September 22, 2026

අනුර නටන්න යන්නේ ලාම්පු-කළගෙඩි සෙල්ලමද! 17 වෙනි වගන්තියට ජනමත විචාරණයක්!

0
17AM

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කටේනායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද අද දැනුම් දුන්නා.දූෂණ විරෝධී පනතේ ගැටළු කිහිපයක් නිරාකරණය කිරීමට මෙම දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබීය.

මේ අනුව කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය බවත් 17 වෙනි වගන්තිය සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

දූෂණ විරෝධී (සංශෝධන) පනත 17 වෙනි වගන්තිය

  1. ප්‍රධාන ප්‍රඥප්තියේ 149 වන වගන්තිය එහි (1) වන ප්‍රධාන 25 උපවගන්තිය ඉවත් කිරීමෙන් සහ ඒ වෙනුවට පහත දැක්වෙන ප්‍රඥප්තියේ කොටස ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ:-

149 වන වගන්තිය සංශෝධනය කිරීම

”(1) 1997 අංක 30 දරන ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව මේ පනත යටතේ වන සියලු වැරදි සංඥෙය සහ ඇප දිය නොහැකි වැරදි විය යුතු ය:

එසේ වුව ද, රුපියල් ලක්ෂයකට වඩා නොඅඩු

අල්ලසක් ඉල්ලා සිටීම, පිළිගැනීම සහ පිරිනැමීම පිළිබඳව සැක කරනු ලබන හෝ චෝදනා කරනු ලබන තැනැත්තකු හෝ දුෂණ වරද සිදු කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ පහකට නොඅඩු පාඩුවක් සිදු කරන ලද හෝ තමාට හෝ වෙනත් යම් තැනැත්තකුට රුපියල් ලක්ෂ පහකට නොඅඩු ප්‍රතිලාභයක්, අනුග්‍රහයක් හෝ වාසියක් අත් කරගෙන ඇති, එකී වටිනාකම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්ක රන සහතිකයක් මගින් ස්ථිර කරනු ලැබ ඇති විට ඒ සැකකරු හෝ චූදිතයා වෙත මහාධිකරණයක් විසින් විශේෂ අවස්ථානුගත කාරණාවක දී හැර ඇප ලබා දෙනු නොලැබිය යුතු ය.”.

අනුර නටන්න යන්නේ ලාම්පු-කළගෙඩි සෙල්ලමද!

කතෘ සටහන: ඒ අනුව ජධපති අනුර දිසානායක පහුගිය කාලයේම කල සෙල්ලම දැන් එලියට එමින් තිබේ.22 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ “සරල බහුතරයකින්” සම්මත කර ගැනිම සහඑ එ හරහා තමන්ගේ කල්ලියේ සුරසේන අධිකරණ ඉහල පුටුවේ ආරක්ෂා කර දුෂණට වැට බදින මුවාවෙන් හීනෙන් දකින “රාජ්‍ය බලය” අල්ලා ගැනිමේ කුමන්ත්‍රණය දියත් කිරිමය.

එනම් ජනමත විචාරණයකට ගොස් තවමත් ජනතාව තමන් සමග සහ ආණ්ඩුව සමග බව පෙන්විමය.ඊට අදාළ “පච රැළි” මාලාව මේ වනවිටත් ආරම්භ කර තිබේ. පළාත් සභා වැනි මැතිවරණයකින් අන්ත පරාජයක් ලබන බව දන්නා අනුරලා ලාම්පු-කළගෙඩි සෙල්ලම නටන්න පහසු බව දනී.රටේ ඉන්න හොරු අල්ලන්න ලාම්පුව අල්ලන් හැමතැනම යන්න අනුරට සහ කාඩරයට ලෙසිය.අන්න හොරා ..මෙන්න හොරා කිය කිය ජනතාවට හොරු පෙන්වා “ලාම්පුවට” කතිරය ගසා ගැනිමද අපහසු නැති බව ඔහුන් දනී.

රත්තරං අශ්වයාගේ සිට චිචීගේ බල්ලාගේ කරේ මාලය දක්වා හොරකම් ගැන් කට උල්කර කතා කරන විට අනුර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට ගල් අගරු දක්වා ගහපු ගැහිලි ගැන කතා කිරිමට කොන්දක් පණ තියේන විපක්ෂ නායකයෙකු නැති බව අනුර දනී.මන්ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉන්නේ තමන්ගේ සාක්කුවේ බව සජිත්ටත් වඩා හොදට අනුර දනී.

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිව සිටින සමයේ ගෙන ආ සුනාමී සහන මණ්ඩලට එරෙහිව වතමන් ජධපති එවකට මාක්ස්වාදි අනුර කළගෙඩිය අතට ගෙන විදි සටන් කල නිසාම එම ජනමත විචාරණය චන්ද්‍රිකා හකුලා ගත්තේය.

ලංකාවේ පලමු ජනමත විචාරණය 1982 දෙසැම්බර් මස 22 වන දා පැවැත්වෙන අතර, පාර්ලිමේන්තු කාලය තව වසර හයක් දීර්ඝ කිරීමට පක්ෂ නම් ලාම්පු ලකුණට කතිරය යෙදීම ද, එම යෝජනාවට විපක්ෂ නම් කළගෙඩි සලකුණට කතිරය යෙදීම ද මෙහි දී සිදුවෙනවා. ජනමත විචාරණයෙන් ජය ගැනීමට නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අවම වශයෙන් 1/3ක ජන්ද ප්‍රමාණයක්වත් පක්ෂ ව ලැබිය යුතු වෙනවා.

යෝජනාවට පක්ෂ ව (ලාම්පුව) ලැබුණ ඡන්ද ප්‍රමාණය 3,141,223 වූ අතර යෝජනාවට විපක්ෂ ව (කළගෙඩිය) 2,605,983ක ඡන්ද ප්‍රමාණයක් ලැබෙනවා. ප්‍රකාශිත ප්‍රමාණයෙන් 54%ක ප්‍රතිශතයක් යෝජනාවට පක්ෂ ව හිමි වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed