණය කරයි.

7. මූලික අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍යයට බලපෑම්

පනත් කෙටුම්පත් දෙකේ ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති අයිතිවාසිකම් හා නීතියේ ආධිපත්‍යය සමඟ ගැටිය හැකි බවට කනස්සල්ල පළ කරයි.

2026 ඔක්තෝබර් 21

ශ්‍රී ලංකා රජය විසින් රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ ඉන්අ නතුරුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) ගැසට් පත්‍රයේ පළ කර ඇත.ඉන්පසු එම පනත් කෙටුම්පත් දෙකම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.

මෙම පනත් කෙටුම්පත් දෙකම නීතිමය ප්‍රතිසංස්කරණ ලෙස ඉදිරිපත් කර තිබුණද, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වී සිටින්නේ, එම කෙටුම්පත් තනි තනි වශයෙන් ද, සාමූහිකව ද විධායකය වෙත අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ සෝදිසි කිරීම සමබන්ධයෙන් අධික බලතල ප්‍රදානය කරන බවටත්, පුද්ගල නිදහස ආරක්ෂා කිරීම වඩාත්ම තීරණාත්මක වන අවස්ථාවන්හිදී අධිකරණයේ අධික්ෂණය සීමා කරන බවටත්; සමාගමයට, අදහස් ප්‍රකාශ කිරීමට සහ යාම ඊම සඳහා වන නිදහස කෙරෙහි දිගුකාලීන බලපෑම් ඇති කරන අපරාධමය වගකීම නිර්මාණය කරන බවටත් යන කරුණු මත ය.

මෙම හේතූන් නිසා, පවතින ස්වරූපයෙන් මෙම පනත් කෙටුම්පත් දෙක ම පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල මතු කරයි.

මෙම පනත් කෙටුම්පත් දෙස බැලිය යුත්තේ ශ්‍රී ලංකාවේ අතීත අත්දැකීම් පදනම් කරගනිමින් ය. සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික වියිවිධාන) පනත (PTA) තාවකාලික පියවරක් ලෙස හඳුන්වා දුන් අතර එය දශක හතරකට වැඩි කාලයක් නීති රාමුව තුළ පැවැතුණි. බලයට පත් වූ ආණ්ඩු ගණනාවක් යටතේ එය අත්තනෝමතික ලෙස භාවිත කර ඇති අතර, රාජ්‍යයට එල්ල වන සැබෑ තර්ජනවලට එරෙහිව පමණක් නොව, පුද්ගලයන් නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමටත්, දේශපාලන විරුද්ධවාදීන්, ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, ශිෂ්‍යයන්ස හ මහජනතාව අතර පවතින විරෝධතාවයන් මර්දනය කිරීමටත් භාවිත කර ඇත. මෙය එක් රජයක හැසිරීමක් පමණක් නොවේ. විවිධ දේශපාලන මත දැරූ රජයන් ගණනාවක මෙය එක ලෙස පැවැතුණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයෙකු වචන ජ්‍යෙෂ්ඨ නීතිඥ ගිජාස් හිස්බුල්ලා මහතාගේ සිදුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳ මනා නිදසුනකි. ඔහුව 2020 අපේල් 14 වන දින අත්අඩංගුවට ගන්නා ලද අතර, 2022 පෙබරවාරි මාසයේදී ඇප මත මුදා හැරීමට පෙර මාස 22 ක් (දින 662 ක්) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගන්නා ලදී.

චෝදනා පත්‍රයක් ගොනු කිරීමට පෙර ඔහුව මාස දහඅටක් පමණ රඳවා තබා ගන්නා ලදී. ඔහුගේ අත්අඩංගුවට ගැනීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් ම පනවා ඇති උපරිම මාස දහඅටක රඳවා තබා ගැනීමේ නියෝගය පවා ඉක්මවා ගිය අතර, ඔහුට ඇප ලබා දීමට නියෝග කරමින් අභියාචනාධිකරණය නිරීක්ෂණය කළේ නීතියේ ඇති “අතිශය දරුණු අංග” අවභාවිත කර ඇති බවයි. මෙවැනි බලතල ලබා දුන් පසු ඒවා භාවිත වන්නේ මේ ආකාරයෙන් චන අතර, ඒවා භාවිත කිරීම මගින් අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් ඇති නීතිඥයන්, මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ සාමාන්‍ය ජනතාව කෙරෙහි නිශේධනීය බලපෑමක් ඇති කරනු ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වා දීමට නියමිත PSTA පනත් කෙටුම්පත සහ පනත් OCB කෙටුම්පත පරික්ෂා කළ යුත්තේ මෙවැනි පසුබිමක් යටතේ ය. සාධාරණ ලෙස භාවිත කළ හැකි නීතියක්අ වභාවිත කිරීමට ද හැකියාව පචතින අතර, ශ්‍රී ලංකාවේ අත්දැකීම් සැලකිල්ලට ගැනීමේදී නව නාමයන්ය ටතේ ද මෙම අභියෝග සහ අවභාචිතයන් ම නැවත සිදුවීමට ඇති හැකියාව ශ්‍රී ලංකා නීතිඥ සංගමයට බැහැර කළ නොහැකිය. සිය පොලිසියට සහ විධායකයට මෙවැනි ආකාරයේ බලතල ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්, පොලිස් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට ලක්වේ.

නීතියේ ආධිපත්‍යය මගින් පාලනය වචන රටක, නීතියේ ප්‍රධාන අරමුණ වන්නේ රාජ්‍යයේ අත්තනෝමතික ක්‍රියාවන්ගෙන් පුද්ගලයා ආරක්ෂා කිරීමයි. අපගේ අපරාධ විනිශ්චය පද්ධතිය විසින්ව රදක් සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයෙකු වරදකරු යැයි ඔප්පු චන තෙක් නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ පූර්ව නිගමනය සහ සුවිශේෂී තත්ත්වයන් මගින් අන් අයුරකින් අවශ්‍ය නොවන්නේ නම් ඇප මත මුදා හැරීමේ සාමාන්‍ය රීතිය වර්ධනය කර ඇත්තේ එබැවිනි. මෙම කරුණු හුදෙක් ම තාක්ෂණික කරුණු නොවේ. පොලිසියේ සහ විධායකයේ බලය ස්වාධින අධිකරණයක අධීක්ෂණය යටතේ තබා ගන්නේ මෙවැනි මූලධර්ම හරහා ය. මෙම පනත් කෙටුම්පත් දෙකම, විවිධ ආකාරයන්ගෙන් මෙම මූලධර්මයන් ඉවත් කිරීමට උත්සාහ කරයි.

රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කාරක සභාවට ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා සහ ජනාධිපති නීතිඥ චානක ද සිල්චා මහතා නම් කරමින්, PSTA කෙටුම්පත්කි රීමේ උපදෝශන ක්‍රියාවලියට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සද්භාවයෙන් යුතුව සහභාගී විය. කෙසේ වෙතත්, ගැසට් කරන ලද පනත් කෙටුම්පත, කාරක සභාව විසින් අනුමත කරන ලද කෙටුම්පතෙන් සැලකිය යුතු ලෙස වෙනස් චී ඇත. ප්‍රකාශයට පත් කිරීමට පෙර මෙම වෙනස්කම් කාරක සභාව වෙත නැවත යොමු නොකළ බවත්, එහි සභාපතිවරයාගේ හෝ සාමාජිකයන්ගේ අවධානයට යොමු නොකළ බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් සංගමය වෙත දැනුම් දී ඇත. අත්අඩංගුවට ගැනීමේදී සහ රඳවා තබා ගැනීමේදී අධිකරණ පාලනය අඩු කරන හෝ විධායක බලය පුළුල් කරන ප්‍රධාන වෙනස්කම් වන්නේ:

අනිවාර්ය රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම: ගැසට් කරන ලද පනත් කෙටුම්පත මගින් මහේස්ත්‍රාත්චරයෙකු විසින් සැකකරුවෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීම අනිවාර්ය කර ඇති අතර, එමගින් සැකකරුට එරෙහිව ඇති කරුණු ඇගයීමට සහ රිමාන්ඩ් කිරීම සාධාරණද යන්න තීරණය කිරීමට මහේස්ත්‍රාත්චරයාට ඇති අභිමතානුසාරී බලය සැලකිය යුතු ලෙස සීමා කරයි.

ඇප ලබා දීමේ සීමාවන්: ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් පමණක් චන අතර, ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදවල් සම්බන්ධයෙන් ඇප ලබා දිය හැක්කේ සුවිශේෂී අවස්ථාවලදී පමණි. අනිවාර්ය රිමාන්ඩ් කිරීම සමඟ ඒකාබද්ධ වූ විට, මෙම වියිවිධාන මගින් සැකකරුවන්ට එරෙහිව ඇති සාක්ෂි දුර්වල අවස්ථාවලදී පවා ඔවුන්ව දීර්ඝ කාලයක්ර ඳවා තබා ගැනීමේ අවදානමක් ඇති කරන අතර, මහාධිකරණය හමුවේ වඩාත් වියදම් අධික සහ පහසුවෙන් ලබා ගත නොහැකි පිළියම් සෙවීමට ඔවුන්ට සිදු වේ. මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට අත්විඳින අභිතකර ප්‍රතිචිපාක තවදුරටත් පවත්වාගෙන යාමේ අවදානම මතු කරයි.

අධිකරණ අනුමැතියකින් තොරව රඳවා තබා ගැනීම දීර්ඝ කිරීම: මුල් මාස දෙකක කාලයෙන් ඔබ්බට රඳවා තබා ගැනීම දීර්ඝ කිරීම සඳහා මහේස්ත්‍රාත් අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අනුමත කළ කෙටුම්පතේ ඇතුළත් වූවත්, එය ඉවත් කර ඇති අතර, ඒ හරහා පුද්ගල නිදහස අඛණ්ඩව අභිමි කිරීම කෙරෙහි චන අධිකරණ අධික්ෂණය දුර්වල කොට ඇත.

සීමා කිරීමේ නියෝග: ගැසට් කරන ලද පනත් කෙටුම්පත මගින්, සීමා කිරීමේ නියෝගයන් මහාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන හෝ අධිකරණ විවරණයන් හරහා නැවත සලකා බැලීමේ විධිවිධාන සලසයි. මාස තුනක් (03) දක්වා යාම් ඊම් සහ සමාගමය සීමා කර ඇති පුද්ගලයෙකුට, එය ප්‍රායෝගිකව වඩාත් දුෂ්කර නීතිමය පිළියමක් වේ.

සංවිධාන තහනම් කිරීම: ගැසට් කරන ලද පනත් කෙටුම්පත මගින් සංවිධාන තහනම් කිරීමේ බලතල ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත කර ඇත. මෙය අදාළ විශ්වාසය සඳහා අමාත්‍යවරයාට සාධාරණ හේතු තිබිය යුතු අතරම, නියෝග පැනවීම ජනාධිපතිවරයාට පවරා, නැවත සලකා බැලීමේ බලය අමාත්‍යවරයා වෙත තබා ගැනීම කාරක සහා රාමුවෙන් බැහැර වීමකි.

වරදවල්, මුක්තීන් සහ විධායක බලතල පුළුල් කිරීම: පනත් කෙටුම්පත මගින් වරදවල් සහ මුක්තීන්ගේ පරාසය සැලකිය යුතු ලෙස පුළුල් කරන අතර අනුව්‍යවස්ථාවන් සහ විධායක ආඥාවන් හරහා අපරාධමය වගකීම් නිර්මාණය කිරීමට ඉඩ සලසයි. “නිශ්චිත පුද්ගලයෙකු” යන්නෙහි අර්ථ නිරූපණය පළාත් සභා සාමාජිකයන් ද ඇතුළත් වන පරිදි පුළුල් කර ඇති අතර, එමගින් තොරතුරු රහසිගත ලෙස සැලකිය හැකි පුද්ගලයන්ගේ පරාසය පුළුල් චන අතර පනත් කෙටුම්පත යටතේ ඇති වරදවල බලපෑම තවදුරටත් දීර්ඝ වේ.

නීතිමය උපදෙස් සඳහා වන ආරක්ෂාව සීමා කිරීම: නීතිමය උපදෙස් සඳහා ලබා දී ඇති ආරක්ෂාව පටු කර ඇති අතර, නීතිඥ සංගමයේ සාමාජිකයන් විසින් සිදු කරනු ලබන උපදේශන කටයුතු අදාළ ආරක්ෂාවෙන් බැහැරව පැවතීමේ හැකියාවක් පවතී.

තවද, උපදේශන ක්‍රියාවලියේදී ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය, පරිපාලනමය රඳවා තබා ගැනීම සහ සංවිධාන තහනම් කිරීම සම්බන්ධ කරුණුවලදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ එක් නියෝජිතයෙකු සිය විරුද්ධත්වය පළ කර තිබුණි.

කාරක සභාව අනුමත කළ කෙටුම්පතෙන් සිදු කර ඇති මෙකී සැලකිය යුතු වෙනස්කම් සලකා බැලීමේදීත්, කාරක සභා චාර්තාව හෝ නීතිඥ සංගම් නියෝජිතයා පළ කළ විරුද්ධත්වය මහජනතාවට ප්‍රසිද්ධ කර නොමැති බැවින්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය 2026 ඔක්තෝබර් 08 චන දින ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් අවධානය යොමු කළ අතර, කාරක සභා අවස්ථාවේදී සංශෝධන ගෙන ඒම ඇතුළුව මෙම වෙනස්කම් නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියේය. පුද්ගල නිදහස, අධිකරණ අධික්ෂණය සහ මූලික අයිතිවාසිකම් කෙරෙගි මෙම වෙනස්කම්වල ඇති බලපෑම ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් විශේෂයෙන් පෙන්වා දෙන ලදී. කෙසේ වෙතත්, අද වන තෙක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් ඊට කිසිදු පිළිතුරක්ලැ බී නොමැත.

එබැවින්, ගැසට් කරන ලද පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ම අපැහැදිලි සහ අතිශය පුළුල් ඒවා වචන අතර, ඒචා ඕනෑම නීත්‍යානුකූල අරමුණකට වඩා අධික සහ අසමානුපාතික බව නීතිඥ සංගමය සලකයි. මෙම පසුබීම යටතේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ තීරණයක් ලබා ගැනීමේ පෙත්සමක් ගොනු කරන ලදී. ඉහත සඳහන් කළ විධිවිධාන ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට අහිතකර ලෙස බලපාන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 11, 12, 13, 14 සහ 14A යන වගන්තිවල අඩංගු අදහස් ප්‍රකාශ කිරීමේ, රැස්වීමේ, සමාගමයේ සහ යාම් ඊම්හි නිදහස; වධහිංසාවලින් සහ කෲර වධ බන්ධන වලින් ආරක්ෂා වීම; නීතිය ඉදිරියේ සමානාත්මතාව; අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා තබා ගැනීමෙන් ආරක්ෂා වීම; සහ තොරතුරු ලබා ගැනීමේ අයිතිය ඇතුළු ව්‍යවස්ථාපිත සහතික කිරීම්

මෙන්ම 3 චන වගන්තිය සමඟ කියවිය යුතු 4(d) වගන්තියට පටහැණි බවටත් පැමිණිලි කර ඇත. පනත් කෙටුම්පත මගින් අපේක්ෂිත සීමා කිරීම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වචන වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම ක්‍රියාත්මක කිරීමේදී පැනවිය හැකි නීත්‍යානුකූල සීමාවන් සපුරාලීමට අපොහොසත් වන බවටද නීතීඥ සංගමය විසින් කරුණු මතු කර ඇත.

මෙම ක්‍රියාපටිපාටියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණමය බලය සීමා වන්නේ පනන් කෙටුම්පනක් හෝ එහි යම විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණිද යන්න තීරණය කිරීමට පමණක් වන අතර, පනත් කෙටුම්පතක් ප්‍රතිපත්තියක් ලෙස ප්‍රඥාවන්තද, අවශ්‍යද නැතහොත් සාධාරණද යන්න තීරණය කිරීම දක්වා එය දීර්ඝ නොවේ. එබැවින්, පනත් කෙටුම්පත සහ එහි ඇති දරුණු ආකාරයේ වියිවිධානයන්සැ බවින්ම අවශ්‍යද නැද්ද යන්න පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණය තවදුරටත් රජය සතුව පවතී.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB)

සංවිධානාත්මක අපරාධවලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාත්මක කිරීමට සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමවලින් සමාජය ආරක්ෂා කිරීමට මෙම පනත ගෙන එන බවට ප්‍රකාශ කර ඇත. සංවිධානාත්මක අපරාධවලට විසදුම සෙවීමේ අවශ්‍යතාව නීතිඥ සංගමය පිළිගන්නා අතරම, නීතීඥ සංගමය තවදුරටත් දක්වා සිටින්නේ එකී පනත් කෙටුම්පත සකස් කිරීමේදී කිසිදා මහජන උපදේශනයක් සිදු කර නොමැති බවත්, විශේෂයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විමසීමක් හෝ මෙවැනි නීතියක් කෙටුම්පත් කිරීම පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොකළ බවයි. මෙය සකස් කළ මණ්ඩලයේ සංයුතිය ද මහජනතාවට හෙළි කර නොමැත.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත මගින් සමාන්තර පාලන රෙජීමයක් අපේක්ෂා කරයි

OCB පනත මගින් අවුරුදු හතරක හෝ ඊට වැඩි සිරදඬුවමකින් දඬුවම් ලැබිය හැකි සියලුම වරදවල් මෙන්ම පළමු උපලේඛනයේ දක්වා ඇති කර්තෘ හිමිකම් සහ වෙළඳ ලකුණු උල්ලංඝනය කිරීම්, සුරාබදු සහ වනසංරක්ෂණ වරදවල්, සහ සූදු බලපත්‍ර වරදවල් ඇතුළු වරදවල් පනඟභක් (50) පමණ “දරුණු අපරාධ” ලෙස වර්ගීකරණය කරයි.

එවැනි වරදක් “සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක” සාමාජිකයෙකු විසින් සිදු කරනු ලබන අවස්ථාවලදී, පනත් කෙටුම්පතේ ඇති අසාමාන්‍ය බලතල ක්‍රියාත්මක වේ. එයින් අදහස් කරන්නේ මූල්‍යමය හෝ වෙනත් ද්‍රව්‍යමය ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා එක්ව ක්‍රියා කරන තිදෙනෙකුගේ හෝ ඊට වැඩි පිරිසකගේ ව්‍යුහගත කණ්ඩායමක් වන අතර, එම කණ්ඩායමට ධුරයන් පිළිබඳ ධූරාවලියක්, සාමාජිකත්වයේ අඛණ්ඩතාවක් හෝ දියුණු ව්‍යුහයක් තිබීම අනිවාර්ය නොවේ. මෙම වියිවිධාන සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් පුළුල් බව පෙනී යයි.

ඒ අනුව, එවැනි වරදක් සිදු කළ බවට චෝදනා ලබන පුද්ගලයෙකුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරිය හැකි අතර, එහිදී ඔහු හෝ ඇය වරදකරු චන තෙක් නිර්දෝෂී ලෙස සැලකීමේ පූර්ව නිගමනයෙන් ආරක්ෂා වන අතර සාමාන්‍යයෙන් ඇප ලබා ගත හැකිය. නැතහොත් එම පුද්ගලයාව ම ශ්‍රී ලංකා පොලිස් බලකාය අයත් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන රඳවා තබා ගැනීමේ නියෝගයක් මත අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත හැක. එම නියෝගයට ක්‍රියාත්මක වීමට මහේස්ත්‍රාත්වරයා බැඳී සිටින අතර, වරකට මාස දෙකක් දක්වා වූ කාලයකට සහ මුළුමනින්ම වසරක් දක්වා වූ කාලයකට රඳවා තබා ගත හැකි අතර ඇප ලබා ගත හැක්කේ මහාධිකරණයෙන් පමණි. නියෝගය නිකුත් කිරීමට පෙර කිසිදු අවස්ථාවක රඳවා තබා ගැනීම අවශ්‍යද නැද්ද යන්න අධිකරණයක් විසින් තීරණය නොකරයි. එහි ප්‍රතිඵලයක් ලෙස, OCB පනත මගින් මෙවැනි පුළුල් පරාසයක වරදවල් සඳහා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සහ රඳවා තබා ගැනීමේදී අධිකරණ කියාවලිය මහ හැරීමට උත්සාහ කරයි.

OCB පනතේ පරාසය කෙතරම් පුළුල්ද යන්න බුද්ධිමය දේපළ වරදවල් සම්බන්ධයෙන් එය කටයුතු කරන ආකාරයෙන් පැහැදිලි වේ. කර්තෘ හිමිකම උල්ලංඝනය කිරීම 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ දැනටමත් සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත. කෙසේ වෙතත් OCB පනත යටතේ, සුළු කර්තෘ හිමිකම උල්ලංඝනය කිරීමක් පවා “දරුණු අපරාධයක්” ලෙස වර්ගීකරණය කර ඇති අතර සංවිධානාත්මක අපරාධයක් ලෙසට නඩු පැවරිය හැකිය.

උදාහරණයක් ලෙස, ගීත රචකයාගෙන් හෝ පටිගත කිරීමේ ආයතනයෙන් පූර්ව අවසරයකින් තොරව ආපනශාලාවක ජනප්‍රිය ගීත ගායනා කරන පස් දෙනෙකුගෙන් යුත් ආධුනික සංගීත කණ්ඩායමක්ස ලකා බලන්න. මෙම පනත් කෙටුම්පත අකුරටම අර්ථ නිරූපණය කළහොත්, මෙම සංගීත කණ්ඩායම මූල්‍යමය ප්‍රතිලාභයක් සඳහා එක්ව ක්‍රියා කරන තිදෙනෙකුගෙන් හෝ ඊට වැඩි පිරිසකගෙන් යුත් ව්‍යුහගත කණ්ඩායමක් වන අතර, අවසර නොලත් ගායනය පළමු උපලේඛනයේ දක්වා ඇති කර්තෘ හිමිකම සම්බන්ධ වරදකි. එහි සාමාජිකයන් ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන රඳවා තබා ගැනීමේ නියෝගයක් යටතේ වසරක් දක්වා අත්අඩංගුවට ගෙන රදවා තබා ගත හැකි අතර, ඔවුන්ගේ සංගීත භාණ්ඩ සහ උපකරණ රාජසන්තක කිරීමට ලක් විය හැක. මෙවැනි සංගීත කණ්ඩායමක් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක් ලෙස සැලකීමට ඉඩ ඇත්තේ ඉතා ස්වල්ප දෙනෙක් චන නමුත් එවැනි ආකාරයේ ප්‍රතිඵලයක් වැළැක්වීමට පනත් කෙටුම්පතේ කිසිවක් නොමැත.

ඇසුර සහ පෙනුම මත පදනම් වූ වගකීම

එසේම, පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක “සාමාජිකයෙකුද” යන්න තීරණය කිරීමට, ඇඳුම් පැළදුම් විලාසය, අතින් දක්වන සංඥා, භාවිත කරන භාෂාව හෝ පච්ච (tattoos), දන්නා සාමාජිකයන් සමහ ඇති ඇසුර, හෞතික හෝ අතථ්‍ය (virtual) රැස්වීම්වලට සහභාගී වීම සහ නිශ්චිත ස්ථාන වෙත යාම ඇතුළු හැසිරීම්වලට අදාළ නොවන කරුණු දෙස බැලීමට OCB පනත අධිකරණවලට ඉඩලබා දී ඇත. මෙම ලැයිස්තුව සීමා මායිම් නැති ලැයිස්තුවක් (Open-ended) වන බැවින්, පච්ච ගසා ඇති හෝ දිගු කොණ්ඩයක් සහිත, එකම විලාසිතාවට ඇඳ පැළඳ සිටින මිතුරන් සමහ කාලය ගත කරන තරුණයෙකු, සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ලෙස හඳුනා ගැනීමට එම ලක්ෂණ භාවිත කිරීමේ අවදානමක් පවතී. කණ්ඩායම සාමාජිකයන් සමඟ එකතුව කලින් සිදූ කළ වරදවල් පිළිබඳ සාක්ෂි ද මෙම අරමුණ සඳහා පිළිගත හැකි සාක්ෂි බවට පත් කර ඇත. මෙම අවදානම තරුණයන්ස හ අයිතිවාසිකම අඟිමි වූ ප්‍රජාවන් කෙරෙහි වඩාත් තදින් බලපායි.

විරෝධතා, වෘත්තීය සමිති සහ සිවිල් සමාජය

තවද, එහි අර්ථ නිරූපණයන් සිදු කරන ආකාරය මත පදනම්ව, මෙම පනත් කෙටුම්පත සාමකාමී විරෝධතා, වෘත්තිය සමිති ක්‍රියාකාරකම සහ සිවිල් සමාජ සංවිධාන ද ආචරණය කිරීමට ඉඩ ඇත. පළමු උපලේඛනයට, මහජන විරෝධතා පාලනයේදී මතු විය හැකි වරදවල් වචන, රාජකාරියේ යෙදී සිටින රජයේ නිලධාරියෙකුට බාධා කිරීම සහ රජයේ නිලධාරියෙකු වැළැක්වීම සඳහා අපරාධමය බලහත්කාරකම් පෑම යන දණ්ඩ නීති සංග්‍රහයේ වරදවල් ඇතුළත් වේ. විරෝධතාවයක් සංවිධානය කරන, අතථ්‍ය ලෙස රැස්වන සහ එක්ව ක්‍රියා කරන කණ්ඩායමක් මෙම පනත් කෙටුම්පතේ බලතලවලට ගොදුරු විය හැක.

වරදකරු වන තෙක් නිර්දෝෂී ලෙස සැලකීම සහ සාධාරණ නඩු විභාගය

පොලිස් නිලධාරීන් හමුවේ කරනු ලබන පාපෝච්චාරණ සාක්ෂි ලෙස පිළිගත නොහැකි බවට පවතින රීති මෙම පනත් කෙටුම්පත මගින් ඉවත් කරන අතර, පොලිස් අත්අඩංගුවේ සිටියදී චෝදනා ලත්පු ද්ගලයා අත්සන් කළ ප්‍රකාශ ඔහුට එරෙහිව ඔප්පු කිරීමට ඉඩ සලසනු ලබයි. සමාගමක් විසින් සිදු කරන ලද වරදක දී එය තමාගේ දැනුවත්භාවයකින් තොරව සිදූ වූවක් බව හෝ තමා සුදුසු පරික්ෂාකාරීත්චයකින් කටයුතු කළ බව වැඩිබර සාක්ෂි මත ඔප්පු කිරීමට අධ්‍යක්ෂවරයෙකුට මේ හරහා අවශා්‍ය කෙරෙන අතර, මෙකී පනත යටතේ දඬුවම් නියම වූ පුද්ගලයන්ට කිසිදු පූර්ව නිදහස් කිරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇති සුදුසුකම් අඟිමි කර ඇත.

මෙම වියිවිධාන මගින් පුද්ගලයෙකු වරදකරු වචන තෙක් නිර්දෝෂී ලෙස සැලකීමේ මූලධර්මය ක්ෂය චන අතර, රඳවා තබා ගැනීමේ බලතල සමහ එකතු වූ විට, සමාගමයේ සහ යාම් ඊම හි නිදහසට මෙන්ම පුරවැසියාගේ පෞද්ගලික නිදහසට තර්ජනයක් චන ආකාරයට රජය විසින් අයිතිවාසිකම අතික්‍රමණය කිරීමක් පෙන්නුම් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලින් පෙනී යන්නේ සාර්ථක අධිකරණ අධික්ෂණය කින් තොරව අත්අඩංගුවට ගැනීමේ සහ රඳවා තබා ගැනීමේ පුළුල් බලතල ලබා දීමේ ඇති අවදානමයි. මෙම කනස්සල්ල ඇගයිය යුත්තේ වගන්තියෙන් වගන්තිය නිරීක්ෂණය කිරීමෙන් නොව, ප්‍රදානය කර ඇති බලතලවල සමුච්චිත (එකතු වූ) බලපෑම සහ ඒවා අවභාවිත කිරීමට එරෙහිව ඇති ආරක්ෂණයන්ගේ අප්‍රමාණවත් බව මගිනි. විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර ඇති ආකාරය දෙස බලන විට, DCB පනත ද මහජන විරුද්ධත්වය සහ සාධාරණ විරෝධතා මර්දනය කිරීමේ මෙවලමක් ලෙස භාචිත කිරීමට ඉඩ ඇති බව බැහැර කළ නොහැක. මෙවැනි අත්තනෝමතික බලයක් ලබා දීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ඇති වූ අභියෝග, අවභාචිතයන් සහ විරුද්ධාකල්පයන් දැරීම, සංගම්වලට එකතු වීම සහ නීත්‍යානුකූල ජීවනෝපායන් කෙරෙහි ඇති වූ පීඩාකාරි බලපෑම ම නැවත ඇති වනු ඇතැයි අපේක්ෂා කළ හැක.

සංවිධානාත්මක අපරාධවලට එරෙහි පියවරක් ලෙස ඉදිරිපත් කරන නීතියක් පොලිස් රාජ්‍යයක මෙවලමක් නොවිය යුතු අතර, එය හඳුන්වා දීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අත්‍යවශ්‍ය වචන නීතිගරුකභාවය, නිසි ක්‍රියාවලිය, අධිකරණ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය යන මූලධර්මවලට හානි කිරීමේ අවදානමක් මතු කරයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය

ත්‍රස්තවාදයෙන් සහ දරුණු සංවිධානාත්මක අපරාධවලින් මහජනතාව ආරක්ෂා කිරීමේ රාජ්‍යයේ වගකීම ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිළිගනී. කෙසේ වෙතන්, මෙම නීත්‍යානුකූල අරමුණු ඉටු කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ආරක්ෂණයන් දුර්වල කිරීම හෝ ඵලදායී භා කාලෝචිත අධිකරණ අයික්ෂණය කින් තොරව පුද්ගලයන්ගේ නිදහස අහිමි කළ හැකි බලතල කේන්ද්‍රගත කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැක.

අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට, පරීක්ෂණ පැවැත්වීමට සහ නඩු පැවරීමට රාජ්‍යයට ඇති බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, නීතියේ ආධිපත්‍යයට සහ නිසි ක්‍රියාවලියේ ආරක්ෂණයන්ට යටත්ව පැවැතිය යුතුය. පෞද්ගලික නිදහසට බලපාන තීරණවලදී විධායකය විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කරන තත්ත්වයට පත් නොවී, අධිකරණය ඒ සම්බන්ධයෙන් මධ්‍යයේ පැවැතිය යුතුය. අත්තනෝමතික රාජ්‍ය ක්‍රියාමාර්ගවලට එරෙහිව අධිකරණයේ අධික්ෂණය, ක්‍රියාපටිපාටික සාධාරණත්වය සහ ස්චාභාචික යුක්තියේ මූලධර්ම අත්‍යවශ්‍ය ආරක්ෂණයන් වන අතර, ඒවා නොමැති වීමේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාව නොසෑහෙන්න අත්විඳ ඇත.

එබැවින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ:

රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දැනට පවතින ස්වරූපයෙන් ඉවත්ක ර ගන්නා ලෙසත්, පනත් කෙටුම්පත තවදුරටත් ඉදිරියට යන්නේ නම් කාරක සහා අවස්ථාවේදී සංශෝධන ගෙන ඒම ඇතුළුව, කාරක සභාව විසින් අනුමත කරන ලද කෙටුම්පතේ අඩංගු ආරක්ෂණයන් නැවත පිහිටුවන ලෙසත්

කාරක සභා වාර්තාව සහ දක්වා ඇති විරුද්ධත්වය ප්‍රකාශයට පත් කරන ලෙසත්, ගැසට් කරන ලද පනත් කෙටුම්පත කාරක සභාව අනුමත කළ කෙටුම්පතෙන් බැහැර වූයේ කුමන පදනම කින්ද සහ කාගේ උපදෙස් මතද යන්න පැහැදිලි කරන ලෙසත්.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ඉවත් කර ගන්නා ලෙසත්, ඊට අදාළව ඉදිරිපත් කරන ඕනෑම විකල්ප නීතියක්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඇතුළුව පූර්ණ හා අර්ථවත්ම හජන උපළේශනයකට ලක් කරන ලෙසත්, එහි පරාසය සම්මුතියට අනුකූලව සංවිධානාත්මක අපරාධවලට සීමා වන බවටත්, අත්අඩංගුවට ගැනීම්, රිමාන්ඩ් කිරීම්, රඳවා තබා ගැනීම් සහ සෝදිසි කිරීමේ බලතල ඵලදායී අධිකරණ බලය පැවරීමට සහ අධීක්ෂණයට යටත්ව පවතින බවටත් තහවුරු කරන ලෙසත්.

මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සහ අපරාධ විනිශ්චය පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මූලධර්මවලට භා නීතියේ ආධිපත්‍යයට අනුකූලව ක්‍රියාත්මක වන බවට තහවුරු කිරීමේ අවශ්‍යතාවට අනුකූලව, ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික වියිවිධාන) පනත ප්‍රමාදයකින්තො රව අහෝසි කරන ලෙසත්.

ශ්‍රි ලංකා නීතිඥ සංගමය රජය, පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය ස්ථාවරය ඉදිරියටත් ඉදිරිපත් කරන අතර, නීතියේ ආධිපත්‍යය සුරැකීමට, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ඇති කැපවීම මත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තිය යටතේ සිය
අයිතිවාසිකම් රඳවා ගනී.

අත්සන් කළේ
රජීවි අමරසූරිය -සභාපති (ශ්‍රී ලංකා නීතිඥ සංගමය)

නලින් ද සිල්වා- ලේකම් (ශ්‍රි ලංකා නීතිඥ සංගමය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed