September 29, 2026

උතුරේ ජනගහනයෙන් සියයට 50ක්ම හංගලා! මහ බැංකු දත්තවල බරපතළ පරස්පරයක්!

0
CEB

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ජනගහනය සම්බන්ධයෙන් මහ බැංකු වාර්තාවක දැක්වෙන සංඛ්‍යා ලේඛනයක් සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල ජන සංගණන දත්ත අතර බරපතළ පරස්පරතාවක් මතුව තිබේන බව සිය X හී සටහනක් තබමින් ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂයේ මහ ලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා චෝදනා කර සිටි.

අදාළ මහ බැංකු දත්තවල 557,000ක සංඛ්‍යාව උතුරු පළාතේ සමස්ත ජනගහනය ලෙස දක්වා ඇත්නම්, එය රජයේ නවතම නිල ජන සංගණන දත්ත සමඟ කිසිසේත් නොගැළපෙන බව සංඛ්‍යා සංසන්දනයේදී පෙනී යයි.

2024 ජන හා නිවාස සංගණනයේ අවසන් ප්‍රතිඵල අනුව උතුරු පළාතේ සමස්ත ජනගහනය 1,150,148කි.

මහ බැංකු වාර්තාවේ “Country Profile – 2025” යන කොටසේ “Population and Land Area by Provinces 2025” වගුව යටතේ උතුරු පළාතේ ජනගහනය 557,000ක් ලෙස සටහන් කර තිබේ.

එම වගුවේ උතුරු පළාතේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 8,290ක් සහ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයන් 67ක් ලෙසද දක්වා තිබේ.

මේ හරහා අපට මතුවන බරපතලම ප්‍රශ්නයනම් රටක ජනගහනය සම්බන්ධයෙන් මේ සා විශාල දත්ත වැරදිමක් හෝ ඔනෑකමින් දත්ත විකෘති කිරිමක් කර ඇත්නම්,ආර්ථිකය සම්බන්ධයෙන් මහා බැංකුව මොනතරම් අසත්‍ය දත්ත රටේ ජනතාවට සහ ජාත්‍යන්තරයට පවසනු ඇද්ද යන්නයි.

එහෙත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ 2024 ජන හා නිවාස සංගණනයේ අවසන් වාර්තාව අනුව උතුරු පළාතේ ජනගහනය 1,150,148කි. එය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 5.3කි

එම නිල දත්ත අනුව දිස්ත්‍රික්ක වශයෙන් ජනගහනය මෙසේය.

යාපනය — 594,751
මන්නාරම — 123,756
වවුනියාව — 172,312
මුලතිව් — 122,619
කිලිනොච්චිය — 136,710

ඒ අනුව උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහේම සමස්ත ජනගහනය ලක්ෂ 11.5 ඉක්මවයි.

557,000ක් නම් ලක්ෂ 5.9ක වෙනසක්!

557,000ක සංඛ්‍යාව උතුරු පළාතේ සමස්ත ජනගහනය ලෙස භාවිත කර ඇත්නම්, නවතම නිල සංගණන දත්ත සමඟ සැසඳීමේදී එහි වෙනස 593,148කි.

එනම් නිල ජන සංගණනයේ දැක්වෙන උතුරේ ජනගහනය 557,000ක සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

මෙම වගුවේ “Population and Land Area by Provinces 2025” Population සඳහා යොදා ඇති (b) පාදසටහන ද ඉතා වැදගත්ය.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ Survey Department විසින් සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 62,240ක් ලෙස යාවත්කාලීන කර තිබුණද, පළාත් මට්ටමේ වැඩිදුර විස්තර තවම නොමැති බැවින් වගුවේ අගයන් පෙර පැවති වර්ග කිලෝමීටර් 65,610ක සමස්ත භූමි ප්‍රමාණය මත පදනම් වන බවයි.

එම පාදසටහන භූමි ප්‍රමාණයට අදාළ පැහැදිලි කිරීමක් වන අතර, උතුරේ ජනගහනය 557,000ක් ලෙස දැක්වීමට එය පැහැදිලි හේතුවක් සපයන්නේ නැත.

මෙය සුළු සංඛ්‍යාලේඛන වෙනසක් ලෙස බැහැර කළ හැකි තත්ත්වයක් නොවේ.විශේෂයෙන්ම පළාතක ජනගහනය යනු රාජ්‍ය ප්‍රතිපත්ති සැලසුම් කිරීම, සංවර්ධන ව්‍යාපෘති, ආර්ථික විශ්ලේෂණ, සම්පත් බෙදාහැරීම සහ ඒක පුද්ගල දත්ත ගණනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපාන මූලික දත්තයකි. එසේනම් මෙය හිතා මතා කරන ලද්දක්ද?

එහෙත් 557,000 යන්න උතුරු පළාතේ සමස්ත ජනගහනය ලෙස මහ බැංකුව විසින් දක්වා ඇත්නම්, එය 2024 නිල ජන සංගණනයේ 1,150,148ක සංඛ්‍යාව සමඟ පැහැදිලිවම පරස්පර වේ.

එවැනි තත්ත්වයක් යටතේ එම සංඛ්‍යාව ලබාගත් මූලාශ්‍රය කුමක්ද, එය අදාළ වන්නේ කුමන වර්ෂයටද, ගණනය කිරීමේ ක්‍රමවේදය කුමක්ද සහ වාර්තාව සකස් කිරීමේදී හෝ වගුව ලේබල් කිරීමේදී දෝෂයක් සිදුවී තිබේද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ.

ඒ අනුව දැන් මතුවන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ,

“නිල ජන සංගණනයෙන් උතුරු පළාතේ ජනගහනය 1,150,148ක් බව තහවුරු කර තිබියදී 557,000ක සංඛ්‍යාවක් උතුර සම්බන්ධයෙන් මහ බැංකු වාර්තාවට පැමිණියේ කෙසේද?” යන්නයි.

වැරදි මුද්‍රණයක්ද? දත්ත සම්පාදන දෝෂයක්ද?

ඒ අනුව මෙහිදී ප්‍රධාන ප්‍රශ්නය වන්නේ 557,000 යන සංඛ්‍යාව වාර්තාවට ඇතුළත් වූයේ කෙසේද යන්නයි.එය මුද්‍රණ දෝෂයක්ද, දත්ත ඇතුළත් කිරීමේදී සිදුවූ දෝෂයක්ද, නැතහොත් වෙනත් සංඛ්‍යාලේඛන ක්‍රමවේදයක් නිසා ඇතිවූ අගයක්ද යන්න මහ බැංකුව පැහැදිලි කළ යුතු කරුණකි.

කෙසේ වෙතත්, දැනට ප්‍රසිද්ධ නිල දත්ත දෙක සෘජුව සංසන්දනය කිරීමේදී පැහැදිලි වන්නේ මහ බැංකු වගුවේ උතුරු පළාත සඳහා 557,000ක් සඳහන් වන අතර, 2024 නිල ජන සංගණනයෙන් එම පළාතේ ජනගහනය 1,150,148ක් ලෙස වාර්තා වී ඇති බවයි.

ඒ නිසා දැන් මතුවන ප්‍රශ්නය සරලයි — නිල සංගණනයෙන් ලක්ෂ 11.5ක් සිටින උතුරු පළාත, මහ බැංකු වාර්තාවේ ලක්ෂ 5.57ක් බවට පත්වුණේ කෙසේද?

මහ බැංකුව පැහැදිලි කළ යුතු ප්‍රශ්නය වන්නේ මෙය සැබෑ සංඛ්‍යාලේඛන දෝෂයක් නම් එය නිවැරදි කිරීමත්, එසේ නොවේ නම් 557,000 යන සංඛ්‍යාවෙන් නියෝජනය කරන්නේ කුමන ජනගහන කාණ්ඩයද යන්න පැහැදිලි කිරීමත් මහ බැංකුව සතු වගකීමක් බවට පත්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed