September 22, 2026

ආණ්ඩුවේ රෙද්ද කැඩු මුස්ලිම් අන්තවාදීන්! තින්දුවට කලින් නවරත්න මාරසිංහ අභියාචනාධිකරණට නම් කරයි!9 දෙනෙකු නිදොස්කොට නිදහස්! – Update

0
jug

පාස්කු මහ නඩුවේ වරදකරු වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවම් – විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තකයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩුවේ වරදකරුවන් වූ 15 දෙනාට එක් අයෙකුට වසර 220 බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් විසින් අද (22) නියම කළා.

විත්තිකරුවන්ගේ සියලු දේපළ රාජසන්තක කරන ලෙසද අධිකරණයෙන් නියම කළා.විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසද අධිකරණය නියෝග කළා.

………………………………………………………………………………………………………………………………………………………………………..

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස්කොට නිදහස් කල කොළඹ ත්‍රීපුද්ගල මහාධිකරණය 15 දෙනෙකු චෝදනාවලට වරදකරුවන් බව අද ප්‍රකාශ කළා. ඒ 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ මිලේඡ්ච මුස්ලිම් අන්තවාදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සමිපව සම්බන්ධව සිටි බවට චෝදනා ලද 24 දෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇතිබු අතර මෙය ශ්‍රී ලංකාවේ නීති ඉතිහාසයේ එක් නඩුවක් තුළ ගොනු කරන ලද වැඩිම චෝදනා සංඛ්‍යාවයි.

ඉතාම පැහැදිලිවම මෙම 24 දෙනා පාස්කු ප්‍රහාරය සදහා සaජු සහ වක්‍රව දායකත්වයන් දුන් අයය.නමුත් පැහැදිලිවම අධිකරණය මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතුවි ඇති බව මෙම තීන්දුව හරහා මැනවින් දක්නට පුලුවන. වත්මන් ආණ්ඩුව බලයට ගෙන එම සදහා මුස්ලිම් අන්තවාදීන් කල කැපකිරිම පාලකයන්ට අමතක කල නොහැක.එපමණක් නොව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මතවාදයන් පැතිරවු බහුතර මුස්ලිම් අන්තවාදින් මේ ආණ්ඩුවේ ඉහල තනතුරු දරණ බවද නොරහසකි.

මේ අතර මෙම නඩුව විභාග කරනු ලැබුවේ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ (මූලාසන විනිසුරු) සහ මහාධිකරණ විනිසුරුවරුන් වන සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනි. 2021 වසරේදී මෙම විශේෂ අධිකරණය පිහිටුවන අවස්ථාවේදී, එවකට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්, විනිසුරුවරුන් වන අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. මුල් විනිසුරු මඩුල්ලේ සිටි සාමාජිකයින්ගෙන් තවදුරටත් මෙම නඩුව විභාග කරන එකම සාමාජිකයා වන්නේ විනිසුරු මාරසිංහ මහතා පමණි.

කෙසේවෙතත් නඩුවේ තින්දුව ප්‍රකාශයට පත්කිරිමටත් පෙර මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමු කිරිමද විශ්මය දනවණ කරුනකි.

ඒ අනුව ඉතාම පැහැදිලි කරුණ වන්නේ හිටපු ආරක්ෂක ලේකම්,පොලිපතිවරයා වරදකරුවන් කල සේම හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ,හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ, අල්ලා සිරගත කර ඩයස්පොරාව සතුටු කිරිම ආණ්ඩුවේ ප්‍රධානතම ඉලක්කය බවයි.

සුරේෂ් සලේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිලන්ත ජයවර්ධන, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ බෝම්බකරුවන්ගේ පියා වන හිටපු JVP සාමජික මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් කියන පුද්ගලයන් මේ ප්‍රධාන Trial-at-Bar නඩුවේ විත්තිකරුවන් 24 දෙනා අතරට අයත් නොවේ.

මෙම නඩුවේ වරදකරුවන් වූයේ,

01 පළමුවැනි විත්තිකරු – මොහොමදු නවුෆර් මවුලවී

02 දෙවැනි විත්තිකරු – මොහොමඩ් සරීෆ් ආදම් ලෙබ්බෙ (ගපූර් මාමා)

03 තෙවැනි විත්තිකරු – හයාතු මොහමදු අහමදු මිල්හාන්

04 සිව්වැනි විත්තිකරු – මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා

05 පස්වැනි විත්තිකරු – මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල් හක්

06 හයවැනි විත්තිකරු – මොහොමඩ් අන්වර් මොහොම්ඩ් රිස්කාන්

07 හත්වැනි විත්තිකරු – මොහොමඩ් මන්සූර් මොහොම්ඩ් සනස්දීන්

08 අටවැනි විත්තිකරු – අබ්දූල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්

09 නවවැනි විත්තිකරු – මොහොමඩ් රමීස් මොහොම්ඩ් සාජිත්

10 දසවැනි විත්තිකරු – අබ්දූල් ලතීෆ් මොහොම්ඩ් සාෆි (16වැනි චෝදනාව හැර)

11 එකොළොස්වැනි විත්තිකරු – හුසේයිනුල් රිස්වී කාලිද් සමීර්

12 පහළොස්වැනි විත්තිකරු – මොහමදු හනීෆා සෙයිනුල් ආබ්දීන්

13 දහසයවැනි විත්තිකරු – මොහොමඩ් මුස්තෆා මොහොමඩ් හාරිස්

14 දහඅටවැනි විත්තිකරු – රාසික් රසා හුසෙන්

15 දහනවවැනි විත්තිකරු – කච්චි මොහොමදු මොහොමදු ජෙම්සිත්

පාස්කු මහ නඩුවේ නිදොස් කොට නිදහස් වූවෝ

01 දෙ‍ාළොස්වැනි විත්තිකරු – මොහොමඩ් සවාහිර් මොහොම්ඩ් හසන්

02 දහතුන්වැනි විත්තිකරු – මොහොමඩ් ඉෆ්තිකාර් මොහොම්ඩ් ඉන්සාෆ්

03 දහහතරවැනි විත්තිකරු – රශීඩ් මොහොම්ඩ් ඊබ්‍රාහිම්

04 විසිවැනි විත්තිකරු – සෙයිනුල් ආබ්දීන් මොහොමඩ් ජසීම්

05 විසිඑක්වැනි විත්තිකරු – මොහොමඩ් මුස්තපා මොහොමඩ් රිස්වාන්

06 විසිදෙවැනි විත්තිකරු – මීරා සහීබ් මොහොමඩ් නෆ්ලි

07 විසිතුන්වැනි විත්තිකරු – මොහොම්ඩ් අමීර් මොහොමදු අයතුල්ලා

08 විසිහතරවැනි විත්තිකරු – මොහොමඩ් අන්සාර්ඩීන් මොහොම්ඩ් ඉල්මි නොහොත් ඉල්මි

09 විසිපස්වැනි විත්තිකරු – මොහොමඩ් අක්‍රම් අහක්කම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed